බුදු_දහම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබත් ණය වෙලාද

    බුදු දහම යනු අප මහා ශාන්තිනායකයාණන් මුල මැද අග ගලපා මනා ලෙස දේශනා කරන ලද්දකි. බුදු දහමෙන් අපේ භෙෘතික ජීවිතයට ගත හැකි අවවාද, ආදර්ශ සහ පාඩම් බොහොමයකි. ඒ අතුරින් මිනිසා නොයෙකුත් අවශ්‍යතා සදහා ගන්නා ණය පිළිබද විචිත්‍ර විවරණයක් ඉණ සූත්‍රයෙන් (පාලියෙන් ණය කියන අර්ථය) දේශනා කරලා තියෙනවා.

    [FONT=&quot]මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් සැවැත් නුවර ජේතවනාරාමයේදී දේශනා කරන ලද්දකි. බුදුරදුන් තමන් අසළ සිටින ස්වාමීන්වහන්සේලාගෙන් පහත පරිදි ප්‍රශ්න කිහිපයක් අසන ලදුව ඊට ස්වාමීන්වහන්සේලා ගේ පිළිතුරැත් සංක්ෂිප්තයක් වශයෙන් පහත දැක්වේ.

    මහණෙනි ගිහි ජීවිතයේ කෙනෙකු දිළින්දකු වශයෙන් ඉපදීම දුකක්ද?[/FONT]
    [FONT=&quot]එසේය භාග්‍යවතුන් වහන්ස, එය දුකක්.[/FONT]

    [FONT=&quot]ඔහුට ජීවත් වීම පිණිස ණයක් ගැනීමට සිදු වුවහොත් එය දුකක් ද?[/FONT]
    [FONT=&quot]එසේය භාග්‍යවතුන් වහන්ස, එය දුකක්.
    [/FONT]

    [FONT=&quot]
    ණය ගත්ත කෙනාට පොළිය එකතු වීම ගැන මතක් වන විට ඇතිවන් දුකක් නොවේද?
    [/FONT]
    [FONT=&quot]එසේය භාග්‍යවතුන් වහන්ස, ඒක දුකක්.

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ණය දීපු අය නිතර නිතර මතක් කරනවා ණය ගෙවන්න කියල එලෙස සිහිපත් කිරීම දුකක් නොවේද?
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]එසේය භාග්‍යවතුන් වහන්ස, ඒකත් දුකක්.[/FONT]

    [FONT=&quot]ණය ගෙවන්න කල් යන විට ණය දීපු අය ‍මේ පුද්ගලයා හොයාගෙන එනව, එවිට මේ පුද්ගලයට හැංගෙන්න වෙනවා එය දුකක් කරදරයක් නොවේද?
    [/FONT]
    [FONT=&quot]එසේය භාග්‍යවතුන් වහන්ස, එයත් දුකක්.[/FONT]

    [FONT=&quot]යම් විදිහකින් මේ පුද්ගලයාට ණය ගෙවා ගන්න බැරිවීම නිසා ණය දුන් අය විසින් අල්ලා නීති මගින් කටයුතුකර හිරේ දානව. එය මේ පුද්ලගලය‍ට දුකක් නොවේ ද ?[/FONT]

    [FONT=&quot]එසේය භාග්‍යවතුන් වහන්ස, එයත් දුකක්මයි.[/FONT]


    බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා පුද්ගලයෙකු ඉහත ආකාරයට භෙෘතික වශයෙන් ණය වෙන එක දුකක් වගේම කෙනෙකු ශාසනික වශයෙනුත් වෙන ණය සහ ඒවට ගෙවන්න වෙන පොළිය ගැනත්. යමෙකු [FONT=&quot]ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීර්යය, ප්‍රඥා වෙන් තොර නම් ඔහු ශාසනික දුප්පතකු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා.
    [/FONT]
    [FONT=&quot]
    මේ ශාසනික වශයෙන් දුප්පත් පුද්ගලයා කයින්, වචනයෙන, මනසින් වැරදි කිරීම ණයට ගැනීමක් ලෙස වැනිය. මේ නිසා පුද්ගලයි ණය කාරයකු බවට පත්වේ.[/FONT]

    [FONT=&quot]මොහු රහසින් පස් පවට යොමු වෙනවා වෙනත් අකුසලයින්ට නැඹුරැ වෙනවා, එය අර ණයට පොළිය වැඩීමක් වැනිය.[/FONT]

    මේ ඉණ සූත්‍රය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාවක
    හොදින් පැහැදිලි කරලා තියෙනවා. ඒ දේශනාව පහත link එකෙන් ගිහින් අහන්න.

    http://dahamdanaya73.blogspot.com/2013/12/blog-post_1631.html


     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ~ අප්පමාදෝ අමත පදං ~







    අප්‍රමාදී වූවෝ මේ දිවියෙදීම අජරාමර නිවන සාක්ෂාත් කර අමරණීය වෙත්. එනිසා අප්‍රමාදය අමරණීයත්වයට තවත් නමකි.


    රැකිරක්ෂා ඉඩකඩම් මිලමුදල් හා නොයෙක් බැඳීම් නිසා ප්‍රමාද වුවෝ ජරා මරණයෙන් නොමිදෙත්. එනිසා ඔවුන් මැරුණු අය වැනිය
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ප්‍රශ්ණයක්??

    දේශනාවක තිබුනා හේතුව නිසා පලයක් ඇති වෙනවා. ඒ වගේම හේතුව නැති උනාම පලයත් නැහැ කියල. ඒත් හේතුව තිබුනයි කියල පලය ඇති වෙන්නෙත් නැහැලු.

    මේකෙ තේරුම මොකක්ද?

    මේකෙ සාමාන්‍ය තේරුම තේරෙනවා. ඒත් මෙතන අපිට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා.
    ඒක මොකක්ද? ඒක තේරෙනවනම් අපි මේ ආපු සංසාර ගමන ඉවර කරන්න පුළුවන්ලු. :(

    මොකද්ද මෙතන අපිට තේරෙන්නෙ නැති දේ? :(
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Danna kenek mata nirwanaya kiyana de pahadila karala denawada. ? mata eka godak therum ganna amarui. godak pin
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Danna kenek mata nirwanaya kiyana de pahadila karala denawada. ? mata eka godak therum ganna amarui. godak pin


    ඒක පැහැදිලි කරන්න තරම් දැනුමක් මටනම් නැහැ. :(
    ඒත් මං අහල තියෙන විදිහට විස්තරයක් නම් කරන්න පුළුවන්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Danna kenek mata nirwanaya kiyana de pahadila karala denawada. ? mata eka godak therum ganna amarui. godak pin

    නිර්වාණය කියන දේ වචනෙකින් දෙකකින් විස්තර කරන්න බෑ. පොඩ්ඩක් රේරැකානේ හාමුදුරැවන්ගේ පොත් කියවන්න. පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා.


    http://ogatharana.com/
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    නිර්වාණය කියන දේ වචනෙකින් දෙකකින් විස්තර කරන්න බෑ. පොඩ්ඩක් රේරැකානේ හාමුදුරැවන්ගේ පොත් කියවන්න. පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා.


    http://ogatharana.com/


    වටිනවා.. :)
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඒක පැහැදිලි කරන්න තරම් දැනුමක් මටනම් නැහැ. :(
    ඒත් මං අහල තියෙන විදිහට විස්තරයක් නම් කරන්න පුළුවන්.

