ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔන්න එහෙනම් ඔබ පුල පුලා බලාසිටි ElaKiri Social Welfare Event 2014 - Kandy හි ෆොටෝ ටික සමඟ එහි කතාන්දරය කියන්නයි මම මේ සුදානම් වන්නේ.....

    අපේ අන්ජු සහ ඉබ්බා ප්‍රමුඛ නයිට් ක්ලබ් කුකුලෝ ටික කොහේ හරි සෙට් වෙමු කියල හැමදාම කියනවා හැබැයි උනේ නැහැ.නුවර එනවා කියල දිනත් දාගත්තා නමුත් වැඩේ සිද්ද උනේ නැහැ.පසුගිය මාසයේ එනම් මාර්තු මස 15 විතර මගේ ෂොප් එකට cshapegt මල්ලි ආව වෙලාවක අපි කොළඹ සෙට් එකත් එකතු කරගෙන මොකක් හරි දෙයක් කරමු කියල කතා වෙලා මොකද්ද කරන්නේ කියා කියා හිතනකොට ළමා නිවාසයකට ආධාරයක් කරමු කියල යෝජනා වුණා.

    ඉතින් ඊට පස්සේ අපි දෙන්න නුවර අහල පහල තියෙන ළමා නිවාස වලට ගියා ඒවගේ තියෙන අඩුපාඩු ගැන හොයන්න.සමහර ඒවාට ඇත්තෙන්ම කිව්වොත් අඩුපාඩු නැහැ. හොඳටම නඩත්තු වෙනවා. රජයේ සමහර ඒවාට නම් එහෙම නැහැ. ඉතින් එහෙම හොයනවකොට අපි මේ බෝවලවත්තේ උඩ පෙරාදෙණියේ, ටිකිරි සෙවණ ළමා නිවාසෙට ගිය වෙලාවේ එහි ඉන්න චුටි පැටවූ ටික දැක්කම දුන හිතුණා. ඉතින් එතන පාලිකාව අපට එයාලට අත්‍යාවශ්‍ය භාණ්ඩ මොනවද කියලත් කිව්වා.

    ඉතින් අපි දෙදෙනා මේ අදහස අපේ අනිත් සෙට් එකටත් කිව්වට පස්සේ වැඩේ ටිකක් ලොකු උනා කිව්වොත් හරි. පස්සේ කට්ටිය කිව්වා ඔන්න එළකිරි එකේ ත්‍රෙඩ් එකකුත් දාමු කියල. ඔන්න ත්‍රෙඩ් එක දැම්මට පස්සේ ආධාර උපකාර කරන්න කැමති නොමසුරු උදවිය බොහොමයක් ඉදිරිපත් උනා.

    ඒ අස්සේ වැඩේට සෙට් වෙන්න කැමති කියලත් කට්ටිය අපිට කිව්වා.
    ඔය විදියට අපි ගිහිල්ල මධ්‍යම පළාතේ ළමා රක්ෂණ සහ පරිවසේ කොමසාරිස් වරිය හමු වෙලා මාර්තු මාසේ 30 වෙනිදට ත්‍යාග සහ ද්‍රව්‍යමය ආධාර සහ ශ්‍රමදානේ කරමු කියල දාගත්ත.

    u1WPP5J.jpg

    DBAYSc8.jpg


    පාලිකාව කිව්වා වටේ තියෙන වත්ත සුද්ද කරලා දෙන්න කියල මොකද පොඩි උන්ට මදුරුවන්ගෙන් සහ සර්පයින්ගෙන්ව කරදර සද්ද වෙන්න ඉඩ තියෙනවා කියල.

    ඉතින් අපි නුවර කට්ටිය ( මම , chshapegt, මල් පප්පා, anuradhamapa, rashmithalwatta යන සහෝදර වරුන්) එකතු වෙලා බඩු භාහිරාදිය එකතු කරන අතර, කොළඹින් ඉබ්බා, රෙක්ස්, රශී, කියුට්,අන්ජු සහ delmar වැඩේ කරගෙන ගියා......

