විද්‍යාව_පට්ටපල්_බොරුවක්_ද
"විද්‍යාව පට්ටපල් බොරුවක් ද?" සංවාදය
බුදු දහමේ මනස සහ විද්‍යාවේ මනස
නලින් ද සිල්වා සරණ යන එළකිරි එකේ ඉන්න අයටත් මේක වැදගත් වෙයි.
විද්‍යාව පට්ටපල් බොරුවක් බව ආචාර්ය නලින් ද සිල්වා තවමත් ඔප්පු කොට නැති බව මා පෙන්වා දුන් විට ඔහු කියන්නේ ඔහු මෙපමණ කලක් ලියා ඇති ලිපිවලින් එය ඔප්පු වී ඇති බවයි. ඔහු ගේ ලිපිවලින් කියා ඇත්තේ විද්‍යාව වියුක්ත දැනුමක් නිසා එය ප්රත්යක්ෂ දැනුමක් නො වන බවයි. බොරුවක් නො වන්නේ ප්රත්යක්ෂ දැනුම පමණක් බව ඔහු පවසයි. විද්‍යාව වියුක්ත වූ දැනුමක් නො වන බව ද ප්රත්යක්ෂ දැනුමක් ලෙස සැලකිය හැක්කේ - වචනාර්ථයෙන් - පැහැදිලි වූ ඉන්ද්රිය ප්රත්යක්ෂ පමණක් බව ද මා පෙන්වා දී ඇත. ඊට පිළිතුරක් වශයෙන් නලින් කියන්නේ බුදුරදුන්, රහතන් සහ තවත් අය (සෘෂිවරුන්) පංෙච්න්ද්රියෙන් වෙන් වූ මනස භාවිත කොට යම් යම් දේ ප්රත්යක්ෂ කොට ගන්නා බවයි. බොරුවක් නො වන්නේ මේ ලෙස ප්රත්යක්ෂ කොට ගත් දැනුම පමණක් බව ඒ මහතා අදහස් කරන බව පෙනේ. එම නිසා විද්‍යාව බොරුවකි. මේ ලෙස මනස පංෙච්න්ද්රියෙන් වෙන් කොට ගත නොහැකි බව ද මනස තුළ සංඥා, සංඛාර, විඤ්ඤාණ ක්‍රියාදාමය සිදු වන්නේ නැති බව ද මා පවසා ඇත. (විදුසර - 19.3.2014). මේ බව විස්තර සහිතව පහදා දීම මේ ලිපියේ අරමුණ ය.
නලින් පවසන්නේ මනස කියා දෙයක් නැති බව ය. ඒ ඔහු බුදු දහම විකෘති කරන එක් අවස්ථාවක් පමණි. බුදුරදුන් මනස නැති බව පැවසූ වගක් සූත්‍ර පිඨකයේ කොහේ වත් සඳහන් වී නැත. බුදු දහමේ සළායතනය යනුවෙන් ආයතන (ඉන්ද්රිය) සයක් හඳුනාගනී. ඉන් එකක් මනස යනුවෙන් නම් කර ඇත. මනස ඉන්ද්‍රියයක් වශයෙන් ක්‍රියාකාරී වන විට එය සිදු කරන්නේ දොරටුවක් විවෘත කිරීම වැනි වූ ක්‍රියාවකි. සිතිවිලි ඇතුළු වීමට එය දොර විවෘත කරයි. කෙළෙස් සිතිවිලි මනස තුළ ජනිත වීම පිළිබඳව බුදුරදුන් දේශනා කොට ඇත. එමෙන් ම යහපත් සිතිවිලි ද මනස තුළ ඇති විය හැකි ය. සළායතනයට අයිති මනස තුළ මීට වඩා දෙයක් සිදු නො වේ.
එහෙත් නලින් පවසන්නේ මනස පංචෙන්ද්‍රියෙන් වෙන් වී දැනුම ප්රත්යක්ෂ කරගැනීමේ ම`ගකට යොමු වන බවයි. සළායතනයට අයත් මනස විසින් යම් දැනුමක් කෙළින් ම ප්රත්යක්ෂ කරන බවක් මින් අදහස් වේ. මෙය මනස විසින් කළ නොහැකි ක්‍රියාවකි. බුදු දහමට අනුව දැනුම ලබාගන්නේ සංඥා සංඛාර විඤ්ඤාණ යන ක්‍රමවේදය ම`ගිනි. මේ සම්පූර්ණ ක්‍රියාදාමය සළායතන තුළ සිදු නො වේ. උදාහරණයක් ලෙස බුදු දහමට අනුව ඇස තුළ ඒ ක්‍රියාදාමය සිදු නො වේ.
විද්‍යාවට අනුව ද ඇස තුළ එවැනි ක්‍රියාදාමයක් සිදු නො වේ. වස්තුවක් අප දකින්නේ ඇස තුළ ඇති වූ වස්තුවේ ප්‍රතිබිම්බය ස්නායු ම`ගින් මොළයේ එක්තරා කේන්ද්‍රයකට (visual cortex) ගෙන ගොස් එහි දී එය සංස්කරණය වීමෙනි. විද්‍යාවට අනුව මනස යනුවෙන් ඉන්ද්‍රියයක් හඳුනාගෙන නැත. එනමුත් සිතිවිලි ඇති වීම මොළය තුළ සිදු විය හැකි ය. එසේ ම ඉන්ද්රියයන් පහ ම ක්‍රියා විරහිත වුවත් සිතිවිලි ඇති වීම මේ කේන්ද්ර්රය තුළ සිදු විය හැකි ය. එම නිසා බුදු දහමේ මනසට සමාන වූ ක්‍රියාකාරී කේන්ද්‍රයක් මොළයේ තිබෙන බව විද්‍යාව විසින් සොයාගෙන ඇති බව කිව හැකි ය. එම කේන්ද්‍රය තුළ සංස්කරණයක් සිදු වන්නේ නැත.
මේ ක්‍රියාදාමයන් පහදා දීමට මුල් බුදුදහමේ භාවිත කළ වචන තුනක් සඳහන් කළ හැකි ය. ඒවා නම් විඤ්ඤාණ, චිත්ත සහ මනෝ වන්නේ ය. විඤ්ඤාණය යනු අප ගේ සළායතනයන් ගෙන් ලබා ගන්නා දත්ත පැහැදිලි ව වටහාගැනීමේ ක්‍රියාදාමය ය. ඇසෙන් ලබා ගන්නා දත්ත පෙනීම බවට පත් වීම චක්ඛු විඤ්ඤාණය වේ. එසේ ම සංසාර ගමනේ අප ගේ පැවැත්ම දිගට ම සිදු වන්නේ විඤ්ඤාණය හේතු කොටගෙන ය. කුසලාකුසලයන් ගෙන් පිරිසිදු හෝ කිළිටි වන්නේ චිත්ත යන අංශය ය. මනෝ යන ක්රියාදාමයේ සිදු වන්නේ විඤ්ඤාණය විසින් වටහාගත් දැනුම විශ්ලේෂණය කොට අවබෝධයක් ලබාගැනීම ය. සංකල්පීය දැනුම නිර්මාණය වන්නේ මේ අවස්ථාවේ දී ය. විද්‍යාව විසින් සොයා ගෙන ඇත්තේ මෙවැනි ම වූ ක්‍රියාකාරීත්වයට අනුව වෙන් වූ කේන්ද්‍ර (centre)වලින් සමන්විත මොළයේ ව්‍යුහයකි. ඉන්ද්රියයන් ම`ගින් ලබාගන්නා දත්ත දැන හැඳින ගන්නේ මොළයේ එක් එක් කේන්ද්ර්රවල ය. ඇසෙන් පෙනෙන දෙය පෙනෙන්නේ මොළයේ එක් කේන්ද්ර්රයකට