යානයේ සියලුම දෙනා මියගොස්, කඩා වැටුනේ පැසිෆික් සාගරයට
පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.
ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි







