මචන්.. මගෙ ලග 32 එකක් තියෙනවා.. දැන් අවුරුද්දක් වෙනවා අරගෙන.. මගෙ නම් කිසි අවුලක් නැතුව එළටම වැඩ. ඕන ෆෝමැට් එකක් ප්ලේ වෙනවා.. මම කලේ ඔක්කොම ෆෝමැට් වලින් quality videos ටිකක් පෙන් එකකට අරගෙන ගිහින් ටීවී එකට ගහලා ප්ලේ කරලා බැලුවා. වැඩ කරා.. අරගෙන ගෙදර ආවා..
ටීවී එක පාවිච්චි කරන්නෙ නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා මචන්.. පොඩ්ඩක් තමන් ම හොයලා ගත්තානම් තමයි හොද..
තමන් ගෙ අවශ්‍යතාවය අනුව ගනින්. මම බැලුවෙ නම් මේව තමයි..
1. අපේ ගෙදර අය ටීවී බලන්නෙ හවස 6 -10 තමයි.. ඉතින් ඇහැට හොද ටීවී එකක් තමයි බැලුවෙ.
2. ටකරන් හඩ නැති ටීවී එකක්
3. වොට් ගාන අඩු ටීවී එකක් (සාක්කුවටත් හොද වෙන්න ඕන නෙ)
4. මිළ :
සාමාන්‍යයෙන් මේ ටීවී එක රු. 42,000/- කට වගේ ගන්න පුලුවන්. (wasi.lk එකෙන් ගන්නවා නම් හොද ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්. මගෙ යාලුවෙක් තමයි සයිට් එක කරන්නෙ). සැම්සුන් හෝ LG එකක් නම් බොහොම බේසික් එකක් රු. 61,000/- වත් වෙනවා. මටනම් එහෙම ටීවී එකකට රු. 20,000/- වැඩිපුර වැය කරන එක කොහොමවත් සාධාරණයි කියලා හිතුනෙ නැහැ. මම පාවිච්චි කරන වෙලාව, අරමුණ එක්ක මත ඒ ගාන කොහ්මොඅවත් ගෙවන්න හිතුනෙ නැහැ. ඒකයි මම ඉනොවෙක්ස් එකක් ගත්තෙ.
අනික දම්රෝ warrantyඑක තියෙන නිස බයවෙන්න දෙයකුත් නැහැ.. මීට කලින් දම්රෝ එකෙන් Washing Machine එකකුත් ගත්තා. දැන් අවුරුදු 2 හමාරක් වෙනවා. තාමත් ගින්දර වගේ වැඩ..
මම නම් කියන්නෙ, නමට බොරුවට ගෙවන්න එපා.. Features වැඩිනම් ගෙව්වට කමක් නැහැ කියල හිතෙනවා නම් ගෙවන්න..
තීරණය උබේ.
ආයෙත් කියන්නෙ, පාවිච්චි නොකරන උන් කියන බයිලා අහන්න එපා..