PHONE කතා

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    mobile-code-of-ethics.jpg

    මම මේ ත්‍රෙඩ් එක දාන්න ගොඩක් කල් ඉඳන් හිතන් ඉන්නවා එත් වෙලාවක් තිබුනේ නෑ. සරලවම කියන්නම් මම මේකේ Apple, Samsung, HTC, sony, හෝ Apps, Games ගැනවත් කතා කරන්නේ නෑ. ඒවා ගැන ගොඩක් ත්‍රෙඩ් තියනවා. මම මේකෙන් කියන්න බලාපොරුත්තු වෙන්නේ තමන් ළඟ තියන ඕනෑම ෆෝන් එකක් නිවැරදි විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ගොඩක් දේවල්, ගොඩක් පැති ගැන කතා කරනවා.

    ජංගම දුරකථන සාරදර්ම, බම්බුව :dull: මෙච්චර බර වචන මම දාන්නේ නෑ. දන්නා සින්හලෙන් කියන්නම්. මගේ Shop එකේ ලබපු අත්දැකීම් එක්කයි, මම දන්න මට හොදයි කියලා හිතෙන ඔක්කොම මම දානවා, මේකේ වැරදි හෝ උබලගේ අදහස් තියනවනම් තව දාපන් මටත් තව මොනවහරි ඉගෙන ගන්න පුළුවන් :).


    මුලින්ම කියන්න ඕනේ තමන් සල්ලි දීලා හරි Gift එකක් හරි ලැබුන ෆෝන් එක ජීවිතේ කොටසක් කරගන්න එපා, උබට ඕනේ විදියට ෆෝන් එක පාවිච්චි කරපන්, ෆෝන් එකට ඕනේ විදියට උබව නටවන්න දෙන්න එපා. පාරේ යනකොට පාරේ යන විදියට පලයල්ලා, හදිස්සියට අපු කෝල් එකක් ගන්නවා ඇරෙන්න මල් කඩ කඩ පාරේ ඇවිදින්න එපා බොලව්, කැතයි, නින්දිතයි, කුජීතයි. දැන් උබලා කියයි ඔෆිස් එකේ වැඩයි, පාඩම් කරන වැඩයි එක්ක වෙන වෙලාවක් නෑ. උබලා shop එකට වෙලා හිටියට අපිට වෙන වෙලාවක් නෑ කියලා, මචන් මෙහෙමයි තමන්ගේ ඇහේ පොල් පරාල ටොන් ගණන් තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන මිනිස්සු තමයි බන් වටේ පිටේ ඉන්නේ, කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ ෆෝන් කනේ ගහන් යනකොට ඒ වගේ උන්ට සුන්දර ලෝකයක් මැවෙනවා, උන් කෙල්ලව දාර ගොනෙක්, බඩුවක් කියලා මැනලා ඉවරයි, ඊට වඩා කියන වදන්, හෆ්ෆේ.. කෙල්ලට ඇහුනත් බඩ වෙනවා යකුනේ,ඒක නිසා කෙල්ලට හෝ කොල්ලට ඉවසලා ඉන්න කියපන් ගෙදර යනකන් හරි ඔෆිස් යනකන් හරි(මම මේ කියන්නේ සිරා ලව් කරන අයට පමණයි අනිත් එවුන්ට මෙය නොසලකා හැරිය හැක)

    [මම මේක ටයිප් කරනකොට කෙල්ලෙක් අවා මචන් shop එකට ඒකි මල් කඩයක් දාගෙන. එකී කතා කරලා ඉවර වෙනකන් මම ඉන්න ඕනේ ඒ ෆිල්ම් එක බලාගෙන, විනාඩියකට පස්සේ ෆෝන් එක ඈත් කරලා රහසින් මට කියනවා Airtel 25 කාඩ් එකක් දෙන්නලු. ඇයි අරුට ඇහෙයි කියලා, :rolleyes:]

    අනිත් එක Hands free, මේක නම් හරිම බයානකයි [in ear headphones] සමහර එවුන් පාරේ යනවා ලෝර්ඩ් පකීර් ලා වගේ මේවා කනේ ගහගෙන. වාහනයක හොර්න් එකක් ගැහුවත් ඇහෙන්නේ නැ,

