බුදු_දහම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,886
    99,153
    113
    බුදු දහම ගැන තියෙන ගැටළු සහ දහම් කරුණු ඊට අදාල පොත පත ශෙයාර් කරගන්න මේ නූල භාවිතා කරමු.
    වෙනත් මත දරන අයත් එන්න බුදු දහම ගැන ඉගෙන ගන්න,


    ආරම්භ කිරීමට අදහස් දුන්න ඔබ දෙපලට බොහොම පින්
    KPZ, B_i_n_g_o


    last edit :2014.05.07 06:58

    පහසුවෙන් දහම් කරුණු තියෙන කොටස්වලට යන්න.
    3න්වන පිටුවේ සිට ඉදිරියට තියෙන ඒවා

    24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 37, 51


    මේම නූලේ සාකච්ඡාවෙන සියලු කරුණු මේ ලින්ක් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1614538
    මගින් දැක්වෙන පොස්ට් එකේ පටුනක් විදියට පොස්ට් කරනව හොයන්න අමාරු නිසා එහෙම කරන්නෙ. එම නූලේ පළවෙනි පොස්ට් එකේ තියෙන කරුණු පිළිපදින්න.එය පටුනක් විදියටම පමණක් භාවිතා කරන්න.පිටු 10න් 10ට තමා ලින්ක් ටික එකතු කරල අලුත් පොස්ට් එකක් පටුනට දාන්නෙ.

    තෙරුවන් සරණයි
     
    Last edited by a moderator:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    venuwa-nam-budu-guna-venuwamaya.jpg



    කාලෙන ධම්මසකච්ඡා - ඒතං මංගල මුත්තමං

    සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡාව උතුම් මංගල කාරණයකි.
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගොඩක් බෞද්ධයෝ ජීවිතේට බණක් අහල නෑ. මට ඉන්නව ඕනෙ තරම් ඒ වගේ බෞද්ධ යාළුවො නෑදෑයෝ. මම බණ අහනව කියල කිව්වම ඒ සමහර අය හිනා වෙනව. මගේ බල කිරීම නිසාම ජිවිතේ පලවෙනි වතාවට සිහියෙන් බණක් අහපු අය එයාලගේ හිතට දැනුන සැනසීම ගැන තවමත් මට පිං දෙනව. බණක් අහන්නවත් වෙලාවක් නැති අයට මේ ත්‍රෙඩ් එකේ දාන ධර්මදේශනා ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන් වෙලාවක අහල හිත සනසවා ගන්න...:)

    ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා...
    gg2.jpg


    http://www.ourbuddhist.com/index.php/2014-01-27-14-02-20/fm

    IDM එකෙන් mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: leoshammi

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම හොඳයි වැඩේ.. පටිඝය ඇති කරවන කෙස් පැලෙන තර්ක විතර්ක වලට නොයා මෙතන දහම් පාසලක් වගේ වෙනවනම් හොඳයි:yes:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,886
    99,153
    113
    මේ ස්වාමීන් වහන්සේගෙ බණ දේශනා ගොඩක් තියෙනව ගිය සිකුරාද තිබ්බ එක මම ගිහින් පැය 3ක් හිටගෙන අහන් ඉදිය වෙනදට පැය භාගයක් ඉන්න බෑ වාඩි වෙන් නැතුව එදා ගානක්වත් නෑ.. සරලව බුදු දහම පැහැදිලි කරල දෙනව.

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පළවෙනි පෝස්ටුව වෙනස් කළා. :)

    පහු වෙලා පළවෙන දර්ම කරුණු ඉස්සරහට ගන්නත් වැඩ පිළිවෙලක් සකස් කරන්න.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    (බෞද්ධයා ගුවන්විදුලියෙන් මට මේ කතාව ඉස්සල්ලම ඇහුනේ. දරණාගම හාමුදුරුවෝ ලස්සනට මේ කතාව දේශනා කළා.)


    තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී සානුවාසී හිමියන්ගේ ඥාති පේ‍්‍රතයකු අරභයා මේ දේශනාව වදාළ සේක.


    පෙර කාලයේ බරණැස් නුවර කිතවස්ස නම් රජුගේ පුතා උයන්කෙළියට ගොස් එන අතර දී “සුනෙත්ත” නම් පසේබුදුරජාණන් වහන්සේ නමක් පි¼ඬු පිණිස නගරයට වැඩම කරනු දුටුවා.
    මේ පුත්‍රයා පියාගේ රජකමෙන් මත් වී සිටියේ. “මේ හිස මුඬු තැනත්තා මට ප්‍රණාම නොකට යන්නේ යැයි’’ නපුරු සිතක් ඇති කර ගෙන ඇතු පිටින් බැස, “ඔබ පිණ්ඩපාතය ලබා ගත්තාදැයි” අසමින් උන්වහන්සේ අතෙහි වූ පාත්‍රය ගෙන පොළොවේ ගසා එය බින්දා. උන්වහන්සේ සියලු කෙලෙස් නැතිකළ මුනිවරයෙක් බැවින් කිසිදු තරහ ගැනීමක් නොමැතිව වෙනසක් නො පෙන්වා කරුණාව පැතිරුණු සෞම්‍ය වූ සොම්නස් දෙනෙතින් ඔහු දෙස බැලුවා. එහෙත් නිකරුනේ ක්‍රෝධය උපදවා ගෙන සිටි මේ තරුණයා පසේ බුදුරජාණන් වහන්සේ දෙස රවා බලමින් ‘මා කිතවස්ස රජුගේ පුතා බව ඔබ දන්නේ නැද්ද? මා දෙස බලා මට කුමක් කරන්නද’ කියා අවමන් කොට එතැනින් නික්ම ගියා.
    ඔහු එතැනින් ඉවතට යනවාත් සමඟ නිරයේ ගිනිදැල් වැදුනාක් මෙන් ශරීරය පුරා බලවත් දැවිල්ලක් හට ගත්තා. ඔහු මහත් දුකක් විඳ ශරීරය ඉතා දැඩි දුක් වේදනාවෙන් මිරිකී ටික කලකින් මිය ගොස් අවීචි මහ නිරයේ උපන්නා.
    ඔහු එහි දකුණු පසින් ද, වම් පසින් ද, උඩුකුරුව හා යටිකුරුවද බොහෝ ප්‍රකාරයෙන් පෙරලි සිට අසූ හාරදහසක් අවුරුදු නිරයේ දුක් විඳ එයින් චුත ව ප්‍රේත්‍රයෙක් වී අසීමිත කාලයක් සා පිපාසාවෙන්ද දුක් විඳ එයින් ද චුත ව මේ බුද්ධ කාලයේ “කුණ්ඩි” නම් නුවරට සමීපව ධීවර ගම්මානයක ඉපදුණා.
    ඔහු ට අතීත ජාතිය සිහි කිරීමේ නුවණ තිබුණා. ඔහු පිළිවෙලින් තම පෙර ජීවිතවල විඳි දුක් දුටුවා. තරුණයකු ව සිටිය ද ඔහු පවට ඇති බිය නිසා නෑයන් සමඟ මසුන් අල්ලන්නට ගියේ නැහැ. නෑයන් මසුන් අල්ලන්නට යන විට පවට බියේ ඔහු සැඟවුණා. ඔහු මසුන් අල්ලන දැල් කපා දැමුවා. ජීවත්වන මසුන් රැගෙන ගොස් නැවත ජලයට දැමුවා. ඔහුගේ් ඒ ක්‍රියාවන්ට කිපුන මාපියෝ් ඒ තරුණයා නිවසින් එලවා දැමුවා. නමුත් ඔහුගේ එක් සහෝදරයෙක් පමණක් ඔහුට කරුණාව දැක්වූවා.
