මනස, ආත්මය ගැන අහපු ජොකියට
1. ආත්මය කියලා උඹ අදහස් කරන දේ නෙවෙයි පිලිගත්ත ඩෙෆිනීශන් එක. ආත්මය කියලා රටේ ලෝකේ මිනිස්සු කියන්නේ ජීවිතෙන් ජීවිතයට ගමන් කරන නොවෙනස් දෙයක්. බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ශේප කරා, එහෙම නිත්‍ය වූ ආත්මයක් නෑ. තියෙන්නේ සිතුවිලි පරම්පරාවක් විතරයි. ඒ ඒ අවස්ථාවේ අපේ ඉන්ද්‍රියන් 6න් ( පංචේන්ද්‍රියන් + මනස ) ලබාගන්නා සංඥා අනුව ඇති වෙන සිත් පරම්පරාව. එය වෙනස් වෙන සුලුයි. හැම චිත්තක්ශනයකදිම අලුත් සිත් ඇති වෙනවා, නැති වෙනවා. ඒ නිසා බුදු හාමුදුරුවෝ කිව්වේ ජීවිතයකින් ජීවිතයකට යන්නේ නොවෙනස් ආත්මයක් කියලා දෙයක් නෙවෙයි. උදාහරණයකින් බුදු හාමුදුරුවෝ පැහැදිලි කරා, පහනකින් තවත් පහනක් දැල්වූවම පරණ පහන් දැල්ල නෙවෙයි අලුත් එකේ තියෙන්නේ. ඒත් අලුත්ම පහන් දැල්ලකුත් නෙවෙයි. එකිනෙකට සහ-සම්බන්ධ, ඒත් ඒ ඒ පහනේ තියෙන, තෙල් ගිතෙල් , පහන් තිරය අනුකූලව දැල්වෙන දැල්ලක්.
සිත, මන්ස, විඥ්ඥානය කියන්නේ එකිනෙකට වෙනස් සංකල්ප.
ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ගෙන් වුනාට ඒ පදාර්ථ/ශක්තින් උපාදානය ( අරමුණු) කරගෙන ඇති වෙන සිතිවිලි පරම්පරාව ශරීරයට අයිති වෙන්නේ නෑ නේ


තමං ටයිප් කරන දේවල් ගැනම පොඩ්ඩක් හිතලා බැලුවොත්, දුක, තෘශ්නාව, මමත්වය තමන් ලඟ නැද්ද කියලා තේරේවි
උදා - චැලේන්ජ් එකක් කරලා නෝන්ඩි වෙනකොට මාරු වෙන්නේ මමත්වය නිසා


අපේ සිතුවිලි ඇති වෙන්නේ, අපි පින් පව් කරන්නේ මම, මගේ කියන අල්ලාගැනීම නිසා.එහෙම අල්ලාගන්නේ තෘශ්ණාව නිසා. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් සමුදාය.බුදුදහමේ කියලා දෙන්නේ මෙහෙම මම, මගේ කියලා සංසාරයේ දුක් විඳිමෙන් මිදෙන්නේ කොහොමද කියලා. මම මගේ කියලා දෙයක් නෑ කියලා ටයිප් කරාට ඒක තේරුම් යන්නේ නෑ. ඒක තේරුම් ගන්න අමාරුයි. බෞද්ධයෙක්ගේ අන්තිම අරමුණ මේවා තේරුම් අරගෙන නැවත ඉපදීම වලක්වා ගැනීම. එහෙම කරන්න නම් මනස දියුණූ කරගන්න ඕන, මනස සකස් කරගන්න ඕන. සතෙක් වෙලා ඉපදිලා ඕක කරන්න බැරි නිසයි, මිනිස්, දෙව් භවයක් ලබාගන්න පින් කරන්නේ
උච්ඡේදවාදියෝ කියලා සැට් එකක් ඉස්සරත් හිටියා. එයාලත් පින් පව් නැත, මරණෙන් මතු කිසිවක් නැත කියලා මේ ජීවිතයේ ෆුල් ජොලි කරගෙන සොමියේ හිටියා


කැමති නම් එහෙම ඉන්න පුලුවන්. කවුරුවත් එපා කියන්නේ නෑ



