බෝල්ට්_ඇණ අස්සේ හෙරොයින්
කිලෝග්‍රෑම් 36 ක් ඔරුගොඩ වත්ත කන්ටේනර් අංගනයේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
භාරකරුවෙකු නොමැතිව තිබු ගමන් මළු දෙකක් පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇත.
පකිස්ථානයේ කරච්චි නුවර සිට කොළඹ හෝටලයක ලැඟුම් ගෙන සිටින පකිස්ථාන ජාතිකයෙකුගේ පෞද්ගලික ලිපිනයකට මෙම ගමන් මළු එවා තිබු බව රේගුව කියයි.
ලෝහ භාන්ඩ ගෙන්වන අයුරින් ලියකියවිලි සකසා මෙම ගමන් මළු මෙරටට ගෙන්වා ඇති බවද අනාවරණය වී ඇත.
ජාත්‍යන්තර සංවිධානයක් මගින් දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කොට ඇත.
බෝල්ට් ඇණ අස්සේ හෙරොයින්