ඩිජිටල් ඇනලොග් උදව්වක් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩිජිටල් ඇනලොග් උදව්වක් !

මචංස්ලා..
මට දැනගන්න ඕනෙ ඇනලොග් ක්‍රමේටයි ඩිජිටල් ක්‍රමේටයි ඩේට transmit කරන විදිහ ගැන.. කියෝපු විදිහට නම් මට තේරුනේ මේකයි...

ඇනලොග් ක්‍රමේදි අපි දෙන ඉන්පුට් එක බිට්ස් වලට කඩාගෙන, ඒ බිට්ස් ටික එකින් එක එකින් එක තමා ට්‍රාන්ස්මිට් කරන්නෙ.. උදාහරණෙකට අපි ඉන්පුට් එක විදිහට "A" අකුර දුන්නොත්,
මේක ට්‍රාන්ස්මිට් වෙන්නෙ, "A" කියන එක "1000001" කියන එකට පරිවර්තනය කරගෙන,
මුලින්ම 1 වෙන්න එක විදිහකට කරන්ට් එකක් යවනව.. අපි හිතමුකො 1වෙනුවට වෝල්ට් පහක ධාරාවක් යවනව කියල සහ 0 වෙනුවට 1V ධාරාවක් යවනව කියල..
එතකොට "A" යවන්නෙ
5V
1V
1V
1V
1V
1V
5V
කියල....

එතකොට මට දැනගන්න ඕනෙ ඩිජිටල් ක්‍රමේට මේක කරන්නෙ කොහොමද කියල ? මට නං තේරුන විදිහට ඇනලොග් වල පාවිච්චි කරන එක ලයින් එක වෙනුවට ලයින් කිහිපයක් පාවිච්චි කරනවලු.. හරිද දන්නෑ..
එතකොට ලයින් 7ක් පාවිච්චි කලොත්, ඇනලොග් වල හත් වතාවකට යවන "A" කියන ඩේට එක, එක වතාවෙන් ලයින් 7න්ම යැව්වෑකිනෙ..

සිරාවටම ඇනලොග් ඩිජිටල් වල කරන්නෙ මේකද ? තේරුං අරං තියෙන විදිහ හරිද ? වැරද්දැක් තියෙනවද ? එහෙම තියෙනවනං කොහෙද ?

IT වැඩ්ඩො හෙල්ප් දෙන සේක්වා..
 
Last edited:
  • Like
Reactions: Wild-EYE

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මචෝ ඔයාට සීරියල් කමියුනිකේෂන් එකයි පැරලල් කමියුනිකේෂන් එකයි පැටලිලා තියෙන්නේ ඔය.:)

    ඇනලොග් ට්‍රාන්ස්මිෂන් එකක් ගොඩක් වෙලාවට කරන්නේ සංතතික(සිංහල වචනේ වැරදිදිද දන්නෑ. continuous) සිග්නල් එකක් මොකක්හරි වැඩක් දාලා ට්‍රාන්ස්මිට් කරන එක.:)

    මේක බලන්න. ඇනලොග් සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරනකොට සිග්නල් එක එහෙම්මම ට්‍රාන්ස්මිට් කරන්න බෑ ලෙඩ ගොඩයි එතකොට. ඒ හින්ද අපි අහල තියන FM,AM වගේ සෙල්ලම් දානවා ට්‍රාන්ස්මිට් කරගන්න.

    Illustration_of_Amplitude_Modulation.png

    මේ තියෙන්නේ AM, කැරියර් සිග්නල් එකක් කියල එකක් පාවිච්චි කරනව මචෝ. ඒකට වෙනස්කම් කරනව අපිට යවන්න ඕන සිග්නල් එක අනුව. ඊට පස්සේ ඒ වෙනස්කම් කරපු එක තමා ට්‍රාන්ස්මිට් කරන්නේ..:yes::yes:

    ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ මචෝ ඒක ඇනලොග් සිග්නල් එක වගේ continuous සිග්නල් එකක් නෙමේ. ඒක හැදිල තියෙන්නේ වෙනස් වෝල්ටේජ් ලෙවල් වලින්.

    digital_signal03.gif

    discreet වෝල්ටේජ් ලෙවල් තියන සිග්නල් එකක් කියල හඳුන්වන්න පුලුවන්. අනික හැමතිස්සෙම 0-5V නෙමේ ඒක ට්‍රාන්ස්මිට් කරන ක්‍රමය අනුව වෙනස් වෙනවා. ඇනලොග්වල FM,AM වගේ ඩිජිටල් වලත් තියනවා FSK,ASK,PSK වගේ ක්‍රම ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන.

    සරලව කතාව මේකයි. ඇනලොග් සිග්නල් එකක් කියන්නේ continuous සිග්නල් එකක්. ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ එකිනෙකට වෙනස් amplitude වලින් හැදිච්ච සිග්නල් එකක්. :)

    ඔයා ප්‍රශ්නෙන් අහල තිබ්බේ මචෝ සීරියල් කමියුනිකේෂන් එකෙයි පැරලල් කමියුනිකේෂන් එකෙයි වෙනස.

    සීරියල් කමියුනිකේෂන් කියන්නේ අපේ ඩේට ටික තනි වයර් එකකින් බිට් එකක් පිටිපස්සේ බිට් එකක් යන විදියට ට්‍රාන්ස්මිට් කරන එක.

    පැරලල් කමියුනිකේෂන් එකේ වෙන්නේ අපේ ඩේට එක බිට් 8ක එකක් නම් වයර් 8ක් පාවිච්චි කරන එක එක බිට් එකට එක වයර් එක ගානේ.:)

    Parallel_and_Serial_Transmission.gif

    මගෙ දැනුමට අනුව විස්තර කලේ. වැරදි තියනව නම් කියන්ඩෝ...:)
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    TY මචං.. :) එතකොට ටෙලිෆෝන් ලයින් එකෙන් එහෙම අපිට ඩේට එන්නෙ සීරියල් ක්‍රමේටද පැරලල් ක්‍රමේටද ? ටෙලිෆෝන් වයර් එකේ වයර් දෙකක් තියෙනව....
    දෙකෙන් ඩේට ලයින් දෙකක් පැරලල් විදිහට එවනවද :)

    ඇනලොග් ඩිජිටල් ගැන.>>
    එතකොට මචං ටෙලිෆෝන් කණුවකිං නෙට් කනෙක්ශන් එකක් පාවිච්චි කරන එකක් ගැන හිතුවොත්, අපි "A" කියන ඩේට එක යවද්දි හෝ රිසීව් කරද්දි වෙන්නෙ බිට් එකින් එක එකින් එක සෙන්ඩ් වෙන එකද ? මුලින් 1 ගිහිං, ඊට පස්සෙ ඒක ගියාට පස්සෙ 0 ගිහිං, ඒක ගියාම ආයෙ 0 ගිහිං, ඔහොම ඔහොම අන්තිමටම 1 සෙන්ඩ් වෙන එකද ?

    රෙප් දුන්න :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    හරියටම හරි.
    ඇයි මේ ඔච්චර වාත වෙලා අපි ඩිජිටල් කරගෙන මේ දගල ගෙන සිග්නල් යවන්නේ.හේතුව සිදුවිය හැකි දෝශ අවම කරන එක.
    දැන් බලන්න ඇනලොග් සිග්නල් එකක් යවනකොට විවිද හෙතුන් නිසා ව්විද නොයිස්(noise) එකතු වෙන්න පුලුවන්. ඒ වගේම වොල්ටීයතා ඩ්‍රොප්,වීම වගේ ගොඩක් දොශ වෙන්න පුලුවන්.

    sinerand1.png

    දැන් බලන්න සාමානය සයිනාකාර සිගනල් එකක්ට ඔය වගේ හෙතු නිසා පහත නිල්පාට තියෙන නොයිස්(මචන් මේ කියන්නේ දොශ ) එකතු වෙන්න පුලුවන්. එතකොට සයිනාකාර තරන්ගය අච්චාරු වෙලා තියෙන හැටි පේනවනේ.
    SignalAndNoise.gif

    නමුත් අපි ඔය ඇනලොග් එක ඩිජිටල් කරලා යවනකොටත් ඔය වගේම නොයිස් එන්න පුලුවන්. නමුත් අපි ග්‍රහනයෙදි හදුනා ගන්නේ 1 සහ 0 අගයන් විතරයි. වොල්ට් 5 එක නම් වොල්ට් 3.5ක් තිබ්බත් 1 ම තමා. නොයිස් නිසා වොල්ටෙජ් එක පොඩ්ඩක් බැස්සා කියල අවුලක් නෑ.එතකොට නිවැරදිව මුල් සිග්නල් එකම නැවත් ප්‍රතිනිර්මානය කරන්න පුලුවන්.

    මෙන්න මෙකයි ඔය ඩිජිටල් තාක්ශනය අවශය වෙන ප්‍රදාන හේතුව.

    මේක බලන්න. ඇනලොග් සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරනකොට සිග්නල් එක එහෙම්මම ට්‍රාන්ස්මිට් කරන්න බෑ ලෙඩ ගොඩයි එතකොට. ඒ හින්ද අපි අහල තියන FM,AM වගේ සෙල්ලම් දානවා ට්‍රාන්ස්මිට් කරගන්න.

    Illustration_of_Amplitude_Modulation.png

    මේ තියෙන්නේ AM, කැරියර් සිග්නල් එකක් කියල එකක් පාවිච්චි කරනව මචෝ. ඒකට වෙනස්කම් කරනව අපිට යවන්න ඕන සිග්නල් එක අනුව. ඊට පස්සේ ඒ වෙනස්කම් කරපු එක තමා ට්‍රාන්ස්මිට් කරන්නේ..:yes::yes:

    මේක මචන් වෙනම සීන් එකක් මේක ඩිජිටල් එකත් එක්ක සම්බන්දයක් නෑ. මේ කට කියන්නේ මොඩියුලශන් කියල. AM කියන්නේ තරන්ගයේ විස්තාරය( amplitude) එක වැඩි සන්ක්යාතයක් තියෙන තරන්ගයක් එක්ක සෙට් කරල යවන එක . ඒක තමා ඔය රූපෙ පෙන්නලා තියෙන්නෙ. FM කියන්නේ frequency තමයි අර වගේ සෙට් කරල යවන්නේ.
    මේ කිව්වේ සරලව. මේක කරන්නේ මචන් අඩු සන්ක්යාත සිග්නල් ට්‍රාන්ස්මිට් කරන්න අමාරුයි. losses වැඩියි. ඒක නිසා ඒව අදිසන්ක්යාතයක්(high frequency) බවට පත් කරලා යවනවා. හැබයි මේ තවම ඇනලොග් ම තමයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    TY මචං.. :) එතකොට ටෙලිෆෝන් ලයින් එකෙන් එහෙම අපිට ඩේට එන්නෙ සීරියල් ක්‍රමේටද පැරලල් ක්‍රමේටද ? ටෙලිෆෝන් වයර් එකේ වයර් දෙකක් තියෙනව....
    දෙකෙන් ඩේට ලයින් දෙකක් පැරලල් විදිහට එවනවද :)

    ඇනලොග් ඩිජිටල් ගැන.>>
    එතකොට මචං ටෙලිෆෝන් කණුවකිං නෙට් කනෙක්ශන් එකක් පාවිච්චි කරන එකක් ගැන හිතුවොත්, අපි "A" කියන ඩේට එක යවද්දි හෝ රිසීව් කරද්දි වෙන්නෙ බිට් එකින් එක එකින් එක සෙන්ඩ් වෙන එකද ? මුලින් 1 ගිහිං, ඊට පස්සෙ ඒක ගියාට පස්සෙ 0 ගිහිං, ඒක ගියාම ආයෙ 0 ගිහිං, ඔහොම ඔහොම අන්තිමටම 1 සෙන්ඩ් වෙන එකද ?

    රෙප් දුන්න :)

    පැරලල් කමියුනිකේෂන් දුරකට පාවිච්චි වෙන්නෑ මචෝ. ගොඩක් වෙලාවට එක සර්කිට් එකක කෑලි දෙකක් අතර වගේ තමා පාවිච්චි වෙන්නේ..

    ටෙලිෆෝන් ලයින් ස්සීරියල්. වයර් දෙකනම් මං දන්නෑ හරියටම. ගූගල් කාරයගෙන් තමා අහන්න වෙන්නේ.

    ඔව් ඩේට එක නම් යන්නේ ටිකක් ඒ විදියට තමා. හැබැයි මචෝ ඔහොම කමියුනිකේෂන් කරද්දි යවන ඩේට එකට තව ගොඩක් දේවල් එකතු කරල යවන්නේ වැරැද්දක් එහෙම තියනවද කියල දැන ගන්න.

    ටෙලිකමියුනිකේංඅන් කරපු කෙනෙක් ඉන්නව නම් තව හොඳට විස්තර කරයි.

    යූටියුබ් එකේ බල්ල පොඩ්ඩක්.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේක මචන් වෙනම සීන් එකක් මේක ඩිජිටල් එකත් එක්ක සම්බන්දයක් නෑ. මේ කට කියන්නේ මොඩියුලශන් කියල. AM කියන්නේ තරන්ගයේ විස්තාරය( amplitude) එක වැඩි සන්ක්යාතයක් තියෙන තරන්ගයක් එක්ක සෙට් කරල යවන එක . ඒක තමා ඔය රූපෙ පෙන්නලා තියෙන්නෙ. FM කියන්නේ frequency තමයි අර වගේ සෙට් කරල යවන්නේ.
    මේ කිව්වේ සරලව. මේක කරන්නේ මචන් අඩු සන්ක්යාත සිග්නල් ට්‍රාන්ස්මිට් කරන්න අමාරුයි. losses වැඩියි. ඒක නිසා ඒව අදිසන්ක්යාතයක්(high frequency) බවට පත් කරලා යවනවා. හැබයි මේ තවම ඇනලොග් ම තමයි.

    ඔව් ඔව් බන් මං ඇනලොග් සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරන හැටි කිව්වේ....:)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    You must spread some Reputation around before giving it to Diya Rakus again.

    එතකොට මචං ඩේට සෙන්ඩ් කිරීමෙදි මොන මෙතඩ් එකෙන්, කම්ප්‍රෙස් කර හෝ නොකර, වෙරිෆිකේශන් මෙතඩුත් ඔක්කොම එකතු කල්ල කලත් සෙන්ඩ් වෙන්නෙ 0 සහ 1 සිග්නල්ස් ටිකක්නෙ..
    එහෙම සෙන්ඩ් කරන්න ඕනෙ 10101 කියන ඩේට එකනං...
    කෙලින්ම එක පාර ඔක්කොම සෙන්ඩ් කරන්නෑනෙ ?
    මුලින් 1 සෙන්ඩ් කල්ල,
    ඊලඟට 0
    ඊලඟට ආයෙ 1
    ඊලඟට ආයෙ 0
    ඊලඟට ආයෙ 1 විදිහටනෙ සෙන්ඩ් කරන්නෙ ?

    මොඩම් එකකිං එහෙම රීඩ් කරන්නෙ ඒ එන 0 1 ස්ට්‍රීම් එකනෙ ?

    එතකොට ඩුප්ලෙක්ස් කමියුනිකේශන් වලදි අනිවාර්යයෙන්ම වයර් දෙකක් පාවිච්චි කරන්න වෙනව නේද ?
    ඩොන්ගල් වගේ නම් ඩව්න්ලෝඩ් වලටයි අප්ලෝඩ් වලටයි සංඛ්‍යාත දෙකක් පාවිච්චි කරනවද ?

    අනික ඇනලොග් වල සිග්නල් යන්නෙ සයින් වගේනෙ... එතකොට බං ඒ කියන්නෙ ඇනලොග් වලදි ඩේට ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි වෙන්නෙ 0 සහ 1 නෙමේද :O
    එතකොට 0 1 නැතුව කොහොමද බං අකුරක් එහෙම ට්‍රාන්ස්මිට් කරන්නෙ o_O
    ඇනලොග් වල ඩේට ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන්නෙ මොන වගේ එකක්ද එතකොට ?
    ඔක්ටල් ? ඩෙසිමල් ? හෙක්සැඩෙසිමල් ? o_O

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    TY මචං.. :) එතකොට ටෙලිෆෝන් ලයින් එකෙන් එහෙම අපිට ඩේට එන්නෙ සීරියල් ක්‍රමේටද පැරලල් ක්‍රමේටද ? ටෙලිෆෝන් වයර් එකේ වයර් දෙකක් තියෙනව....
    දෙකෙන් ඩේට ලයින් දෙකක් පැරලල් විදිහට එවනවද :)

    ඇනලොග් ඩිජිටල් ගැන.>>
    එතකොට මචං ටෙලිෆෝන් කණුවකිං නෙට් කනෙක්ශන් එකක් පාවිච්චි කරන එකක් ගැන හිතුවොත්, අපි "A" කියන ඩේට එක යවද්දි හෝ රිසීව් කරද්දි වෙන්නෙ බිට් එකින් එක එකින් එක සෙන්ඩ් වෙන එකද ? මුලින් 1 ගිහිං, ඊට පස්සෙ ඒක ගියාට පස්සෙ 0 ගිහිං, ඒක ගියාම ආයෙ 0 ගිහිං, ඔහොම ඔහොම අන්තිමටම 1 සෙන්ඩ් වෙන එකද ?

    රෙප් දුන්න :)

    ටෙලිෆෝන් වලදී එන්නේ signal wire එක හා reference (ground) wire එක. ground එකට සාපේක්ෂව signal එකේන් වොල්ටීයතාවයක් එනවා.
    සාමාන්‍ය voice signal එවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
    1. analog signal
    2. PCM signal (digital)

    ඇනලොග් ක්‍රමයේදී කටහඩට අනුව තරංගයේ හැඩය වෙනස් වන විදුලි සංඥාවක් wire එක දිගේ යවනවා. මේක තමා පාවිච්චි කරන්නේ.
    PCM (pulse code modulation) වලදි ඇනලොග් සංඥාව binary numbers වලට හරවලා ඒවා ඩිජිටල් සංඥාවක් විදියට වොල්ටීයතා මට්ටම් දෙකික් යවනවා.
    ටෙලිෆොන් කේබල් එකේ සම්පුර්ණ frequency bandwidth එකනේ සුළු කොටසක් විතරයි voice signal යවන්න භාවිතා කරන්නේ.
    (ටෙලිෆෝන් වයර් එකක සම්පුර්ණ bandwidth එක ~1000KHz විතර . නමුත් voice signal වලට ගන්නේ ~4KHz:shocked:)

    dial up විදියට net පාචිචි කරනකොට voice signal යවන bandwidth එකෙන්ම data යවනවා. ටෙලිෆොන් වයර් දිගේ ගමන් කරන්නේ ඇනලොග් සංඥාවක්. මේක ඩිජිටල් වලට හරවා පරිගණකය ඇතුලට ගැනීම හා පරිගණකයෙන් එන ඩිජිටල් සංඥා ඇනලොග් වලට හැරවීම තමයි modem එකෙන් වෙන්නේ.

    ADSL වලදී voice signal යවන සංඛ්‍යාත වලට වඩා වැඩි සංඛ්‍යාත පරාසයකින් data ගෙනියනවා. මේ data යන්නේ digital විදියට voice signal යන්නේ ඇනලොත් විදියට. Frequency division multiplexing ක්‍රමයට මේ සංඥා දෙකම තනි Line එකකින් ගෙනියනවා. ADSL data signal එක ඇතුලේ OFDM (DMT) ක්‍රමය භාවිතා කරනවා.
    (ඒ කියන්නේ ADSL සඳහා වෙන් කර ඇති සංඛ්‍යාත පරාසය නැවත කුඩා පරාස (channels) ගණනාවකට බෙදනවා. ඒ ඒ channel සඳහා bit stream එකක් හෝ කිහිපයක් ලබා දෙනවා. OFD Multiplexing ක්‍රමය භාවිතාර මේ channel නැවත එකතු කරනවා)
    ADSL splitter එකේදි low pass filter එකක් දාලා voice signal වෙන් කරගෙන ටෙලිෆොන් එකට දෙනවා.:)

    " එතකොට මචං ටෙලිෆෝන් කණුවකිං නෙට් කනෙක්ශන් එකක් පාවිච්චි කරන එකක් ගැන හිතුවොත්, අපි "A" කියන ඩේට එක යවද්දි හෝ රිසීව් කරද්දි වෙන්නෙ බිට් එකින් එක එකින් එක සෙන්ඩ් වෙන එකද ? මුලින් 1 ගිහිං, ඊට පස්සෙ ඒක ගියාට පස්සෙ 0 ගිහිං, ඒක ගියාම ආයෙ 0 ගිහිං, ඔහොම ඔහොම අන්තිමටම 1 සෙන්ඩ් වෙන එකද ?"

    මේකට ඹව්, නෑ වගේ උත්තරයක් දෙන්න බෑ. :rolleyes:

    Dial up වලදී analog signal එකක් භාවිතා කර digital data යැවීම තමයි සිදු වෙන්නේ. ගෙදර ඉදලා telephone exchange එකට යන්නේ ඇනලොග් signal එකක්. ඒ නිසා බිට් එකෙන් බිට් එක යනවා කියන්න බැහැ. (නමුත් ඒ ඇනලොග් signal එක demodulate කලොත් ලැබෙන්නේ බිට් එකෙන් බිට් එක තියෙන bit stream එකක් :oo: )
    ADSL වලදී bit stream ගණනාවක් එකතු කර (multiplex) යවන නිසා එකසැරේ බිට් කිහිපයක් යනවා. ඒ නිසා බිට් එකෙන් බිට් එක යනවා කියන්න බෑ. :no:

    :):)
     
    • Like
    Reactions: markhaloce

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ................
    එතකොට ඩුප්ලෙක්ස් කමියුනිකේශන් වලදි අනිවාර්යයෙන්ම වයර් දෙකක් පාවිච්චි කරන්න වෙනව නේද ?
    ඩොන්ගල් වගේ නම් ඩව්න්ලෝඩ් වලටයි අප්ලෝඩ් වලටයි සංඛ්‍යාත දෙකක් පාවිච්චි කරනවද ?
    .........................

    [/SIZE]

    අනිවාර්යයෙන්ම වයර් දෙකක් පාවිචිච කරනවා කියන්න බෑ. multiplexing method වලින් uplink and downlink වෙන් කරලා එකම වයර් එක පාවිච්චි කරන්න පුළුවන්.
    Dongle වල විතරක් නෙවෙයි, ADSL වලත් uplink, downlik වලට සංඛ්‍යාත දෙකක් පාවිච්චි කරනවා.:rolleyes:
    ADSL_Spectrum.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටෙලිෆෝන් වලදී එන්නේ signal wire එක හා reference (ground) wire එක. ground එකට සාපේක්ෂව signal එකේන් වොල්ටීයතාවයක් එනවා.
    සාමාන්‍ය voice signal එවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
    1. analog signal
    2. PCM signal (digital)

    ඇනලොග් ක්‍රමයේදී කටහඩට අනුව තරංගයේ හැඩය වෙනස් වන විදුලි සංඥාවක් wire එක දිගේ යවනවා. මේක තමා පාවිච්චි කරන්නේ.
    PCM (pulse code modulation) වලදි ඇනලොග් සංඥාව binary numbers වලට හරවලා ඒවා ඩිජිටල් සංඥාවක් විදියට වොල්ටීයතා මට්ටම් දෙකික් යවනවා.
    ටෙලිෆොන් කේබල් එකේ සම්පුර්ණ frequency bandwidth එකනේ සුළු කොටසක් විතරයි voice signal යවන්න භාවිතා කරන්නේ.
    (ටෙලිෆෝන් වයර් එකක සම්පුර්ණ bandwidth එක ~1000KHz විතර . නමුත් voice signal වලට ගන්නේ ~4KHz:shocked:)

    dial up විදියට net පාචිචි කරනකොට voice signal යවන bandwidth එකෙන්ම data යවනවා. ටෙලිෆොන් වයර් දිගේ ගමන් කරන්නේ ඇනලොග් සංඥාවක්. මේක ඩිජිටල් වලට හරවා පරිගණකය ඇතුලට ගැනීම හා පරිගණකයෙන් එන ඩිජිටල් සංඥා ඇනලොග් වලට හැරවීම තමයි modem එකෙන් වෙන්නේ.

