විපස්සනා බාවනව ගැන වෙලා තිබ්බොත් කියල දෙන්න ,,,මට pm එකක් හරි දාන්න ...
අනිත් ප්‍රශ්නේ ...කෙනෙක්ට පුලුවන්ද ...මම බුදුන් වෙනවා කියල හිතල ඒකට සුදානම් වෙන්න ....නැත්නම් ඒකට තොර ගත්ත පුද්ගලයෙක් ම පහළ විය යුතද ....( මම රෝමාණු කතෝලිකයෙක්)
විපස්සනා භාවනා ගොඩක් තියෙනවා. මම ඔයාට කරන්ඩ පුළුවන් පොඩි එකක් කියන්නම්.
ඔය ඔයාගේ අගේ තියෙන හැම අවයවයක් ගැනම වෙන වෙනම මෙහෙම හිතන්ඩ. මම ඇස ගැන විතරක් කියන්නම්.
මගේ ඇස හැදිලා තියෙන්නේ පටවී (තද ගතිය), අපෝ (ද්‍රව ස්වබාවය), තේජෝ (රස්නය), වයෝ (වාතය) වලින්. මගේ ඇසෙ තියෙන පටවී (තද ගතිය), අපෝ (ද්‍රව ස්වබාවය), තේජෝ (රස්නය), වයෝ (වාතය) ධාතුන් හා භාහිර පරිසරයේ ඇති පටවී (තද ගතිය), අපෝ (ද්‍රව ස්වබාවය), තේජෝ (රස්නය), වයෝ (වාතය) ධාතුන් අතර කිසි වෙනසක් නැත. එම නිසා ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ.
මේ විදියට කන, නාසය, දිව, ශරීරය කියන ඔක්කොම ගැන හිතන්ඩ. එතකොට ඔයාට ශරීරය ගැන තියෙන ආසාව අඩු වෙයි. මේ ටික අයිති වෙන්නේ රූප වලට (කයට). මෙටික කරලා ඉවර වෙලා සිත (නාම) ගැනත් මේ වීදියට විශ්ලේෂණය කරලා බලන්ඩ ඕන. එක මිට වඩා ටිකක් අමාරුයි.
උදාහරණයක් විදියට අපි tv එක ගැන හිත හිත ඉදල ගහක් ගැන හිතද්දී tv එක ගැන හිතපු හිත නැති වෙලා යනවා. ගහ ගැන අලුත් හිත් පරම්පරාවක් ඇති වෙනවා. එකේ tv එකක් නෑ. එක වර හිත් දෙකක් ඇති වෙන්නේ නෑ. කලින් ඇති වෙච්ච හිතක් අය ඇති වෙන්නේ නෑ. ඒ වගේම අලුත් හිතක් ඇති වෙන්නේ. එක නිසා සිත මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියල භාවනා කරන්ඩ ඕන.
ඕන කෙනෙක්ට බුදු වෙන්න පුළුවන් (මයිත්‍රී බුදුහාමුදුරුවෝ නෙමේ. තව කල්ප කාලාන්තරයකට පස්සේ).
හැබැයි එහෙම නියත විවරණ ලබන්නේ බුදු කෙනෙකුගෙන්.
එක තමා ලෝකේ තියෙන අමාරුම දෙය. එකට කල්ප ගණන් පුරුදු වෙන්ඩ ඕන. පාරමී පුරන්ද ඕන. නමුත් ඊට වඩා ගෙඩක් ලේසියෙන් නිවන් දකින්ඩ පුළුවන්. ඒ දකින නිවනෙයි බුදු උනාම ලබන නිවනෙයි කිසි වෙනසක් නෑ.
Last edited:









