උදව්වක් ඕනේ. (බෞද්ධයන්ගෙන්) ..!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උදව්වක් ඕනේ. (බෞද්ධයන්ගෙන්) ..!

    ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන...
    කියන වචන වල තේරුම දන්නවනම් හරි තේරුම් කරල දෙන දේශනාවක් හරි තියෙනවනම් කියල දෙනවද?

    තෙරුවන් සරණයි...!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආ ගයාන් අයියේ කොහොමද? :)
    දැන් වැඩිය දකින්නේ නැහැ කට්ටියව.


    :)
    ඉන්නවා ඉන්නවා මල්ලි ඉදලා හිටලා එනවා:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉන්නවා ඉන්නවා මල්ලි ඉදලා හිටලා එනවා:)

    මමත් වැඩිය ElaKiri Talk! එකට එන්නෙ නැහැ. ඒ නිසා කට්ටියව හම්බෙන්නෙත් නැහැ වැඩිය :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් වැඩිය ElaKiri Talk! එකට එන්නෙ නැහැ. ඒ නිසා කට්ටියව හම්බෙන්නෙත් නැහැ වැඩිය :)
    කාලය තම්යි ප්‍රශ්නය නෙද?:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර
    කියන්නෙ නාම රූපය බන්.. මේක බලහන්..


    ‘‘කතමඤ්‌ච , භික්‌ඛවෙ, නාමරූපං? වෙදනා, සඤ්‌ඤා, චෙතනා, ඵස්‌සො, මනසිකාරො – ඉදං වුච්‌චති නාමං. චත්‌තාරො ච මහාභූතා, චතුන්‌නඤ්‌ච මහාභූතානං උපාදායරූපං. ඉදං වුච්‌චති රූපං. ඉති ඉදඤ්‌ච නාමං, ඉදඤ්‌ච රූපං. ඉදං වුච්‌චති, භික්‌ඛවෙ, නාමරූපං
    මහණෙනි නාමරූපය කුමක්ද? වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර යන මේ නාමය හා මහා භූත රූප හතරත් සතර මහා භූතයන්ගේ උපාදාය රූපත් යන මෙය රූපයයි. මෙය නාම රූපය වෙයි.

    මේසේ පෙර භවයෙන් ජනිත වූ අවසන් විඥානය නව භවයක කර්මයට අනුරූප වන රූප ස්කන්ධයක් හා සමිබන්ධව පහලවීම සිදුවූ විටක දී නාමය හා රූපය ඇති වනවා. මවගේ හා පියාගේ සෛල එකතු වී යුක්තානුව නිර්මාණය වීම තුලින් රූපස්කන්ධයේ පහලවීම සිදුවන බව ඔබ දන්නා බැවින්, මෙසේ සත්ත්වයෙක් මියයන අවස්ථාවේ දී, ඔහු අවසන් වශයෙන් රුස්කරන ලද සංස්කාරයන්ට අනුරූපව මේ යුක්තානුව නමි රූපස්කන්ධය අල්ලාගෙන විඥානය පහල විම සිදුවනවා. මේ විඥානය වැඩිමෙන් වේදනා, සංඥා, (චේතනා, ඵස්ස) විඥාන, (මනසිකාර) සංඛාර වශයෙන් නාමස්කන්ධ සතරත්, යුක්තානුව වැඩිමෙන් රූපස්කන්ධයත් පහල වීම සිදුවනවා. මේ ආකාරයෙන් විඥානය නිසා නාම රූපයන්ගේ ඇතිවිම සිදුවනු ඇත.

