මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    -----sex----love-----hobby----tasty-----noyekuth asavan--------meva thrusna vala varga thama-------THRUSNA = KAMA THANHA, BAVA THANHA, VIBAVA THANHA.

    ඔය ඔක්කොම කාම තන්හා වලට අයත් වෙන්නේ පස්කම් සැප ඇස ,කන,නාසය,දිව,ශරිරය පිනවීම කාම තන්හා කියන්නේ ඔකෙන් එකක් විතරක් නෑ කියලා රහත් වෙන්නේ නෑ . දැන් ඔය කිව්ව ලිංගික දුර්වලතාවය තිබ්බට ඔය පංච ඉන්ද්‍රියන්ගෙන් සැප ලබා ගන්නවා ඇසට ප්‍රිය දසුන් බලන්න පෙලබෙනවා ඇස පිනවනවා ,සිංදු අහනවා කන පිනවනවා ,සුවද ඇති දේ ‍නැවත නැවත සුවද බලනවා නාසය පිනවනවා ,දිවට රස රස ආහාර අරන් දිව පිනවනවා ,ශරිරයට විවිධ විවිධ සැප ලබාදෙනවා එකෙන් එකක් තමයි ලිංගික සතුට එකක් විතරක් කරන්න බැරි වුනාට තෘෂ්නාව නැතිවෙන්නේ නෑ.

    භව තන්හා කියන්නේ භව තන්හා නම් ආත්මය පිළිබඳ ආශාවයි. මේ භවයේ දී නොව මතු සංසාර උපදින භවයන් තුළ සැප විඳීමේ ආශාව යි.

    විභව තණ්හා නම් මේ භවයෙන් ජීවිතය කෙළවරවන නිසා උපරිම සැප මේ භවය තුළදී විඳිය යුතුය යන්න ය. මේ තුන් ආකාර වූ තෘෂ්නාව නිසා දුක ඇතිවේ
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    01. ධාතු පරිනිර්වාණය magic සංදර්ශනයක් වගේ දෙයක් වගේ විස්තරවල හැටියට
    02. ධාතුන් වහන්සේලාට ඒ වගේ සංදර්ශනාත්මක දෙයක් කිරීමට බලයක් ලැබුනේ කෙසේද?
    03. මේ ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවද?

    එහෙනම් මචන් සිදුහත් උපතත් මැජික් ස්ංදර්ශනයක් වගෙ වෙනවනෙ.. බුදුන් වහන්සෙ බුද්දත්වය ලබා ගන්න සාරසංකෙය්යෙ කල්පලක්ෂයක් පෙරුම් පිරුව නෙ, ඉතින් මෙවැනි දෙ වෙන්න බැරිද? අපි මෙ දෙවල් පිලිගනෙ නැ කියන්නෙ බුදුන් කෙරෙහි තියෙන ශ්‍රද්දාව නැහ කියන එකනෙ. ශ්‍රද්දව ත්මයි ප්‍රඥවෙ දොර‍ටුව වෙන්නෙ..

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සක්කාය දිට්ටිය දුරු කරගන්න එක තමයි ඔතන අමාරුම වැඩේ.. :(
    එකට තමයි මම අර
    ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන ගැන ඇහැව්වේ..
    තේරෙන්නෙම නැහැ එතන.

    ඵස්‌ස කියන්නේ රුපයකට (රුපයක් කියන්නේ මෙතන රුපයකටම නෙමේ, රූප ශබ්ද ගන්ඩ රස ස්පර්ශ යන ඕන එකකට)
    රුපයක් දැක්කහම වේදනාව ඇති වෙනවා. සැප හෝ දුක් වේදනාවක්. මේක වෙද්යාවෙන් උනත් කිවහැකි. ඇහැට රුපයක් දැක්කහම ඇහේ එක එක සංවේදී තැන වල වේදනාවක් ඇතිවෙලා එක මොලයට යනවා. කනෙත් එහෙමයි. නහයේත් එහෙමයි, දිවෙත් එහෙමයි කයේත් එහෙමයි හිතෙත් එහෙමයි (හිතට එක එක දේවල් හිතෙද්දි ඒක වේදනාවක්. සිතුවිලි තමා රූපය එතකොට සිතේ)
    ඊගාවට සංඥාවක් ඇති වෙනවා (වේදනාවල් වලට අනුව, වේදනාවල් (රුපයක් නම් පාට) මොලයට ගියාට පස්සේ). ඒ කියන්නේ මේ දැක්කේ car එකක් මේ දැක්කේ tv එකක් මේ දැක්කේ මලක් කියල.
    ඉගාවට සංඛාර ඇති වෙනවා මේ ක සැප දෙයක් නම් එකට ආශාව ඇති වෙනවා. නැවත නැවත ගන්ඩ හිතෙනවා. මේක දුක් දෙයක් අයින් කරනවා.
    ඉගාවට සංඛාර වලට අනුව ඒවා නැවත නැවත ලබාගන්ඩ පුළුවන් ආකාරයට සිත (විඥාන) සකස් වෙනවා. ඒ කියන්නේ නැවත උපදිනවා. ඒ උපදිද්දී ඇසට රූප ලබාගන්ඩ පුළුවන් හැකියාව (විඥාන) ආදී විඥාන හටගන්නවා.

    මෙවයෙන් රහත් වෙච්ච කෙනෙක්ට ඇතිවෙන්නේ වේදනා, සංඥා දෙක විතරයි. එක නිසා ඊලගට විඥාන සකස් වෙන්නේ නෑ. ඒ කියන්නේ උපදින්නේ නෑ.
     
    • Like
    Reactions: KPZ

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    --------Oba kiyana samahara deval piligannava. Buddhism valata vitharak neve Muslim , Christian, Siyalu denama, Yakkchha kara kara idhala, Gatha kiya kiya idhala hariyanne naha. Ehema yaccha karala problems lesiyen solve karanna puluwan nam, world eka kocchara sundara vevidha ? For example, Yaccha karala leda sanipa karanna puluwandha ? Ehemanam minisun amaraniya thatvayata path karanna puluwan. Hospital ona naha . Marenna yana leda va ambulance eken palliyata ara gena gihilla yaccha kalama marenne naha. Allah pana denava. Athakota muslim Christians la kavadavath marenne naha. Boru nedha , ehema marenne nathiva inna puluwandha ?? Ath Budun vahanse kiwwe naha, Gatha kiyala , pilima vadala Nivan yanna puluwan kiyala.

    මැරෙන්නේ නැතිව ඉන්ඩ නම් බෑ. බ්‍රහ්මයෙක් උනත් කල්පයක් ගිහින් හරි මැරෙනවා. නිවන් දැක්කොත් බව්තික දේවල් වලට සම්බන්ද නැති නිසා විනාශ වෙන්ඩ දෙයක් නෑ.
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමහරුන්ට භූතයෝ අගට ඇවිත් කරදර කරනවා. ඒවගේ අයව සුවපත් කරන්ඩ පුළුවන් ඒ වගේම එට වඩා බලවත් භූත / දේව ආත්මයකින්. පන්සල් වල බෝදියවල් ගාව බලගතු දේව කොටස් ඉන්නවා. ඒවගේ තැන වලට අපිරිසිදු භූත අතම වලට එන්ඩ බෑ. ඒවගේ තැන වලට ගිහාම සිත නිදහස් වෙන්ඩ එකත් එක හේතුවක්.
    තව භාවනා පුරුදු කරපු කෙනෙක්ගේ ඇගේ තියෙන එන්සයිම සන්ද්‍රනයේ පවා වෙනසක් තියෙනවා. ඒවා ගොඩක් හිතකර විදියට වෙනස් වෙලා තියෙනවා. එක නිසා හිමාලය වගේ තැන වල හිත ගොඩක් දියුණු කරපු අය අවරුදු දහස් ගණන් හිටන් ඉන්නවා. බුදුහාමුදුරුවන්ට උනත් කල්පයකට අසන්න කාලයක් හිටියහැකි කය විනාශ නොවී.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Dan srilankave inna hamoma vage kiyanava----TRUSNAVA NATHI KALAMA NIVAN YANNA PULUWAN KIYALA. ATHAKOTA SEX PATIENT KENEK GATTHOTH, LEDA SEX VALATA TRUSNAVAK NAHA. ASAVAK NAHA. ATHAKOTA, MEA LEDA[PATIENT] RAHATH VELADHA ?

    ආසාවල් තියෙන්නේ sex වලට විතරද? ඒ ලෙඩට රස කමක් දුන්නොත් කන් නැද්ද? අයෙ නිරෝගිව ඉපදෙන්ද කැමැති නැද්ද? ලස්සන දේවල් දකින්ඩ කැමති නැද්ද?
    ලොබ ද්වේශ මෝහ නැද්ද?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    sex kiyana trusna vargaya nathi karala Nivan magata pivisiladha ?

    ----Trusnava kiyanne sex vitharak neve. Ath mama ahanne patient[leda] Nivan margayata pivisiladha ? Muslim kenek gamuko, sex feel venne naha kiayala hithamu. Asanipayak nisa, Manasika or Kaika. Athakota mea muslim manusyage , sex kiyana trusna vargaya vinasa vela nivan margayata [way] ekata pivisiladha ?

    එහෙම පිවිසිලා නෑ. ලෙඩෙක් නෙමේ, හොදට මයිත්‍රී භාවනා කරලා කල්පයක් යනකන්ම කිසිම ආශාවක් තණ්හාවක් නැති කරලා දාන්ඩ පුළුවන්. එත් කවද හරි අයෙත් මතු වෙනවා. එක නිසා ඒවා නැති කරන්ඩ ඕන අවබෝධයෙන්. මෙන්න මේ වගේ:

    මම එකක් විතරක් උදාහරණය කින් පෙන්නේන්නම්:
    මම පෙන්නේන්නම් ඔයාලගේ ගෙදර තියෙන tv එක්කයි ඔයාලගේ හිතේ තියෙන tv එකයි දෙකක් කියල.
    ඔයාල වෙන කොහේ හරි ගිහින් ඉද්දි ඔයාල හිතං ඉන්නවා tv එක ගෙදර හොදට තියෙනව කියල. එත් ඒක කව්රු හරි පොලේ ගහල කුඩු කරලා තිබ්බොත් ඔය ගෙදර එනකන්ම හිතන් ඉන්නේ tv එක හොදට තියෙනවා කියල. එකේ තේරුම ඔයාල හිතන් හිටපු tv එකයි ඇත්ත tv එකයි දෙකක් කියල. ඒ කියන්නේ ඔයාල tv එක කියල හිතන් ඉන්නේ ඔයාලගේ හිතේ තියෙන දෙයකට මිසක් ඇත්ත tv එකට නෙමේ. ඇත්ත tv එක නම් tv එක කුඩු වෙද්දී ඔයාලගේ හිතේ තියෙන tv එකත් නැති වෙන්ඩ ඕන.
    මෙන්න මේ විදියට බාහිර දේවලුයි අගේ තියෙන දේවලුයි ඔක්කොම ගැන හිතන්ඩ ඕන. (අගේ තියෙන දේවලුත් එහෙම තමා, සමහර විට අපි දන්නෙම නෑ අපේ වකුගඩු නරක් වෙලා). හිතත් එහෙමයි. අපි tv එක ගැන හිත හිත ඉදල ගහක් ගැන හිතද්දී tv එක ගැන හිතපු හිත නැති වෙලා යනවා. ගහ ගැන අලුත් හිත් පරම්පරාවක් ඇති වෙනවා. එකේ tv එකක් නෑ. එක වර හිත් දෙකක් ඇති වෙන්නේ නෑ. කලින් ඇති වෙච්ච හිතක් අය ඇති වෙන්නේ නෑ. ඒ වගේම අලුත් හිතක් ඇති වෙන්නේ. එක නිසා හිතින් කල්පනා කර කර ලොබ කරන්ඩ දෙයක් නෑ නැති දේකට.
    මද්ද්යස්ත් හිතක් තියෙන විවුර්ත ඕනෑම ඕනෑම ආගමක ඕනෑම කෙනෙක්ට මෙටික ඇති පටන් ගන්ඩ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Aka nisa Nivan avaboda kara gatha hakke THRUSNAVA VINASA [DESTROY] KIRIMEN NOVA , Nivan avabodha kala hakke TRUSNAVA ABIBAVA [OVERCOME] KIRIMENI.

    තෘෂ්ණාව විනාශ කරනවා කියන්නේ මොකක්ද? බාහිර හේතු (ගෑනු, අහවල් එක) නැති කලා කියල තෘෂ්ණාව නැති වෙන්නේ නෑ. කවද හරි අය ඒ හේතු ඇති උනොත් අයෙත් ඒ තෘෂ්ණාව ඇති වෙනවා. ඔය ලෙඩා හොද උනොත් අයෙ ඕක ඇති වෙනවා. තෘෂ්ණාව විනාශ කරනවා කියන්නේ බාහිර හේතු තිබ්බත් තෘෂ්ණාව ඇති නෙවි ත්බිම. ඒ සදහා නිවැරදි දහිම අවශ්‍යයි. තෘෂ්ණාව ඇති වෙන්නේ වැරදි දැකීමෙන්. මේ කෙල්ලෙක්. මෙය ලස්සනයි වේගේ වැරදි දැකීමෙන් තමා තෘෂ්ණාව ඇති වෙන්නේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Mama tharamak durata mind eka develop kalapu kenek , Mata pilivani oba hata podi prathiharryak panna.

    ඔබ කියන දේ මම නොදනිමි. නමුත් මෙතැන ප්‍රාතිහාර්ය පෑමට අවශ්‍ය නැත. එක වෙනම පැත්තක්. මෙතන ගැටළු නිරාකරණය කිරීම පමණක් කරමු.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ade waradi nan niwaradi karapan aaa.. niwanan kiyala kiyanne kisima dekata alenne na kiyana eka ne ban.. sex unath ehemane.. eken karanne shareeraya saha manasa pinaweema kiiyana ekane.. ethakota niwana awaboda karagaththama owwa passe elawanne na ne.. feelings nathuwa nemei.. ewwa passe gihilla therumak na kiyala awabodayen dakinawa wage seen 1k ne ban..?

    ඔව්, ඒක වෙන්නේ මෙහෙමයි: ඔයා ඇත්තම කියන්ඩ, ඔය කවද හරි ඇත්තම සැපක් විදලා තියෙනවද?
    ඔයා සැපයි කියල කරලා තියෙන්නේ වෙන අය සැපයි කියල කියන දේ නේද? ඒ දේවල් කරද්දී වත් කරලා ඉවර උනාට පස්සේ වත් ඔයාට සැපක් දැනිල තියෙනවද ඇත්තටම?
    එහෙම සැපක් දැනිල තියෙනවනම් එක නොලැබෙන වෙලාවට දුකක් එන්නේ නැද්ද?
    අනික මේ ලෝකේ තියෙන ඔය පොඩි සැප මෙට්ට, car, tv, computer ගන්ඩ අපි කල්ප ගානක් අපායවල් වල ඉදල තියෙනවා. ඒවගේ තියෙන දුක් එක්ක බලද්දී ඔය පොඩි සැප ගන්න එක මෝඩ වෙඩක්.
    අනික ඔය සැපක් කියල කියන්නේ පිච්චිමක් විතරයි. එක අපේ මොලයට දන්නෙන දෙයක් විතරයි. උදාහරණයක් විදියට, රස කෑමක් කද්දී මොලයට සහනයක් වගේ දෙයක් දැනෙනවා. එත් අපි මැරුණම මොලේ දාල යනවා. එතකොට තේරුමක් තියෙනවද?
    ඔය පාරේ යද්දී නිලියක් දැක්කොත් ඔයාට පිච්චිමක් එන්නේ නැද්ද. ඔය අයිති කරගන්ඩ යන්නේ නැද්ද? එහෙම බෑ කියල හිතුනම දුකක් එන්නේ නැද්ද?
    ඔය කිසි පිච්චිමක් නැතිව, සැප දුක් නැතිව එක විනාඩියක් හරි ඉදල තියෙන කෙනෙක් දන්නවා එකේ කිසි දුකක් නෑ කියල. එකේ තියෙන ප්‍රනීත බව දන්නවා. එහෙම කෙනෙක්ට මොකක් දුන්නත් අයෙ අපහු එන්නේ නෑ.

    සැප ඕන කියල හිතන තාක් කල් දුක තියෙනවා. එක වෙන්නේ මෙහෙමයි:
    ඵස්‌ස කියන්නේ රුපයකට (රුපයක් කියන්නේ මෙතන රුපයකටම නෙමේ, රූප ශබ්ද ගන්ඩ රස ස්පර්ශ යන ඕන එකකට)
    රුපයක් දැක්කහම වේදනාව ඇති වෙනවා. සැප හෝ දුක් වේදනාවක්. මේක වෙද්යාවෙන් උනත් කිවහැකි. ඇහැට රුපයක් දැක්කහම ඇහේ එක එක සංවේදී තැන වල වේදනාවක් ඇතිවෙලා එක මොලයට යනවා. කනෙත් එහෙමයි. නහයේත් එහෙමයි, දිවෙත් එහෙමයි කයේත් එහෙමයි හිතෙත් එහෙමයි (හිතට එක එක දේවල් හිතෙද්දි ඒක වේදනාවක්. සිතුවිලි තමා රූපය එතකොට සිතේ)
    ඊගාවට සංඥාවක් ඇති වෙනවා (වේදනාවල් වලට අනුව, වේදනාවල් (රුපයක් නම් පාට) මොලයට ගියාට පස්සේ). ඒ කියන්නේ මේ දැක්කේ car එකක් මේ දැක්කේ tv එකක් මේ දැක්කේ මලක් කියල.
    ඉගාවට සංඛාර ඇති වෙනවා මේ ක සැප දෙයක් නම් එකට ආශාව ඇති වෙනවා. නැවත නැවත ගන්ඩ හිතෙනවා. මේක දුක් දෙයක් අයින් කරනවා.
    ඉගාවට සංඛාර වලට අනුව ඒවා නැවත නැවත ලබාගන්ඩ පුළුවන් ආකාරයට සිත (විඥාන) සකස් වෙනවා. ඒ කියන්නේ නැවත උපදිනවා. ඒ උපදිද්දී ඇසට රූප ලබාගන්ඩ පුළුවන් හැකියාව (විඥාන) ආදී විඥාන හටගන්නවා.

    සැප ඕන නෑ කියල හිතපු කෙනෙක්ට සංඛාර එන්නේ නෑ. ඒ කියන්නේ ඇසෙන් රූප බලන්ඩ පුළුවන් විදියට අය කවදාවත් ඇසක් සකස් වෙන්නේ නෑ. අනික් හැම එකක් මත මෙහෙමයි. ඒ කියන්නේ අයෙ කවදාවත් feelings එන්ඩ මාර්ග හැදෙන්නේ නෑ. ඒ වගේ කෙනෙක්ට දුකක් නෑ. සැපකුත් නෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒව සියල්ලම මිනිසුන්ගෙ ප්‍රශ්නනෙ. මිනිසා බිහිඋනේ මෙහෙමයි කියනව ඒක හරි කියල පිළිගන්නවනෙ කට්ටිය එතනින් එහාට කියල දෙන්න ඕනි නැද්ද ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ කියල.

    ඒ කිසිම තැනක දේශනා කරල නෑනෙ ඇයි හරක් කොච්චර කෑම තිබ්බත් තණකොළම කන්නෙ කියල ඒක මිනිස්සුන්ට ආදාල නෑනෙ.

    මට උනත් ප්‍රශ්නයක් ඇතිවෙනවනෙ මහබඹාගෙන් නෙවෙයි ඉපදුනෙ කියල කිව්වම එහෙනන් කොහොමද මේ දේවල් සිද්ද වෙන්නෙ ඇයි අපිට රාගය ඇතිවෙන්නෙ ඒක දෙවියන්ගෙ කැමැත්ත නිසා වෙන්න ඇති කියල හිතෙනවනෙ ඒ එන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු දේශනා කරා ඇරෙන්න සත්තු ගැන උනන්දුවක් නැති අයට ඇයි සත්තු මෙහෙම ඉන්නෙ කියල කියන්න ඕනි නෑනෙ.
    අනික ඔච්චර හරියටම ඔය දේවල් පරීක්ෂණ කරන්නෙ නැතුව පොසිල බලන්නෙ නැතුව හොයා ගත්ත නන් ඉතුරු ටිකත් නොදැන ඉන්න බෑනේද?

    හප්පච්චියේ කිව්වට හරියන්නෙ නැහැ ඒක තමයි තේරෙන සිංහලෙන් මම කිව්වෙ තේරුම් ගන්න බැරිද උත්සයක් නැද්ද කියන එක නම් ඉතින් මට අදාල කාරණයක් නෙවේ..
    දැන් ආයෙත් කියන්නම් කල්පයක් කියන්නෙ සන්ක්‍යාවකින් මෙච්චරයි කියල විස්තර කරන්න අපහසු අවුරුදු ප්‍රමාණයක්..

    භද්‍ර කල්පය කියන්නෙ බුදු රජාණන් වහන්සේලා පස් දෙනෙක් පහල වෙන කාලය..

    |0____________1|____________2|____________3|______ _____45|____________6|

    ඔය කල්පය කියල අපි නිකං හිතා ගත්තොත් ඔය 4-5 අතර තියන කාලය තමයි ඩයිනොසර් පොසිල මිනිස්සුන්ගෙ පොසීල හොයාගෙන තියන විද්‍යාවෙන් කාලය.. කල්පය එක්ක සංසදනය කරොත් නැනෝ මීටරයෙනුත් මිලියනයෙන් පංගුවක් වගේ.. ඔතන ඔය පහ කියල තියෙන්නෙ අපේ බුදු හාමුදුරුවො.. හය කියල තියෙන්නෙ මයිත්‍රී බුදු හාමුදුරුවො.. දැන් ඔය බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ 0 ගැන..
    තාමත් තේරුම් ගන්න බැරිනම් ඉතින් අපේ වරදක් නෙවේ..

    උබ දැන් කලින් බුදු රජාණන් වහන්සේල හිටපු කාලෙ මිනිස්සුන්ගෙ පොසීල ඕනෙ කියල කියන්නෙ ඉතින් උබේ මොලේ හැටියට තමයි ඉතිං

    1) Dinosaur fossil gana kama wadee ee nisa wadi kal pawathinawa. Human fossil Dinosaur fossil wage neme shakthiya aduyi. ee nisa thama Human fossil sulaba naththe.

    2) Dinosaurs loke purama pathirila hitiya. 2 million years walata kalin humans la hitiye ithama podi bhumi pradeshayaka. ee bhumi pradeshaye thama danata hambawela thiyena paranama fossil thiyenne.

    මම එක කියවල නැති උනාට එහෙන් මෙහෙන් අහල තියෙනව. එකේ කොඉ වෙලාවේ වත් කියල නෑ ඉස්සරලා හැදුනේ මනුශ්ශයෝ කියල. එකේ කියල තියෙන්නේ මේ ලෝකේ තිබ්බ බව්තික දේවල් වලට ජිවය ඇතුල් වෙච්ච හැටි. මේ ලෝකේ ඉස්සරලම තිබ්බ සුපයක් වගේ එකක් මුළු මුහුදේම. එකේ ඒක ස්ය්ලික දෙයකට ජීවයක් ඇතුළු වෙච්ච හැටි කියල තියෙන්නේ. එහෙම ඇතුළු උනේ තණ්හාව නිසා. බ්‍රහ්ම ලෝකේ අය මේ සුපය රස බලල එකෙන් ඇති වෙච්ච තණ්හාවට. බ්‍රහ්ම ලෝකේ අයට ශරීරයක් නෑ. එහෙම එක ස්ය්ලික ජීවින් ඇති වෙච්ච හැටි ගැන කියල ඊට පස්සේ අය පටන් අරන් තියෙන්නේ මිනිස්සු හැදුනට පස්සේ තැන ඉදන්. එකෙන් කියල තියෙන්නේ මිනිස්සු කෑම ගොඩක් එකතු කරගෙන තණ්හාව වැඩි වෙච්ච හැටි. මිනිස්සුන්ගේ ආයුෂ තන්හාව නිසා ටික ටික අඩු වෙච්ච හැටි. සත්තු ගැන කියල නැත්තේ වැඩක් නැටි හින්ද. බුදුහාමුදුරුවේ දන්නා හැම දේම කියන්නේ නෑ. නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි කියන්නේ.
    එහෙම නම් ඔය කියවල තියෙනවද galaxy එහෙම ගැන කියල තියෙන සුත්‍ර. මිනිස්සු හැදිලා තියෙන හැටි ගැන දන්නේ නැති කෙනෙක් කොහොමද වෙන ලෝක හැදිලා තියෙන හැටි ගැන කියන්නේ.
    මම ලගදී ඇහුව චන්දන ජයරත්න කල්පය ගැන විස්ටර කරන හැටි. එයා කියනවා කල්පය මන්දාකිනි වල ගමනෙන් වෙස්තර කරන්ඩ පුළුවන් කියල. (අව්රුද්දක් කියන්නේ පෘතුවියට සුර්යයා වටේ යන්ඩ යන කාලය වගේ කල්පය මන්දාකිනි වලින් කියන්ඩ පුළුවන්)
    බුදුහාමුදුරුවේ දන්නා හැම දෙයක්ම කියල නෑ. කියල තියෙන්නේ අපේ තණ්හාව හරි නිවන හරි මොකක් හරි දෙකට අවශ්‍ය දේවල් විතරකි.