    puluwan nam poddak wishthara karala denna thanks


    නිර්වාණය කියන දේ වචනෙකින් දෙකකින් විස්තර කරන්න බෑ. පොඩ්ඩක් රේරැකානේ හාමුදුරැවන්ගේ පොත් කියවන්න. පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා.


    http://ogatharana.com/


    Thanks machan mama download kara gannam .godak pin
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිය උරුමය


    “මහණෙනි, සිය පියසතු විෂයෙහි හැසිරෙන්න” ,මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන් ගැන මරු අවස්ථාවක් නොලබන්නේය. මරු අරමුණක් නොලබන්නේය”

    ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන, සංයුත්තයෙහි අම්බපාලි වර්ගයේ සඳහන් සකුණග්සී සූත්‍රයෙහි අඩංගු ධර්ම කොටසකුයි. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානය වැඩීමට ආරාධනා කරමින් මෙම උතුම් සූත්‍ර දේශනාව සිදු කෙරේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ උපමා කථාවක් ද ඉදිරිපත් කරමිනි. “මහණෙනි, පෙර ගිජුලිහිණියක් නපුරු ලෙස පැමිණ කැට කුරුල්ලකු අල්ලා ගත්තාය. ගිජුලිහිණියා විසින් කැටකුරුල්ලා අල්ලා ගෙන යන විට මෙසේ කියමින් හැඬීය. අගෝචර වු අන්සතු විෂයෙහි හැසුරුන නිසා මේ විපතට පත්විය . සිය පිය සතු විෂයෙහි හැසුරුනේ නම් ගිජුලිහිණිය මෙම ක්‍රියාවට සමත් නොවන්නීය. මෙය ඇසූ ගිජු ලිහිණිය මෙසේ ඇසුවාය. කැටකුරුල්ල, නුඹේ ගොදුරු වූ සිය පිය සතු විෂය කුමක්ද? නගුලෙන් සීසාන ලද කුඹුරෙහි කැට නැඟුනු තැනයි. මෙම අවස්ථාවෙහි බලයෙන් මානයට පත්ව සිටි ගිජුලිහිණිය පැවසුවේ, නුඹ එවැනි තැනකට ගියේද මාගෙන් නොමිදෙන්නේය යනුවෙනි. එසේ පවසමින් කැටකුරුල්ලා මුදා හැරියාය. ඉක්බිති කැටකුරුල්ලා නඟුලෙන් සාන ලද කැට නැඟි තැනකට ගොස් ලොකු කැටය කට නැඟ ගිජුලිහිණිය දැන් එන්න යයි කීවේය. එවිට ගිජු ලිහිණිය වේගයෙන් කැටකුරුල්ලා වෙතට පියඹා ආවාය. ඒ මොහොතෙහිම කැටකුරුල්ලා ඒ කැටෙහිම ඇතුළට රිංගා ගත්තේය.වේගයෙන් පියඹා පැමිණි ගිජු ලිහිණියා එහිම ළය හැපී වැටුණාය. යම් අයෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නේ නම් මෙවැනි දෙයක්ම සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
    මහණෙනි, එබැවින් අගෝචර ස්ථානයන්හි නොහැසිරෙන්න.අගෝචර වූ තමාට අයත් නැති විෂයෙහි හැසිරෙන්නා ගැන මරු අවස්ථාවක් ලබන්නේය. මරුට අරමුණක් වන්නේය. මහණෙනි, අගෝචර වූ අන් අය සතු විෂය යනු කුමක්ද? එනම් මේ පඤ්ච කාමයෝය. එම පඤ්ච කාමයෝ කුමක්ද? “ තමා කැමැති සිත සතුටු කරවන පි‍්‍රය වූ කාමයෙන් යුතු ඇලීම් ඇති ඇසින් ගන්නා රූපයෝය. කනින් දැන ගන්නා වූ ශබ්දයෝය. නාසයෙන් දැනගන්නා වූ ගන්ධයෝය. දිවෙන් දැන ගන්නා වු රසයන්ය. කයෙන් දැනගන්නා වූ ස්පර්ශයෝය. මේවා අගෝචර වූ මෙරමා අයත් විෂයයි.
    මහණෙනි, ගෝචර වූ සිය පිය සතු විෂයෙහි හැසිරෙන්න .මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන් ගැන මාරය අවස්ථාවක් ලබන්නේ නැත. මාරයාට අරමුණක්ද ලැබෙන්නේ නැත. මහණෙනි, මහණහට ගෝචර වූ සිය පියසතු විෂය කුමක්ද?
    එනම් සතර සතිපට්ඨානය වැඩීමය. එම සතර සතිපට්ඨානයෝ කුමක්ද? මහණෙනි මෙහි මහණ කයෙහි කායික ඇවතුම් පැවතුම් බලමින්ද කෙලෙස් තවන වීර්ය ඇතිව මනාවූ සිහිනුවණින් යුතුව පඤ්ච ස්කන්ධ නම් වු ලෝකයෙහි දැඩි ලෝභය සහ දොම්නස දුරුකොට වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව මනා සිහිනුවණින් විඳීම් ස්වභාවය දකිමින් පඤ්ච සකන්ධ නම් ලෝකයෙහි දැඩි ලෝභය සහ දොම්නස දුරුකරමින් වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහිනුවණින් සිතෙහි ස්වභාවය දකිමින්ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම ලෝභය සම දොම්නස දුරුකරමින් වාසය කරයි.කෙලෙස් තවන වීර්ය ඇතිව, මනා සිහිනුවණින් හා නාමරූප ධර්මයන් දකිමින්ද පඤ්ච ස්කන්ධ නම් වූ ලෝකයෙහි විෂම වූ ලෝභය සහ දොම්නස දුරු කරමින් වාසය කරයි.මහණෙනි මෙය මහණ හට ගෝචර වූ සිය පිය සතු විෂයයි.
    සසර ගමනෙහි බිය දකින හා එම බියකරු වූ සසර ගමනින් අත්මිදීමට කැමති සියලු දෙනාම ගිහි පැවිදි භේදයකින් තොරව මෙම ධර්ම මාර්ගය අනුගමනය කිරීම අවශ්‍යයය. අගෝචර ස්ථානයෙහි හැසිරීමෙන් කැට කුරුල්ලාට අත්වෙන්නට ගිය ඉරණමත් අගෝචර ස්ථානය වෙත පැමිණීමෙන් ගිජු ලිහිණියට සිදුවූ ඉරණමත් මෙහිදී පැහැදිලි කරගත යුතුය. කැට කුරුල්ලා අගෝචර ස්ථානයෙහි සහ තමාට නුසුදුසු වූ ආකාරයට හැසිරීමෙන් මහත් විපතකට පත්වන්නට ඉඩ තිබුණි. එනමුත් නුවණින් කල්පනා කොට තමාට ගෝචර වූ ස්ථානයට පැමිණීමෙන් තම ජීවිතය ආරක්‍ෂා කර ගත්තේය. ගිජු ලිහිණිය, අගෝචර ස්ථානයට පැමිණීමෙන් සහ තමාට සුදුසු නොවන දෙයෙහි යෙදීමෙන් ජීවිතය අනතුරකට පත්කර ගත්තාය.
    මෙම සිත කැමති, සිත පිනවන පි‍්‍රය ලෙසින් අල්ලා ගන්නා වූ කාමයන්ගෙන් ඇස, කන, නාසය, දිව සහ කය ආරක්‍ෂා කරගැනීමට දක්‍ෂ විය යුතුය. ඇසින් රූපයක් කෙරේ සිතේ පවත්නා ඇලීම හා ගැටීම කාමයකි. මෙම කාමයෙන් යුතු සිත එම රූපය කෙරේ ඇති ඇලීම සහ බැඳීම, නිසා රාග, දෝස, මෝහ ආදී කෙලෙස් ඇතිකර ගනී. එයම අකුසල චිත්තයෝය. මෙම අකුසල චිත්තයන් ක්‍රියාත්මක වීමෙන් සතර අපායට වැටෙයි. දුක් විඳිමින්ම සසර ගමන දීර්ඝ වෙයි.මෙය මරුවාට අවස්ථාවක් ලෙසද මරුවාට අරමුණක් ලෙස ද විස්තර කෙරිණ, සිත මුල්කොට ගෙන ඇසින් ඇළුන රූපය නිසා රාගයෙන් හෝ ලෝභයෙන් බැඳේ. එය තමා සතු කරගන්නට දරන උත්සාහයේදී වේදනා විඳී. වරෙක දුකට පත්වෙයි. අභිජ්ඣාව නම් වූ විෂම ලෝභයට සහ දොම්නසට පත්වෙයි. ඇලී බැඳී එම රූපය තාවකාලිකව තමා සතු කරගත්තද, එම රූපය නම් වූ සංස්කාර වස්තුවෙහි ඇති අන්තර්ගත ස්වභාවය අනුව අනිත්‍ය ස්වභාවයට පත්වන විට සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙයි. ඇළුන සහ සිතින් බැඳුන රූපය නොලැබී යන විට ද්වේෂයට පත්වෙයි. තමාටද අන් අයටද විපත් කිරීමට සැරසෙයි. මෙම මාර්ගය පස්පව් දස අකුසල් දක්වා විහිදී ගමන් කළ හැකිය. කාමයෙහි බැඳුන තැනැත්තාට හොඳ නරක හෝ කුසල් අකුසල් මග අමතක වෙයි. මගේය, මමය, සදාකාලිකයි, ස්ථීරයි ආදී වශයෙන් සිතින් අල්ලාගත් අරමුණෙහිම ඇලෙයි. බැඳෙයි.අකුසල කර්ම රැස් කිරීමට මාර්ගයට නොදැනුවත්වම වැටෙයි.
    මේ ලෙසින් කනින්ද, නැහැයෙන්ද දිවෙන්ද කයින්ද කාමයන්ට ඇලීම සහ බැඳීමම ගැටීමට මුලකි. එයම දුක් ගොඩෙහි මූලාරම්භය මෙන්ම දුක රැගෙන යාමේ මාර්ගයයි. දුක මැනවින් තේරුම් ගන්නා දුකට හේතුවන විෂයෙහිම හැසිරීම අනුවණ කමකි. දුක මැනවින් තේරුම් ගන්නා විසින් කළ යුත්තේ දුකෙන් නිදහස්වීමේ මඟ දැන එම මාර්ගයෙහි ගමන් කිරීමය.
    පඤ්ච කාමයෝ දුක් ගෙන දෙන බව ඉතාම පැහැදිලිය. සතුටක් ලෙස අභාවිත සිතකට දැනුනද සැබවින්ම ලබා ඇත්තේද පැමිණ අත්තේද සතුටක් නොව දුක් ගොඩක්ම බව සතිය හෙවත් මනාවූ සිහිනුවණ පවත්වා ගැනීම පුරුදු කරන කවර නම් අයෙකුට වුවද වැටහේ. මේ නිසා සතර සතිපට්ඨානය වැඩිය යුතුබව පැහැදිලි කෙරිණි. සතියෙන් බැහැර වන සෑම මොහොතක්ම ,අවස්ථාවක්ම මරුට අප අරමුණක් වන්නේය.ගොදුරක් වන්නේය. එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක් රැසක ආරම්භයක් සිදුවීමය. ගෝචර වූ තැනද සිය පිය සතු විෂයද අවබෝධයෙන් දැන හැසිරෙමු. එනම් සතර සතිපට්ඨානය වඩමු.