ය. (visual cortex). කනෙන් අසන දෙය ඇසෙන්නේ වෙනත් කේන්ද්ර්රයක දී ය. මේ ලෙස ඉන්ද්රිය පහ සඳහා වෙන් වූ මොළයේ කේන්ද්‍ර හඳුනාගත හැකි ය. මේ කේන්ද්‍ර ක්‍රියා විරහිත වූ විට ඉන්ද්‍රියයන්ට හානියක් වී නැතත් පෙනීම, ඇසීම යනාදී ක්‍රියාවන් සිදු නො වේ. මෙලෙසින් ලබා ගන්නා දැනුම (මුලික දත්ත) සංකල්පීය දැනුමක් බවට පත් වන්නේ ඥානය ^intelligence) ක්‍රියාකාරී වන මොළයේ තවත් කේන්ද්‍රයක ය. (frontal lobe). මෙතැන දී මූලික දත්ත, මතකය, ප්‍රශ්න විසඳීමට ඇති හැකියාව යන ක්‍රියාදාමයන් සම්බන්ධීකරණය කොට විශ්ලේෂණයට භාජන කොට දැනුම ප්රත්යක්ෂ වී එහි වැදගත්කම, ප්‍රයෝජන, යහපත, අයහපත වැනි දේ අවබෝධ කොට ගනී.
විද්‍යාවට අනුව මතකය සටහන් වන්නේ වෙනත් කේන්ද්‍ර කිහිපයක ය. එම කේන්ද්‍ර වර්ගීකරණය වී ඇත්තේ මෙසේ ය. අප විසින් වර්තමානයේ සිදු කෙරෙන ක්‍රියාවන් පාලනය කිරීම, පසුගිය සිද්ධීන් විස්තර සහිතව මතකයේ රඳවා ගැනීම, අධ්‍යාපනය සිදු කිරීම, පුහුණුව පිණිස යනුවෙනි. අප ගේ සිතිවිලි වර්තමානයේ සිදුවීමකට හෝ අතීතයේ සිදුවීමකට සම්බන්ධ වී ඇත. කරුණාව දයාව හෝ කේන්තිය වෛරය වැනි සිතිවිලි ජනිත වන්නේ ඉන්ද්රිය ගෝචර වූ යම් සිද්ධියකට ප්‍රතික්‍රියාවක් වශයෙනි. එම නිසා මතකය ද මේ ක්‍රියාදාමයට සම්බන්ධ වේ. ප්‍රතික්‍රියාවක් නො වන සිතිවිල්ලක් ජනිත වීම සිදු නො වන්නේ ය. බුදුරදුන් සහ රහතුන් ගේ සිත්වල ද සිතිවිලි පහළ වේ. එහෙත් ඒවා කෙරෙහි ඇලීමක්a සිදු නො වේ. එම සිතිවිලිවල නියම ස්වභාවය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) ප්රත්යක්ෂ කොටගත් රහතුන් එම සිතිවිලි ග්‍රහණය (උපාදානය) කොට ගන්නේ නැත. කරුණු මෙසේ හෙයින් ප්රත්යක්ෂය සිදු වන්නේ සිතිවිලි ජනිත වන කේන්ද්‍රයේ නො ව ඥානය මෙහෙයවන කේන්ද්‍රයේ බව පැහැදිලි ය. සිතිවිලි ජනිත වන්නේ limbic system යනුවෙන් හැඳින්වෙන මොළයේ කොටසක ය. ප්රත්යක්ෂ සිදු වන්නේ ඥානය මෙහෙයවන frontal lobe යනුවෙන් හැඳින්වෙන කොටසේ ය. මින් පෙනී යන්නේ සිතිවිලි ජනිත වන කේන්ද්‍රයේ ප්රත්යක්ෂ සිදු විය නොහැකි බව ය. එමෙන් ම බුදු දහමේ සඳහන් මනස භාවිත කොට ප්රත්යක්ෂ කළ නොහැකි බව ද මින් පෙනී යයි.