    සංඛාර, විඥාන ස්කන්ධය

    විඥාන ස්කන්ධය
    චක්ඛායතනය හා එහි අරමුණ වන රූපයන්ම උදාහරණයට ගතහොත්. ඇස රූපයක් හා ගැටුන පසු ඔබට “පෙනෙනවා” යන දැනීම එසේත් නැතහොත් පෙනීම යන සංවේදනය ඇතිනොවූයේ නමි පෙනීමක් ද ඇති විය නොහැක. අන්ධ පුද්ගලයන්ට ඇස් පවතින නමුත් ඔවුන්ට නොපෙනෙනුයේ, චක්ඛායතනය රූප නැමති අරමුණෙහි ගැටීම තුලින් “පෙනීම” යන දැනීම ඔවුන්ට ඇතිනොවන බැවිනි. මෙසේ පෙනීම ඇති කර දෙන්නාවූ මෙම “දැනීම” යන්න හැදින්වීමට විඥානය යන පදය භාවිතා කරනු ලබනවා. මේ ආකාරයෙන්ම චක්ඛායතනයෙන් රූප අරමුණු කර ගනිමින් උපදින දැනීම චක්ඛු විඥානය ලෙසත්, සෝතායතනයෙන් ශබිද අරමුණු කරගනිමින් උපදින දැනීම සෝතවිඥානය වශයෙනුත්, මෙසේම නාසය, දිව, ශරිරය, මනස ඒ ඒ අරමුණු ලබමින් උපදින් විඥාන පිළිවලින්, ඝාන විඥාන, ජිව්හා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන යන වදන් භාවිතා කරමින් හදුන්වනු ලබනවා. මේ ආකාරයෙන් ඇසට යමි රූපයක් පෙනෙනා විට දී, කණට ශබ්දයක් ඇසෙනාවිට දී, නාසයට ගඳක් සුවඳක් දැනෙනා විට දී, දිවට රසයක් දැනෙනාවිට දී, කයට යමක් ස්පර්ශ වන විට දී හා මනසට විවිධ අරමුණු හමුවන විට දී විඥාන පහළවනවා. ජීවිත කාලයක් තුල මෙවැනි විඥාන අනන්ත ප්‍රමාණයක් ඇතිවන නිසා මෙසේ අතීතයේ ඇතිවූ විඥානත්, අනාගතයේ ඇතිවන විඥාන හා මේ මොහොතේ ඇතිවන විඥාන යන සියල්ලම එකරාශි කර විඥාන ස්කන්ධය වශයෙන් හදුන්වනු ලබනවා.

    සංඛාර ස්කන්ධය
    මෙසේ රූපාදී අරමුණු ගනිමින් විඥාන, සංඥා සහ වේදනා යන ස්කන්ධයන්ගේ පැවැත්ම ඇති විට දී, අරමුණු පිළිබඳව සිතුවිලි ඇතිවීම සිදුවනවා. මෙම සිතුවිලි සංඛාර යනුවෙන් හදුනුවනු ලබනවා. මෙසේ ඇතිවන්නාවූ සිතුවිලි රූප පිළිබඳ සිතුවිලි, ශබ්ද පිළිබඳ සිතුවිලි, ගන්‍ධ පිළිබඳ සිතුවිලි, රස පිළිබඳ සිතුවිලි, කායික ස්පර්ශිත දේ පිළිබඳ සිතුවිලි හා සිතට දැනෙන අරමුණු පිළිබඳ සිතුවිලි වශයෙන් සආකාර වීමට හැක.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඵස්ස (ස්පර්ශය) :)

    වේදනා :)

    සංඥා :(:(:( :rolleyes::rolleyes:උඩ කොටස් ගත්තු තැන සංඥා වලට පැහැදිලි කිරීමක් නැත. එබැවින් මේ ලිපියත් කියවා සංඥා ගැන අවබෝදයක් ලබාගන්න.

    සංඛාර

    විඤ්ඤාණ

    ඔබට සම්මා සම්බුදු සරණයි...!!!
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර
    කියන්නෙ නාම රූපය බන්.. මේක බලහන්..



    සංඛාර, විඥාන ස්කන්ධය


    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මහණෙනි නාමරූපය කුමක්ද? වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර යන මේ නාමය හා මහා භූත රූප හතරත් සතර මහා භූතයන්ගේ උපාදාය රූපත් යන මෙය රූපයයි. මෙය නාම රූපය වෙයි.

    මහා භූත රූප හතරත් සතර මහා භූතයන්ගේ කියන්නේ මොකක්ද?
    මහා භූත රූපයි සතර මහා භූතයින් කියන්නෙ දෙකක්ද?

    සතර මහා භූතයින් කියන්නෙ ආපෝ, තේජෝ, වායෝ, පඨවි නේ.

    එතකොට මහා භූත රූප හතර කියන්නෙ මොනවද?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර
    කියන්නෙ නාම රූපය බන්.. මේක බලහන්..




    සංඛාර, විඥාන ස්කන්ධය



    ඵස්ස (ස්පර්ශය) :)


    වේදනා :)


    සංඥා :(:(:( :rolleyes::rolleyes:උඩ කොටස් ගත්තු තැන සංඥා වලට පැහැදිලි කිරීමක් නැත. එබැවින් මේ ලිපියත් කියවා සංඥා ගැන අවබෝදයක් ලබාගන්න.


    සංඛාර


    විඤ්ඤාණ


    ඔබට සම්මා සම්බුදු සරණයි...!!!

    මේවා කියවනකොට තමයි තේරෙන්නෙ සත්‍ය සොයාගන ආපු අපි මාරයාගේ වසඟයට යටත් වෙලා ලෞකික ජිවිතයට ආස කරමින් ජිවිතේ වැඩි කාලයක් අපතේ හැරලා නේද කියල.

    දෙන්නටම,
    තෙරුවන් සරණයි...!!!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    BUMP machan.
    Machan issara umbe avatar ekata umbe mune photo ekakda daagena hitiye? Mata uwa mathakai. e umbada kiyala sure na. api bhawanawa gana discuss kala tikakalekata kalin. e umbada ban?