මම මේ ත්රෙඩ් එක දාන්න ගොඩක් කල් ඉඳන් හිතන් ඉන්නවා එත් වෙලාවක් තිබුනේ නෑ. සරලවම කියන්නම් මම මේකේ Apple, Samsung, HTC, sony, හෝ Apps, Games ගැනවත් කතා කරන්නේ නෑ. ඒවා ගැන ගොඩක් ත්රෙඩ් තියනවා. මම මේකෙන් කියන්න බලාපොරුත්තු වෙන්නේ තමන් ළඟ තියන ඕනෑම ෆෝන් එකක් නිවැරදි විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ගොඩක් දේවල්, ගොඩක් පැති ගැන කතා කරනවා.
ජංගම දුරකථන සාරදර්ම, බම්බුව
මෙච්චර බර වචන මම දාන්නේ නෑ. දන්නා සින්හලෙන් කියන්නම්. මගේ Shop එකේ ලබපු අත්දැකීම් එක්කයි, මම දන්න මට හොදයි කියලා හිතෙන ඔක්කොම මම දානවා, මේකේ වැරදි හෝ උබලගේ අදහස් තියනවනම් තව දාපන් මටත් තව මොනවහරි ඉගෙන ගන්න පුළුවන්
.මුලින්ම කියන්න ඕනේ තමන් සල්ලි දීලා හරි Gift එකක් හරි ලැබුන ෆෝන් එක ජීවිතේ කොටසක් කරගන්න එපා, උබට ඕනේ විදියට ෆෝන් එක පාවිච්චි කරපන්, ෆෝන් එකට ඕනේ විදියට උබව නටවන්න දෙන්න එපා. පාරේ යනකොට පාරේ යන විදියට පලයල්ලා, හදිස්සියට අපු කෝල් එකක් ගන්නවා ඇරෙන්න මල් කඩ කඩ පාරේ ඇවිදින්න එපා බොලව්, කැතයි, නින්දිතයි, කුජීතයි. දැන් උබලා කියයි ඔෆිස් එකේ වැඩයි, පාඩම් කරන වැඩයි එක්ක වෙන වෙලාවක් නෑ. උබලා shop එකට වෙලා හිටියට අපිට වෙන වෙලාවක් නෑ කියලා, මචන් මෙහෙමයි තමන්ගේ ඇහේ පොල් පරාල ටොන් ගණන් තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන මිනිස්සු තමයි බන් වටේ පිටේ ඉන්නේ, කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ ෆෝන් කනේ ගහන් යනකොට ඒ වගේ උන්ට සුන්දර ලෝකයක් මැවෙනවා, උන් කෙල්ලව දාර ගොනෙක්, බඩුවක් කියලා මැනලා ඉවරයි, ඊට වඩා කියන වදන්, හෆ්ෆේ.. කෙල්ලට ඇහුනත් බඩ වෙනවා යකුනේ,ඒක නිසා කෙල්ලට හෝ කොල්ලට ඉවසලා ඉන්න කියපන් ගෙදර යනකන් හරි ඔෆිස් යනකන් හරි(මම මේ කියන්නේ සිරා ලව් කරන අයට පමණයි අනිත් එවුන්ට මෙය නොසලකා හැරිය හැක)
[මම මේක ටයිප් කරනකොට කෙල්ලෙක් අවා මචන් shop එකට ඒකි මල් කඩයක් දාගෙන. එකී කතා කරලා ඉවර වෙනකන් මම ඉන්න ඕනේ ඒ ෆිල්ම් එක බලාගෙන, විනාඩියකට පස්සේ ෆෝන් එක ඈත් කරලා රහසින් මට කියනවා Airtel 25 කාඩ් එකක් දෙන්නලු. ඇයි අරුට ඇහෙයි කියලා,
]අනිත් එක Hands free, මේක නම් හරිම බයානකයි [in ear headphones] සමහර එවුන් පාරේ යනවා ලෝර්ඩ් පකීර් ලා වගේ මේවා කනේ ගහගෙන. වාහනයක හොර්න් එකක් ගැහුවත් ඇහෙන්නේ නැ,
ඊළග එක උබලගේ ring tone එක,
මම දවසක් බැකුවේ පෝලිමේ ඉන්නකොට මගේ ඉස්සරහ හිටියේ වයසක අන්කල් කෙනෙක්, ඊට පස්සේ හිටියේ කනේ තඩි කරාබුවක් දාලා, කොට කලිසමක් ඇගෙන, චුයින් ගම් එකක් හප හප, හිපියෙක් වගේ හිටපු ඩයල් එකක්. අර අන්කල් ලොකු කල්පනාවක හිටියේ එක පාරටම i am so lonely broken angel මහා සද්දෙන් අරුගේ ෆෝන් එක රින් උනා අර අන්කල් ගැස්සුන පාර අතේ තිබුන කොළ ටිකත් බිම වැටුනා, අරු තඩි චයිනීස් ෆෝන් එකක් එලියට ඇදලා අරගෙන උට නෙමේ වගේ කතා කළා, බැංකුවේ ඔක්කොම අය අරූ දිහා කන්න වගේ බලන් ඉන්නවා.
ඉතින් මචන්ස්ලා උබලත් මේ වගේ තැන් වලදී පුළුවන් තරම් ෆෝන් silent හරි Vibrate mode එකේ නිතරම තියාගනින්,නැත්තන් බොහොම සුමට රින් ටොන් එකක් පාවිච්චි කරපන්. පුළුවන් තරම් හිමින් කතා කරන්න උත්සහ ගනින්. පවුල් ප්රශ්න, ඔෆිස් ප්රශ්න, ලිංගික ගැටළු ඔය වගේ තැන්වල කතා කරන්න එපා, පස්සේ ගන්නම් කියලා ෆෝන් එක තියපන්, නැත්තන් ආන්සර් නොකර ඉදපන්.
තව ගොඩාක් තියනවා මචන් දාන්න, මම නම් ලැබෙන ප්රතිචාර අනුව ඊළග ටික දාන්නේ නැ, දාන එක කොහොමත් දානවා, එකෙක් හරි බලලා හැදෙන් නැතා..
අලුතින් සිම් ගන්නකොට, Reload කරනකොට සැළකිලිමත් විය යුතු ඒවා තව සෙට් එකක්ම තියනව බන් දාන්න, අනිත් page වල ඒවා දාන්නම්.. දැනට bump එකක් වත් දාපන් අනිත් අයට බලන්න
keep going.
mu mage id eke details liya gaththa 'ubala balagea para cross karanne phone kane gahan gihilla 3500 k kanna epa 




ඇයි උබටත් වෙලාව නැද්ද ? 