හැම අන්තඃකල්පයක් අවසානයේදීම මිනිස්සු විනාශ උනාට පස්සෙ කිසියම් ප්‍රමාණයක් ඉතිරිවෙනවා නම් තමයි ජුරාසික් යුගයේ මිනිසා ජිවත් උනාද කියන ප්‍රශ්නෙ එන්නෙ. මේ අන්තඃකල්පෙ නම් ආයුධ වලින් විනාශ වෙලා ධාර්මික මනුෂ්‍යයින් පිරිසක් එයින් බේරෙනවා කියල සඳහන්. සෑම අන්තඃකල්පයකදිම මිනිසුන් ප්‍රමාණයක් ඉතිරිවෙන්නේ නැතිනම් අපිට හිතන්න පුළුවන් කාශ්‍යප බුද්ධ කාලෙන් පස්සෙ අන්තඃකල්ප විනාශයේදී සියලුම මිනිසුන් විනාශ වෙලා ගිහින් නැවතත් වානරයාගේ පරිනාමනයෙන් මිනිසුන් බිහි උනා කියල. සද්ධර්ම රත්නාවලියේ නම් තියෙන්නෙ "පිරිහී දසඅවුරුද්දට පැමිණ පළමු කී පරිද්දෙන් ම රොගාදි වූ තුනින් එක්තරා කාරණායක් මුල් කොට ගෙන බොහෝ සත්ත්ව යන් විනාශයට යන තැන් දක්වා මේ අතුර එක් අනතඃකල්පයෙක් නම් වෙයි." කියලයි. ඒත් සද්ධර්ම රත්නාවලියේ අතිශයෝක්තියෙන් සමහර ධර්ම කරුණු වෙනස් කරල තියෙන නිසා පිළිගත හැකි සෝර්ස් එකක් විදිහට සලකන්න බැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ තියන නිර්වචනයම හොයාගන්න පුලුවන්නම් මොකක් හරි විසඳුමක් හොයාගන්න තිබුන.
ජුරාසික යුගය ගැන බුදුහාමුදුරුවන්ට මගහැරුනාද කියන ප්‍රශ්නයට නම් පැහැදිලි පිළිතුරක් තියනවා. ලක්ඛණ මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේදී දුටු අද්භූත සත්වයා ගැන බුදුහාමුදුරුවන්ට දැන්වූ අවස්ථාවේ කිව්වේ තමන්වහන්සේ බුදුවූ අවධියේදී ම මේ සත්වයා දුටු නමුත් තථාගත දේශනාව පිලිබඳ ශ්රාවකයින් සැක ඇතිකර ගත හැකි බැවින් ඒ පිලිබඳ දේශනා නොකළ බවයි.
අනිත් කරුණ නම් ල්පය කියන කාල ප්‍රමාණයට අනුව වසර මිලියන 65ක් කියන දේ ගිනිය නොහැකි තරම් ස්වල්ප කාලයක්. කල්පයක් තුල ඩයිනොසරයින් වගේම තවත් විවිධ ජීවින් පහල වී සිටියා විය හැකියි. ඒ හැම සතෙකුම සිටි කාලයක් ගැනම කියන්න ගියානම් අගඥ්ඥ සුත්‍රය තව කොච්චරක් නම් දීර්ඝ කරන්න වේවිද? ආභස්සරින් පැමිණි ජීවින් ගැන දේශනා කලේ මනුෂ්‍යයා මැවුවේ මහා බ්‍රහ්මයා නොවේ නම්, ඒ කෙසේද කියන පැනය ශ්රාවකයින්ට ඇතිවන නිසා විය යුතුයි.
හරිනෙ බන් ඉතින්.. ඔතන ගැන හිතුනෙ නැහැනෙ මෙච්චර.. ඒ කියන්නෙ බන් මේ දැන් තියන කාලෙත් ගිහිල්ල ආයෙ ලෝකෙ විනාස වෙනව.. අනික් බුදු වරුන් හිටිය කාලෙත් අන්තිමට එහෙම්මම උනා.. අන්තඃකල්පය කියන්නෙ කල්පයක් නෙවේ කල්පෙන් අනු විදියට බෙදිල යන කොටසක්..
අන්තඃකල්පය - සද්ධර්ම රත්නාවලියෙහි විග්රහ කරන ආකාරයට ගුණ ධර්මවලින් පිරිහෙන මනුෂ්‍ය ආයුෂ ප්‍රමාණය වසර 10 කින් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අසංඛ්‍ය ආයුෂයට විත් යළි එතැන් පටන් ආයුෂය පිරිහී ගොස් නැවත වසර 10 දක්වා අඩුවන තෙක් අතර වූ කාලය අන්තඃකල්පය ලෙස සඳහන්ව ඇත. (පරි. 9 වන 207 වැනි පිට) මෙය ධර්ම ප්‍රදීපිකා ග්රන්ථ පද විවරණයේද එලෙසින්ම සඳහන්ව ඇත. (ධර්ම ප්‍රදීපිකා ග්රන්ථිපදය - පිට - 119)
උපමා ලෙස දක්වා ඇත්තේ මහා පොළොවෙහි අඟලක් වැඩීමට ගත වන කාලය වසර '1000' ක් වේ. එලෙස වර්ධනය වන පොළොව එක් යොදුන් (සැතපුම් හතරක් යොදුනක් වේ) තුන් ගව්වක් සැදීමට ගතවන කාලය අන්තඃකල්පයක් බවය.
- අන්තඃකල්පය විවිධ විපර්යාසයන්ට ලක්වනු ලබයි.
- යම් යුගයක මිනිස් ප්‍රජාව අධික ලෝභයට පත්වීම හේතුකොට ගෙන රෝගපීඩාදියෙන් විනාශයට පත්වෙයි. එය රොගාන්තඃකල්පය වෙයි.
- යම් යුගයක මිනිස් ප්‍රජාව අධික ද්වේශයෙන් පෙළෙන්නේ නම් ආයුධ මගින් විනාශවෙයි. එය ශස්ත්‍රාන්තඃකල්පය වෙයි.
- යම් යුගයක මිනිස් ප්‍රජාව අධික මෝහයෙන් මුලාවූයේ නම් එය දුර්භික්ෂාන්තඃකල්පය වෙයි.
- අසංඛ්‍ය කල්පය - 1. සද්ධර්මරත්නාවලියට අනුව අන්තඃකල්ප 20 ක එකතුවකින් සෑදෙන කාලය එක් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ලෙස දැක්වෙයි. (ධ.ර. 9 වැනි පරි. 208 පිටුව)
2. සද්ධර්මලංකාර දක්වන්නේ අන්තඃකල්ප 64 ක එකතුවෙන් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සැදෙන බවයය. (ධ.ලං. 2 වැනි පරි. 64 වැනි පිට)
අසංඛ්‍ය කල්පය වෙනස්වන ආකාරය අනුව ප්‍රභේද හතරකි.
1. කල්පය නස්සා කාලය - ස්වභාවික හේතූන් පදනම් කරගනිමින් හටගත් විශ්වය ස්වභාවික හේතූන්ගේම විවිධ විපර්යාස නිසා විනාශයට පත්වෙන අතර එය සිදුවන්නේ,
අ. ගින්නෙන් දැවී විනාශවීම
ආ. ජලයෙන් විනාශ වීම
ඇ. සුළඟින් විනාශ වී යැම සිදුවේ.
එවිට කෙළ ලක්ෂයක් පමණ වූ මුලු සක්වල ප්‍රාණීන්ගෙන් තොරව ඒක ඝනාන්ධකාරය පැතිර පවතී. මෙසේ පැවතී යළි සම්පත් මේඝය ආරම්භ වන තෙක් පවත්නා යුගය එක් අසංඛ්‍ය කල්පයක් වෙයි.
මස් කන එක අඩු වෙන්න අඩු වෙන්න සත්තු මරණ එක අඩු වෙනවනෙ...