    එතකොට බෞද්ධයො හැටියට ඔබලා විශ්වාස කරන්නෙ මිනිසා ඇතිවුනේ අවුරුදු මිලියන 2 කට කලින් නෙමේ, රස පොළොව (ඕකට බෞද්ධයො දෙන විග්‍රහය ආදිසූපය ගැනයි මේ කියන්නෙ කියලනෙ) තිබුනු කාලයේ ඉඳන්ම මිනිසුන් හිටියා කියලද ?
    අවුරුදු මිලියන එකසිය ගනං දෙසිය ගණං පැරණි බලු පැටව් සයිස් පොසිල හම්බවෙද්දිත්, අවුරුදු මිලියන 2කට විතර වඩා පැරණි කිසිම මිනිස් පොසිලයක්, මිනිසුන් විසින් නිමවපු කිසිම උපකරණයක්, මිනිසුන් සිටි බවට කිසිම සාක්ශියක් නොලැබීම මඟහැරීමක් නිසා සිදුවූවක් විදිහටද බෞද්ධයො පිළිගන්නෙ ? දැන් බැයිවෙලාවක්වත් අර උඩින් කමෙන්ට් එකක් දාල තිබ්බ විදිහට මංම හිතල බුද්ධාගම ඇත්ත කියල තේරුං ගත්තොත්, ඒ කියන්නෙ මට මිනිසා ඇතුවුනේ ඩයිනෝසරයන් ඇතිවෙන්නත් අවුරුදු බරගානකට කලින්. ඩයිනෝසරයන් හිටිය කාලෙත් මිනිස්සු ඉඳල තියෙනව.. ඊට කලිනුත් ඉඳල තියෙනව.. ඊට කලින් බුදු වරුත් පහල වෙලා තියෙනව.. ඒ මිනිස්සු අවුරුදු අසූ දාහ අනූ දාහ ජීවත් වෙලා තියෙනව. ඒත් පොසිල හම්බවීම කියන්නෙ පොඩි මඟහැරීයාමක් විතරයි කියල පිළිගන්න වෙනව කියන එකද ?

    ඔව්. මගෙන් එකෙක් ඇහුවා ඇයි බුදු හාමුදුරුවෝ ගුරුත්වාකර්ෂණය ගැන කියලා නැත්තේ කියලා...

    ප්‍රවාදයි පරිසිද්ධියි පටලවගන්න එපා බං... ඩයිනෝසරයින් කියන්නෙ පරිසිද්ධියක්.

    බ්‍රහ්මයෝ කියන්නේ මිනිස්සු වගේ නෙමේ. ඒ ගොල්ලන්ට ඇගක් නෑ. හිතක් විතරයි තිබ්බේ, ඒ හිත තමා එක ස්ය්ලික කයකට ඇතිලු වෙලා ටික ටික පරිණාමය වෙලා සත්තු හා මිනිස්සු හදුනනේ.

    අම්මට හුඩු.. :) මෙන්න බුද්ධාගම මෙතනත් එඩිට් කරනව. බ්‍රහ්මයො කියන්නෙ හිත විතරක් තියෙන ජීවීන් ජාතියක් කියල කොහෙද කියල තියෙන්නෙ ? එතකොට කය පමණක් ඇති සිතක් නැති බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයො බ්‍රහ්මයො නෙමේද :3 අනික ඔය බ්‍රහ්මයන්ගෙ හිත ඒකසෛලික ජීවියෙක්ට ඇතුල් වෙලා ජීවය විකාශනය වුනා කියල බුද්ධාගමේ කොහෙද තියෙන්නෙ :O අප්පද බොල.. අවුරුදු 2600කට කලින් අන්වීක්ෂත් තිබිලනෙ..

    ඔබතුමා අනේ පිංසිද්ධ වෙයි මුලින්ම ගිහිං අග්ගඥ්ඥ සූත්‍රය කියවන්න.. කියවන්න විදිහක් නැත්තං එන්න අපේ ගෙදර.. මෙහෙ තියෙනව මං කියවන්න දෙන්නං. ඒකෙ කොහෙවත් කියල නෑ මේ කියන්නෙ ඒකසෛලික ජීවීන් ජාතියක් ගැන කියල.. ඒකෙ කියල නෑ ඇඟක් නැති බ්‍රහ්මයො ගැන.. ඒකෙ කියල තියෙන්නෙ ආභස්සර බ්‍රහ්මලෝකයෙන් චුත වුනු බ්‍රහ්මයන් පොළොවේ පහල වුනා කියල... ඒ කාලෙ ඉර හඳ තරු නෑ කියල.. (තිබුනෙ නෑ නෙමේ පෙනුනෙ නෑ වෙන්න ඕනෙ.. තිබුනෙ නෑ කිව්වොත් එතනත් ප්‍රශ්නයක්නෙ) ඔය ආපු ඈයො මැවුම්වාදී සංකල්ප ගොඩනැඟුව කියල හිටං පැහැදිලිව සඳහන් වෙනව.. ඔබතුමා අදහන ඔබතුමා එඩිට් කරගත්තු බුද්ධාගමට අනුව බැලුවොත්, ආබස්සර බ්‍රහ්මලෝකෙන් ආපු හිත්, පෘථිවියෙ ආදිසූපයේ ඇතිවුනු ඒකසෛලික ජිවීන්ගෙ ඇඟට ඇතුල් වෙලා, ඒ ඒකසෛලික ජීවිය මැවුම්වාදී සංකල්පත් බිහිකල්ල.. :O අම්මට හුඩු.. යකාගෙ සුද්දර ජීවියො ජාතියක්නෙ බං ඒ..
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ලිංගික දුර්වලතා අසනීප තිබුණට රාගික හැගිම් දැනිම් ඇති වෙනවා බන් .ඌට රාගික සිතුවිලි ඇතිවෙන්න පුලුවන් වෙනත් භෞතික වස්තුන් වලට ඇලිම් ගැලිම් ඇතිවෙනවා ආස වෙනවා එතකොට එව මගේ යන සිතුවිල්ල ඇති වෙනවා බැදිමකට ලක්වෙනව තෘෂ්නාව ඇතිවෙනවා .ලිංගය අප්‍රානික වු පමණින් තෘෂ්නාව නැති වෙන්නේ නැත

    :shocked::shocked: අත්දැකීමෙන්ම කියල තියනවා :lol::lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එතකොට බෞද්ධයො හැටියට ඔබලා විශ්වාස කරන්නෙ මිනිසා ඇතිවුනේ අවුරුදු මිලියන 2 කට කලින් නෙමේ, රස පොළොව (ඕකට බෞද්ධයො දෙන විග්‍රහය ආදිසූපය ගැනයි මේ කියන්නෙ කියලනෙ) තිබුනු කාලයේ ඉඳන්ම මිනිසුන් හිටියා කියලද ?

    අවුරුදු මිලියන එකසිය ගනං දෙසිය ගණං පැරණි බලු පැටව් සයිස් පොසිල හම්බවෙද්දිත්, අවුරුදු මිලියන 2කට විතර වඩා පැරණි කිසිම මිනිස් පොසිලයක්, මිනිසුන් විසින් නිමවපු කිසිම උපකරණයක්, මිනිසුන් සිටි බවට කිසිම සාක්ශියක් නොලැබීම මඟහැරීමක් නිසා සිදුවූවක් විදිහටද බෞද්ධයො පිළිගන්නෙ ? දැන් බැයිවෙලාවක්වත් අර උඩින් කමෙන්ට් එකක් දාල තිබ්බ විදිහට මංම හිතල බුද්ධාගම ඇත්ත කියල තේරුං ගත්තොත්, ඒ කියන්නෙ මට මිනිසා ඇතුවුනේ ඩයිනෝසරයන් ඇතිවෙන්නත් අවුරුදු බරගානකට කලින්. ඩයිනෝසරයන් හිටිය කාලෙත් මිනිස්සු ඉඳල තියෙනව.. ඊට කලිනුත් ඉඳල තියෙනව.. ඊට කලින් බුදු වරුත් පහල වෙලා තියෙනව.. ඒ මිනිස්සු අවුරුදු අසූ දාහ අනූ දාහ ජීවත් වෙලා තියෙනව. ඒත් පොසිල හම්බවීම කියන්නෙ පොඩි මඟහැරීයාමක් විතරයි කියල පිළිගන්න වෙනව කියන එකද ?