    ඒ කාලෙයේ අපගේ ආනන්ද හිමියන් කුණ්ඩ නගරයේ තිබු “සානුවාසි” පර්වතය අසල වාසය කළා. ඒ ධීවර පුත්‍රයා මාපියන්ගෙන් වෙන්වෙලා යන්න එන්න තැනක් නැතිව ඇවිදිමින් සිටින අවස්ථාවක ආනන්ද හිමියන් දැක ඉතා කුසගින්නේ ආහාර ටිකක් ලබා ගන්නට යැයි සිතා හිමියන් වෙත ගියා. ආනන්ද හිමියන් ආහාර දී කෑමෙන් පසුව ඔහුගේ කථාව අසා පැවිදි වීමට කැමැතිදැයි අසා සිටියා. “එසේය ස්වාමිනී, පැවිදි වෙමියි” ඒ ධීවර පුත්‍රයා පවසා සිටියා. උන්වහන්සේ මේ තරුණයා පැවිදි කොට ඔහු ද සමඟින් තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ගියා. තථාගතයන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළා ‘ආනන්ද මේ හිමියන්ට අනුකම්පා කරන්න. මොහුට කුසල් බොහෝ අඩුයි. පින් රැස්කර ගන්නට උදව් කරන්න” කියා. ඒ වගේම උන්වහන්සේ වදාළා භික්ෂුව ඔබ සංඝයා වහන්සේලාගේ පරිභෝගය සඳහා පැන් පුරවන්න යැයි වදාළා. ඒ සාමණේර හිමියන් පින්දහම් කරගෙන කලකදී උපදසම්පදා වී පසු කාලයේ අරහත්වයට පැමිණුනා.
    කලෙක උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ දොළොස් නමක් සමඟින් “සානුවාසි පර්වතයෙහි භාවනායෝගි”ව වැඩ සිටියා. ඔහුගේ නෑයෝ පන්සියයක් දෙනා කිසිදු කුසල් දහම් නොකර මසුන් මැරීමෙන් රැස්කළ පව් ඇතිව කලුරිය කොට පේ‍්‍රත ලෝකයේ ඉපදුනා. උන්වහන්සේ මාපියන් අප මේ දරුවා ගෙදරින් එළවා දැමුවා යැයි ලජ්ජා වී උන්වහන්සේ බැහැ දැකීමට නොගොස් කරුණාව පෑ සොහොයුරා උන්වහන්සේ වෙතට යැවුවා. තෙරුන් වහන්සේ ගමට පිඬු සිඟා වැඩිය වෙලාවේ දී අර පේ‍්‍රත සොහොයුරා දණ බිම ගා දොහොත් මුදුන් දී වැඳගෙන තම මව හා පියා පිළිබඳ ව පුවත කියා සිටියා. ඒ සම්බන්ධ සංගීතිකාරක මහ තෙරුන් වහන්සේ මෙසේ කියා සිටියා.
    උන්වහන්සේ උපන්නේ “කුණ්ඩි” නගරයේ. “සානුවාසි” පර්වතයේ තමයි වැඩ වාසය කළේ. උන්වහන්සේගේ නම “පොට්ඨපාද” ශ්‍රද්ධා ආදි ඉන්ද්‍රිය ධර්මයන්හි දියුණු කරගත්තු රහත් ශ්‍රමණයන් වහන්සේ නමක්. උන්වහන්සේ ගේ මවත් පියාත් සහෝදරයත් දුගතියේ උපන්න. යම ලෝකයේ උපන්නා. මේ ලෝකෙන් චුතවෙලා ඔවුන් පෙරේත ලෝකේ උපන්නේ පාපි දේවල් කරලයි. ඔවුන් දුගතියේ උපන්නේ. ඉදිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. නූල් පොටක්වත් ඇඟේ නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නේ. මහා භයකින් ඉන්නේ. කෲර දේවල් කරල ඔවුන්ගේ සිරුරු පිටට පේන්නේ නැහැ’
    උන්වහන්සේ ගේ සහෝදරයා තැති ගැනීම දුරු කර ගෙන නිරුවත් ව ඉඳගෙන ම අඩිපාරක් අයිනේ හුදකලාව හිටියා. අත්දෙක යි කකුල් දෙකයි බිම ඇනගෙන ඒ තෙරුන් වහන්සේට තමන්ගේ ස්වභාවය පෙන්වූවා.
    ඒ “සානුවාසි” තෙරුන් වහන්සේ ඒ දර්ශනය ගණනකට ගත්තේ නැහැ. නිශ්ශබ්දව වැඩියා. එතකොට ඒ පෙරේතයා ‘මම මැරිලා ගිය ඔබ වහන්සේගේ් සහෝදරයා’ කියා දන්වා සිටියා.
    අනේ ස්වාමිනි! ඔබවහන්සේගේ මවත් පියාත් දුගතියේ උපන්නා. යමලෝකේ උපන්නා. මේ ලෝකෙන් චුතවෙලා ඔවුන් පෙරේත ලෝකේ උපන්නේ් පාපී දේවල් කරලයි. ඉදිකටුවලින් අනිනවා වගේ වේදනා විඳිනවා. ක්ලාන්ත වෙනවා. ඇෙඟ් නූල් පොටක්වත් නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අර ගෙන ඉන්නේ. මහ භයකින් ඉන්නේ. කෲර දේවල් කර ඔවුන්ගේ සිරුර පිට ට පෙනෙන්නේ නැහැ.
    කාරුණිකයන් වූ ඔබ වහන්සේ අපට අනුකම්පා කරන සේක්වා. දන් පැන්පුජා කරලා අපට පින් ලබාදෙන සේක්වා. කෲර දේවල් කරපු ඔවුන්ට ඔබ වහන්සේගේ දානයකින්මයි යැපෙන්නට සිද්ධ වෙන්නේ.
    සානුවාසී හිමියන් අනෙක් භික්ෂූන් දොළොස් නමත් සමඟ පිණ්ඩපාතේ වැඩියා. දානය වැළඳීමට උන්වහන්සේලා එක් තැනකට රැස්වුණා. සානුවාසි හිමියන් අනෙක් තෙරුන් වහන්සේලාට මෙහෙම කිව්වා. “ඔබ වහන්සේලාට ලැබුණු යමක් ඇත්නම් ඒක මට දෙන්න. ඤාතීන් කෙරෙහි අනුකම්පාව නිසා මම සාංඝික දානයක් කරන්නම්” කියා ඒ පිණ්ඩපාත දානය ලබාගෙන ආර්ය සංඝයාට ආරාධනා කොට පූජා කරගත්තා. මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා., “මේ පින මගේ් ඤාතීන්ට වේවා! මගේ ඥාතිවරු සුවපත් වෙත්වා! කියලා අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට භෝජන පහළ වුනා.
    ඒ බොජුන් හරි පිරිසුදුයි. ප්‍රණීතයි. නොයෙක් රසවත් වෑංජන වලින් යුක්තයි. එයින් වර්ණවත් වුණා. සුවපත් වුණා. සහෝදරයා පෙනී සිටියා,
    ස්වාමිනි දැක වදාළ මැනැව. දැන් අපට භෝජන ඕන තරම් තියෙනවා. නමුත් අපට යම් විදිහකින් වස්ත්‍රයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.
    තෙරුන් වහන්සේ කසල ගොඩවල්වල ඉවත දාපු රෙදි කැබලි අහුලා ගත්තා. ඒ රෙදි කැබලි මූට්ටු කළා. සිවුරක් කළා. සිව් දිසාවෙන් වඩින මහ සංඝයාට පූජා කළා.
    දානය පූජා කරගෙන මවටත් ‘පියාටත්’ සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතීන් සුවපත් වේවා කියාල. ඒ පින අනුමෝදන් කරනවා ත් සමගම ඒ උදවියට වස්ත්‍ර පහළ වුණා. ඒ වස්ත්‍රවලින් ලස්සනට සැරසුනු පේ‍්‍රතයා රහතන් වහන්සේට තමන්ව පෙනෙන්නට සැලැස්සුවා.
    ‘’ස්වාමිනි නන්දන රජුගේ රාජධානියේ යම්තාක් රෙදි තියෙනවා නම් වටිනා ඒවා තියෙනවා. ඒ වස්ත්‍ර ආකාසයේ එල්ලිලා තියෙනවා. ස්වාමිනි, අපේ හිතට යම් යම් ඇඳුමක් පි‍්‍රය යි නම් අපි අඳින්නෙත් ඒවා තමයි. ඉතින් ස්වාමිනි, අපට යම් විදිහකින් ගෙයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.
    සානුවාසි රහතන් වහන්සේ කොළ අතු සෙවිලි කරලා කුටියක් කළා. ඒ කුටිය සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. කුටි පූජාව කරලා මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.
    මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතිවරු සුවපත් වේවා. කියලා පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට ගෙවල් පහළ වුණා. නොයෙකුත් කූ®ටාගාර නිවාස පහළ වුණා. ඒවා හරි පිළිවෙලකට වෙන් කරලා බෙදල තියෙනවා. අපට තිබෙන මේ ගෙවල් විදියේ ගෙවල් නම් මනුස්ස ලෝකයේවත් දැක ගන්නට නැහැ. දෙව්ලොව යම් ආකාරයක දිව්‍ය විමාන තියෙනවා නම් මෙහෙ තිබෙන අපේ ගෙවලුත් අන්න ඒ වගේ තමයි. හැම දිසාවක්ම බබුලුවමින් දිලිසෙනවා. අනේ ස්වාමින් වහන්ස, අපට යම් විදිහකින් පැන් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.
    එතකොට රහතන් වහන්සේ කළයකට පැන් පුරවල සිව් දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. පැන් පූජාව කරලා මවටත්, පියාටත්, සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඤාතීන්ට වේවා. මාගේ ඤාතීවරු සුවපත් වෙත්වා කියා පින් අනුමෝදන් කරනවාත් සමගම ඒ උදවියට පැන් පහළ වුණා. ඉතා ගැඹුරු හතරැස් පොකුණක් හරි සුන්දර පිළිවෙලට මැවිලා ගියා.
    ඒ පොකුණේ ජලය හරි සීතලයි. ඉවුරත් හරි ලස්සනයි. හරි සිසිලයි. සුවඳ හමන නෙළුම් මහනෙල් පිරිලා තියෙනවා. ඒ වතුර පුරාවට මල් රේණු විසිරිලා තියෙනවා. එතකොට ඒ පෙරේතයන් පොකුණට බැහැල නෑවා. රහතන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. ස්වාමිනි! අපට ඇතිවෙන්න පැන් තිබෙනවා. ඒ වුනත් අපේ කකුල් පැලෙන නිසා අපට දුකයි.
    ‘ස්වාමිනි, කුස කටු තියෙන බොරලු කැට තියෙන පොළොවේ අප ඇවිදින්නේ හරි අමාරුවෙන්. ස්වාමිනි! අපට යම් විදිහකින් යානයක් ලැබෙනවා නම් එබඳු දෙයකට උත්සාහ කරන සේක්වා.
    සානුවාසි තෙරුණ් වහන්සේ පටි තිබෙන සෙරප්පු ජෝඩුවක් ලබාගෙන ඒක පිට දිසාවෙන් වඩින සංඝයාට පූජා කළා. සෙරෙප්පු පූජාව කරලා මවටත්, පියාටත්, සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා.
    ඊට පස්සේ අර පේ‍්‍රතයන් ඒ හිමියන් ඉදිරියේ පෙනී සිටියා. ස්වාමිනි, ඔබවහන්සේට යහපතක් වේවා. බත්වලින් රෙදිපිළි වලින් ගෙවල් වලින් පැන් වලින් යානාවලින් අපට උපකාර කරල ඔබ වහන්සේගේ අනුකම්පාව අපට ලැබුණා. ලෝකයෙහි කාරුණික වූ මුනිවරයාණෙනි, අප මේ ආවේ ඔබ වහන්සේ වන්දනා කරන්නයි කියා ඒ පේ‍්‍රතයන් කියා සිටියා.

    http://www.lakehouse.lk/budusarana/2012/09/22/tmp.asp?ID=fea02
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙළයෙක්;16625891 said:
    මේ ස්වාමීන් වහන්සේගෙ බණ දේශනා ගොඩක් තියෙනව ගිය සිකුරාද තිබ්බ එක මම ගිහින් පැය 3ක් හිටගෙන අහන් ඉදිය වෙනදට පැය භාගයක් ඉන්න බෑ වාඩි වෙන් නැතුව එදා ගානක්වත් නෑ.. සරලව බුදු දහම පැහැදිලි කරල දෙනව.


    ඔයානම් වාසනාවන්තයෙක්. :)
    දහම් ඇස ලැබේවා...!!!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,886
    99,153
    113
    පළවෙනි පෝස්ටුව වෙනස් කළා. :)

    පහු වෙලා පළවෙන දර්ම කරුණු ඉස්සරහට ගන්නත් වැඩ පිළිවෙලක් සකස් කරන්න.
    මෙහෙම වැඩක් කරමු මම පළවෙනි පොස්ට් එකටම දාන්නන් පිටු 10න් 10ට වගේ කතා කරන පොස්ට් වල ලින්ක්. එහෙම හොදයි නෙ දැනට. ඉස්සරහට ලොකු වෙනකොට බලමු ඒකට පිළිවෙලක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,886
    99,153
    113
    ඔයානම් වාසනාවන්තයෙක්. :)
    දහම් ඇස ලැබේවා...!!!
    ඒ පිට්ටනිය වැහෙන්න සෙනග ආරංචි විදියට පුටු 4000ක් දාල තිබ්බලු.ඒත් ඉඩ මදිව තව අය හිටගෙන ඉදිය.මාත් නොයන්න ඉදපු 4 දෙනෙක් අරන් ගියා.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෙළයෙක්;16625919 said:
    මෙහෙම වැඩක් කරමු මම පළවෙනි පොස්ට් එකටම දාන්නන් පිටු 10න් 10ට වගේ කතා කරන පොස්ට් වල ලින්ක්. එහෙම හොදයි නෙ දැනට. ඉස්සරහට ලොකු වෙනකොට බලමු ඒකට පිළිවෙලක්.
    :yes::yes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html

    මේ සයිට් එකේ තියන මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ සම්මාදිට්ඨිය 1 කියන ධර්ම දේශනාවේ ඉඳන් අහන්න. හිතට පුදුම අවබෝධයක් දැනෙන්නේ. නිවැරදි දැකීම ගැන සරල විදිහට අවබෝධ කරල දෙනව:)
     
    • Like
    Reactions: rchithral

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,886
    99,153
    113
    http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html

    මේ සයිට් එකේ තියන මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ සම්මාදිට්ඨිය 1 කියන ධර්ම දේශනාවේ ඉඳන් අහන්න. හිතට පුදුම අවබෝධයක් දැනෙන්නේ. නිවැරදි දැකීම ගැන සරල විදිහට අවබෝධ කරල දෙනව:)
    bookmarked :)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    භාවනා කලහම පිස්සු හැදෙනවා කියන්නෙ ඇත්තද???
    රේරුකානේ ස්වාමීන්වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රම නම් කෘතියෙන් උපුටාගන්නා ලදී.

    F7sLsSu.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුදු ගුණ කෙටියෙන්...

    ඉතිපිසො භගවා අරහං :-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ සෙයින්ද, සියලු ලෝ වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පුජාවන් පිළිගැනීමට සුදුසු වන හෙයින්ද, රහසින්වත් පවු නොකරන හෙයින්ද "අරහත්" නම් වන සේක.

    සම්මා සම්බුද්ධෝ :-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නොමැතිව තම නුවණින්ම නිසි පරිදි අවබෝධ කරගත් හෙයින්ද, සෙසු ජනයාට අවබෝධ කොට දීමේ හැකියාව ඇති හෙයින්ද "සම්මා සම්බුද්ධ" නම් වන සේක.

    විජ්ජාචරණ සම්පන්නෝ :-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් වර්ණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් "විජ්ජාචරණ සම්පන්න" නම් වන සේක.
    (අෂ්ට විද්‍යාව නම් බුදුරජාණන් වහන්සේලාට පමණක් ඇති විශේෂ ඥාණ අටක් වන අතර පසළොස් වර්ණ ධර්මනම් විශේෂ සීල පහළොවකි.)

    සුගතෝ :-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතා යහපත් වූ මැදුම් පිළිවෙතෙහි ගමන් කොට නිවන් සුවයට මනාකොට සපැමිණි හෙයින්ද, ශෝභමාන වූ ගමන් ඇති හෙයින්ද, මධුර වූ වදන් ඇති හෙයින්ද "සුගත" නම් වන සේක.

    ලෝක විදූ :-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ව ලෝක, සංකාර ලෝක, අවකාශ ලෝක ආදී සියලුම ලෝකයන් මැනවින් දත් හෙයින් "ලෝකවිදු" නම් වන සේක.

    අනුත්තරෝ :-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්ට වැඩි කෙනක් තබා හෝ සමාන කෙනෙක් වෙතොත් ඒ තවත් ලොවුතුරා බුදු කෙනෙක් පමණක්ම වන හෙයින්, මෙතෙක් ලොව පහළ වුද, අද ලොව සිටින්නා වුද, මතුවෙයි පහල වීමට සිටින්නා වූ සියලුම සත්වයන් හට "අනුත්තර" නම් වන සේක.

    පුරිසදම්මසාරථි :-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අපහසු වූ සියලු පුරුෂයන් මැනවින් දමනය කළ හෙයින් "පුරිසදම්මසාරති" නම් වන සේක.

    සත්තා දේවමනුස්සානං :-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඇතුළුව සියලු සත්වයන් හට මෙලොව අර්ථයෙන්ද,, පරලොව අර්ථයෙන්ද පරමාර්තයෙන්ද දේශනා කොට වදාල හෙයින් සියලු ලෝ වැසියන්ට ශාස්තෘ නම් වන "සත්ථා දේව මනුස්සානං" වන සේක.

    බුද්ධෝ භගවාති:-
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යස මහත්වයෙන්ද, පුණ්‍ය මහත්වයෙන්ද, ථාම මහත්වයෙන්ද, සෘද්ධි මහත්වයෙන්ද අගතැම්පත් වූ සේක. එසේම රාග, ද්වේශ, මෝහ යන අකුසල් නසා ලූ හෙයින් "භගවත්" වන සේක.

    මෙය සාමාන්‍ය පැහැදිලි කිරීමකි.

    සවිස්තර පැහැදිලි කිරීමක් සහ බුද්ධානුස්සති භාවනාව සඳහා සවන් දෙන්න.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ධර්මදේශනාවකට ආරාධනා කිරීමේ කුසලය කල්ප 8 ක් ද
    ධර්මදේශනාව ශ්‍රවනය කිරීමේ කුසලය කල්ප 9 ක් ද
    ධර්මය දේශනා කිරීමෙන් සිමා රහිතව ද කුසලයන් හිමි වේ.
    ධර්මදේශනාවක පින අනුමෝදන්වීමේ කුසලය කල්ප 1 ක් ද වෙයි.

    යමෙක් තමන් රැස්කල පින දෙවියන් සහිත ලෝකයාට
    අනුමෝදන් කිරීමෙන් ද පිනක් රැස් වේ.