    ADSL වලදී voice signal යවන සංඛ්‍යාත වලට වඩා වැඩි සංඛ්‍යාත පරාසයකින් data ගෙනියනවා. මේ data යන්නේ digital විදියට voice signal යන්නේ ඇනලොත් විදියට. Frequency division multiplexing ක්‍රමයට මේ සංඥා දෙකම තනි Line එකකින් ගෙනියනවා. ADSL data signal එක ඇතුලේ OFDM (DMT) ක්‍රමය භාවිතා කරනවා.
    (ඒ කියන්නේ ADSL සඳහා වෙන් කර ඇති සංඛ්‍යාත පරාසය නැවත කුඩා පරාස (channels) ගණනාවකට බෙදනවා. ඒ ඒ channel සඳහා bit stream එකක් හෝ කිහිපයක් ලබා දෙනවා. OFD Multiplexing ක්‍රමය භාවිතාර මේ channel නැවත එකතු කරනවා)
    ADSL splitter එකේදි low pass filter එකක් දාලා voice signal වෙන් කරගෙන ටෙලිෆොන් එකට දෙනවා.:)

    " එතකොට මචං ටෙලිෆෝන් කණුවකිං නෙට් කනෙක්ශන් එකක් පාවිච්චි කරන එකක් ගැන හිතුවොත්, අපි "A" කියන ඩේට එක යවද්දි හෝ රිසීව් කරද්දි වෙන්නෙ බිට් එකින් එක එකින් එක සෙන්ඩ් වෙන එකද ? මුලින් 1 ගිහිං, ඊට පස්සෙ ඒක ගියාට පස්සෙ 0 ගිහිං, ඒක ගියාම ආයෙ 0 ගිහිං, ඔහොම ඔහොම අන්තිමටම 1 සෙන්ඩ් වෙන එකද ?"

    මේකට ඹව්, නෑ වගේ උත්තරයක් දෙන්න බෑ. :rolleyes:

    Dial up වලදී analog signal එකක් භාවිතා කර digital data යැවීම තමයි සිදු වෙන්නේ. ගෙදර ඉදලා telephone exchange එකට යන්නේ ඇනලොග් signal එකක්. ඒ නිසා බිට් එකෙන් බිට් එක යනවා කියන්න බැහැ. (නමුත් ඒ ඇනලොග් signal එක demodulate කලොත් ලැබෙන්නේ බිට් එකෙන් බිට් එක තියෙන bit stream එකක් :oo: )
    ADSL වලදී bit stream ගණනාවක් එකතු කර (multiplex) යවන නිසා එකසැරේ බිට් කිහිපයක් යනවා. ඒ නිසා බිට් එකෙන් බිට් එක යනවා කියන්න බෑ. :no:

    :):)

    :D එල මචං.. රෙප් දුන්න...

    වයර් වලත් ෆ්‍රීකුඅන්සි බෙදාගෙන ඩේට යවනව කියල දන්නෙ අදනෙ බං :O මං හිතං හිටියෙ කෙලින්ම ප්‍රොසසර් එකේ වගේ 0 1 වෙනුවට විදුලි ධාරාවක් යවනව කියල...
    එතකොට මචං විවිධ ෆ්‍රීකුවන්සි රේට්ස් වලිං ඩේට යවනව කියන්නෙ, ටෙක්නිකල් පැත්තෙන් නෙමේ, පිසික්ස් පැත්තෙන් ගත්තොත් අංශු කම්පනය කිරීමක්ද ? හරියට අපි කතා කරනව වගේ ? අපි 20 - 20, 000 අතරෙ සංඛ්‍යාතයකින් වායු අංශු කම්පනය කල්ල ඩේට සෙන්ඩ් කරනව වගේද වයර් එක දිගෙත් ඩේට සෙන්ඩ් කරන්නෙ ? ඩොන්ගල් එකයි ටෙලිෆෝන් ටවර් එකයි ඩේට ට්‍රාන්ස්මිට් කරන්නෙත් ? :O

    අනික බිට් ස්ට්‍රීම් ගණනාවක් එකතු කර කිව්වෙ ඩේට පැකට්ස් කියන එකද :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    You must spread some Reputation around before giving it to Diya Rakus again.

    එතකොට මචං ඩේට සෙන්ඩ් කිරීමෙදි මොන මෙතඩ් එකෙන්, කම්ප්‍රෙස් කර හෝ නොකර, වෙරිෆිකේශන් මෙතඩුත් ඔක්කොම එකතු කල්ල කලත් සෙන්ඩ් වෙන්නෙ 0 සහ 1 සිග්නල්ස් ටිකක්නෙ..
    එහෙම සෙන්ඩ් කරන්න ඕනෙ 10101 කියන ඩේට එකනං...
    කෙලින්ම එක පාර ඔක්කොම සෙන්ඩ් කරන්නෑනෙ ?
    මුලින් 1 සෙන්ඩ් කල්ල,
    ඊලඟට 0
    ඊලඟට ආයෙ 1
    ඊලඟට ආයෙ 0
    ඊලඟට ආයෙ 1 විදිහටනෙ සෙන්ඩ් කරන්නෙ ?

    මොඩම් එකකිං එහෙම රීඩ් කරන්නෙ ඒ එන 0 1 ස්ට්‍රීම් එකනෙ ?

    එතකොට ඩුප්ලෙක්ස් කමියුනිකේශන් වලදි අනිවාර්යයෙන්ම වයර් දෙකක් පාවිච්චි කරන්න වෙනව නේද ?

    මචන් ප්‍රශ්නෙ පැහැදිලි වුනේ නෑ...

    ඩොන්ගල් වගේ නම් ඩව්න්ලෝඩ් වලටයි අප්ලෝඩ් වලටයි සංඛ්‍යාත දෙකක් පාවිච්චි කරනවද ?

    ඔව් මචන් හුගක් ඒවට different frequency bandsවෙනස් කරල පාවිච්චි කරන්නේ.උදාහරනයකට ගත්තොත් ADSL ලයින් එකේ වොයිස් සහ ADSLඩෙටා එන්නේ Frequency bandදෙකකින්.ගෙදර හයි කරන ස්ප්ලිටර් කියන එක frequency filter ක්. එකෙන් freq දෙක දෙපැත්තට බෙදලා දෙනවා.

    අනික ඇනලොග් වල සිග්නල් යන්නෙ සයින් වගේනෙ... එතකොට බං ඒ කියන්නෙ ඇනලොග් වලදි ඩේට ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි වෙන්නෙ 0 සහ 1 නෙමේද :O
    එතකොට 0 1 නැතුව කොහොමද බං අකුරක් එහෙම ට්‍රාන්ස්මිට් කරන්නෙ o_O
    ඇනලොග් වල ඩේට ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන්නෙ මොන වගේ එකක්ද එතකොට ?
    ඔක්ටල් ? ඩෙසිමල් ? හෙක්සැඩෙසිමල් ? o_O

    මේ තියෙන්නේ මචන් Analog to Digital conversion ප්‍රදාන පියවරවල් තුන.
    ඇනලොග් සිග්නල් එකේ සාම්පල් ගන්නව පුලුවන් කාල පරාස වලින්. මේක වැඩිවෙන්න වෙන්න output එකහොදයි.
    ඊට පස්සේ ඒ සිගනල් එකේ values ටික අවසානයේencodingකොටසෙදි දෙකේ පාදෙයට පත් කරනවා. ඒක ඩිජිටල්. කාටහරි ඕනෙ නම් ඩෙසිමල්,හරි ඕනෙම් පාදයකට පරිවර්තනය කරල යවන්නත් පුලුවන්.

    5246891_f520.jpg

    දැන් මයික් එකක් සද්දය වොල්ටජ් සිග්නල් එකකට පත් කරල දෙනවා ඊට පස්සේ අපි ඒක ඔනෙනම් ඇම්ලිෆයි කරල ස්පීකරේකින් ආයෙත් සද්දේ බවට හරවනවා .ඒක ඇනලොග් සිග්නල් බාවිතයෙන් කලේ. අකුරු යවන්න ඔනේ නම්, අකුරු වලට අදාල වොල්ටේජ් ක්‍රමයකට පරිවර්තනය කරලපස්සේ ඒ ක්‍රමෙන්ම ප්‍රතිලොමයෙන් අකුරු හදනවා මයික් ස්පීකර් වගේ ඒකට අදාල උපකරන ඔනෙ වෙනව හැබයි.
    අකුරු හරි ඕනෙම දෙයක් ඔය වගේ වොල්ටෙජ් එකකට පත් කරල ඊට පස්සෙ ඩිජිටල් කරල යවන්නත් පුලුවන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් ප්‍රශ්නෙ පැහැදිලි වුනේ නෑ...

    ඔව් මචන් හුගක් ඒවට different frequency bandsවෙනස් කරල පාවිච්චි කරන්නේ.උදාහරනයකට ගත්තොත් ADSL ලයින් එකේ වොයිස් සහ ADSLඩෙටා එන්නේ Frequency bandදෙකකින්.ගෙදර හයි කරන ස්ප්ලිටර් කියන එක frequency filter ක්. එකෙන් freq දෙක දෙපැත්තට බෙදලා දෙනවා.