    බුද්ධාගම ඇතිවෙලා නැතිවෙලා ගිහින් ලෝකවල් ගිනි අරගෙන අයෙත් ඔය සුපය ඇතිවෙලා අයෙත් අවරුදු මිලියන ගණන් පරිණාමය වෙලා, අයෙත් මිනිස්සු හැදිලා, කියන මේ දේවල් ටික කල්පයක් ඇතුලත බොහෝ වාර ගානක් වෙන්ඩ පුළුවන්.

    අම්මට හුඩු.. :) මෙන්න බුද්ධාගම මෙතනත් එඩිට් කරනව. බ්‍රහ්මයො කියන්නෙ හිත විතරක් තියෙන ජීවීන් ජාතියක් කියල කොහෙද කියල තියෙන්නෙ ? එතකොට කය පමණක් ඇති සිතක් නැති බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයො බ්‍රහ්මයො නෙමේද :3 අනික ඔය බ්‍රහ්මයන්ගෙ හිත ඒකසෛලික ජීවියෙක්ට ඇතුල් වෙලා ජීවය විකාශනය වුනා කියල බුද්ධාගමේ කොහෙද තියෙන්නෙ :O අප්පද බොල.. අවුරුදු 2600කට කලින් අන්වීක්ෂත් තිබිලනෙ..

    ඔබතුමා අනේ පිංසිද්ධ වෙයි මුලින්ම ගිහිං අග්ගඥ්ඥ සූත්‍රය කියවන්න.. කියවන්න විදිහක් නැත්තං එන්න අපේ ගෙදර.. මෙහෙ තියෙනව මං කියවන්න දෙන්නං. ඒකෙ කොහෙවත් කියල නෑ මේ කියන්නෙ ඒකසෛලික ජීවීන් ජාතියක් ගැන කියල.. ඒකෙ කියල නෑ ඇඟක් නැති බ්‍රහ්මයො ගැන.. ඒකෙ කියල තියෙන්නෙ ආභස්සර බ්‍රහ්මලෝකයෙන් චුත වුනු බ්‍රහ්මයන් පොළොවේ පහල වුනා කියල... ඒ කාලෙ ඉර හඳ තරු නෑ කියල.. (තිබුනෙ නෑ නෙමේ පෙනුනෙ නෑ වෙන්න ඕනෙ.. තිබුනෙ නෑ කිව්වොත් එතනත් ප්‍රශ්නයක්නෙ) ඔය ආපු ඈයො මැවුම්වාදී සංකල්ප ගොඩනැඟුව කියල හිටං පැහැදිලිව සඳහන් වෙනව.. ඔබතුමා අදහන ඔබතුමා එඩිට් කරගත්තු බුද්ධාගමට අනුව බැලුවොත්, ආබස්සර බ්‍රහ්මලෝකෙන් ආපු හිත්, පෘථිවියෙ ආදිසූපයේ ඇතිවුනු ඒකසෛලික ජිවීන්ගෙ ඇඟට ඇතුල් වෙලා, ඒ ඒකසෛලික ජීවිය මැවුම්වාදී සංකල්පත් බිහිකල්ල.. :O අම්මට හුඩු.. යකාගෙ සුද්දර ජීවියො ජාතියක්නෙ බං ඒ..

    "බුදුන් වහන්සේ සිය ලෝක විවරණයේදී සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක සතරක්ද, සිතක් තොරව කය පමණක් ඇති බ්‍රහ්ම ලෝක එකක්ද, අසුර, ප්‍රේත ආදී නිකායයන්ද ගැන සඳහන් කොට ඇත්තේය."
    මෙතන ඇගක් නෑ කියල කීවට සියිඋම් ඇගක් තියෙනවා. දෙවියන්ටත් ඇගක් තියෙනවා පෙන්නේ නැති උනාට.

    එදා විතරක් නෙමේ අදත් එහෙම තමා වෙන්නේ. වෙනත් ලෝක වල මැරිලා මෙහෙ අම්මලාගේ බඩේ තියෙන කලලයට ඕන තරම් ජීවියෝ එනවා.

    මේක මැවුම් වාදී වෙන්නේ කොහොමද? එතකොට ඔය කියන්නේ ජිවින්ට හිතක් නෑ කියලද? හිතත් සුපය ඇතුලෙම තිබ්බ කියලද? මුලින්ම එක ස්ය්ලික වෙලා, ඊට පස්සේ සත්තු හැදිලා, ඊට පස්සේ තමා මිනිස්සු හැදුනේ. මොකද ලෝකය විනාශ උනාට පස්සේ බ්‍රහ්ම ලෝකේ විතරයි ජීවින් හිටියේ. ඒ ගොල්ලන්ගේ තිබ්බ සියුම් කයයි සිතයි සුපයයි එකතු වෙලා තමා ජීවින් ඇති උනේ.

    අපේ කය කියන්නේ මේ හිතට ඉන්න තියෙන නවාතැනක් විතරයි. ඒක තමයි ඔය පරිණාමය වෙලා තියෙන්නේ. හිතක් නැති ඒවා ගස්

    මේ ඔක්කොටම වඩා බුද්ධාගම තියෙන්නේ මිනිස්සු හැදිච්චා හැටි කියන්ඩ නෙමේ.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුලින්ම මං අහන්නං නේ :D

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

    මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

    කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

    ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි.. :)

    බුදු කෙනෙක් ලෝකයට පහල වීමට හේතුව මුලින්ම ඔබ දැන සිටිය යුතුයි. ඒ, ලොව කිසි කෙනෙක් කිසි දවසක සොයාගෙන නැති , සොයා ගන්නෙත් නැති (තවත් බුදු කෙනෙක් හැර) , සත්වයන් තුල පවත්නා වූ lock/hidden වෙලා තියන සුවිශේෂී ශක්තින් unlock කිරීමටත්, ඒ unlock වුනු හැකියාවන් පදනම් කරගෙන , උදවු කරගෙන නැවත ඉපදීමට හේතු වන සාධක මුළුමනින්ම ඉවත් කිරීම හෙවත් නිර්වාණය සාක්ෂාත් කිරීමට උපකාරී වන සිද්ධාන්තය තමන් විසින්ම තනියෙන් සොයාගෙන අවබෝධ කරගෙන සියලු ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස ඉගැන්වීමටයි. අන්න එක තමයි බුද්ධ කෘත්‍ය හෙවත් බුදු කෙනෙක් මෙලොව ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කිරීමට හේතුව. ස්වභාව ධර්මයා සාධාරනයි, සමතුලිතයි. හැම වෙලේම. ලෝක වාසි සත්වයන් දුකට පමුණුවන , දුකෙහි ඇලි ගැලී වාසය කරන්න පොළඹවන කරුණු නිරන්තරයෙන්ම සකස් කරන අතරතුර සියලු දුකෙන් නිදහස් වීමටත් key එකක් නිර්මාණය කරනවා.. බුදු කෙනෙක් නිර්මාණය වන්නේ අන්න එහි ප්‍රතිපලයක් විදිහටයි. ඒ key එක සොයාගනු ලබන්නා දිනනවා. නිදහස් වෙනවා. බුදු දහම කියන්නේ ස්වභාව ධර්මයේ නොපෙනෙන පැතිකඩක්. එය දකින්නේ අර කලින් සඳහන් වූ විශේෂ විශ්ව ශක්තින් unlock කල පුද්ගලයා පමණයි.

    බුදු කෙනෙක් තමන් පහල වීමට හේතුව සාක්ෂාත් කිරීමෙන් අනතුරුව වෙනත් පරිභාහිර දෙයක් දේශනා කරන්නේ නම් ඒ කාගේ හෝ ඉල්ලීමක් නිසා පමණයි. උදාහරණයක් ලෙස ගෞතම බුදු රජාණන් වහන්සේ එක් අවස්ථාවක සෞරග්‍රහ මණ්ඩලය, චක්‍රාවාට, සහ විශ්වය ගැන කෙටි පැහැදිලි කිරීමක් කලේ, භික්ෂුන් වහන්සේලා දෙනමකගේ බලවත් ඉල්ලීම මතයි. බුදු රජාණන් වහන්සේ වතාවක විශාල වනාන්තරයක භික්ෂුන් වහන්සේලා පිරිසක් සමඟ වැඩ සිටින මොහොතක, බිම වැටිලා තියන කොළ ස්වල්පයක් නියපොත්ත මතට අරන් උන්වහන්සේ දේශනා කරලා තියනවා "මම දන්නා දේ මේ වනාන්තරයේ මුළු කොළ ප්‍රමාණය වගේනම් මම දේශනා කරපු ප්‍රමාණය මේ නියපොත්ත මත තියන කොළ ස්වල්පය වගේ. ඒ වගේම මම දන්නා ප්‍රමාණයෙන් ඔබට අවශ්‍ය වන්නේත් අන්න ඒ ප්‍රමාණය විතරයි" කියල. අන්න ඒ නියපොත්තෙ තිබුන ප්‍රමාණය වගේ කරුණු ටිකක් තමා නිර්වාණය සාක්ෂාත් කිරීමට අවශ්‍ය වන්නේ. ඊට පරි භාහිර දෙයක් දේශනා කලානම් ඒ කාගේ හෝ බලවත් ඉල්ලීමකට පමණයි. ඉතින් කිසි කෙනෙකුට ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය යුග ප්‍රශ්නයක් ව ඇති බවක් පෙනෙන්න නෑ.