    by dahamsabawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    දැනට දාල තියෙන කරුණුවලට යන්න පුළුවන් ලින්ක්

    56
    ,57 ,58 ,59 ,60 ,65 ,73 ,77 ,78 ,81 ,82 ,84 ,86 ,91 ,94

    මට මගෙ පළවෙනි පොස්ට් එක එඩිට් කරන්න දෙන්නෙ නෑ මම මේ ටික මෙතන දානව ඒක නිසා. මේ ෆෝරම් එකේ ඇඩ්මින්ට පුළුවන් කමක් තියෙනව නන් මට එක එඩිට් කරන පුළුවන් වෙන්න හදල දෙන්න.:)

     
    • Like
    Reactions: MihiCherub

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙළයෙක්;16642919 said:
    දැනට දාල තියෙන කරුණුවලට යන්න පුළුවන් ලින්ක්

    56
    ,57 ,58 ,59 ,60 ,65 ,73 ,77 ,78 ,81 ,82 ,84 ,86 ,91 ,94

    මට මගෙ පළවෙනි පොස්ට් එක එඩිට් කරන්න දෙන්නෙ නෑ මම මේ ටික මෙතන දානව ඒක නිසා. මේ ෆෝරම් එකේ ඇඩ්මින්ට පුළුවන් කමක් තියෙනව නන් මට එක එඩිට් කරන පුළුවන් වෙන්න හදල දෙන්න.:)


    මේ වගේ page 10න් 10 ට link ටික ඔක්කොම දැම්මනං හරි. :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    භාවනාවට පෙර…

