♥♥ පරිගණක වර්ගීකරණය ♥♥

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ♥♥ පරිගණක වර්ගීකරණය ♥♥

    පරිගණක වර්ගීකරණය [CLASSIFICATION OF COMPUTERS]

    Untitled12.jpg

    වර්ථමානයේ සිට අතීතය දෙස බැලීමේදී පරිගණක තාක්ෂණයේ සිදු වූ දියුණුව අපිට හොදින් තේරුන් ගත හැකිය. එමගින් අනාගතයේ පරිගණක කුමන ආකාරයක ඒවා වේවිද යන්න එකිනෙකාට විවිධ මත තිබිය හැකිය. කෙසේවෙතත් අතීතය දෙස බැලීමේදී පරිගණක වර්ගීකරණය ප්‍රධාන ආකාර කිගිපයකින් දැක්විය හැකිය.

    Untitledd.jpg

    Classification Of Computer
    1. විශාලත්වය අනුව පරිගණක වර්ගීකරණය
    2. භාවිතා කරන තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය
    3. භාවිතා කරන කාර්යය අනුව පරිගණක වර්ගීකරණය

    1. විශාලත්වය අනුව පරිගණක වර්ගීකරණය

    විශාලත්වය අනුව පරිගණක වර්ග 4කි
    1. සුපිරි පරිගණක (Super Computer)
    2. මහා පරිගණක (Main frame Computer)
    3. මධ්‍ය පරිගණක (Mini Computers)
    4. ක්ෂුද්‍ර පරිගණක (Micro Computer/ Personal Computer)

    1. සුපිරි පරිගණක (Super Computer)

    මෙම පරිගණක විශාලත්වයෙන් වැඩිම හා වේගවත්ම පරිගණක වුවත් සාමාන්‍යයෙන් වාණිජමය දත්ත සැකසීමේ ක්‍රියාවලිය සදහා භාවිතා කරනු නොලැබේ. ජාතික ආරක්ෂාව, අහස්යානා නිර්මාණය, පරිගණක මගින් නිර්මාණය කරනු ලබන විවිධ films, කාලගුණික පරීක්ෂණ ආදී සුවිශේෂී වූ ක්ෂේත්‍ර සදහා මෙම පරිගණක භාවිතා කරනු ලබයි. ලොව ප්‍රථම සුපිරි පරිගණකය CDC 6600 වන අතර Cray, Fugitsu, NEC ආදිය ලොව ප්‍රබල සුපිරි පරිගණක වලට උදාහරණ වෙයි. Tianhe-2 සුපිරි පරිගණකය වර්ථමානයේ බලවත්ම පරිගණකය ලෙස හදුන්වයි. සුපිරි පරිගණකයකට තප්පරයකට උපදෙස් මිලියන දසදහසේ සිට තප්පරයකට උපදෙස් බිලියන 1.2 දක්වා වේගයකින් කටයුතු කල හැකිය. වරකට terminals දසදහසක් පමණ සුපිරි පරිගණකයකට සම්බන්ධ කළ හැකිය. මෙම සුපිරි පරිගණක වල සුවිශේෂී වූ අචයන (storage) හැකියාවකුත් පරිගණකයකට සම්බන්ධ කිරීමට විශාල උපාංග සංඛ්‍යාවකුත් ඇත.
    X1385-97FJ.lg.jpg

    The Control Data Corporation (CDC) 6600. World's first supercomputer, designed by Seymour Cray and James E. Thornton.
    2. මහා පරිගණක (Main frame Computer)