    අනික ඔබ ඔය කියන පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ සඳහන් වෙන්නේ සත්වයන් සෑම කල්ප ආරම්භයකම හැදෙන හැටි. එක පැහැදිලි කරලා තියනවා. නැතුව සත්වයන් හැදිච්ච තැන පටන් හැදිච්ච සත්තුයි, වඳ වෙච්ච සත්තුයි, ගෙවීගිය යුගයි, පිරමිඩ හදපු හැටි, මිනිස්සුන්ගේ දේශපාලනික පසුබිමයි, බුදුන් උපන් අවුරුද්ද දක්වා ඉතිහාස කතාව නෙවෙයි.

    ලිකිතව සඳහන් නොවුන පලියට එහෙම හමු නොවුනා කියලා සහතික කරන්න පුළුවන් ද? ලෝක ඉතිහාසයේ සිදුවන සියලු දේ ලේඛන ගත කරලා තියනවද? එහෙම කරන්න ඕනෙද? මිනිස් පොසිල පිළිබඳව බුදු කෙනෙක් දේශනා ඉදිරිපත් කල යුතු ද? බුදු කෙනෙක් පහල වන්නේ පොසිල ගැන පැහැදිලි කිරීමට ද? අනික බුදු දහමයි පොසිලයි අතර සම්බන්ධය කුමක්ද? එහෙම ඉතිහාසයයි අගමකුයි අතර සම්බන්ධයක් තියනවා නම් හින්දු අගම , මුස්ලිම් ආගම, කතෝලික ආගම ඒ ඒ අයගේ ධර්ම දේශනා වලදී පොසිල ගැන සඳහන් නොකළේ ඇයි? ඔබ අන්‍යාගමික කෙනෙක්. එහෙම නේද? කොටින්ම කියනවනම් ඔබේ ආගමේ පොසිල ගැන සඳහනක් නැත්තේ ඇයි? ඉතින් ඔබ ඔබේ ආගම තදින් විශ්වාස කරන්නෙක් නම් , ඔබේ ආගමේත් සඳහන් නොවන දෙයක් බුදු දහමෙන් බලාපොරොත්තු වන්නේ ඇයි?

    බුදු කෙනෙක් යනු කවුද? ස්වරුපය මොනවගේද යන්න පිළිබඳව සඳහන් උන බුද්ධ දේශනා වෙනම තියනවා. බුදු කෙනෙක් අසමසමයි. ඒ කියන්නේ බුදු කෙනෙක් සමාන වන්නේ තවත් බුදු කෙනෙකුට පමණයි. කකුසඳ කෝනාගම කාශ්‍යප කියන්නේ මේ පෘතුවියේම පහල වුන බුදුවරු. බුදු කෙනෙක් අසමසම බැවින් ඒ සියලු බුදුවරු ගෞතම බුදු රජාණන් වහන්සේට දැනුමෙන්, හැකියාවෙන්, භාහිර ස්වරුපයෙන් සමාන වෙනවා. ඒ නිසා ඒ සියලු දෙනා මනුෂ්‍යයෝ. ඔබට ඔය ප්‍රශ්නය එන්න ඇත්තේ සමහරවිට පෘතුවිය නිර්මාණය වුනා කියන කාල වකවානු ගැන බටහිර විද්වතුන් කල ප්‍රකාශ, මතයන්, සිද්ධාන්ත නිසා වෙන්න ඇති. නමුත් ඔබේ ආගමේත් වෙනත් ආකාරයක බුද්ධිමත් පිරිසක් ගැන සඳහනක් නෑ නේද? ඉතින් ඔබේ ආගමේත් නැති විද්‍යාත්මක කරුණක් ඔබ බුදු දහමෙන් බලාපොරොත්තු වන්නේ ඇයි?
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මම පිලිතුර ලියන්නට කලින් නිකමට වගේ අන්තිම පිට බැලුවේ shenic සහෝ මම දෙන්න හිටන් හිටි පිලිතුර යම් ප්‍රමානයකට දීලා තියනවා... මේ ප්‍රෂ්නයෙන් පෙනෙන්නේ ප්‍රෂ්නය ඇසූ කෙනාගේ කුහක කම මිසක් වෙන එකක් නෙමෙයි. මොකද ප්‍රෂ්නයක් ඇත්නම් අසන විදිහ අනුවයි ප්‍රෂ්නය අසන කෙනාගේ හැන අදහසක් ගන්න පුලුවන්. අපහාස කිරීමම අරමුනු කරගෙන අසපු ප්‍රෂ්නයට අපේ බෞද්ධ සහෝදර වරු උපෙක්ෂාවෙන් යුක්තව පිලිතුරු දීලා තියන ආකාරය අගය කරනවා. ඔයා නැවත වතාවක් අග්ගඥ සුත්‍රය හා එය දේෂනා කලේ කුමක් අරඹයාද කියලා කියවලා බලන්න. එහිදී අරමුන වුනේ මිසුන් ඇතිවීමත්, මිනිසුන් තුල අයහපත් පැවතුම් ඇති වුන හැටිත් ඒවාට මූල බිජයත් තේරුම් කර දීමයි. එයින් ඒවා නැති කරගන්න ආකාරය ගැනත් කෙනෙක්ට අදහසක් ගන්න පුලුවන්, ඉතින් එවැනි දේෂනාවකට ඩයිනෝසරයන් ගැන පැහැදිලි කරන්නේ ඇයි? එය අනවෂ්‍ය දෙයක්. නුදු කෙනෙක් කවදාවත් අදාල නොවන දේවල් දේෂනා කරන්නේ නෑ. ඩයිනෝසරයන් ඇති වීමත් මනුශ්‍යයන් තුල නරක ගති ඇතිවීමත් මනුෂ්‍යා විනාෂය කරා යෑමත් අතර ආගමික වෂයෙන් ඇති සම්භන්ධ කම මොකක්ද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16668904 said:

    එයාගේ හිතේ තියන ඔන්න ඔය අදහස මම දැක්කා මචන්.. පිළිතුරට අදාල නැති නිසා මම එකට මුකුත් නොකිය හිටියා.. ඒ බව අනිත් අයත් දැක්කනම් හොඳයි. මම පස්සෙයි යටින් දාල තිබ්බ පොස්ට් කියෙවුවෙ. මෙයා හැම දේම කියවලා අවංකව ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙවේ අහන්නේ. ප්‍රශ්නය අහල තියන හැටියෙන්ම එක පෙනෙනවා. ඔච්චර දේවල් දන්නවනම් ඇයි අනිත් සුත්‍රත් කියවල ඒ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ? අනික අනිත් සුත්‍රත් කියෙවුවනම් තියන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබෙනවනේ..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම එකක් කියල දර්ශනයක් නෑ බං.. දර්ශන තොගයක් කලවං වෙලා තියෙන්නෙ.. සමහර දේවල් වලට විද්‍යාවෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට බුද්ධාගමෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට අර ඒබ්‍රහම් ටී කොවුර් කිව්ව එව්වත් පිළිගන්නව.. නිව්ටන් කිව්ව ඒවත් පිළිගන්නව.. අයින්ස්ටයින් කිව්ව ඒවත් පිළිගන්නව.. සමහර වෙලාවට ෆිල්ම් වල පෙන්නන එව්වත් පිළිගන්නව.. ඒ අස්සෙ සන්ධාන විරෝධී දර්ශනේකුත් පිළිගන්නව..