    මේ තියෙන්නේ මචන් Analog to Digital conversion ප්‍රදාන පියවරවල් තුන.
    ඇනලොග් සිග්නල් එකේ සාම්පල් ගන්නව පුලුවන් කාල පරාස වලින්. මේක වැඩිවෙන්න වෙන්න output එකහොදයි.
    ඊට පස්සේ ඒ සිගනල් එකේ values ටික අවසානයේencodingකොටසෙදි දෙකේ පාදෙයට පත් කරනවා. ඒක ඩිජිටල්. කාටහරි ඕනෙ නම් ඩෙසිමල්,හරි ඕනෙම් පාදයකට පරිවර්තනය කරල යවන්නත් පුලුවන්.

    5246891_f520.jpg

    දැන් මයික් එකක් සද්දය වොල්ටජ් සිග්නල් එකකට පත් කරල දෙනවා ඊට පස්සේ අපි ඒක ඔනෙනම් ඇම්ලිෆයි කරල ස්පීකරේකින් ආයෙත් සද්දේ බවට හරවනවා .ඒක ඇනලොග් සිග්නල් බාවිතයෙන් කලේ. අකුරු යවන්න ඔනේ නම්, අකුරු වලට අදාල වොල්ටේජ් ක්‍රමයකට පරිවර්තනය කරලපස්සේ ඒ ක්‍රමෙන්ම ප්‍රතිලොමයෙන් අකුරු හදනවා මයික් ස්පීකර් වගේ ඒකට අදාල උපකරන ඔනෙ වෙනව හැබයි.
    අකුරු හරි ඕනෙම දෙයක් ඔය වගේ වොල්ටෙජ් එකකට පත් කරල ඊට පස්සෙ ඩිජිටල් කරල යවන්නත් පුලුවන්.

    TY :)
    රෙප් දෙන්න පුළුවන් වුනු ගමං දෙන්නං..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මට නම් නිකන් මොකදො වගේ උනා බන් මේ පොස්ට් එක බලලා:baffled::baffled:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    :D එල මචං.. රෙප් දුන්න...

    වයර් වලත් ෆ්‍රීකුඅන්සි බෙදාගෙන ඩේට යවනව කියල දන්නෙ අදනෙ බං :O මං හිතං හිටියෙ කෙලින්ම ප්‍රොසසර් එකේ වගේ 0 1 වෙනුවට විදුලි ධාරාවක් යවනව කියල...
    එතකොට මචං විවිධ ෆ්‍රීකුවන්සි රේට්ස් වලිං ඩේට යවනව කියන්නෙ, ටෙක්නිකල් පැත්තෙන් නෙමේ, පිසික්ස් පැත්තෙන් ගත්තොත් අංශු කම්පනය කිරීමක්ද ? හරියට අපි කතා කරනව වගේ ? අපි 20 - 20, 000 අතරෙ සංඛ්‍යාතයකින් වායු අංශු කම්පනය කල්ල ඩේට සෙන්ඩ් කරනව වගේද වයර් එක දිගෙත් ඩේට සෙන්ඩ් කරන්නෙ ? ඩොන්ගල් එකයි ටෙලිෆෝන් ටවර් එකයි ඩේට ට්‍රාන්ස්මිට් කරන්නෙත් ? :O

    අනික බිට් ස්ට්‍රීම් ගණනාවක් එකතු කර කිව්වෙ ඩේට පැකට්ස් කියන එකද :)

    සංඥා යවන්නේ ප්‍රත්‍යවර්ත විදුලියක් (AC) විදියට. ඒකෙ සංඛ්‍යාතය වෙනස් කිරීම තමයි සිදු වෙන්නේ. අංශු කම්පනය කිරීම නෙවෙයි ඉලෙක්ට්‍රොන වල චලිතයක් .:)

    අපි කතා කරනකොට නිකුත් වෙන්නේ ධවනි තරංග (acoustic waves)
    වයර් දිගේ ගමන් කරන්නේ විදුලි සංඥා (electrical signals)
    wireless communication වල යොදා ගන්නේ විද්‍යුත් චුම්භක තරංග (electromagnetic waves)

    මේ එක් එක් තරංග ගමන් කරන අකාරය(propagation), ගමන් කරන මාධ්‍ය (medium) වෙනස්

    communication protocol (සන්නිවෙදනයට යොදාගන්න පොදු එකඟතාවයන්) අනුව data packet (datagram) එකක අර්ථ දැක්වීම වෙනස වෙනවා. data packet එකක් කියන්නේ network එකක් හරහා යවන කුඩාම දත්ත සමූහයට. Data packet එකකට byte 1ක් හො කීපයක් අයිති වෙන්න පුළුවන්.
    මම අදහස් කලේ channel කිහිපයක් multiplex කරනවා කියන එක‍. (සමහර අවස්ථා වලදී මේක data packet එකක් විදියට සලකන්නත් පුළුවන්:P )