    භාවනාවට පෙර…





    භාවනාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්‌. වයස්‌ භේදයකින් තොරව දෙස්‌ විදෙස්‌ පිංවතුන් විශාල පිරිසක්‌ මේ ජනප්‍රිය මාතෘකාව තුළින් සැනසුම සොයනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දඹදිව මිනිසාගේ විමුක්‌තිය අරමුණු කොට ගොඩනඟාගත් මිථ්‍යා දෘෂ්ඨී හැට දෙකක්‌ තිබුණු බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම දෘෂ්ඨීයක්‌ ඇති වූයේ, වර්ධනය වුණේ, මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩි වුණ නිසා.
    සංකීර්ණභාවය කියන්නේ දුක වැඩිවීම කියන කාරණයයි. වර්තමාන සමාජය තුළද මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩිවන්න, වැඩිවන්න සකස්‌ වන විකෘති සමාජීය, අධ්‍යාත්මික, පාරිසරික ස්‌වභාවයන් හේතුවෙන් මනුෂ්‍යයා නිරතුරුවම අසහනයට පත්වෙනවා. මේ අසහනයෙන් මිදීමටත්, පිංවතුන්ලා වැඩි වැඩියෙන් භාවනාවට යොමුවෙනවා.
    ඉහත කාරණය නිසා ඔබ භාවනාවට යොමු වනවා නම්, එම හේතුව සකස්‌වීම සඳහා බලපෑ සාධකයන්, ගැන පිංවත් ඔබ භාවනා කිරීමට පෙර දැනුවත් වෙන්න අවශ්‍යයි. ජීවිතයට බලපාන අසහනය නැමති ඵලය සකස්‌වීමට හේතු කාරණා වූ ධර්මතාවය කමටහනක්‌ කොට ගත්තොත්, පමණක්‌මයි, භාවනාවක්‌ තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්නේ. අප ජීවත්වන සමාජය ඉබේ සංකීර්ණභාවයට පත්වන්නේ නැහැ. සමාජයේ සංකීර්ණභාවය කියන්නේ මනුෂ්‍යයාගේ අධිවේගී සිතුවිලිවල ඵලයකි. සඳ පායා ඇති එක්‌තරා සුන්දර රාත්‍රියකදී අජාසත්ත රජතුමාට සිතිවිල්ලක්‌ පහලවෙනවා.මේ සුන්දර රාත්‍රිය වඩාත් අර්ථවත් වෙන්න නම්, ධර්ම සාකච්ඡාවක්‌ කළොත් හොඳයි කියලා රජතුමා ඇමැතිවරුන් කැඳවලා විමසනවා. ඒ සුන්දර රාත්‍රියේ අර්ථවත් ධර්මයක්‌ කිනම් ශෘස්‌තෘවරයකුගෙන් ඇසුවොත් යහපත් වේවිද කියලා. ඇමැතිවරුන් තම තමන්ගේ මතයන් ප්‍රකාශය කරන අතරේ එක සිහිනුවන තිබෙන ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කරනවා. මගේ අඹ වනයෙහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක්‌ ස්‌වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ, පිංවත් මහ රජතුමාගේ මේ සුන්දර රාත්‍රිය අර්ථවත් කරගැනීමට උතුම් හමුවක්‌ම වේය කියලා.
    ඇමැතිවරයාගේ පැහැදිළි කිරීම ගැන රජතුමා සතුටුවෙලා. තම පිරිවර සමග අඹ වනයට ගමන් කරනවා. අඹ වනය තුළට පැමිණීයත්, කිසිවකුගේ කිවිසුමක්‌ පමණකුදු හඬක්‌ නොඇසෙන නිසා රජතුමා බියට පත් වෙනවා. තම ඇමැතිවරයා මේ රාත්‍රියේ තමා මරා දැමීම සඳහා සැලසුමක්‌ කළාද කියලා. පන්සියක්‌ දෙනා සිටින තැනක අඩු වශයෙන් කුඩා හෝ ශබ්දයක්‌ නැඟෙන්න ඕනේ. ‘ඔබ මට වංචා කළා නේද?’ කියලා රජතුමා විමසනවා. ඇමැතිවරයා ප්‍රකාශ කරනවා අර පෙනෙන ශාලාවේ බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩ සිටිනවා කියලා. රජතුමා සතුට ප්‍රකාශ කරනවා. පන්සියයක්‌ මහා සංඝරත්නය වැඩ සිටින ස්‌ථානයක්‌ කෙසේ නම් මේසා නිහඬතාවයක්‌ ඇති වන්නද කියලා. මේ උතුම් නිහඬතාවය ඒ උතුම් ජීවිතවල ගොඩනැඟුණු සරලභාවය නිසාම හටගත් ස්‌වභාවයක්‌. පංච නීවරණ ජීවිතය තුළින් යටපත් වෙන්න, යටපත් වෙන්න ජීවිතය සරලභාවයට පත් වෙනවා. මේ සියල්ල හේතුඵල ධර්මයන්.
    මේ හේතුඵල ධර්මයන් දකිමින් ඕනේ අපි භාවනාවට යොමු වන්න. මනුෂ්‍යයා රූපයක්‌ කෙරෙහි ඇති කරගත්, තෘෂ්ණාව වැඩි වන්න, වැඩිවන්න ඒවා අයිතිකර ගැනීමට උපක්‍රම යොදනවා. වෙහෙස ගන්නවා. අර්බුද, ගැටලු, තරගය…. මේ හේතු නේද, සමාජයේ සංකීර්ණභාවය හැටියට අපි දකින්නේ. මනුෂ්‍යයා තෘෂ්ණාව පසු පස හඹා යන්න හඹා යන්න දුක වැඩි වෙනවා. සැප සොයන්නයි හඹා යන්නේ, නමුත් සකස්‌ වෙන දුක? අප්‍රමාණ කැපවීම් කරලා සැපයක්‌ ලැබුණත්, එය බොහෝම කෙටි ආශ්වාදයක්‌. ඒ ආශ්වාදය අභිබවා ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරදේව නැගී සිටිනවා. පිංවත් ඔබ සිහිනුවනින් බලන්න.
    ලෝකය මොනතරම් අසාධාරණද කියලා. ප්‍රශ්නය තිබෙන්නේ මෙතරම් අසාධාරණ ලෝකයකට ඔබ මෙතරම් ආදරය කරන්නේ ඇයිද කියලා. පිංවත් ඔබට යමෙක්‌ අසාධාරණයක්‌ කරනකොට ඔහුගෙන් මිදීයාමටයි ඔබ උත්සාහ ගන්නේ. නමුත් ඔබ මෙතනදි ලෝකයේ කොටස්‌කරුවෙක්‌ වෙමිනුයි විසඳුම් සොයන්න උත්සාහ ගන්නේ. මෙය හරියට වැරැද්ද තමා තුළ තබාගෙන අනුන් තුළින් වැරැදි සොයනවා වගේ වැඩක්‌. ඔබ තුළින්ම සකස්‌ වෙන තෘෂ්ණාව විසින්මයි. මේ අසහනය අසාධාරණය සකස්‌කොට තිබෙන්නේ.
    පිංවත් ඔබ මොන භාවනා ක්‍රමවේදයකට යොමු වුණත්, දුක සකස්‌ කර තෘෂ්ණාව පිළිබඳව නිරුතුව අවදියෙන් සිටින්න ඕනේ. මොකද පිංවත් ඔබ මේ ජීවිතයේදී පුරුදු වෙන්න භාවනා කරනවා නොවේ, අතීත සංසාරික භව ගමනේදී, පිංවත් ඔබ සැවොම සමථ භාවනාව පුරුදු පුහුණු කොට, ධාන්‍යලාභීන්ව අහසින් ගමන් කළ, පිරිසක්‌මයි. අතීතයේ ඔබලා රූපී අරූපී බ්‍රහ්මතලවල ඉපදිලා අප්‍රමාණ සමාධියේ ආශ්වාදය කල්ප ගණන් විඳි පිරිසක්‌මයි. පිංවත් ඔබත් මමත් මනුෂ්‍ය ජීවිතවලදී මෛත්‍රි භාවනා වඩලා මරණින් මතු කල්ප ගණන් බ්‍රහ්ම සම්පත් ලැබූ පිරිසක්‌මයි. අපි සැමගේම යථාර්ථය මේක තමයි.
    අතීතයේ සමාධි භාවනාවන්ගේ ආශ්වාදයේ අසිරියෙන්, සමාධියේ ලෝකය ජයගත් ඔබට, තමා තුළම දුක සකස්‌ කිරීමට හේතු වන තෘෂ්ණාව හඳුනාගැනීමට තවම පුළුවන් වෙලා නැහැ. ඒ නිසාම පිංවත් ඔබ වර්තමානයේ නැවතත්, ස්‌වාමීන් වහන්සේනමකගෙන්, ගුරුවරයෙක්‌ගෙන්, පතපොතින්, සොයනවා. විමසනවා. කොහොමද ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරන්නේ. කොහොමද විචාර විතර්ක සංසිඳෙන්නේ. කොහොමද හුස්‌ම දෙස බලා සිටින්නේ. කුමක්‌ද ධ්‍යාන කියන්නේ කියලා. බලන්නකෝ. අවාසනාවක මහත, අතීත භවයන්හිද රූපි, අරූපි බ්‍රහ්මඵල ස්‌පර්ශ කළ අපි, තෘෂ්ණාව ගැන, නොතකා හැරීම නිසාම, මේ නිමේෂයේත් නැවතත් ආනාපානසති භාවනාව වඩන හැටි ‘අ’ යන්නේ සිට සොයනවා.



    by dahamsabawa
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නියත රැකවරණය කුමක් ද?