    ඉතින් ටික දවසක් යනකොට අපි හිතුවටත් වඩා මුදල් ආධාර වගේම ද්‍රව්‍යමය ආධාර ගොඩක් ලැබුණා. ඉතින් ඒ උදවියටත් ස්තුති කරන ගමන් වැඩේ සිද්ද වුනු හැටි කියන්නයි යන්නේ...

    ඔක්කොමත් හරි අන්තිමේට ගන්න ඕන බඩු ටික ගන්න ලෑස්ති උනේ 29 වෙනිදා. ඔන්න කට්ටියම (මමයි මගේ:love: , මල් පප්පි, රෙක්ස් , cshapegt ) එකතුවෙලා ගිය ෂොපින්.

    3Eq2yQM.jpg

    sreZXvr.jpg

    YsyxGWC.jpg

    UWVxm8r.jpg


    රෙක්සි චොකලට් තෝරනවා පප්පිට.....:love::love::love:

    ig8awCu.jpg


    කොහොමද බිල?:baffled::rofl:

    8PjVokx.jpg

    ආර්පිකෝ සුපර් සෙන්ටර් ගියා.... කොස්ස අක්කගේ කරේ තියාගෙන බිල දැම්මේ...:baffled::rofl::rofl:


    ඔන්න ඔහොමයි ඉතින් කට්ටිය බඩු තේරුවේ ළමයිගේ දහවල් කෑම සහ වෙනත් දේවල් සඳහා.
    ඉතින් 29 වෙනිදා රාත්‍රියේ තමයි එකතු කරලා තිබ්බ බඩු ටික අදින්න කට්ටිය සෙට් උනේ. වාහනයක් හෙව්වා හොයාගන්න බැරි උනා. ඊට පස්සේ cshapegt මල්ලි කිව්වා කාර් එකේම අදිමු කියල.ඔන්න ඉතින් දෙපාරකට කොහොම හරි පුටු කොට්ට මෙට්ට ඔක්කොම ඇද්ද. වාහනේටත් බැහැ කියල හිතිලද කොහෙද ස්ටාර්ට් වෙන්නෙත් නැතුව ගියා.



    පප්පිව කවුරු හරි උස්සගෙන යාවි කියල අපි කලින්ම උව බස් එකට දැම්මා. ඒ අස්සේ රෙක්ස් ගේ අම්ම කෑගහනවා රෙක්ස් ගෙදර එනකොට සර්පයෙක් කයි කියල (බත් වෙනුවට). ඔන්න ඒ පාර දෙවැනි සැරේ ඌ වත් දැම්ම බස් එකට.

    30 වෙනිදා කට්ටියට වැඩ ඉවර වෙලා සෙට් වෙන්න තැනක් සෙට් කරලා අන්තිමේට එකේ ගේට්ටුවේ යතුර කොළඹ ගිහිල්ල ඉතින් රශීගේ පිහිටෙන් එක නුවරට වැඩම්මුවා.....

    කොළඹ ඈයෝ කොළඹින් උදේ 5.30ත නුවර බල එන්න පිටත් වෙලා.අපිත් ඉතින් කට්ටියට උදේ කෑම හදාගෙන 6.30 ට විතර පිටත් උනා.

    නුවර ටවුමෙන් පප්පිව අරගෙන අපි යනකොට 8 පහුවෙලා මිනිත්තු 5 ක් විතර ගිහිල්ල රෙක්සිය කෝල් දානවා ඉවරයක් නැතුව.

    දංගොල්ල හන්දියට යනකොට රෙක්සි, තිලිහරේ, cazyasa, කුචු කුචු ලොක්කා කට්ටියම හිටිය.thilihre එක්ක හිටපු අනිත් මල්ලිගේ නම නම් මතක නැහැ.එයාගේ නම buddhikakgsl



    ඔන්න ටිකක් වෙලා යනකොට anuradhamapa අයියා ආව.ඊට පස්සේ deegopower මල්ලි ආව.campus එකේ තිබ්බු බෙඩ් ශීට් ටිකත් අරගෙන් අපි ළමා නිවාසය බල ගියා.

    කොහොම හරි උදෙන්ම වැඩ පටන්ගමු කියල.කට්ටියම wire brush අරගෙන මැද තිබ්බ roundabout එක සුද්ද කරන්න ගත්ත.
    Ga2yQo3.jpg


    පැයෙන් දෙකන් පේන්ට් කරලා පෙන්නනවා කිව්වා රෙක්සිට අපි ඒ වැඩේ පැයෙන් කරලා පෙන්නන හැටි කියල දුන්න.

    jLyjqmB.jpg

    එහෙම නැත්නම් රෙක්සි තවත් පේන්ට් ගානවා.
    ටිකක් වෙලා යනකොට කොළඹ සෙට් එකත් හන්දි හන්දි ගානේ පාරවල් අහගෙන හරි තැනට ආව.
    YJ9aHq0.jpg

    0sjI5za.jpg


    ඔන්න එකෙන් බැහැල ආව ගමන් ඉබ්බා පටන් ගතට හත්පොලේ පේන්ට් ගාන්න.
    ZEvdMyr.jpg

    3tZ8v4F.jpg


    කොහොම හරි කට්ටිය වැඩේට සෙට් වෙනකොට සැමියාට ඕන උනා සින්දුවක් අහන ගමන් වැඩ කරන්න. ලේසි නැහැ .....
    4H6d85G.jpg


    ඔය අතරේ තමයි අපේ සෝමපාල සමඟ තිලින ආවේ.

    bgDxFVT.jpg

    ඔන්න ඔහොම ඉතින් වැඩ ටික සිද්ද උනා.මේ අතරේ වල් කපන්න ආපු කෙනා ගෙනාපු මැෂින් එක වැඩ නැහැ. ඉතින් පොඩ්ඩක් මමත් ඔලුව දැම්ම. බැලින්නම් spark එක එන්නේ නැහැ.ඊට පස්සේ එකක් ගෙනාව හයර් එකට.

    Xt6uD8J.jpg


    කොහොම හරි ගෙවත්ත සුද්ද කරලා ඉවර වෙනකොට පේමන්ට් එක පේන්ට් කරන්න කියල අන්ජු එකත් හේදුවා.

    1QWVMXv.jpg


    ඔන්න ඉතින් වෙලාව 10 විතර වෙනකොට කට්ටියට බඩගිනිලු. ඉතින් ගෙවල් වැලි හදාගෙන ආව කෑම බීම කට්ටිය බඩවල් පිරෙන්න කෑවේ මෙහෙමයි.

    2OiDYQU.jpg

    HRUkWWE.jpg

    BCaLrBz.jpg


    හිරවෙයි පප්පි.... හිමි කාපන්.......!

    A3DyGDI.jpg


    ඕව අතරේ කට්ටිය ආසම කරන කිරි කෑලි ( කහ කෑලි), හැලප, පැණි වළලු, සැන්විච්, කිරිබත්, කට්ට සම්බෝල, බිස්කට් සමඟ සිසිල් බීමත් සංග්‍රහ කළා.

    RTwK293.jpg

    vOkGLZJ.jpg

    KpI0EBH.jpg

    7jobHhD.jpg


    කාල ඉවර වෙලා කට්ටිය පොඩි chat එකකට සෙට් වෙලා.....

    uvrFs0I.jpg

    jbwF09n.jpg


    දෙල්මා බොරුවක් ඇත්ත වගේ කියනවා.....:lol::lol:
    vei2L7k.jpg


    එතන වැඩ ටික ඉවර වෙලා කට්ටිය (anuradhamapa, තිලින,thilihare, deegopower, කුචු කුචු ලොක්ක, සෝමපාල )ඊළඟට ගියේ බිලිඳු අංශය පැත්තට.
    එතන වටේටම වල් බිහිවෙලා.
    5q9UmKP.jpg

    iS9j8Oj.jpg

    RxeXdAC.jpg



    ඉතින් පොඩි උන්ගේ සෞඛ්‍යට හොඳට නැහැ කියල කට්ටිය වැඩ පටන් ගන්නකොටම ඒක බලාගන්න කෙනෙක් ඇවිල්ල ජනෙල් ටික වැහුව අපේ උන්ගේ මාළු ලෑල්ලේ සද්දේ වැඩි කමකටම.

    de8A5ai.jpg


    ඒ අස්සේ සැමියාට කෙල්ලගෙන් කෝල් එකක් ඇවිල්ල. කෙල්ලට ෂුවර් නෑ මු නුවර ගියාද කියල.
    කොහොම හරි ඕක උදලු ගානකොට දෙල්මර්ගේ පස්චාත් බාගේ දැකපු කවුදෝ ෆොටෝ එකකුත් ගහල.
    IP6cNkc.jpg


    එක වහගෙන හරි බැලුවේ නම් :මරන් කන මුණ දාල:
    00hQ3WW.jpg



    මේවා මෙහෙම සිද්ද වෙන අතරේ තවත් පැත්තක කට්ටියක් (ඉබ්බා, අන්ජු, රෙක්සි, crazyasa, cshapegt, dilrasan) කුණු දාන්න වලක් කපන්න සෙට් උනේ.

    n9l1cxu.jpg


    අන්ජුට කුණු කිව්වොත් ඉතින් යේ ලොවෙත් නැහැනේ. ගානට කිරල මැනලා වල කපන්න සෙට් වෙලා ගැහුවේ එක උදලු පාරයි කලිසම පැලිලා...:lol::lol::lol:

    YYgLRJi.jpg


    කවුරුත් දන්නේ නැහැ මනුස්සයට මොකද උනේ කියල.සීරුවෙන් ඉන්නවලු සද්දයක් නැතිව. ටික වෙලාවකින් කියනවලු. මචන් කලිසම පැලුනා කියල. ඊට පස්සේ ඉතින් මුළු හැන්දෑවේ ම අන්ජු කලේ දකින දකින මනුස්සයගෙන් කලිසම් ඉල්ලීමයි.

    tHU4zTc.jpg


    ඒ අස්සේ අපේ එළකිරියේ ජනප්‍රිය හාදයෙකුට කික් වෙලා ඇඳි වත උනා දමා වැඩට බස්සලු.... ඔන්න මම ෆොටෝ එකක් නම් දාල තියෙනවා පුළුවන් නම් කියන්න බලන්න මේ කලගෙඩි බඩ සහිත පුද්ගලයා කවුරුන්ද කියල.... ලුණු කැඳ බිව්වෙත් මෙයාම තමයිලු......

    3bkITVA.jpg


    ඔහොම වෙලා ඒ වැඩෙත් ඉවර උනා.
    මේ අතරේ කට්ටිය පටන් ගතට බිම පේන්ට් ගාන්න. එකත් chsapegt මල්ලිගේ අයියා පෙරමුණ අරගෙන ලස්සනට වැඩේ කළා.

    YPyQLdX.jpg

    BegVJ57.jpg


    මගේ :love: එක සහ කියුට් සහ cshapegt මල්ලිගේ පවුලේ අය දෙන්න ගෙනාව බඩු ටික ලැස්ති කරලා ලිස්ට් හදල ඉවර කලා.
    qnMyPtl.jpg


    මේ අතරේ අපේ අය ගිහල්ල පොඩි උන්ව බලන්න.

    0SpIIGu.jpg

    t9HFyCz.jpg


    ලස්සන පොඩි එකෙක් කිරි සිහින දකිනවා.......:(:(:(:(
    g6GEqiB.jpg


    දෙල්මර්ට හිත ගිහිල්ල තවත් හුරු බුහුටි චූටි පැටියෙකුට......
    skaZOcr.jpg



    මම නම් ඒ පැත්තේ ගියේ නැහැ. මොකද දැක්කම දුක හිතෙනවා. ආදරේ වැඩි කමට. අයි මේ මිනිස්සු මේ ළමයින්ව දාල ගියේ කියල හිතෙනවා. ඔන්න ඒ උනාට අපේ අනිත් අය ඉතාම ආදරෙන් එයාලව වඩා ගෙන හිටිය.

    ලඟපාත තිබ්බ ලාවුලු ගෙඩියකටත් වැඩේ දුන්නලු කට්ටිය....
    xlhCymy.jpg




    ඉන්පස්සේ වැඩ ටික ඉක්මනට ඉවර කරන්න කියල.පොඩි කතාවක් එහෙම තියල. අපේ අය පොඩි උන්ට දෙන්න ගෙනාව සෙල්ලම් බඩු ටික පොඩි අය අතරේ බෙදල දුන්න.

    h6XnJFK.jpg

    6C7OkaW.jpg


    පොඩි උන්ට ඉතින් පුදුම සතුටක් ලැබුනේ.නමුත් අපිට ෆොටෝ ගන්න නම් අවසර ලැබුනේ නැහැ.