කරුණු එසේ නම් ප්රශ්නය වන්නේ ඉන්ද්රිය ගෝචර නො වූ දැනුමක් රහතුන්ට හෝ වෙන කෙනකුට හෝ ප්රත්යක්ෂ කොටගත හැකි ද යන්න ය. තව ද මෙලෙස ලබාගත් දැනුම පමණක් බොරු නො වන්නේ ද යන්න ය. බුදුන් වහන්සේ අතින්ද්‍රිය දැනුම් මාර්ගය පිළිබඳ ව දේශනා කොට ඇත. ආරියපරියේසන සූත්‍රයේ උන්වහන්සේ පහදා දෙන්නේ ධ්‍යාන ම`ගින් කිසි ම ප්රත්යක්ෂ දැනුමක් ලබාගත නොහැකි බවයි. සමන්නාපහල සුත්තාන්තයේ උන්වහන්සේ පහදා දෙන්නේ උසස් දැනුමක් ලෙස සැලකෙන අභිඥා නමැති දැනුම ද ලබා දෙන්නේ සීමාසහිත දැනුමක් බවයි. උසස් දැනුම් ලෙස සැලකුව ද මේවා ප්රත්යක්ෂ දැනුම් නො වන්නේ ය. මෙයින් පෙනී යන්නේ බුදුරදුන් විශ්වාසය පළ කළේ ඉන්ද්රිය ප්රත්යක්ෂ දැනුම මත පමණක් බවයි. උන්වහන්සේ මේ බව කිහිප අවස්ථාවක පැහැදිලි කොට දී ඇත. සංඝූරාම සුත්‍රයේ උන්වහන්සේ පැරැණි ආගමික ග්රන්ථ සහ තර්කය දැනුම් මාර්ග වශයෙන් විශ්වසනීයත්වයෙන් ඌන බව පැහැදිලි කළ සේක. සුත්තනිපාතයේ ද බුදුරදුන් තර්කය සහ ප්‍රතිභානය (intuition) දැනුම් මාර්ග වශයෙන් පිළිනොගන්නා බව වදාළ හ. අනුභූතිය දැනුම ලබාගැනීමේ මාර්ගය විය යුත්තේ මක් නිසා ද යන්න උන්වහන්සේ මධුපිණ්ඩික සූත්‍රයේ පහදා දී ඇත. එසේ නම් උන්වහන්සේ නිවන ප්රත්යක්ෂ කර ගන්නේ කෙසේ ද? උන්වහන්සේ එය කළේ නොයෙකුත් අත්හදාබැලීම්, පර්යේෂණ සඳහා අති මහත් වෙහෙසක් දරා ය. උදාහරණයක් ලෙස උන්වහන්සේ අත්තකිලමතානුයෝග ක්‍රමය ඉන් පෙර භාරතයේ කිසිවකු නො කළ අන්තයකට ගෙන ගිය හ. ඉන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි බව දැනගත් පසු ඊට පෙර පර්යේෂණ කර තිබූ භාවනා ක්‍රම ම`ගට නැවතත් පැමිණ ධ්‍යාන ම`ගින් තම අරමුණ ඉටු කරගත නොහැකි බව දැනගෙන තිබූ නිසා එය නව මාර්ගයකට හරවා ධ්‍යානවලින් ඔබ්බට යැමේ ක්‍රමය සොයාගත් සේක. සිත (චිත්ත) තුළ ඇති කෙළෙස් නිට්ටාවට දුරු කිරීම එම පරිශ්රමයේ ප්‍රතිඑලය විය. කෙළෙස් නිසා දැවෙන සිත නීවී සැනසීම ඒ තුළින් උන්වහන්සේ ළඟා කර ගත් සේක. උන්වහන්සේ භාවනාවෙන් ළඟා කරගත හැකි ධ්‍යාන මත විශ්වාසයක් තැබුවේ නැත. ධ්‍යානවලින් ඔබ්බට ගොස් කෙළෙස් නැසීම සිදු කළ හැකි බව උන්වහන්සේ අනුභූතියෙන් ප්රත්යක්ෂ කොට ගත් සේක. එය ප්රත්යක්ෂ කොට ගත් නමුත් එම කෙලෙස් (ලෝභ ද්වේශ මෝහ) බුදුන් පසු පස හඹා ආ මාරයා ලෙසින් පරිනිර්වාණය තෙක්ම හඹා ආෙවි ය. උන්වහන්සේ සැම විට භාවනායෝගී ව මේ කෙළෙස් නමැති මාරයා පලවා ගත් බව උන්වහන්සේ දේශනා කොට ඇත. මින් පෙනී යන්නේ නිවන ප්රත්යක්ෂ කොට ගත් නමුත් ඒ සඳහා අවශ්‍ය වූ පරිශ්රමය සම්පුර්ණයෙන් අමතක කොට කෙලෙස්වලින් දුරස් ව සිටිය නොහැකි බව ය. නිවන තුළ ගූඪ වූ පාරභෞතික කිසිවක් නැති බව ද මින් පෙනී යයි. ඇත්තේ කෙළෙස් ප්රහාණය කිරීමට පමණි. එය ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නො වන බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.
නලින් 'නිවන ඉන්ද්රිය ගෝචර ද' යන මැයෙන් ලිපියක් ලියමින් මගෙන් ප්‍රශ්න කිහිපයක් අසා ඇත (විදුසර - 26. 3. 14) අමරතුංග අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉන්ද්රිය ගෝචර වී ඇත් ද? නැත්නම් එයට හේතුව කුමක් ද? ඔහු අසයි. මා පවසා සිටියේ මේවා ඉන්ද්රිය ගෝචර බවය (විදුසර - 19.3.14). සැම දෙයක ම වෙනස් වීම ඉන්ද්රිය ගෝචර නො වන බව ද නලින් කියන්නේ? අපට දුක ඉන්ද්රිය ගෝචර නො වන බව ද ඔහු කියන්නේ? ආත්මය අපට ඉන්ද්රිය ගෝචර නො වන්නේ ය. එසේ වන්නේ ආත්මයක් නැති නිසා ය. මම ය, මගේ ය කියා දෙයක් නැති බව අපට ඉන්ද්රිය ප්රත්යක්ෂයෙන් සහ සාක්ෂිවලින් වටහාගත හැකි ය. චාතුරාර්ය සත්‍යයේ එන දුක සහ දුකට හේතුව ඉන්ද්රිය ප්රත්යක්ෂයෙන් වටහාගත හැකි ය. දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය ද අපට අවශ්‍ය නම් ඉන්ද්රිය ප්රත්යක්ෂයෙන් වටහාගත හැකි ය. බුදුන් වදාළේ බුදුදහම පරීක්ෂා කොට හරි ද වැරැදි ද බව සොයාගත හැකි බව ය. (ඒහිපස්සිකො - verifiable). තව ද බුදුදහම අනුභූතික (සංදිත්ථික true to experience) බව ද එසේ ම බුදුදහම ප්‍රායෝගික (ඕපනායිකෝ) බව ද, ඥාණවන්තයකුට තමන් ගේ උත්සහායෙන් වටහා ගත හැකි (පච්චත්තං වෙදිතබ්බෝ විඤ්හීතී) බව ද උන්වහන්සේ දේශනා කොට ඇත. බුදුදහම තුළ මිථ්‍යාව හෝ ගූඪත්වය හෝ පාරභෞතික හෝ කිසිවක් ඇත්නම් බුදුරදුන්ට ඉහත සඳහන් වචන පාවිච්චි කළ හැකි ද?