    41y%2BPmHjjqL._SY300_.jpg

    උබලට ඕක කනේ පුකේ ගහගන්න ඕනෙම නම් මේ ජාතියේ එකක් use කරපන් ටිකක් හරි ශේප්

    Apple_0020_iPod_0020_Headphones_0020_Earbuds_0020_Earphones.jpg



    ඊළග එක උබලගේ ring tone එක,

    RdLM97SFkpGI_JQKJ0HkS6nqrkeuHVAblsux5UiOEgzTUbXkngufUcjoJmANkmOdOw=w300

    මම දවසක් බැකුවේ පෝලිමේ ඉන්නකොට මගේ ඉස්සරහ හිටියේ වයසක අන්කල් කෙනෙක්, ඊට පස්සේ හිටියේ කනේ තඩි කරාබුවක් දාලා, කොට කලිසමක් ඇගෙන, චුයින් ගම් එකක් හප හප, හිපියෙක් වගේ හිටපු ඩයල් එකක්. අර අන්කල් ලොකු කල්පනාවක හිටියේ එක පාරටම i am so lonely broken angel මහා සද්දෙන් අරුගේ ෆෝන් එක රින් උනා අර අන්කල් ගැස්සුන පාර අතේ තිබුන කොළ ටිකත් බිම වැටුනා, අරු තඩි චයිනීස් ෆෝන් එකක් එලියට ඇදලා අරගෙන උට නෙමේ වගේ කතා කළා, බැංකුවේ ඔක්කොම අය අරූ දිහා කන්න වගේ බලන් ඉන්නවා.

    ඉතින් මචන්ස්ලා උබලත් මේ වගේ තැන් වලදී පුළුවන් තරම් ෆෝන් silent හරි Vibrate mode එකේ නිතරම තියාගනින්,නැත්තන් බොහොම සුමට රින් ටොන් එකක් පාවිච්චි කරපන්. පුළුවන් තරම් හිමින් කතා කරන්න උත්සහ ගනින්. පවුල් ප්‍රශ්න, ඔෆිස් ප්‍රශ්න, ලිංගික ගැටළු ඔය වගේ තැන්වල කතා කරන්න එපා, පස්සේ ගන්නම් කියලා ෆෝන් එක තියපන්, නැත්තන් ආන්සර් නොකර ඉදපන්.


    තව ගොඩාක් තියනවා මචන් දාන්න, මම නම් ලැබෙන ප්‍රතිචාර අනුව ඊළග ටික දාන්නේ නැ, දාන එක කොහොමත් දානවා, එකෙක් හරි බලලා හැදෙන් නැතා..

    අලුතින් සිම් ගන්නකොට, Reload කරනකොට සැළකිලිමත් විය යුතු ඒවා තව සෙට් එකක්ම තියනව බන් දාන්න, අනිත් page වල ඒවා දාන්නම්.. දැනට bump එකක් වත් දාපන් අනිත් අයට බලන්න
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anith eka kohomara hari maseta free dena 1000 mins walin berenba balapan. Mal kadanna gedaradi viber use karapan Puluwan taram call office phone eke limit eka athule ganna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆෝන් එක වතුර පිරි බාල්දියකට වැටුනාම කරන දේත් ඊිළග එකට දාපියෝ.....
    මට කෙළවුනේ ඒකෙන්....
    අනේ මගේ නොකියා එක්ස්2-00 එක...? :(
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Anith eka kohomara hari maseta free dena 1000 mins walin berenba balapan. Mal kadanna gedaradi viber use karapan Puluwan taram call office phone eke limit eka athule ganna

    උබ කියන එක හරි බන් එත් ඕනෑම කොල්ලෙක්ට මාස 2ක් 3ක් වගේ ගියහම මල් කදිල්ල එපා වෙනවා බන්, ඕක මහා කරදරයක් වගේ හිතෙනවා එක නිසා, එපා නොවෙන විදියට සීමාවක් ඇතුව කල නම් ප්‍රශ්නයක් නෑ :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mama pitakotuwe para maru weddi call kara kara para maru una police karayek mata enna kiyala u kiyanawa anith para ahu unoth dada kolayak gahanawa kiwwa 3500 ka :shocked: mu mage id eke details liya gaththa 'ubala balagea para cross karanne phone kane gahan gihilla 3500 k kanna epa :no:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ෆෝන් එක වතුර පිරි බාල්දියකට වැටුනාම කරන දේත් ඊිළග එකට දාපියෝ.....
    මට කෙළවුනේ ඒකෙන්....
    අනේ මගේ නොකියා එක්ස්2-00 එක...? :(

    හෆ්ෆා උබේ සීන් එකට නම් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා :lol::lol:

    තවම ෆෝන් එකක් ගත්තේ නැද්ද කිබුලෝ ? නොකියා 208 බලපන් පට්ට ෆෝන් එක උබට වටිනවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mama pitakotuwe para maru weddi call kara kara para maru una police karayek mata enna kiyala u kiyanawa anith para ahu unoth dada kolayak gahanawa kiwwa 3500 ka :shocked: mu mage id eke details liya gaththa 'ubala balagea para cross karanne phone kane gahan gihilla 3500 k kanna epa :no:

    Para maru weddi mukuth dakke nadda?:)
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Mokada ban mey udey pandarama uney?..
    Uba kiyana dewal hadenwa namm lankawa Singapore wela godak kal machan..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    mama pitakotuwe para maru weddi call kara kara para maru una police karayek mata enna kiyala u kiyanawa anith para ahu unoth dada kolayak gahanawa kiwwa 3500 ka :shocked: mu mage id eke details liya gaththa 'ubala balagea para cross karanne phone kane gahan gihilla 3500 k kanna epa :no:

    උබට සලකපු විදිය හොදයි බන්, වෙන එවුන් කුනුහරපෙනුත් බැනලා දඩත් ගහනවා, උබටත් කෝල් එක අරන් පාර මාරු වෙන්න තිබුනනේ :baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Mokada ban mey udey pandarama uney?..
    Uba kiyana dewal hadenwa namm lankawa Singapore wela godak kal machan..

    උබ කියන එක ඇත්ත මචන්. එත් මම කියලා තියන ඒවා කරන්න අමාරු ඒවා නෙමේ අනිත් එක අපේ ඉන්න පැණි සෙට් එක කෙල්ල ගැන ගොඩක් හිතනවනේ බන් එක නිසා ගහලා හරි හදා ගනියි :rofl::rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සිරා වදන් ටික.
    පාරේ කෝල් අරන් යන සිද්දිය ඇරෙන්න උබ කියන අනිත් ඒවා ටිකනම් මං හරියට කරනවා
     
    • Like
    Reactions: lag8777

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ෆෝන් එක වතුර පිරි බාල්දියකට වැටුනාම කරන දේත් ඊිළග එකට දාපියෝ.....
    මට කෙළවුනේ ඒකෙන්....
    අනේ මගේ නොකියා එක්ස්2-00 එක...? :(
    නාකින්ට මොන ෆෝන්ද?
    1100 එකක් ගනින් මාමියෙ :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නියමම ආතල් එක දවසක් බැකුවේ පෝලිමේ ඉද්දි මට පිටිපස්සේ හිටිය ටිකක් වයසක ඇන්ටි කෙනෙක්ට කෝල් එකක් ආවා...... හෆ්ෆටසිරි ආන්සර් කරලා කතාකරද්දී ටකරමට ගල් ගහනවා වගේ...... මොකක්ද පූජාවකට ගන්න ඕන දේවල් ගැන කිව්වා ඒ කතාකල කෙනාට..... ඊට පස්සේ මෙන්න මොකක්ද මන්දා ජාතක කතාවක් කියෝනවා මහා හයියෙන් ෆෝන් එකෙන් අර කතා කල කෙනාට....... මුළු පළාතටම ඇහෙනවා සද්දේ........
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    සිරා වදන් ටික.
    පාරේ කෝල් අරන් යන සිද්දිය ඇරෙන්න උබ කියන අනිත් ඒවා ටිකනම් මං හරියට කරනවා

    ඉතින් එකත් නොකර ඉදපන්කෝ :oo: ඇයි උබටත් වෙලාව නැද්ද ? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    සිරාවට කියලා තියෙන කතා ටික නම් සුපිරි...... පාරේ යනකොට ෆෝන් කනේ ගහන්, පාර පනින උන්..... :angry: