තමාගෙන් පියාට තරමක් අසුබ තත්වයක් ඇති කරන කේන්දරයක් වුවද ධර්මනුකූල ජීවිතයකට කැමති ආගමික කටයුතු වලට නැඹරුවක් දක්වන සහ ජ්‍යෝතිෂ්‍ය වැනි විශයන් කෙරෙහි යම් කැමැත්තක් පවතින චරිතයකි.
උසස් අධ්‍යාපනය
විදේශගතවී ඉහල උසස් අධ්‍යාපනයක් ලබා ගනී.බොහෝ විට තම මනසේ ඇත්තේද එයයි.බිස්නස් මැනේජ්මන්ට් , මූල්‍ය කටයුතු හා සම්බන්ධ උපාදියක් සහ එහි දිගුවක් ලෙස උදා - මාස්ටර්ස් (එමෙස්සී , ම්බීඒ ) වැනි උපාධි පාඨමාලවක් හැදෑරීමට වාසනාව ඇත.
රැකියාව
විදේශයන් විදිශයන් හා සම්බන්ධ වන මූල්‍ය කටයුතු, මූල්‍ය කටයුතු විශ්ලේශනය වැනි රැකියාවක් පිළිබඳව කැමැත්තක් ඇත.එලෙසම එම අංශයේ රැකියාවක් ඔබගේඋසස් අධ්‍යාපන කටයුතු අවසානයේ දී ලැබෙනු ඇත. එවැනි රැකියාවක් හල උගත් අය සමඟ මිත්‍රශීලීව තම රැකියාව කරනු ලැබේ.විවිධ රටවල් හා තොරතුරු හුවමාරු (ඉන්ෆොමේෂන් මැනේජ්මන්ට් )වැනි කටයුතුද ගැලපේ.විදේශ සම්මන්ත්‍රන සඳහා සහබාගි වීමට අවස්ථා සැලසේ.
විවාහය
තම සහකාරිය බොහෝ විට විදේශයකදී හෝ උසස් අධ්‍යාපනය ලබන එසේ නොවේ නම් තමා රැකියාව කරන ස්ථානයකදී හමුවිය හැක.විශේශත්වය වන්නේ බොහෝ විට ඇයද ඔබේ රැකියාව හා සම්බන්ධව කටයුතු කරන තැනැත්තියකු විය හැක.පිටරට කෙල්ලෙකුටද කැමැත්තක් නැතුවාම නොවේ.
දැනට පවතින දශා කාලය
8 වැන්නේ කුජගේ මහ දශාවක් පවතී.ශරීර සෞඛ්‍යට සුබ නැත.මනස සංවර කර ගත යුතු කාලයකි.2015/5 න් පසු පියාට තරමක් අපල කාලයකි.තමාටද ශරීරයේ ලේ හා සම්බන්ධ අසනීප තත්වයක් ඇති විය හැක.