නිවන කුමන ඉන්ද්‍රියකට ගෝචර දැයි නලින් අසයි. මෙය ද ඔහු මගෙන් අසා ඇති කෙළවරක් නැති මෝඩ ප්‍රශ්නවලින් තවත් එකකි. නිවන ඉන්ද්රිය ගෝචර වන්නේ බුදුන් සහ රහතන් වහන්සේට බව නලින් දන්නේ නැත. එය ඔහු නො දන්නේ නිවන ගූඪ පාරභෞතික සංකල්පයක් බවට පත් කරගෙන ඇති නිසාය. මේවා ඔහු ගේ ඔළුවට ඇතුළු වී ඇත්තේ මහායාන ධර්මය ම`ගිනි. නලින් වටිනා සේවයක් මේ රටට කරන නිසා මා ඔහු ගෙන් ඉල්ලා සිටින්නේ මේ බහුබූත ඉවත දමා ඔහුට හොඳින් කළ හැකි කාර්යය එනම් බෙදුම්වාදීන්ට විරුද්ධ සටන කරන මෙනි. වකුගඩු රෝගය, මී උණ, විද්‍යාව, බුදුදහම වැනි විෂයයන් පිළිබඳ ඔහු ගේ දැනුම ප්‍රමාණවත් නො වන නිසා ඒවා පිළිබඳව මත ඉදිරිපත් කරන්නට යැමෙන් ඔහු ගේ නම පලුදු විය හැකි ය. වකුගඩු රෝගය පිළිබඳව ඔහු ගේ මැදිහත්වීමෙන් ඔහු ගේ නම පලුදු වී ඇති බව ඔහු වටහාගත යුතු ය. සැම දෙයක් ම සැම කෙනකුට ම දැන ගත නොහැකි ය. නම පලුදු වුව හොත් නලින් දෙමළ බෙදුම්වාදීන්ට විරුද්ධව ගෙන යන සටන දුර්වල වන්නට ඉඩ ඇත. බෙදුම්වාදීන් ඔහු බහුබූත දොඩවන්නකු ලෙස හංවඩු ගැසුවොත් එය පාඩුවකි. මේ සම්බන්ධ ව ඔහු දරන මතය වන්නේ බළල් අත් වන බෙදුම්වාදීන් මෙහෙයවන බටහිර අධිරාජ්‍යවාදීන් පරාජය කිරීම සඳහා බටහිර දැනුම අත්හැර දැමිය යුතු බව ය. මෙය අප සිදු කළ හොත් එය අප ගේ මළගම වන්නේ ය. විද්‍යාව අප සතු ව නො තිබිණි නම් නලින් ගේ දෙවිවරුන්ට සටනට එන්නට සිදු වේ. තව ද මා පුන පුනා කියන්නා සේ නවීන විද්‍යාව අප ගේ විද්‍යාව ද වන්නේ ය. ඊට ගැති වීම අධිරාජ්‍යවාදීන්ට ගැති වීමක් නො වන්නේ ය. ජනතාව ගේ අභිවෘද්ධිය පසෙකින් තැබුවත් විද්‍යාව නොමැති ව බෙදුම්වාදීන් පරදවන්නේ කෙසේ දැයි යන්නට පිළිතුරක් නලින් දිය යුතු ය. එසේ නො කළොත් ඔහු බහුබූතවාදියකු බව තහවුරු වේ.
දැන් නිවන ගැන නලින් ඇසු ප්‍රශ්නයට මා දී ඇති උත්තරයට සාක්ෂි ඉදිරිපත් කරමි. මා ගේ උත්තරය වූයේ බුදුන්ට හා රහතුන්ට නිවන ඉන්ද්රිය ගෝචර බව ය. ඒ බව බුදුන් ද රහතුන් ද ඉතා පැහැදිලි ව දේශනා කොට ඇත. කෙළෙස්වලින් හිස් වූ චිත්ත තුළ දුක නැති බව උන්වහන්සේලා දේශනා කොට ඇත. (අග්ගි වච්චගොත්ත සූත්‍රය, සමන්නපහල සූත්‍රය, ථෙර ථෙරි ගාථා).
බුදු දහමේ අරටුව වන අනිත්‍ය, දුක්ඛ අනාත්ම, චාතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය අපට ඉන්ද්රිය ප්රත්යක්ෂයෙන් වටහාගත හැකි බව පැවසුවෙමි. ඉන්ද්රිය ගෝචර නො වූ කිසිවක් බුදු දහමේ නැති බව ද මා පවසා ඇත. එසේ නම් පුනබ්භවය, කර්මය, සසර, බුදු දහමට අයත් නැද්දැයි නලින් අසයි. බුදු දහමේ අරටුව ඉන්ද්රිය ගෝචර නම් ඒ වටා ඇති අදහස්, සංකල්ප අප ගේ මුල් ප්රශ්නය වන විද්‍යාව බොරුවක් ද යන්නට අදාළ නැතැයි සිතා විදුසර පිටු නාස්ති නො කිරීම පිණිස ඒ ගැන සාකචිජා කිරීමෙන් වැළකී සිටිමු. බුදු දහම මේ ප්‍රශ්නයට මා ඈ¹ගත්තේ නලින් ගේ මිථ්‍යාව සහ විද්‍යාව පිළිබඳ අදහස් බුදු දහමට ද විරුද්ධ බව පෙන්වා දීමට ය. ඒ ගැන මගේ ලිපියක් විදුසර සඟරාවේ පළ වී ඇති නිසා නැවත ලියන්නට අවශ්‍ය නැත. මා දැනගත් බුදු දහම සහ මුල් බුදු දහම අතර පරස්පරයක් ඇති බව නලින් පවසා ඇත. එය කුමක් දැයි පහදන මෙන් ඉල්ලමි. නවීන විද්‍යාව තුළ තිබෙන්නේ බටහිර චින්තනය බව නලින් නැවැත සඳහන් කරයි. මේ ගැන සවිස්තර ව මා ලියා ඇති නිසා නැවත ලිවීම අවශ්‍ය නො වේ. මිථ්‍යා සහ පාරභෞතික මත විද්‍යාව තුළ නොමැති වීම ඔහු දකින්නේ බටහිර චින්තනයේ ආභාෂය නිසා සිදු වූවක් ලෙස ය. ඒවා නැති වීම විද්‍යාවේ දුර්වලතාවක් ලෙස ය ඔහු දකින්නේ. අඳෝමැයි විද්‍යාව තුළ මිථ්‍යාව තිබිය නොහැක්කේ ඒ දෙක අහස පොළොව සේ වෙනස් නිසා ය. විද්‍යාව ඉන්ද්‍රීය ගෝචර ය. ඒ සඳහා සාක්ෂි ඇත. මිථ්‍යාව අන්ධ විශ්වාසයක් පමණි. කොතැනත් කවදත් තිබුණු විද්‍යාව තුළ මිථ්‍යාව තිබුණේ නැත. බුදු දහම ගැන ද කිව හැක්කේ මෙය ම ය. බුදුහු ආත්මය, දේව බලය වැනි පාරෙභෘතික අදහස්වලට විරුද්ධ ව සටන් කළ සේක. විද්‍යාව සහ මිථ්‍යාව වෙන් නො කළ යුතු බව පවසන්නේ ෙෆයරබෙන්ඩ්, ආචාර්ය නලින් ද සිල්වා වැනි පාශ්චාත් නූතනවාදීන් ය. පාශ්චාත් නූතනවාදය අභාවයට යමින් ඇත.
