පංච අභිඥා ගැනනම් අහලා තියෙනවා.
01. සෘද්ධි විධ අභිඥා - අහසින් යාම, නොපෙනී සිටීම, ජලය මතුපිට ගමන් කිරීම, නොයෙක් දේ මවා පෙන්වීම
02. දිව්‍යශ්‍රෝත්‍ර අභිඥා - මිනිස් කණට නොඇසෙන ශබ්ද ඇසීමට ඇති හැකියාව
03. පරචිත්ත විජාණන අභිඥා - අන් අයගේ සිත් දැකීමට හැකි නුවණ
04. පූර්වේ නිවාසානුස්මෘති අභිඥා - පෙර ආත්ම භවයන් සිහි කිරීමට සමත් නුවණ
05. දිව්‍ය චක්ෂු අභිඥා - මිනිස් ඇසට නොපෙණෙන රෑප දැකීමේ නුවණ
6. ආසවක්ඛය ඤාණය - මෙම ඤාණය ලැබූ කෙනාට තමයි රහතන් වහන්සේ කියන්නෙ. මේ ඤාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම තුළින්. ආස‍්‍රව කියන්නේ කෙලෙස්වලටයි. මෙම ආස‍්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තිබෙනවා. බැලූ බැල්මට පේන්නෙ නැහැ. නමුත් මෙම ආස‍්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මග සකස් වෙනවා. ආස‍්‍රව වර්ග තුනක් ගැන දේශනාවල සඳහන් වෙනවා. එනම්,
● කාම ආස‍්‍රව – කාමයන් පිළිබඳව ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දෙය.
● භව ආස‍්‍රව – විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දෙය.
● අවිජ්ජා ආස‍්‍රව – අනවබෝධය කරාම, ආර්ය සත්‍යය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තරව සකස් වී ඇති දෙය.
මෙම ආස‍්‍රවයන් සම්පූර්ණයෙන්ම නැතිවීම ආසවක්ඛය ඤාණයයි. ඒ ඤාණය ගැනත් බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළා. එනම්, කන්දක් තිබෙනවා. එම කන්ද මුදුනේ පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර ඉතාමත් පැහැදිලියි. ඇස් පෙනෙන කෙනෙක් කඳු මුදුනට නගිනවා. අර පොකුණ දෙස බලනවා. එතකොට ඔහුට ඉතාම හොඳින් පෑදී ඇති ජලය ඇති ඒ පොකුණේ ඇති සෑම දෙයක්ම පෙනෙනවා. ඒ කියන්නේ පොකුණේ අඩිය පෙනෙනවා. පිහිනන මසුන් පෙනෙනවා. කැට කැබිලිති පෙනෙනවා. සෑම දෙයක්ම පෙනෙනවා. ඒ වගේ ආසවක්ඛය ඤාණය ලබන කෙනාට ආස‍්‍රවයන් තම සිතේ පවතින ආකාරය පෙනෙනවා. එම ආස‍්‍රවයන් හටගැනීමට හේතු වන කරුණුත් පෙනෙනවා. එම ආස‍්‍රවයන් නැතිවීමත් පෙනෙනවා. ඒ සඳහා ප‍්‍රඥාව දියුණු කරන ආකාරයත් පෙනෙනවා. එතකොට ක‍්‍රම ක‍්‍රමයෙන් ඒ ආස‍්‍රවයන් ගෙවිලා යනවා. නැතිවෙලා යනවා. ප‍්‍රඥාව දියුණු කිරීමෙන්ම ආස‍්‍රවයන් සකස් වෙන හේතුව ප‍්‍රහාණය වෙනවා. ආස‍්‍රවයන් ක්ෂය වුණාට පස්සෙ, ආස‍්‍රවයන් ක්ෂය වී ගිය බව දකිනවා. එය ආසවක්ඛය ඤාණයයි.
http://sinhala.mahamevnawa.lk/2012/05/12/8th-stanza/
methana thiyenawa wistaraya okama gena