    මෙම පරිගණක සුපිරි පරිගණක වලට වඩා ලාභදායි වූත් කාර්යක්ෂමතාවයෙන් මදක් අඩු පරිගණක වෙයි. ව්‍යාපාරික යෙදුම් (business application) හා විද්‍යාත්මක යෙදුම් භාවිතා කල හැකි සාමාන්‍ය කාර්යය පරිගණක (general purpose computers) වේ. තප්පරයකට මිලියන කිහිපයක උපදෙස් ක්‍රියාත්මක කළ හැකිය. Main frame පරිගණකයකට terminal 1000කට වඩා සම්බන්ධ කළ හැකිය. මෙම පරිගණක වලට විශාල මාර්ග ගත (online) ද්විතීක අචයන (secondary storage) හැකියාවක් ඇත. චුම්බක පටි ධාවක (magnetic tape drivers), hard disks, printers, විදුළි සංදේශ උපාංග ආදී විවිධ වූ උපාංග සම්බන්ධ කළ හැකිය. ගිණුම්කරණ කටයුතු, ව්‍යාපාරික කටයුතු, මාර්ග ගත (online) ලෙස ගුවන් ගමන් සදහා අසන වෙන් කිරීම් මෙම පරිගණක විසින් බොහෝ විට ඉටු කර ගනී.
    IBM-Launches-Mainframe-Computer-Gears-Up-for-Hybrid-CPUs-2.jpg

    IBM's Z10 mainframe computer​

    3. මධ්‍ය පරිගණක (Mini Computers)

    Main frame පරිගණක මෙන් දත්ත සැකසුම් කාර්යයන් mini පරිගණක මගින්ද ඉටුකරගත හැකි නමුත් main frame පරිගණක හා සැසදීමේදී අඩු කාර්යක්ෂමතාවයකින් කාර්යයන් සිදු වෙයි. මෙම පරිගණක සදහා භාවිතා කරන සකසන (processors) මෙන්ම අනෙකුත් පර්යන්ත උපාංගද ප්‍රමාණයෙන් කුඩාය. සාමාන්‍යයෙන් mini පරිගණකයකට terminals 10ක් 12ක් පමණ සම්බන්ධ කළ හැකිය.
    450px-Pdp-11-40.jpg

    A PDP-11, model 40, an early member of DECs 16-bit Minicomputer

    4. ක්ෂුද්‍ර පරිගණක (Micro Computer/ Personal Computer)

    ප්‍රමාණයෙන් කුඩාම පරිගණක වලට micro computers අයත් වෙයි. මේවා සැබවින්ම පුද්ගල පරිහරණය යොදා ගන්නා බැවින් මේවා පුද්ගල පරිගණක (personal computers - PC) ලෙසද හදුන්වයි. අධාන ප්‍රතිධාන උපාංග (input output devices), අචයන උපාංග (storage devices) මෙන්ම ක්ෂුද්‍ර සකසන (microprocessor) වලින්ද මෙම පරිගණක සමන්විත වෙයි. පරිගණක වල භාවිතා කරන පරිපථ කුඩා silicon චිපයක තැම්පත් කොට ක්ෂුද්‍ර සකසන නිර්මාණය ආරම්භයත් සමග, 1970 ගණන් වල සිට micro computers බොහෝ දෙනාට ලබාගත හැකි උපකරණයක් බවට පත්විය. මෙම පරිගණක ප්‍රමාණය හා එහා මෙහා ගෙන යාමේ හැකියාව මත කොටස් කිහිපයකට වර්ග කරනු ලබයි.

    - Desktop computers
    - වැඩ හල් පරිගණක (Work stations)
    - උකුලු පරිගණක (Laptop computers)
    - අත්ල පරිගණක (Palmtop computers)
    - පුද්ගල සංඛ්‍යාංක සහකරු (PDA - Personal Digital Assistance)

    slide-8-638.jpg

    2. භාවිතා කරන තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය

    භාවිතා කරන තාක්ෂණය අනුව පරිගණක වර්ග දෙකකි.
    1. ප්‍රතිසම පරිගණක (Analog Computers)
    2. සංඛ්‍යාංක පරිගණක (Digital Computers)
    3. දෙමුහුන් පරිගණක (Hybrid Computers)


    1. ප්‍රතිසම පරිගණක (Analog Computers)

