ElaKiri Social Welfare Event 2014 - Kandy

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පුළුවන් කමක් තියේ නම් ඇවිල්ල යන්න එන්න.... දැනට නම් අඩු පාඩු නැහැ. කට්ටිය එකතුවෙලා වැඩියෙනුත් එක්ක දේවල් එකතු කරලා තියන්නේ.



    ඔන්න අපේ රශ්මි කොල්ලත් ඇවිල්ල උස්සගන්නවත් බැරි බඩු පාර්සයක් දීල ගියා.......



    :P:P:P:P:P:rolleyes::rolleyes::rofl::rofl: එළ
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mewwa 40 k genawa

    p1090001.jpg


    thawa tikakin mewwath genna yanawa
    Maliban-Chick-Bits-Savoury-Biscuits-170g.jpg


    heta ude 7.30 wenakota water board eka lagata waren. mage ekka 3 kata yanna puluwani.

    Highland සුපිරි :shocked::shocked:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මාතෘකාව දැක්කම කට්ටියට තේරෙන්න ඇතිනේ මොකද්ද මේ වෙන්න යන්නේ කියල.
    ඉතින් අපි හැමෝම එකතුවෙලා කඹ ඇදිලි, ක්‍රිකට් මැච් ගැහිලි වගේ දේවල් කරන අතරම සමාජ සුභ සාධන වැඩත් කලයුතු නිසා ඔන්න ඒ වැඩේට අපි අත ගැහුවා.

    HackerT , maheshsenadheera වගේ යාළුවො ඉතා සාර්ථක ක්‍රිකට් තරඟාවලියක් තියල පෙන්නුවේ එළකිරියේ සාමාජිකයින් අතරේ සුහදත්වය කොතෙක්ද කියන එක තේරුනේ වැඩේ අවසානයේ එක කොච්චර හොඳට සිද්ද උනාද කියන දැක්ක නිසයි. මමද ඇතුළුව යන්න බැරි උන හැමෝම දුක් වෙන්න ඇති ෆොටෝ ටික එහෙම දැක්කම.

    ඉතින් මේ පසුගිය දවසක අපි කට්ටියක් කතා කර කර ඉන්නකොට යෝජනාවක් ආවා මොකක් හරි සමාජ සේවයක් කරමු කියල. ඉතින් විවිධාකාර යෝජනා මධ්‍යයේ අපි අන්තිමට තීරෙනය කළා අපේ රටේ අනාගතය වෙන පුංචි ළමයි ඉන්න තැනකට ආධාර උපකාර කරන්න කියල.

    අනාථ නිවාසයකට කියල කියන්නේ නැතිව පොඩි අය ඉන්න තැනක් කියල මම කිව්වේ, අපේ මහා මිනිස්සුන්ගේ වැරදි නිසා ඒ අසරණ පොඩි උන් අනාථ උනාට උන් උපතින් අනාතයෝ නොවෙන නිසා.

    ඉතින් අවසානයේ අපි තීරණය කල මහනුවරින් මේ වැඩේ පටන් ගන්න.

    මමත් එළකිරියේ cshapegt මල්ලිත් එක්ක එකතුවෙලා මහනුවර අවට තියෙන ළමා නිවාස වලට ගිහිල්ල අපි බැලුව මොනවද තියෙන අඩු පාඩු කියල.

    හැබැයි ඉතින් ඒවාට ගිහිල්ල මිනිස්සුත් එක්ක කතා කරද්දී සහ වටපිටාව දකිනකොට හිතෙනවා අපි කොච්චර වාසනාවන්තද කියල.

    අපිට අපේම කියල දෙමව්පියන් සහෝදර සහෝදරියන් ලඟින්ම සිටිනවා, නමුත් සමහර තැන්වලට ගියාම එහෙම සරණක් නැතිව සිටින අපේම සමාජයේ තවත් කොටසක් ඉන්නවා කියල දැක්කම දුක හිතෙනවා.
    අපිට ඉක්මනට සබැ කරගන්න පුළුවන් හීන තිබ්බට එයාලට ඒවා සබැ කරගත නොහැකි හීනම පමණක් බව තේරෙනවා.

    ඉතින් වැඩිය සංවේදී වෙලා කතාව දික් ගැස්සෙන නිසා මම මෙම ව්‍යාපෘතිය සිද්ධ වෙන විදිය කියන්නම්.

    දැනට අපේ කට්ටිය කිහිප දෙනෙක් එකතුවෙලා තමයි මේක කරන්නේ.

    kandyan
    cshapegt
    mahesh senadheera
    rashmithalwatta
    cutebaby
    rasheeirosh
    sameewiks
    mahesh jayanatha (ibba)
    u knw me
    Delmar
    Anju
    Harsha
    Mal pappa
    Anuradhamapa
    Somapala ව අමතක උනා...... සමාවෙන්ඩ ඕන....


    යන සහෝදර සහෝදරියන් මෙය සංවිධානය කරන අතර
    මේකට සහභාගී වෙන්න කැමති නුවර අවට ඉන්න අයටත් ඒ සඳහා අරාධනා කරනවා.
    ඉතින් මේකට සහභාගී වෙන්න කැමති අය කරුණාකරලා මට PM එකක් දාන්න. මොකද අපිට එතනට යන අය ගණන දන්වන්න අවශ්‍ය වෙන නිසා නිශ්චිතවම එය දැන්විය යුතුයි.
    ස්ථානය:
    ටිකිරි ළමා නිවාසය , බෝවලවත්ත/ හීරස්සගල , මහනුවර.
    දිනය:
    2014-03-30 ඉරිදා
    වෙලාව :
    උදේ 7.30

    කරන්න යන්නේ මොකද්ද කියලයි දැන් කියන්න ලෑස්ති.

    අපි එයාලව මුණ ගැහෙන්න ගිහිල්ල ඇහුවම ඉස්සරවෙලාම කිව්වේ පුළුවන් නම් වත්ත, මිදුල සහ වට පිටාව සුද්ද කරලා දෙන්න කියන එකයි. මොකද දැනට එකේ ඉන්නේ එක කම්කරුවෙක විතරයිලු.

    ඊට අමතරව අපි බඩු භාහිරාදිය ගැන ඇහුවම කිව්වේ මෙන්න මේවා අවශ්‍යයි කියලයි.

    01. Gas cooker (දැනට තියෙන එක කැඩිලා.පොඩි යට කෑම උයන්නේ එකෙන්)
    02. Pampers
    03. Piriton Syrup
    04. Detol
    05. Bed Sheets
    06. Dry foods
    07. Laktogen 1,2 for infants
    08. Toys
    09. Cloths
    10. Paint for garden wall


    ඉතින් එයාල කිව්වා ප්‍රධාන දෙයක් තමයි පොත්පත් අනවශ්‍යයි කියන එක. මොකද ගොඩක් පොඩි අයට පොත් පත් අවශ්‍ය නැති නිසා.

    ඉතින් මම අද දවසේ 2014-03-20 දින මධ්‍යම පළාතේ සමාජ සුභසාධන පරිවාස සහ ළමා රක්ෂණ සේවා කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවට ගිහිල්ල එකේ කොමසාරිස් වරිය හමුවී සියලු වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡ කරලා අවසර ලියුමත් ලබාගත්තා.

    එහිදී කොමසාරිස්වරිය ලබාදුන් සහයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.

    තවද ඔබට ඉදිරි පුණ්‍ය කටයුතු වලට පහසුව තක මම ටිකිරි ළමා සෙවනේ මේට්‍රන් වරියගේ දුරකථන අංකයද ලබා දෙන්නම්. 081-2388145 අනෝමා මහත්මිය.

    ඇත්තම කතාව කිව්වොත් අපි මුදලින් ආධාර එකතු කරන්න නම් බලාපොරොත්තුවක් නැහැ. මොකද පසුව ඒ පිළිබඳව ගැටළු පන නැගිය හැකි බැවින්. නමුත් හැකිනම් පෞද්ගලිකව මා මුණ ගැසී ඔබගේ ආධාර උපකාර පිළිබඳව දන්වන්න හැකි අතර හැකියාවක් තිබේ නම් අනිවාර්යෙන් මෙම කටයුත්තට සහභාගී වන ලෙස ඉල්ලා සිටිමි.

    මේ සඳහා අවසර ලබාගත් ලියුම සහ වටපිටාවෙහි ෆොටෝ කිහිපයක් පහත දැක්වේ.
    ළමා නිවාසයේ ඇතුලත චායාරූප ගැනීම තහනම් වේ.​


    V2KwztT.jpg

    t0V0FVS.jpg

    VFAYj38.jpg

    X42TZ3o.jpg

    s5ltdLV.jpg

    bxmNiKL.jpg
    :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,460
    17,452
    113
    Auckland
    කුචු කුචු ලොක්කා;16449372 said:

    එහෙනම් හූවක් කියපන් අපිට ඇහෙන්න

    :P

    :rolleyes::rolleyes::rolleyes:

    ගමේහ් චු කොල්ලෙක් හෙට නිකන් හරි හු කිව්වොත් මගේ කාඩ් කුඩු :dull::dull::dull:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    nama gahagena enna one podi raumak ethule hode. getambe water board eka lagadi kastiya aduna ganna amaru wei ne nettam