    අන්න එකනේ මහත්තයා කියන්නේ! :rolleyes: ඔයා ඕක මුලින්ම කිවුවේ නැ නේ! එහෙනම් අපි කවුරුත් ඔච්චර මහන්සි ගන්නේ නැ නේ! මේ thread එක දාපු කෙනා කියල තියෙන්නේ "මූස්ලිම්, වෙනත් ආගමක හරි බුද්ධාගමේම අයගේ හරි බුද්ධාගමට සම්බන්ධ ප්‍රශ්න මෙතන post කරන්ඩ." කියලනේ. ඉතින් ඔයාට ආගමක් නැ නේ! :P මේක ආගමික මතවාදමය thread එකක් නේ. :rofl: එකනේ ඔයා ජුරාසික් ප්‍රස්න අහන්නේ! මං එත් බැලුව මොකද කියල! :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඵස්‌ස කියන්නේ රුපයකට (රුපයක් කියන්නේ මෙතන රුපයකටම නෙමේ, රූප ශබ්ද ගන්ඩ රස ස්පර්ශ යන ඕන එකකට)
    රුපයක් දැක්කහම වේදනාව ඇති වෙනවා. සැප හෝ දුක් වේදනාවක්. මේක වෙද්යාවෙන් උනත් කිවහැකි. ඇහැට රුපයක් දැක්කහම ඇහේ එක එක සංවේදී තැන වල වේදනාවක් ඇතිවෙලා එක මොලයට යනවා. කනෙත් එහෙමයි. නහයේත් එහෙමයි, දිවෙත් එහෙමයි කයේත් එහෙමයි හිතෙත් එහෙමයි (හිතට එක එක දේවල් හිතෙද්දි ඒක වේදනාවක්. සිතුවිලි තමා රූපය එතකොට සිතේ)
    ඊගාවට සංඥාවක් ඇති වෙනවා (වේදනාවල් වලට අනුව, වේදනාවල් (රුපයක් නම් පාට) මොලයට ගියාට පස්සේ). ඒ කියන්නේ මේ දැක්කේ car එකක් මේ දැක්කේ tv එකක් මේ දැක්කේ මලක් කියල.
    ඉගාවට සංඛාර ඇති වෙනවා මේ ක සැප දෙයක් නම් එකට ආශාව ඇති වෙනවා. නැවත නැවත ගන්ඩ හිතෙනවා. මේක දුක් දෙයක් අයින් කරනවා.
    ඉගාවට සංඛාර වලට අනුව ඒවා නැවත නැවත ලබාගන්ඩ පුළුවන් ආකාරයට සිත (විඥාන) සකස් වෙනවා. ඒ කියන්නේ නැවත උපදිනවා. ඒ උපදිද්දී ඇසට රූප ලබාගන්ඩ පුළුවන් හැකියාව (විඥාන) ආදී විඥාන හටගන්නවා.

    මෙවයෙන් රහත් වෙච්ච කෙනෙක්ට ඇතිවෙන්නේ වේදනා, සංඥා දෙක විතරයි. එක නිසා ඊලගට විඥාන සකස් වෙන්නේ නෑ. ඒ කියන්නේ උපදින්නේ නෑ.

    :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බුදු කෙනෙක් ලෝකයට පහල වීමට හේතුව මුලින්ම ඔබ දැන සිටිය යුතුයි. ඒ, ලොව කිසි කෙනෙක් කිසි දවසක සොයාගෙන නැති , සොයා ගන්නෙත් නැති (තවත් බුදු කෙනෙක් හැර) , සත්වයන් තුල පවත්නා වූ lock/hidden වෙලා තියන සුවිශේෂී ශක්තින් unlock කිරීමටත්, ඒ unlock වුනු හැකියාවන් පදනම් කරගෙන , උදවු කරගෙන නැවත ඉපදීමට හේතු වන සාධක මුළුමනින්ම ඉවත් කිරීම හෙවත් නිර්වාණය සාක්ෂාත් කිරීමට උපකාරී වන සිද්ධාන්තය තමන් විසින්ම තනියෙන් සොයාගෙන අවබෝධ කරගෙන සියලු ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස ඉගැන්වීමටයි. අන්න එක තමයි බුද්ධ කෘත්‍ය හෙවත් බුදු කෙනෙක් මෙලොව ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කිරීමට හේතුව. ස්වභාව ධර්මයා සාධාරනයි, සමතුලිතයි. හැම වෙලේම. ලෝක වාසි සත්වයන් දුකට පමුණුවන , දුකෙහි ඇලි ගැලී වාසය කරන්න පොළඹවන කරුණු නිරන්තරයෙන්ම සකස් කරන අතරතුර සියලු දුකෙන් නිදහස් වීමටත් key එකක් නිර්මාණය කරනවා.. බුදු කෙනෙක් නිර්මාණය වන්නේ අන්න එහි ප්‍රතිපලයක් විදිහටයි. ඒ key එක සොයාගනු ලබන්නා දිනනවා. නිදහස් වෙනවා. බුදු දහම කියන්නේ ස්වභාව ධර්මයේ නොපෙනෙන පැතිකඩක්. එය දකින්නේ අර කලින් සඳහන් වූ විශේෂ විශ්ව ශක්තින් unlock කල පුද්ගලයා පමණයි.

    බුදු කෙනෙක් තමන් පහල වීමට හේතුව සාක්ෂාත් කිරීමෙන් අනතුරුව වෙනත් පරිභාහිර දෙයක් දේශනා කරන්නේ නම් ඒ කාගේ හෝ ඉල්ලීමක් නිසා පමණයි. උදාහරණයක් ලෙස ගෞතම බුදු රජාණන් වහන්සේ එක් අවස්ථාවක සෞරග්‍රහ මණ්ඩලය, චක්‍රාවාට, සහ විශ්වය ගැන කෙටි පැහැදිලි කිරීමක් කලේ, භික්ෂුන් වහන්සේලා දෙනමකගේ බලවත් ඉල්ලීම මතයි. බුදු රජාණන් වහන්සේ වතාවක විශාල වනාන්තරයක භික්ෂුන් වහන්සේලා පිරිසක් සමඟ වැඩ සිටින මොහොතක, බිම වැටිලා තියන කොළ ස්වල්පයක් නියපොත්ත මතට අරන් උන්වහන්සේ දේශනා කරලා තියනවා "මම දන්නා දේ මේ වනාන්තරයේ මුළු කොළ ප්‍රමාණය වගේනම් මම දේශනා කරපු ප්‍රමාණය මේ නියපොත්ත මත තියන කොළ ස්වල්පය වගේ. ඒ වගේම මම දන්නා ප්‍රමාණයෙන් ඔබට අවශ්‍ය වන්නේත් අන්න ඒ ප්‍රමාණය විතරයි" කියල. අන්න ඒ නියපොත්තෙ තිබුන ප්‍රමාණය වගේ කරුණු ටිකක් තමා නිර්වාණය සාක්ෂාත් කිරීමට අවශ්‍ය වන්නේ. ඊට පරි භාහිර දෙයක් දේශනා කලානම් ඒ කාගේ හෝ බලවත් ඉල්ලීමකට පමණයි. ඉතින් කිසි කෙනෙකුට ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය යුග ප්‍රශ්නයක් ව ඇති බවක් පෙනෙන්න නෑ.

    අනික ඔබ ඔය කියන පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ සඳහන් වෙන්නේ සත්වයන් සෑම කල්ප ආරම්භයකම හැදෙන හැටි. එක පැහැදිලි කරලා තියනවා. නැතුව සත්වයන් හැදිච්ච තැන පටන් හැදිච්ච සත්තුයි, වඳ වෙච්ච සත්තුයි, ගෙවීගිය යුගයි, පිරමිඩ හදපු හැටි, මිනිස්සුන්ගේ දේශපාලනික පසුබිමයි, බුදුන් උපන් අවුරුද්ද දක්වා ඉතිහාස කතාව නෙවෙයි.

    ලිකිතව සඳහන් නොවුන පලියට එහෙම හමු නොවුනා කියලා සහතික කරන්න පුළුවන් ද? ලෝක ඉතිහාසයේ සිදුවන සියලු දේ ලේඛන ගත කරලා තියනවද? එහෙම කරන්න ඕනෙද? මිනිස් පොසිල පිළිබඳව බුදු කෙනෙක් දේශනා ඉදිරිපත් කල යුතු ද? බුදු කෙනෙක් පහල වන්නේ පොසිල ගැන පැහැදිලි කිරීමට ද? අනික බුදු දහමයි පොසිලයි අතර සම්බන්ධය කුමක්ද? එහෙම ඉතිහාසයයි අගමකුයි අතර සම්බන්ධයක් තියනවා නම් හින්දු අගම , මුස්ලිම් ආගම, කතෝලික ආගම ඒ ඒ අයගේ ධර්ම දේශනා වලදී පොසිල ගැන සඳහන් නොකළේ ඇයි? ඔබ අන්‍යාගමික කෙනෙක්. එහෙම නේද? කොටින්ම කියනවනම් ඔබේ ආගමේ පොසිල ගැන සඳහනක් නැත්තේ ඇයි? ඉතින් ඔබ ඔබේ ආගම තදින් විශ්වාස කරන්නෙක් නම් , ඔබේ ආගමේත් සඳහන් නොවන දෙයක් බුදු දහමෙන් බලාපොරොත්තු වන්නේ ඇයි?

    බුදු කෙනෙක් යනු කවුද? ස්වරුපය මොනවගේද යන්න පිළිබඳව සඳහන් උන බුද්ධ දේශනා වෙනම තියනවා. බුදු කෙනෙක් අසමසමයි. ඒ කියන්නේ බුදු කෙනෙක් සමාන වන්නේ තවත් බුදු කෙනෙකුට පමණයි. කකුසඳ කෝනාගම කාශ්‍යප කියන්නේ මේ පෘතුවියේම පහල වුන බුදුවරු. බුදු කෙනෙක් අසමසම බැවින් ඒ සියලු බුදුවරු ගෞතම බුදු රජාණන් වහන්සේට දැනුමෙන්, හැකියාවෙන්, භාහිර ස්වරුපයෙන් සමාන වෙනවා. ඒ නිසා ඒ සියලු දෙනා මනුෂ්‍යයෝ. ඔබට ඔය ප්‍රශ්නය එන්න ඇත්තේ සමහරවිට පෘතුවිය නිර්මාණය වුනා කියන කාල වකවානු ගැන බටහිර විද්වතුන් කල ප්‍රකාශ, මතයන්, සිද්ධාන්ත නිසා වෙන්න ඇති. නමුත් ඔබේ ආගමේත් වෙනත් ආකාරයක බුද්ධිමත් පිරිසක් ගැන සඳහනක් නෑ නේද? ඉතින් ඔබේ ආගමේත් නැති විද්‍යාත්මක කරුණක් ඔබ බුදු දහමෙන් බලාපොරොත්තු වන්නේ ඇයි?

    ඈ බං ? උඹ හිතං ඉන්නෙ ෆොසිල හම්බවෙන්න පටං අරං තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව යුගේ ඉඳල.. ඒ නිසා ලිඛිත සාක්ෂි නෑ කියලද ? o_O ඒක යකාගෙ කතාවක්නෙ බං.. වාසිට්ඨයන්ට දැනගන්න ඕනෙ වුනේ ඔය කියන්නැහෙ

    අනික් එක ඉස්සෙල්ල කියාං බලන්න මගෙ ආගම මොකක්ද කියල :v
    අනික මොන පදනමකිංද මගෙ ආගමේ බුද්ධිමත් ජීවීන් ගැන සඳහනක් නෑ කියල කියන්නෙ :3
    මම මොන ආගමේද කියල කියල නොතියෙද්දිත්, මගේ ආගමේ පොසිල ගැන සඳහනක් නෑ කියල කියද්දි නං මට නිකමට වගේ හිතෙනව ඔබතුමාටත් මොකක් හරි අමුතු සුපිරි බලයක් තියෙනව කියල.. පුළුවන්නම් ඔය බලය යොදාගෙන ප්‍රාතිහාර්යයක් දෙකක් පාල පෙන්නන්න :v හොඳ ගානක් හොයාගන්න පුළුවන්..

    බෞද්ධ ඔබෙයි, ඔබේ පෝස්ට් එකට උඩින් කමෙන්ට් දාපු බෞද්ධ අනික් කෙනාගෙ

    බුද්ධාගම ඇතිවෙලා නැතිවෙලා ගිහින් ලෝකවල් ගිනි අරගෙන අයෙත් ඔය සුපය ඇතිවෙලා අයෙත් අවරුදු මිලියන ගණන් පරිණාමය වෙලා, අයෙත් මිනිස්සු හැදිලා, කියන මේ දේවල් ටික කල්පයක් ඇතුලත බොහෝ වාර ගානක් වෙන්ඩ පුළුවන්.

    මේකත් එක්ක එකතු කල්ල ගත්තාම, ඒ කියන්නෙ

    බුදු හාමුදුරුවො අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කලේ ආදිසූපය තිබූ යුගයේ මිනිසාගේ ආරම්භය, කල්පයක් ඇතුලත මේක කීප වතාවක් වෙන්න පුළුවන්... ඒ නිසා කකුසඳ කෝණාගම කාශ්‍යප බුදුන් වැඩ හිටිය කාලෙ හිටපු මිනිස්සුන්ගෙ පොසිල නැතිවෙන්න පුළුවන් කියන එකනෙ..

    එතකොට, ගෙවල් හැදුන හැටි දේශනා කරපු, මැවුම් වාදය නිර්මාණය වුනු හැටි දේශනා කරපු, සංකල්ප හැදුනු හැටි දේශනා කරපු, කල්ප කීපයක් ඈතට ගිහිං බුදු වරු විසි හයනමක් ගැන දේශනා කරපු, බුදු හාමුදුරුවො, ඇයි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආව මිනිස්සු පරිණාමය වෙලා බුදු වරයෙකුත් පහල වෙලා ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙමත් ඒ දේම වෙලා, ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ඒ පරිණාමය වුනු අය තමා මේ ඉන්නෙ කියල දේශනා නොකලෙ ?

    වාසිඨ්ඨයන්ට අවශ්‍ය වුනේ මිනිසුන් ඇතිවුනු හැටි දැනගන්න ලුනෙ.. ඔය ප්‍රශ්නෙ අනාගතේ මිනිස්සුන්ටත් ඇතිවෙනව කියල බුදු හාමුදුරුවන්ගෙ අනාගතේ දකින සුපිරි බලයට පේන්න ඇතිනෙ.. ඒ කියන්නෙ වාසිඨ්ඨයන්ගෙ ප්‍රශ්නයටත් අදාල, අනාගතේ (දැන්) ඉන්න අයටත් අදාල වෙන, අග්ගඥ්ඥ සූත්‍රයේ අන්තර්ගතයට හොඳටම අදාල වෙන, මිනිසුන් එක කල්පයක් ඇතුලත කීප වතාවක් ඇතිවෙලා කීප වතාවක් නැතිවුනා කියල බුදු හාමුදුරුවො දේශනා නොකලෙ ඇයි ?

    අනික අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මුලින්ම ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මයො චුතවෙලා මෙහෙට එද්දි පොළොව තනිකර අඳුරුයි.. ඉර හඳ තරු පේන්නෙ නෑ. රස පොලොවක් තිබ්බෙ.. ඉර හඳ තරු නොපෙනෙන එක අර ඩයිනෝසරයො වඳවෙන්න වැටුනු උල්කාශ්මය නිසා ඇතිවුනු දූවිලි වලිං වැහිල පේන්නැතුව ගියැයි කියමුකො.. මීට අවුරුදු මිලියන 65කට විතර කලින් ආදි සූපයක් තිබ්බ කියල කියන්න මොකක්ද තියෙන සාක්ශිය ?
     
    මම තුන් සුතයම කියවල නැති හින්ද එහෙම කියල තියෙනවද නැද්ද කියල දන්නේ නෑ.
    එත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මයිත්‍රී බුදුහාමුදුරුවෝ ඉපදෙන්ද කලින් නුත් ඒවගේ දෙයක් වෙනවා කියලා (එතකොට මනුශ්ශයෝ සම්පුර්ණයෙන්ම නැති වෙන්නේ නෑ).
    ගෞතම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්ඩ ඇත්තේ මේ ඉන්න මිනිස්සු හැදිච්ච හැටි විතරක් වෙන්ඩ ඇති. කලින් මිනිස්සු හැදුන හැටි කියන්ඩ හේතුවක් නැ නේ. එහෙම කිව නම් ඒකාලේ මිනිස්සු පිළිගන්නෙත් නෑ.
    ආදී සුපයක් නැතුව ජීවියෝ හැදුනේ කොහොමද? ශාක්ෂි තියෙන්නේ කොහොමද? ඒක තිබිල ඉවරනේ. සෛල වල පවා තියෙන්නේ ආදී සුපයකට සමාන දේවල්නේ. ප්‍රබසන්ශ්ලේෂණය කරන සත්තු පවා ඉන්නේ. ඔය ඔක්කොම එකකින් හැදිලා තියෙන්නේ එකකින්.
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    විපස්සනා බාවනව ගැන වෙලා තිබ්බොත් කියල දෙන්න ,,,මට pm එකක් හරි දාන්න ...:)

    අනිත් ප්‍රශ්නේ ...කෙනෙක්ට පුලුවන්ද ...මම බුදුන් වෙනවා කියල හිතල ඒකට සුදානම් වෙන්න ....නැත්නම් ඒකට තොර ගත්ත පුද්ගලයෙක් ම පහළ විය යුතද ....
    ( මම රෝමාණු කතෝලිකයෙක්)