    යම්කිසි ප්‍රභවයක අඛණ්ඩ මැනීමක් කිරීමට මේ පරිගණක යොදා ගනී. එනම් වෝල්ටීයතාවය, වේගය, උෂ්ණත්වය, ප්‍රතිරෝදය ආදිය ගණනය කිරීමේදී ආදාන දත්ත අඛණ්ඩ ධාරාවක් ලෙසින් යොමු කළ යුතුය. මෙම පරිගණක භාවිතය සීමිත වන අතර පහසුවෙන් ක්‍රමලේඛණය (programme) කළ හැකි වීම හා සාපේක්ෂව අඩු මිලකට ලබා ගත හැකි වීම විශේෂ ලක්ෂණ වෙයි. ප්‍රධාන අවාසිය ලෙස තොරතුරු වල නිවරද්‍යතාවය විශ්වසනීය නොවීම දැක්විය හැකිය. ඒ හේතුවෙන් ව්‍යාපාරික දත්ත සැකසීම් ක්‍රියාවලිය සදහා මෙය භාවිතා කිරීම යෝග්‍ය නොවේ.
    do_240.jpg

    The analog computer DO 24​

    2. සංඛ්‍යාංක/අංකිත පරිගණක (Digital Computers)

    අංකිත පරිගණකයකට අංකමය හා අක්ෂරමය ආකාරයෙන් විවිධ ආදාන උපාංග භාවිතා කරමින් දත්ත ඇතුළත් කිරීම කල හැකිය. මෙම උපාංග මගින් ඇතුලත් කරනු ලබන දත්ත පරිගණකයට තේරුම් ගත හැකි වන සේ 1,0 යන ඉලක්කම් වලට පරිවර්ථනය කර ගනී. මෙම පරිගණක වල ප්‍රධානතම වාසිය ලෙස තොරතුරු වල නිවරද්‍යතාවය විශ්වසනීය බව දැක්විය හැකිය. ව්‍යාපාරික යෙදුම් සදහා භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වෙයි. අවාසි ලෙස මෙම පරිගණක හා ඒවායෙහි යෙදුම් සදහා භාවිතා කරන මෘදුකාංග (software) වල අධික මිල සහගත බව දැක්විය හැකිය.

    Computer.jpg
    3. දෙමුහුන් පරිගණක (Hybrid Computers)

    පරිගණකයෙහි සමහර කොටස් analog ආකාරයෙන්ද සමහර කොටස් digital ආකාරයෙන්ද ක්‍රියාත්මක වන පරිගණක දෙමුහුන් පරිගණක වෙයි.
    eai180.jpg

    EAI 180 hybrid computer
    3. භාවිතා කරන කාර්යය අනුව පරිගණක වර්ගීකරණය

    භාවිතා කරන කාර්යය අනුව පරිගණක වර්ග දෙකකි.
    1. පොදු කාර්යය පරිගණක (General purpose Computers)
    2. විශේෂ කාර්යය පරිගණක (Special purpose computers)

    1. පොදු කාර්යය පරිගණක (General purpose Computers)

    බොහෝ පොදු කාර්යයන් ඉටු කර ගැනීම සදහා විවිධ වර්ගයේ මෘදුකාංග ස්ථාපනය කර භාවිතා කරනු ලබන පරිගණක පොදු කාර්යය පරිගණක ලෙස හදුන්වයි.

    2. විශේෂ කාර්යය පරිගණක (Special purpose computers)

    යම් සුවුශේෂී කාර්යයක් ඉටු කර ගැනීම සදහා නිපදවා ඇති හා එම කාර්යය සදහා පමණක් භාවිතා කරනු ලබන පරිගණක විශේෂ කාර්යය පරිගණක වෙයි. වාහන ගමනාගමනය පාලනය කිරීම, වාහන තුල ඉන්ධන පරික්ෂාව සදහා ගොඩ නැගු පද්ධති මේ යටතට ගැනේ.
    යමක් ගන්නට ඇතියි සිතනවා
    සය්බර් අවකාසයේ සහයෝගයෙනි
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජුන්ඩි කාලෙ ගේට්වේ එකේ කොම්පූටර් පන්ති යද්දි තුදුම තුදු අක්කි කෙනෙක් ඉගැන්නුව මතකයි :P
    එල එල
    4.gif

     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16618703 said:
    ජුන්ඩි කාලෙ ගේට්වේ එකේ කොම්පූටර් පන්ති යද්දි තුදුම තුදු අක්කි කෙනෙක් ඉගැන්නුව මතකයි :P
    එල එල
    4.gif


    :angry::angry::angry::angry::angry::angry:
     

    Similar threads