    ඉතින් කොහොම කොහොම හරි එතනින් 2 ට විතර එලියට ඇවිල්ල මගේ මිත්‍රයෙකුගේ නිවසකට ගිය අපි ඔක්කොම.

    වැඩේ ඉවර වෙලා බලනකොට මෙන්න මෙහෙමයි තිබ්බේ....
    BegVJ57.jpg

    sUuJejG.jpg

    dqnTk1S.jpg

    BUrfYcD.jpg


    5wZumVF.jpg

    මගේ අනුග්‍රහයෙන් දෙන්න හිටිය දහවල් කෑමට සෝමෙගෙන් සහ ඔහුගේ මිත්‍ර තිලිනගෙන ලැබුණු දායකත්වය නිසා එක ලොකු පාටියක් බවට පත්වුණා.

    SiEKycC.jpg

    4X2zD4E.jpg


    ගිටාර් ගෙනල්ල, කොන්ගෝ ගහල ඒක සැණකෙළියක් උනා කිව්වොත් නිවැරදි.
    LeAd1li.jpg


    ඒ අස්සේ තිළිණය යනවා නොදන්නා ඉරි යා කරන්න.... වැඩි වෙලාද මන්ද....:rofl::rofl::rolleyes::P
    hYBJevX.jpg


    සින්දු කියල , ආදරේ කරලා (දෙල්මයි+නුවනයි), වලි බේරලා (සෝමපාල+ඩිලා), කොහොම හරි කට්ටියට නැගිටින්නවත් පන නැහැලු අන්තිමේට.

    අන්තිමට කාපු අය...
    AvKT61C.jpg


    කොහොම කොහොම හරි ඩිලා අමාරුවෙන් අමාරුවෙන් වෑන් එකට නැගගත් ඉබ්බා දුන්නු ටෝක් වලට අපිත් බය වෙලා හිටියේ. හැබැයි මට ආරංචි උනේ කොළඹට යනකොට ඉබ්බා sorry.com වෙලා ඩිලා ගේ කරින් ගෙදර ගිය බවයි.

    මෙන්න මෙහෙමයි අපේ අය වෙන්වෙලා ගියේ.......

    mg0RUtQ.jpg


    ඉතින් ඔන්න ඔහොම ඉතාම ලස්සන වැඩසටහනක් සමඟ get-together එකක් අපි පැවැත්වුවා. එකට උදවු උපකාර කල සැවොම මම ආදරයෙන් මතක් කරන අතර ස්තුතිවන්තද වෙනවා. එහෙනම් මෙවන් තවත් වැඩසටහනක් තවත් ප්‍රදේශයකින් ළඟදීම සංවිධානය වේවා කියල ප්‍රර්ථනා කරනගමන් මේ කරත්ව්‍යයට සහභාගිවුවෝ මතක් කරන්නම්....

    Kandyan, cshapegt, mjayanatha, anju r, rashee irosh, cute, rex921, mal pappa, samee 1987, dirasan, delmar, Nuwan chaminda, somapala, Thilina, crasyasa, anuradhamapa, rashmithalwatta, thilihare, deegopower, කුචු කුචු ලොක්කා සහ thilihare ගේ මිත්‍රයා buddhikakgsl

    j2SJzng.jpg


    ඉතින් ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය මේකට සහභාගී වීම සහ උපකාර කිරීම ගැන. මොන බාධක ආවත් සොයුරු සොයුරියන් සේ එකාවන්ව මේ කාර්ය කිරීම ගැන නැවත වරක් ස්තුති වන්ත වෙමි.