    නියත රැකවරණය කුමක් ද?


    http://dahamsabava.wordpress.com/author/dahamsabava/
    තෙරුවන් සරණ යනවා කිියන්නේ එක් කරුණක් . සිල් රකිනවා කියන්නේ තවත් කරුණක්. තෙරුවන් සරණ යන හැමෝම සිල්වත් නැහැ වගේම සිල්වත් හැමෝමත් තෙරුවන් සරණ යන්නෙත් නැහැ. උදාහරණ ලෙස මහමායා දේවිය බෝසතාණන් කුස පිළිසඳ ගත් දවසේ පෙහෙවස් සමාදන් වී හිටියේ. එදා තෙරුවන් පහළ වෙලා තිබුණේ් නැහැ. ඒ නිසා සීලය කියන දේ බුදුදහමේ පමණක් තිබෙන දෙයක් නොවේ. එය ලෝකයේ සදාචාර සම්න්න සමාජයක් ගොඩ නගන්න සමාජයේ තිබෙන පොදු ධර්මතාවක් අපි ආදරයෙන් සරණ ගිය තථාගතයන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටි කාලයේ එහි ජීවත් වූ සරකාන කියන පුද්ගලයෙක් මියගියා. ඒ පුවත මුළු නගරය පුරාම පැතිරී ගියා.


    මේ ආරංචිය තථාගතයන් වහන්සේටත් සැලවුණා. උන්වහන්සේ වදාළා මහණෙනි, සරකානි ශාක්‍යකයා සෝවාන් වූ කෙනෙක්. ඔහු සුගතියේ උපන්නා කියා. උන්වහන්සේ ගේ මේ කථාව මුළු නගරය පුරාම පැතිරි ගියා. එවිට අනෙක් ශාක්‍යයන් කියන්න ගත්තා සරකානි සිල්පද රැකපු කෙනෙක් නොවේ. ඔහු සුරාවට ලොල් පුද්ගලයෙක්. ඔහුටත් සෝවාන් වෙන්න පුළුවන්නම් ඒක මහ පුදුමයක්. එහෙම නම් ඕන පවක් කරන අයටත් මාර්ගඵල ලබන්න පුළුවන් නේ කියා මිනිසුන් උන්වහන්සේගේ කථාව හෑල්ලුවට ගෙන උපහාස අපහාස කරන්න පටන් ගත්තා.
    එනුවර ශාක්‍ය වංශික රජ කෙනෙක් හිටියා මහනාම කියලා. ඔහුටත් ආරංචි වුණා මිනිසුන් අපහාස කරමින් තථාගතයන් වහන්සේට බනිනවා කියා. දිනක් ඔහු බුදුරජාණන් වහන්සේ බැහැ දැක අසා සිටිනවා ‘ස්වාමිනි සරකානි පසුගිය දිනක මිය ගියා. ඔහු සෝවාන් වී සුගතියේ උපන් කෙනෙක් කියා ඔබ වහන්සේ වදාළා ද? ඔව් මහනාම, එය ඇත්තක්. සරකානි සෝවාන් වූ පුද්ගලයෙක්. ඔහු සුගතියේ උපන්නා . මහනාම, කවුරුන් හෝ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සරණ ගියානම් ඒ තෙරුවන් සරණ ගිය පුද්ගලයා සුගතිගාමි වෙනවා. ඔහු උපාසකයෙක්. ඔහුට සුගතියේ ඉපදෙන්න පුළුවන්.
    එසේනම් පැහැදිලියි තෙරුවන් සරණ යනවා කියන්නේ එක් කරුණක්. සිල් රකිනවා කියන්නේ තවත් කරුණක්. තෙරුවන් සරණ යන හැමෝම සිල්වත් නැහැ වගේම සිල්වත් හැමෝමත් තෙරුවන් සරණ යන්නෙත් නැහැ. උදාහරණ ලෙස මහමායා දේවිය බෝසතාණන් කුස පිළිසිඳ ගත් දවසේ පෙහෙවස් සමාදන් වී හිටියේ. එදා තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා සීලය කියන දේ බුදුදහමේ පමණක් තිබෙන දෙයක් නොවේ. එය ලෝකයේ සදාචාර සම්න්න සමාජයක් ගොඩ නගන්න සමාජයේ තිබෙන පොදු ධර්මතාවක්. නමුත් කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියොත් ඔහු සිල්වන්ත යි. නමුත් කෙනෙක් තෙරුවන් කෙරෙහි අවබෝධයක් නො මැතිව සිල් රැක්කත් ඔහුටත් පින් සිදුවෙනවා. කෙනෙක් බුදුන් වැඳ ඊට පස්සේ යම් සොරකමක් කරනවානම් ඔහු කරන ක්‍රියාව අනුව චේතනා පහළ වෙනවා. බුදුන් වඳිනකොට ඒ ක්‍රියාව මඟින් පින් සිදුවෙනවා. ඊළඟට සිදු කරන සොරකම අනුව පව් සිදුවෙනවා. ඒ අනුව පහළවන සිතිවිලි සමුදාය මඟින් කර්ම රැස්වෙනවා. තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරනවානම් එයා තුළ දුස්සීලකම් තිබුණත් හොඳ ක්‍රියාවල ප්‍රතිඵලය මරණාසන්න මොහොතේ දී එය ඉස්මතුවෙලා ඒ තුළින් සුගතියට යන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අවස්ථාවේදී ඊට වඩා කළ දුස්සීලකම් මතුවෙලා දුගතියට යන්නත් පුළුවන්. අපට කියන්න බැහැ තෙරුවන් සරණ ගිය හැමෝම ඒකාන්තයෙන්ම සුගතියට යනවාම යි කියා. ඒ වගේම සිල්පද රැක්ක හැමෝම මරණින් මතු ඒකාන්තයෙන්ම සුගතියේ උපදිනවා කියන්නත් බැහැ. සිල්වන්ත පුද්ගලයාගෙන් අවසාන මොහොතේ දී රාග, ද්වේෂ, මෝහ ඉස්මතු වුණොත් ඔහුට දුගතියේ යන්න වෙනවා. ඒකාන්තයෙන්ම සුගතියේ උපදින්නේ් සෝවාන් පුද්ගලයා පමණ යි.
    තථාගතයන් වහන්සේ වදාළා සරකානි දුස්සීලකම් කළාට තෙරුවන් සරණ ගිය කෙනෙක්. හැබැයි එහෙම අයගේ ජීවිත පරිපූර්ණ නැහැ. පරිපූර්ණ වීමට ශ්‍රද්ධාව, සීලය, සමාධිය හා ප්‍රඥාව අවශ්‍ය යි. ඒ කරුණු නිතර දියුණු වෙනවානම් ඔහු පරිපූර්ණ බෞද්ධයෙක්. මේ සරකානි පුද්ගලයා තුළ ශ්‍රද්ධාව තිබුණා. ඒ නිසා නිතරම තථාගතයන් වහන්සේ ඇසුරු කළා. නමුත් සුරාවත් පානය කළා. ඊළඟට උන්වහන්සේ වදාළා සසරට ඇඳ දමන දස සංයෝජන පිළිබඳව. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ, රූප රාග, අරූපරාග, මාන, උද්දච්ච කුක්කුච්ච අවිද්‍යා යි. මේවා මුළුමනින්ම ප්‍රහානය කරන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේට මරණින් මතුª උපතක් නැහැ. ඊළඟ පිරිස සකෘදාගාමි මාර්ගඵලලාභීන්. ඔවුන් සංයෝජන ධර්ම තුනක් නැතිකර දෙකක් තුනී කරනවා. සක්කාය දිට්ටිය, විචිකිච්ඡාව හා සීලබ්බතපරාමාස ධර්ම නැතිකර කාමරාග පටිඝ කියන දෙක තුනී කරනවා. එහෙම අයත් මේ කාම ලොවට එක වතාවක් එනවා. ඒ අයත් දුගතියේ ඉපදෙන්නේ නැහැ. අනෙක් කොටස සෝවාන් ඵලයට පත් වූ අය. දස සංයෝජනවලින් මූලික සංයෝජන තුන නැති කර සතර අපායෙන් නිදහස් වෙනවා.
    සසරේ ගමන් කරන අප ලෝක 31 ඉපදෙනවා. සතර අපාය, දිව්‍ය ලෝක හය, මිනිස් ලොව, බ්‍රහ්මලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 හා අසංඥතල ලෝකයි. මෙය හරියට තට්ටු 31 ගොඩනැගිල්ලක් වගේ. පොලව යට තිබෙනවා තට්ටු හතරක්. ඒ සතර අපාය. පොළොව උඩ තිබෙනවා මිනිස් ලොව හා දිව්‍ය ලෝක හයත්, රූපාවචර බ්‍රහ්මලෝක දහසයෙන් දොළහක්. ඒ තට්ටුවලට එනවිට වලාකුළකින් ඒ ටික වැහෙනවානම් එයින් උඩට තිබෙන්නේ සුද්දාවාස බ්‍රහ්ම ලෝක හා අරූපාවචර ලෝක යි. මේ පොළොව මට්ටමේ සිට උඩට එනකම් රූපාවචර බ්‍රහ්ම ලෝක 12 ත් ඇතුලත්ව ලෝකවල ඉපදෙන්න තිබෙන සංයෝජනවලට ඔරම්භාගීය සංයෝජන කියනවා. උද්දම්භාගීය සංයෝජන කියන්නේ ඉහළ ලෝකවල ඉන්න අයට පහළවන සංයෝජන. ඒ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා. යම් කෙනෙක් මේ යටට යන සංයෝජන නැතිකළානම් ඒ පුද්ගලයාට කියන්නේ අනාගාමි පුද්ගලයා කියලා. උද්දම්භාගීය සංයෝජන ධර්ම පහළ වන්නේ සුද්දාවාස බඹලොව ඉපදී නිවන අවබෝධ කරන අයට යි.
    ඒ වගේම සතර අපායෙන් මිදුන තව දෙපිරිසක් ඉන්නවා. ඒ ධම්මානුසාරි හා ශ්‍රද්ධානුසාරි පුද්ගලයන්. ධම්මානුසාරි පුද්ගලයා කියන්නේ සෝවාන් මාර්ගයට පිවිසිලා ගමන් කරමින් ඉන්නේ. නමුත් ඵලයට පත්වෙලා නැහැ. මෙය එක් චිත්තක්ෂණයකින් සිදුවෙන දෙයක්. මාර්ග සිත පහළ වුණාම ඇතිවන්නේ ඵල සිත. ධම්මානුසාරි පුද්ගලයාට ප්‍රඥාව දියුණු වෙලා තිබෙන්නේ. ඔහු ශ්‍රද්ධා, විරිය, සති, සමාධි ඉන්ද්‍රිය ධර්ම පෙර සසරේදී පුරුදු කර දියුණු කර තිබෙන්නේ. මේ භවයේදී ඔහු බහුල වශයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරනවා. ඒ පුද්ගලයාට කියන දේ ඉක්මණින් වැටහෙනවා. ඒ අය සංසාරේ පින් රැස්කරගෙනයි එන්නේ. ඒ වගේම ශ්‍රද්ධානුසාරි කෙනාට ශ්‍රද්ධාව තිබෙනවා. නමුත් බොහෝවිට එය ස්ථිර දෙයක් නොවේ. නමුත් ඒ පොඩි ශ්‍රද්ධාව මුල්කරගෙන හෝ කුසල ධර්මය දියුණු කරන්නට ඔහුට පුළුවන්. ඒ දෙදෙනාම ඉන්නේ සෝවාන් මාර්ගයේ මුල් හරියේ. මුල් දොරටුව ළඟ. ඒ දොරටුව විවිර වූ විගස පිවිසෙන්නේ සෝවාන් මාර්ගයට. මේ දෙදෙනාත් අපායෙන් නිදහස්. නමුත් තථාගතයන් වහන්සේ මේ දෙදෙනා නියත වශයෙන්ම සතර අපායෙන් නිදහස් කියා වදාළේ නැහැ. ‘නියත’ කියන වචනය නො යොදා ‘සම්බෝධි පරායනෝ’ ලෙස වදාළා. ඔවුන් තවම ඒ මාර්ගයට ප්‍රවේශ වෙලා පමණයි ඉන්නේ. නමුත් ඒ අයත් සතර අපායෙන් නිදහස්.
    උන්වහන්සේ වදාළා සරකානි කියන්නේ දීර්ඝ කාලයක් තෙරුවන් සරණ ගිය කෙනෙක්. තෙරුවනගේ පැහැදීම බාහිරව තව කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඔහු මතට ගිජු පුද්ගලයෙක් ලෙසයි ප්‍රකට වුණේ. ඊළගට ආ ප්‍රශ්නය සුරාපානය කරන කෙනෙක් කොහොමද සෝවාන් වන්නේ කියන එක. තථාගතයන් වහන්සේ වදාළා සරකානි සෝවාන් වෙන අවස්ථාවේ දී සුරාව පානය කර තිබුණෙ නැහැ. ඔහුගේ සත්‍යවබෝධය සිදුවෙන්න තිබූ අවස්ථාවේ දී ඔහුට සුදුසු මානසිකත්වය ඇතිකරගෙනයි හිටියේ. ඒ වෙලාවේ දී අදාල ධර්මය පැහැදිලි කර දුන්නා. ඔහු සත්‍යවබෝධ කර ගත්තා. ඒ සරකානිගේ පිනට තථාගතයන් වහන්සේ වැඩ සිටියා. සරකානි සත්‍ය අවබෝධ කරගන්නා අවස්ථාවේ ඔහුට ගැලපෙන ආකාරයට ධර්මය වදාළ නිසා ඔහුගේ සිත විකසිත වුණා. ඒ වාසනාවට ඔහුගේ පුන්‍ය ශක්තියත් තථාගතයන් වහන්සේගේ හමුවීමත් බලපෑවා.
    එනිසා අපත් අවබෝධයෙන්ම තෙරුවන්ගේ ගුණ දැනගෙනම සරණ යා යුතු වෙනවා. ඒ වගේම සිල්පදත් හොඳින් රකිමින් සමථ භාවනා දියුණු කර විදර්ශනා වඩා ති‍්‍රලක්ෂණය ඇතිකර ගත යුතුයි. එවිට අපටත් සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාව තිබෙනවා. එයින් මෙහා උදවිය අපායේ යන්නත් පුළුවන් . නො යන්නත් පුළුවන්.



    http://dahamsabava.wordpress.com/2013/09/20/1182theruwan/by dahamsabawa
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ...

    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ


    http://dahamsabava.wordpress.com/author/dahamsabava/




    දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:


    01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.


    02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.


    03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.


    04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.


    05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.


    06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.


    07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.


    08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.


    09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.


    10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.


    11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.


    12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.


    සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.
    සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.
    සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.



    by dahamsabawa
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෛත්‍රිය සහගත ධර්ම යුද්ධයකට පෙලගැසෙමු...!!!

    බොහෝ සත්වයන්ගේ යහපත හා බුදුදහමේ චිරස්ථිතිය උදෙසා මෛත්‍රිය සහගත ධර්ම යුද්ධයකට පෙලගැසෙමු.
    එනම් නොයක් ආගම් (ඉස්ලාම්, කිතුනු හා උපතින් බෞද්ධ) හා ජාති (සිංහල, මුස්ලිම්, දමිළ) වල මනුෂ්‍යන්ගේ සිත් තුල ඇති මිත්‍යා අදහස් බිඳහෙලමින් සත්ධර්මය තුලින් ඔවුන්ට මෙලොව හා පරලොව සැප උදා කර දීමයි. මෙය ඔවුන්ගේ මවට හෝ පියාට වත් සිදුකල නොහැකි උතුම්ම උපකාරයයි.

    සියලු සත්වයෝ සැප සහගත සිතින් හා කයින්ද, මෛත්‍රිය සහගත සිතින්ද වසත්වා !!!





     
    • Like
    Reactions: MihiCherub

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි භාවනා කරමු

    අපි භාවනා කරමු




    භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම දියුණු කරල, ඉහළම තලයට දියුණු කරල එය අපට පෙන්වා වදාළා. සිත දියුණු කරගන්නා ක‍්‍රමය භාවනාව යනුවෙන් හඳුන්වමු.

    ලෝකයේ සිත දියුණු කරන සුළු පිරිස අතරට ඔබත්…
    ඔබට පුළුවන් නම් භාවනාව දියුණු කරගන්නට මේ ජීවිතයේදීම ඔබේ සිත වේගයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. මේ සඳහා ඔබට සිතන්න පුළුවන්කම තිබිය යුතුයි. ඔබට බැරි නම් කල්පනා කරන්න, ඔබට සිත දියුණු කරන්න බැරිව යනවා. බොහෝ දෙනෙක් මේ සිත දියුණු කරන්නේ නෑ. මේ ලෝකේ ස්වල්ප දෙනයි සිත දියුණු කරන්නේ. අන්න ඒ ටික දෙනා අතරට ඔබට පැමිණෙන්නට පුළුවනි. බොහෝම සිහි කල්පනාවෙන් යුතුව, බොහෝ අවධානයෙන් යුතුව මෙය හදාරන්න. අපි ක‍්‍රම ක‍්‍රමයෙන් කියාදෙනවා ජීවිතයේ ගැඹුරක් දකින්නට හැකි අයුරු.

    භාවනාවට ඔබත් සුදුස්සෙක්ද?

    බුදු රජාණන් වහන්සේ විශේෂයෙන් සිත දියුණු කරපු කෙනෙක් කියලා ඔබ තුළ තියෙන ප‍්‍රසාදය ඉතා වැදගත්. මේකට කියනවා ශ‍්‍රද්ධාව කියලා. සිත දියුණු නොකරපු කෙනෙකුගේ උපදෙස් වලින් අපට සිත දියුණු කරන්න බෑ. අපිට සිත දියුණු කරන්න පුළුවන් වන්නේ සිත දියුණු කරපු කෙනෙකුගේ උපදෙස් වලින්මයි. ඒ සඳහා අපට බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ වෙන කවුරුවත් මුණ ගැහෙන්නෙ නෑ. ඒ තරමටම උන්වහන්සේ සිත දියුණු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ උපදෙස් උන්වහන්සේ ජීවිතය ගැන කියා දීපු දේ හොඳින් දැනගෙන ඒ දැනගත් කරුණුවලට අනුව ජීවිතය හසුරුවාගන්න පුළුවන් වුණොත් ඔබ භාවනාවෙන් දියුණු වෙන්න සුදුසුකම් ලබනවා.

    දුර්ලභ ක්ෂණ සම්පත්තිය…
    .
    ඔබට වුවමනා වන්නේ විශේෂයෙන්ම හිතන්න පුළුවන්කම. හිතන්න පුළුවන් කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණගැහිලා, ඒ ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිවුණාම ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියල. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය ගොඩක් දුර්ලභ එකක්. බුදු රජාණන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා නිතරම පවසන දෙයක් තමයි මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙච්ච අය අපායේ වැටිලා දුක් විඳිනවා කියන එක. අපි දැන් මේ මිනිස් ලෝකේ හිටියට අපට තියෙන මේ කාලය කෙමෙන් කෙමෙන් ගෙවිලා යන එකක්.
    අපට ලෙඩ වෙලා යන ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. අපි මරණයට පත්වෙලා නිමාවෙන ජීවිතයක් ලැබිල තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ අපි මරණයට පත්වෙන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා, අපේ සිහි කල්පනාවේ වෙනසක් වෙන්න ඉස්සර වෙලා, හොඳට සිහිය තියෙන වෙලාවේ, හොඳට ශ‍්‍රවණය තියෙන වෙලාවේ, හොඳට කල්පනාව තියෙන වෙලාවේ, හොඳට යමක් කමක් තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙලාවේ ඔබේ සිතේ ශ‍්‍රද්ධාව ඇතිවෙලා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ඔබට සිතන්න පුළුවන්කම තියෙනවා නම්, ඔබට ඒ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබෙනවා.

    අධිෂ්ඨානයෙන් සිත මැඬලන්න….

    දැන් ඔබ මිනිස් ලෝකේ ඉපදිලා ඉන්නවා. දැන් ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා. මේ හිතන්න පුළුවන්කමත් සමඟම ඔබ හිතන්න පුළුවන් බව දියුණු කරන්න ඕනෙ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ඒ අසන්නා වූ ධර්මයට අනුව ඔබට ශ‍්‍රද්ධාවක් ඇතිවෙලා ඔබ කල්පනා කරනවා ”මම ධර්මය ප‍්‍රගුණ කරන්න ඕනෙ කියල” අන්න ඒ මොහොතේ ඉඳලා ඔබට ක්ෂණ සම්පත්තිය ලැබෙනවා. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්න එපා. මේක අපට දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේ සිතේ ස්වභාවය තමයි එක දිගට යමක් අධිෂ්ඨානයෙන් කරගන්න තියෙන අමාරුව. භාවනා කරන්න කෙනෙක් ගියත්, සිල් ආදී ගුණධර්ම පුරුදු කරගන්න ගියත්, සිත දමනය කරන වැඩපිළිවෙලකට ගියත්, සිත දියුණු කරන වැඩපිළිවෙලකට ගියත්, මේක කරගන්න බෑ. නොහිතන විදිහට මෙයා කැරකිලා ආයෙත් හිටිය තැනටම වැටෙනවා. මෙන්න මේ තත්වය ඔබ හඳුනාගෙන විශේෂයෙන්ම අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ. මම මේ දැනගන්න ධර්මය හොඳින් හිතට ගෙන මේ බලන්නා වූ ධර්මයට අනුව මම මගේ චින්තනය මෙහෙයවලා මම සිත දියුණු කරනවා කියල ඔබ කල්පනාවක් ඇති කර ගත යුතුයි.

    සිත දියුණු කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජන…..

    සිත දියුණු කිරීමේදී සිදුවන විශේෂත්වය නම් ඔබ ගුණධර්ම වලින් දියුණු වීම. ඔබේ මනස දියුණු වුණොත් ඔබ තුළ ගොඩනැගෙනවා පෞරුෂයක්. පෞරුෂයක් ගොඩනැගෙනවා කියන්නේ ඔබ තුළ ගොඩනැගෙනවා අභිමානවත් බවක්. ඔබ තුළ ගොඩනැගෙන පෞරුෂය එක්ක මානසිකව ඔබ දියුණු වෙනවා මිසක් පිරිහෙන්නෙ නෑ. ඒ නිසා ඔබ තව කෙනෙකුට ඊර්ෂ්‍යයා කරන්න යන්නේ නෑ. ඒ නිසා ඔබ තව කෙනෙක් එක්ක තරහ වෙන්න පළිගන්න යන්නෙ නෑ. අනුන්ගේ දියුණුවට ද්වේශ කරන්න යන්නේ නෑ. ඔබ එ් සියල්ලන් කෙරෙහි සතුටු වෙනවා. මේ ස්වභාවය තමයි ඊළඟට ඔබට ඇතිවෙන මානසික දියුණු තත්වය. මේ දියුණු තත්වය ලබාගන්න පුළුවන් වෙන්නේ සිත දියුණු කරගැනීමෙන් තමයි. සිතේ දියුණුව කියන්නේ ඒකයි.
    ඔබේ සිත දියුණු වෙන කොට ඔබ ගුණ ධර්ම වලින් දියුණු වන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ඔබ අනුන්ගේ දියුණුවට අනුන්ගේ යහපතට සතුටු වෙනවා. ඊර්ෂ්‍යයා කරන්නේ නෑ. අනුන්ගේ දැන උගත්කම් ගැන සතුටු වෙනවා. අනුන්ගේ හැකියාවන් ගැන ඔබ සතුටු වෙනවා. මෙන්න මේවා තමයි දියුණු වෙන සිතක ඇතිවෙන ලක්ෂණ. අන්න ඒවා ඔබ තුළ ඇතිවෙන්න පටන් ගන්නවා. එවිට ඔබ තේරුම් ගන්න ඔබ තුළ තිබෙනවා දියුණු කළ හැකි, දියුණු වන සිතක්. මෙන්න මේ සිත දියුණු කරන්න පුළුවන් ප‍්‍රධාන භාවනා ක‍්‍රම තියෙනවා. අන්න ඒ භාවනා ක‍්‍රම බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ.

    භාවනාව යනු….

    භාවනාව කියන්නේ අපේ මනස හසුරුවන වැඩ පිළිවෙලක්. අපේ මනස යම්කිසි ක‍්‍රමාණුකූල පිළිවෙලකට හසුරුවනවා නම් එයටයි භාවනාව කියන්නේ. මේ ක‍්‍රමානුකූල පිළිවෙළකට මනස හැසිරවීමෙන් අභ්‍යන්තර ජීවිතය පිරිසිදු වෙනවා. අභ්‍යන්තර ජීවිතය පිරිසිදු වීම නිසාම ඔබේ ජීවිතය ටික ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ටික ටික ධෛර්යය සම්පන්න වෙන්න පටන් ගන්නවා. ටික ටික වීර්යවන්ත වෙන්න පටන් ගන්නවා. ඔබ සතුටින් ඉන්න පුරුදු වෙනවා. ඔය හැමදේම ලැබෙනවා මනස දියුණු කිරීමෙන්.
    දැන් බලන්න අපේ වයස සෑහෙන්න ගෙවිලා. නමුත් අපට බැරිවුණා මනස දියුණු කරගන්න. මේ මනස දියුණු කරගන්න බැරිවුන එක අපේ ජීවිතවලට සිදුවුන විශාල පාඩුවක්. මෙන්න මේ පාඩුවෙන් වැළකිලා මනස දියුණු කරගන්න ලැබනු අවස්ථාව අපි මේ ජීවිතේ දිගින් දිගටම ආරක්ෂා කරගෙන දියුණු කරන්නට ඕනේ.

    ස්වාධීන චින්තනයක් ඇති කරගනිමු….

    මේකට විශේෂයෙන් වැදගත් වෙනවා ස්වාධීනව හිතන්න පුළුවන්කමක් තිබීම. ස්වාධීනව හිතන්න පුළුවන්කම කියන්නේ, දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මම ඔබට කියා දෙන කොට ඔබට මේ කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්න ඕනේ. මේ කියා දෙන්නා වූ ධර්මය, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, මේක මට ප‍්‍රගුණ කරන්න පුළුවන් කියලා නිසැක භාවයට පත්වෙන්න ඕනේ ශ‍්‍රද්ධාව තුළින්. අන්න ඒ තුළින් ඔබ තුළ ගොඩනැගෙන්නේ ස්වාධීන චින්තනයක්. එතකොට කවුරු හරි කිව්වොත් ”නෑ… නෑ.. භාවනා කරන්න ඕනෙ නෑ. ඔය භාවනා කරලා වැඩක් නෑ. ජීවිත අවබෝධයක් අපට ඕනෙ නෑ. ඔබ ගිහි ජීවිතය ගත කරන කෙනෙක්. ඔබට ඒක අදාල නෑ” කියලා, එතකොට ඔබ කෙළින්ම පිළිගන්නවා ඒක වැරදි මතයක්, වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක් කියල.
    මේ නිසා ඔබට පුලුවන් පැහැදිලි චින්තනයක ඉන්න. ඔබේ සිතේ වටිනාකම තියෙන්නේ ඔබ තුළ. ඒ නිසා බාහිර කෙනෙකුගේ මතවාදයක් තුළින් ඔබේ මනස පිරිහෙන්න දෙන්න එපා. බාහිර කෙනෙකුගේ මතවාදයකට ඇහුම්කන් දීලා ඔබේ ජීවිතය අයාලේ යන්න දෙන්න එපා. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ ඔබේ ජීවිතයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා දැඩි මතයකට පැමිණෙන්න ඕනෙ. ඒ දැඩි මතය තුළ ඔබ ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. මෙන්න මේ ශ‍්‍රද්ධාව මුල් කරගෙන ඔබ ගෞතම බුද්ධ ශාසනයට ටිකෙන් ටික පැමිණෙනවා.

    ඔබටත් අභිමානවත් චරිතයක්….

    ගෞතම බුද්ධ ශාසනය තුළට ටිකෙන් ටික ඔබ පිවිසෙන විට ශ‍්‍රද්ධාව මුල් කරගෙන ඔබේ ජීවිතය ටිකෙන් ටික ශක්තිමත් වෙනවා. ඔබ ආධ්‍යාත්මිකව බල සම්පන්න වෙනවා. බාහිර අදහස්වලට කරුණු රහිතව බැඳෙන ගතිය නැතිවෙලා බොහොම සාධාරණව කරුණු විමසා බලලා සාධාරණ පැත්ත ගන්න පුළුවන් අභිමානවත් චරිතයක් ඔබ තුළ ගොඩනැගෙනවා. එවැනි දුර්ලභ අවස්ථාවක් ඔබට ලබා දෙන්නේ භාවනාව තුළින්. ඒ නිසා ඔබට මේ භාවනාව කරගෙන යාමට දැන් ඉගෙන ගත් කරුණු මනා පිටුවහලක් වෙනවා.