මේ උඩ දාලා තිබ්බ ත්රෙඩ් එකේ වීඩියෝ එක (දැන් අයින් කරලා) ගැන රම්බෝ ෆිල්ම්ස්,tour of duty බලලා ආමි එක ගැන ඔක්කොම දන්නවා වගේ ඉන්න සමහර කට්ටිය ලොකු ටෝක්ස් දුන්නා ඒක දාපු එකාටත් බැනලා..
ඔන්න දැන් ආමි එකෙන්ම ඒකට පරීක්ෂණයක් තියන්න යනවලු..දැන් මොකෝ කියන්නේ?
සෙබළියන් අපහසුතාවට පත්කළ සෙබළුන් ගැන පරීක්ෂණයක්
යුද හමුදාවට බඳවා ගත් හමුදා සෙබළියන් කිහිප දෙනෙකු අපහසුතාවට පත්වන ආකාරයේ පුහුණුවක් ලබාදුන් සෙබළුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ.
අන්තර් ජාලයේ “යු ටියුබ්“ අඩවියට මුදා හැර ඇති වීඩියෝවක් සැලකිල්ලට ගනිමින් යුද හමුදාපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.
අනුරාධපුර යුද හමුදා කඳවුරේ 2012 වසරේදී සිදුකළ පුහුණුවකට අදාළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මෙලෙස අවධානය යොමුව තිබේ.
යුද හමුදා විනය නීති කඩකරමින් හමුදා සෙබළියන් පිරිසකට පුහුණුවක් ලබාදෙන ආකාරයක් එම වීඩියෝ පටයේ අන්තර්ගතය.
ඒ අනූව යුද හමුදා නීතියට පටහැනිව අදාළ පුහුණුව ලබාදුන් අය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ අංශ වෙත නියෝග කර තිබේ.
source:adaderana
ඒ වීඩියෝ එක බලන්න ඕන අයට මෙන්න link එක.
https://www.youtube.com/watch?v=9to3a90KPhA
https://www.youtube.com/watch?v=9to3a90KPhA


එව කියන්න බෑ එහෙම වැඩනේ ලංකාවේ තියෙන්නේ