    ඒ වගේම අපහට මුල්‍යමය සහ ද්‍රව්‍යමය විදියට ආධාර කල,
    yoshi123, යාළුවා, rochell1977, u knw me, harshat92, Ereshaz77, Elysium, ilanganthilaka, N1Dnk අයියාවත් ස්තුති පුර්වකව මතක් කර සිටිමි.
    ඔබ සැමට ජයවේවා.......
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැන්ඩියන් අයියා කොටුවක් පනින්න ගිහින් මේ වැඩෙ මාට්ටු වෙලා මේ වැඩෙ සංවිධානය කරපු හැටි දැනගන්න:shocked::dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=16468237&postcount=18
     
    Last edited:
    • Like
    Reactions: kandyan

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එල වැඩක් කොරලා තියෙන්නේ හැමදේටම ඉන්නේ ඔය උඩ ඉන්න සෙට් එක තමයි මචන් ටව ටික දෙනෙක් ඉන්නවා අතරින් පතර හැමෝටම ජය කැන්ඩි එල
    මචන් සහබාගි වෙන්න පින නැති උනා කෙහෙල් මල් එක්සැම් මගුලක් නිසා :(:(
    අන්තිමට එකත් කැන්සල් උනා :(
     
    • Like
    Reactions: kandyan

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජයවේවා! සේරම කියෙව්වා සේරම බැලුව සේරම ඩවුන්ලෝඩ් කළා. නැවත හමුවෙමු. :)
    එල වැඩක් සහෝදරයා
    සේරටම පිංවේවා ජයවේවා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    AvKT61C.jpg


    මේ ෆොටෝ එක අද්‍යනය කෙරීමෙන්

    1. රශියගේ දත ගැලවී ඔලුව බදාගෙන (යනකොට ගන්න බඩු ලිස්ට් එකක් කියනවා ඇහුන )
    2. තිළිණය හොරෙන් ඉක්කොතු කෑම
    3. රෙක්ශට අතිශය ලජ්ජාශීලී දෙයක් සෝමේ කීම (සෝමේ එක්ක යමන් කියල කිව්වේ)
    4. අන්ජුවට කාර්පට් වෙන්න වැදිලා කාටද හැන්ඩ්ෂේක් කරනවා තනියම :rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල වැඩක් කොරලා තියෙන්නේ හැමදේටම ඉන්නේ ඔය උඩ ඉන්න සෙට් එක තමයි මචන් ටව ටික දෙනෙක් ඉන්නවා අතරින් පතර හැමෝටම ජය කැන්ඩි එල
    මචන් සහබාගි වෙන්න පින නැති උනා කෙහෙල් මල් එක්සැම් මගුලක් නිසා :(:(
    අන්තිමට එකත් කැන්සල් උනා :(

    කමක් නෑ ඊළඟ සැරේ සෙට් වෙමු. අනිවා ෆුල් ෆන් එකක් ගමු....!
     
    • Like
    Reactions: rashmithalwatta

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නියමයි කැන්ඩියෝ.
    වැඩේ ගැන නම් කතා දෙකක් නැ . කට්ටිය වැඩේ එලටම කරලා තියනවා.
    ඒවගේම thread එකත් සුපිරියට දාලා තියනවා.
    ඊලග වැඩේ දී ඔන්න අනිවා මාත් ඉන්නවා හරිය :)

    11.gif
    11.gif
     
    • Like
    Reactions: kandyan

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...:oo:

    මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.:nerd:

    කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න ( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ ) :P:shocked:කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු. :oo:දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.:baffled:

    හුටා පටස් වැඩෙ මාට්ටු...:baffled::sorry: පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.:baffled: මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ. :)හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.:frown: ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.:)


    කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු.:rofl: හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.:dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කමක් නෑ ඊළඟ සැරේ සෙට් වෙමු. අනිවා ෆුල් ෆන් එකක් ගමු....!

    අනිවා මචන් එල අපි ඉන්නවා ඕනි එකකට
    මේ බාල්දියක් පෙරලුනනේ එදා දැක්කෙත් අවසාන දවස් ටිකේ
    එල වැඩේ සුපිරි මචෝ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...:oo:

    මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.:nerd:

    කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න ( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ ) :P:shocked:කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු. :oo:දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.:baffled:

    හුටා පටස් වැඩෙ මාට්ටු...:baffled::sorry: පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.:baffled: මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ. :)හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.:frown: ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.:)


    කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු.:rofl: හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.:dull:
    අහිංසක මිනිසෙකුට තවත් මඩ පාරක් ද ?
    සිදුවූ දෙය සැබවක්ද ?