නන්දා මාලනී

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    10298945_666289183437861_5504022872698380243_n.jpg


    මුට පිස්සුද නැත්නම් හැටිද :angry::angry::angry:
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,548
    854
    113
    Nandata kiyanna puluwan parasayak thiyenawa gayakayoo hamotama ehema thami malliyooo
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උමාරියා ගේ සංගීත අඛ්‍යයනය වෙනස් එකක්. නන්දා ගේ තවත් එකක්. ඒ නිසා ලහිරුවා කියන එක හරි, නන්දක්කට උමාරිය එක්ක හැරෙන්නවත් බෑ තමා. හැබැයි උමාරියටත් නන්දක්කත් එක්ක හැරෙන්න බෑ.......පුළුවන් නම් උමාරියට ගයනා කරන්න කියහං කෝ පවනේ “ඒලයියා එලාඩෝ“ කියන ගීතය...........
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    උමාරියා ගේ සංගීත අඛ්‍යයනය වෙනස් එකක්. නන්දා ගේ තවත් එකක්. ඒ නිසා ලහිරුවා කියන එක හරි, නන්දක්කට උමාරිය එක්ක හැරෙන්නවත් බෑ තමා. හැබැයි උමාරියටත් නන්දක්කත් එක්ක හැරෙන්න බෑ.......පුළුවන් නම් උමාරියට ගයනා කරන්න කියහං කෝ පවනේ “ඒලයියා එලාඩෝ“ කියන ගීතය...........

    mokakda bn ea song 1ka :eek:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කව්රු කොහොම කිව්වත් මේ රටේ ඉන්න ඇත්ත ගායක,ගායිකාවෝ කව්රුද කියලා මොලේ තියෙන උන් දන්නවා බන්
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    From Damith Kethaka (Not my Idea)

    ලහිරු කියා ඇති කථාව සම්පූර්ණ අසත්‍යයකි...පට්ටපල් බොරුවකි...උමාරියා එක්ක හැරෙන්නවත් නන්දා ඇන්ටිට බෑ කිව්වාට ඇත්තම කිව්වොත් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් උමාරියාට බැරිය... මොකද කිව්වොත් උමාරා පීඩිතයන්ගේ නැගිටීම් විකුණාගෙන සල්ලි හම්බ කර නැත... ඒකිගෙ බොළඳ හම්පඩ ලව් සින්දු සහ කොකා කෝලා බොට්ල් එක විකුණගෙන හම්බු කළ සල්ලි වල උතුරේ සහ දකුණේ පීඩිතයන්ගේ ලේ වල අලෙවි මිළ සඳහන් නොවේ...

    නන්දා ඇන්ටී සහ සුනිල් අන්කල් මුලින්ම හිතුවේ පැවති අතිශය අස්ථාවර වාතාවරණය තුළ දකුණේ විප්ලවවාදින්ට ජය අත්වනු ඇත කියාය.. ඒ නිසා අන්කල් ඇඟේ ලේ නටන පට්ට සින්දු සෙට් එකක් ලීවේය.. ඇන්ටි ඒවා මර ලතෝනි ලෙස ගායනා කරන ලදී... "පවන" උපන්නේ ඒ විදියටය... ඇන්ටිලා අන්කල්ලා පවනෙන් ෂෝ තිබ්බා පමණක් නොව කැසට් ගහලාද වික්කේය.. අන්තිමට විප්ලවවාදීන් පරාජය වීමට පටන් ගැනීමත් සමග ඇන්ටිලා අන්කල්ලා රටින් පැන ගුවනේ පා කළහ හෙවත් "පවනේ " ගූ කළහ.. හදිසියේ වත් දෙවන මහජන නැගිටීම ජය ගත්තා නම් ජෝන් ලෙනන්, වික්ටර් ආරා ලෙවල් එකේ පොරවල් වන්න සිහින මවාගෙන සිටියේ මුන්ය.. එහෙම උනා නම් මුන්ට වඩා සටන්කාමී කළාවක් බිහිකල තවත් උන් මේ දකුණු ආසියාවටම නැති වෙන්නට ඉඩ තිබිණි... අපේ බයියලාත් මේ අකුරු වලට පට්ට විදියට ඇන්දාහුය.. ( මාත් ඇතුලුව ) .. තවමත් අඳිති... " යදමින් බැඳ විලංගු ලා " කියනකොට අපේ ලේ තාමත් නටනවාය... අන්තිමට මේ පොළවේ සැබෑ යොවුන් අරගල කරුවන්, අරගල කාරියන් ටයර් සෑ වල, කැලෑ කුට්ටිවල, නිහඬව, නිරුවත්ව අවසන් ගමන් යද්දී ඉන්දියාවට එහෙම පැනගෙන මීක් නැතුව සිටි මේ වාහෙලා සටන් අවසන් වූ පසුව ටික කළකින් යළිත් පෙනී සිටියෝය.. ඉන් පසුව එළඹියේ උතුරේ පීඩිතයන්ගේ නැගිටීම වෙනුවෙන් අඬන සමයයි.. ඒකත් ඇන්ටි සහ අන්කල් ගජරාමෙට අළෙවි කරගත්හ... චන්ද්‍රිකා නැන්දා සාමය ගෙනවිත් මංගල සමරවීර අන්කල් සහ ඩිලාන් අන්කල් සාම තවලම් යනවිට අන්කල් සහ ඇන්ටි ඒ සාම සමය විකුණාගත්හ.. පසුව රනිල් වික්‍රමසිංහ අන්කල් එයාගේ අමුතු සාමය ගෙනාවිට මේ ඇන්ටි "මේ සිංහල අපගෙ රටයි" සින්දුව කීම ගැන තමා ලැජ්ජා වෙනවා යැයි කියා ඇඬුවාය.. ඉන් පසුව රනිල් අන්කල්ගේ ආණ්ඩුව සංවිධානය කළ සාම ප්‍රසංග වල පෙනී සිටියාය... අවසානයේ පැමිණි මහින්ද අන්කල් කොටින්ට නෙළා යුද්දය අවසන් කළ පසුව මේ ඇන්ටී "කඳ දෙවියෝ රණ බිම් මැද - බළ සෙනඟට මල් පිදූහ.." කියා සින්දුවක් කීවේය... සිරාවට උමාරියා උඹලගෙ පරම්පරාවේ සින්දු කියන ලොල්ලන් සහ ගූ මුට්ටි මට පේන්න බැරි උනත්, උඹලා නම් තවම මේ වගේ වැඩ කර නැත... උඹට නම් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් බැරිය...

    ලංකාවෙ කළා කාරයන් කියා ගන්නා කට්ටිය අතර "මාර පොරවල් නැත"... ගස් නැති රටේ තුත්තිරි ගහත් අතු පතර විහිදා ගිය රූස්ස ගසක් ලෙස පෙනෙන්නා සේ අපට අමරදේව සීයාව පෙනේ.. වතාවක් ජාතික රූපවාහිනියට ඉන්දියාවේ සිට සංගීත ඔස්තාර් කෙනෙක් ගෙන්නුවේය.. ඒ ඔස්තාර් සමග සාකච්ඡාව මෙහෙයවන්න හරි හමන් මිනිහෙක් ජාතික රූපවාහිනියට නොසිටි නිසාදෝ අමරදේව සීයාව යෙදුවේය... අමරදේව සීයා පොරසේ "මෙන්න අපේ ගැයිය සහ තනු " කියා සීයාගේ සින්දුවක් කියා පෙන්නුවේය.. ලස්සන හිනාවක් පෑ ඉන්දීය ඔස්තාර් එතන තිබුණු සර්පිනාව ගෙන "ඕක අපේ අහවල් තනුව නොවැ" කියා ඒ තනුව සහ රාගය වාදනය කර පෙන්නුවේය.. අමරදේව සීයා ප්‍රමුඛ සකළ කලා වල්ලභයන්ට විනාඩි ගාණකට ඇඩ්‍රස් නැති වූ අතර බලා සිටි ජනතාවගේ ඇඳුම් ඇඟට නොදැනීම ලිහී දෙපා මුල පාත් වෙන්නා සේ දැනෙන්නට ඇත... රාමොන් මැග්සෙසේ සම්මානය අමරදේව සීයාට ලැබුනේ අපේ රටෙන් සීයාව රෙකමන්ඩ් කර යැවූ නිසා බව රටෙන් බහුතරය දන්නේ නැත... උන් හිතන්නේ පිලිපීනය සීයාට කරන සංගීතමය නමස්කාරයක් ලෙස මේ සම්මානය දුන්නා කියාය...

    ලහිරුලාගේ පරපුරේ හිපාටුවන්, පුලුන්නන්, ලොල්ලන් සහ කොපිකැට් කාරයන් අද මේ වගේ ඛේදජනක තත්වයකට මෙරට ඇදගෙන යාම ගැන ඇත්තටම පුදුමයක් නැත... අම්බ ඔස්තාර්ලාය, පොරවල්ය, මිනිස්සුය, කළා සද්දන්තයන්ය, මහා රූස්ස ගස්ය කියපු අයත් අන්තිමට බලපුවාම උත්තර භාරතීය සංගීතයෙන් යාන්තම් පෝර දමා මේ කාන්තාරයේ හිටවා ඇති කෙහෙල් පඳුරුය... එකම වෙනස වන්නේ පීචන් වාහෙලා බටහිර සංගීත රටාවේ බාළ අනුකාරක වන විට ඔස්තාර් වාහෙලා පෙරදිග සංගීත රටාවෙ බාළ අනුකාරක වීමය... මේ කාළකණ්නි කමෙන් ඩිංගක් හෝ මිදෙන්න පර්යේෂණාත්මක පියවරක් තබන්නට බය නොවූ අය අතළොස්සකි.. ලයනල් රන්වලයන් එයින් එක් අයෙකි...