මා වියුක්ත යන්න වටහාගෙන නැති බව නලින් පවසයි. සිංහල-ඉංග්‍රීසි අකාරදියට අනුව වියුක්ත යන වචනයේ සිංහල සහ ඉංගී්රසි තේරුම් හැටියට දී ඇත්තේ මා ගේ 05.02.14 වැනි දා ලිපියේ සඳහන් පරිදි (නලින් ද උපුටා දක්වා ඇති පරිදි) වෙන් වූ, ඈත් වූ, disjoined ,disconnected යන වචන ය. එහෙත් abstract යන වචනය ඒ අතර නැත. හෙත් ඒ මහතා කියන්නේ වියුක්ත යනු ඉංග්‍රිසියෙන් නම් ඇබ්ස්ට්රෑක්ට් abstract බව ය. මලලසේකර ඉංගි්රසි-සිංහල ශබ්ද කෝෂය abstract යන වචනයේ තේරුම හැටියට දෙන සිංහල වචන වන්නේ වෙන් කොට සලකනවා, දුරාවබෝධ, සාරාංශය, අපහරණය, යන ආදිය ය. එහෙත් ඒ අතර වියුක්ත යන වචනය නැත. මා මුලින් ම නලින් පවසා තිබුණේ විද්‍යාව වියුක්ත දැනුමක් වන්නේ කෙසේ ද යන්න පහදා දෙන මෙන් ය. ඒ එය ඉටු නො කළ නිසා ශබ්ද කෝෂවල ඇති වචන යොදා මම විද්‍යාව වියුක්ත දැනුමක් නො වන බව පහදා දුන්නෙමි. (විදුසර 05.02.14). ඔක්සෆර්ඩ් ඉංගි්රසි ශබ්ද කෝෂයේ abstract යන වචනයේ තේරුම හැටියට දෙරපසබට forming general concepts from specific instances යන්න සඳහන් වේ. නලින් අදහස් කරන අරුත මෙය දැයි නො දනිමි. ඉහත සඳහන් ඉංග්‍රිසි වාක්‍යයේ අර්ථය ද වෙන් වූ, ඈත් වූ යන්නෙන් උපන් බව පෙනේ. ඒ කුමක් වුවත් abstract යන වචනය යොදා විද්‍යාව බොරු බව ඔප්පු කළ නොහැකි බව පෙන්වා දිය හැකි ය. එසේ කළ යුත්තේ නලින් විද්‍යාව abstract දැනුමක් වන්නේ කෙසේ දැයි පහදා දුන් පසු ය.
පරස්පර ගැන කතා කරන විට නලින් තරම් පරස්පර නිපදවන වෙන කිසිවකු නැත. ඔහුට අනුව මනස කියා දෙයක් නැත. එහෙත් ඔහුට අනුව මනස සෘජු ව ම දැනුම ප්රත්යක්ෂ කරගනී. අඳෝමැයි!!
බටහිර විද්‍යාවේ ප්‍රවාද (theory, මතවාද) ඔප්පු කිරීමට සාක්ෂි තිබේ දැයි නලින් මගෙන් අසයි. සමහර ප්‍රවාද සාක්ෂි නැති නිසා ප්‍රවාද පමණක් වශයෙන් පවතියි. (theory only). සමහරක් ඔප්පු කොට ඇති ප්‍රවාද වන්නේ ය. උද්රහරණයක් වශයෙන් the big bang theory තවමත් ඔප්පු කොට නැත. සත්ත්ව පරිණාමවාදය (Darwin's theory of Evolution) ඔප්පු කිරීම පිණිස අවශ්‍ය සාක්ෂි ඕනෑවටත් වඩා සොයාගෙන ඇත. එසේ ම විද්වත් අයින්ස්ටයින් ගේ සාපේක්ෂ්තාවාදය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි සොයාගෙන ඇත. මී උණ සෑදෙන්නේ ලෙප්ටොස්පයිරා නමැති ක්ෂුද්‍ර ප්‍රාණියා ශරීරයට ඇතුළු වු විට යන්න ප්‍රවාදයකි. එය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි සොයාගෙන ඇත. මේ සාක්ෂි විස්තර වශයෙන් අවශ්‍ය නම් ඉදිරි ලිපියක සඳහන් කළ හැකි ය.
මහාචාර්ය
එන්. ඒ. ද එස්. අමරතුංග

Last edited: