මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හැම අන්තඃකල්පයක් අවසානයේදීම මිනිස්සු විනාශ උනාට පස්සෙ කිසියම් ප්‍රමාණයක් ඉතිරිවෙනවා නම් තමයි ජුරාසික් යුගයේ මිනිසා ජිවත් උනාද කියන ප්‍රශ්නෙ එන්නෙ. මේ අන්තඃකල්පෙ නම් ආයුධ වලින් විනාශ වෙලා ධාර්මික මනුෂ්‍යයින් පිරිසක් එයින් බේරෙනවා කියල සඳහන්. සෑම අන්තඃකල්පයකදිම මිනිසුන් ප්‍රමාණයක් ඉතිරිවෙන්නේ නැතිනම් අපිට හිතන්න පුළුවන් කාශ්‍යප බුද්ධ කාලෙන් පස්සෙ අන්තඃකල්ප විනාශයේදී සියලුම මිනිසුන් විනාශ වෙලා ගිහින් නැවතත් වානරයාගේ පරිනාමනයෙන් මිනිසුන් බිහි උනා කියල. සද්ධර්ම රත්නාවලියේ නම් තියෙන්නෙ "පිරිහී දසඅවුරුද්දට පැමිණ පළමු කී පරිද්දෙන් ම රොගාදි වූ තුනින් එක්තරා කාරණායක් මුල් කොට ගෙන බොහෝ සත්ත්ව යන් විනාශයට යන තැන් දක්වා මේ අතුර එක් අනතඃකල්පයෙක් නම් වෙයි." කියලයි. ඒත් සද්ධර්ම රත්නාවලියේ අතිශයෝක්තියෙන් සමහර ධර්ම කරුණු වෙනස් කරල තියෙන නිසා පිළිගත හැකි සෝර්ස් එකක් විදිහට සලකන්න බැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ තියන නිර්වචනයම හොයාගන්න පුලුවන්නම් මොකක් හරි විසඳුමක් හොයාගන්න තිබුන.

    ජුරාසික යුගය ගැන බුදුහාමුදුරුවන්ට මගහැරුනාද කියන ප්‍රශ්නයට නම් පැහැදිලි පිළිතුරක් තියනවා. ලක්ඛණ මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේදී දුටු අද්භූත සත්වයා ගැන බුදුහාමුදුරුවන්ට දැන්වූ අවස්ථාවේ කිව්වේ තමන්වහන්සේ බුදුවූ අවධියේදී ම මේ සත්වයා දුටු නමුත් තථාගත දේශනාව පිලිබඳ ශ්‍රාවකයින් සැක ඇතිකර ගත හැකි බැවින් ඒ පිලිබඳ දේශනා නොකළ බවයි.

    අනිත් කරුණ නම් ල්පය කියන කාල ප්‍රමාණයට අනුව වසර මිලියන 65ක් කියන දේ ගිනිය නොහැකි තරම් ස්වල්ප කාලයක්. කල්පයක් තුල ඩයිනොසරයින් වගේම තවත් විවිධ ජීවින් පහල වී සිටියා විය හැකියි. ඒ හැම සතෙකුම සිටි කාලයක් ගැනම කියන්න ගියානම් අගඥ්ඥ සුත්‍රය තව කොච්චරක් නම් දීර්ඝ කරන්න වේවිද? ආභස්සරින් පැමිණි ජීවින් ගැන දේශනා කලේ මනුෂ්‍යයා මැවුවේ මහා බ්‍රහ්මයා නොවේ නම්, ඒ කෙසේද කියන පැනය ශ්‍රාවකයින්ට ඇතිවන නිසා විය යුතුයි.

    හරිනෙ බන් ඉතින්.. ඔතන ගැන හිතුනෙ නැහැනෙ මෙච්චර.. ඒ කියන්නෙ බන් මේ දැන් තියන කාලෙත් ගිහිල්ල ආයෙ ලෝකෙ විනාස වෙනව.. අනික් බුදු වරුන් හිටිය කාලෙත් අන්තිමට එහෙම්මම උනා.. අන්තඃකල්පය කියන්නෙ කල්පයක් නෙවේ කල්පෙන් අනු විදියට බෙදිල යන කොටසක්..

    අන්තඃකල්පය - සද්ධර්ම රත්නාවලියෙහි විග්‍රහ කරන ආකාරයට ගුණ ධර්මවලින් පිරිහෙන මනුෂ්‍ය ආයුෂ ප්‍රමාණය වසර 10 කින් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අසංඛ්‍ය ආයුෂයට විත් යළි එතැන් පටන් ආයුෂය පිරිහී ගොස්‌ නැවත වසර 10 දක්‌වා අඩුවන තෙක්‌ අතර වූ කාලය අන්තඃකල්පය ලෙස සඳහන්ව ඇත. (පරි. 9 වන 207 වැනි පිට) මෙය ධර්ම ප්‍රදීපිකා ග්‍රන්ථ පද විවරණයේද එලෙසින්ම සඳහන්ව ඇත. (ධර්ම ප්‍රදීපිකා ග්‍රන්ථිපදය - පිට - 119)

    උපමා ලෙස දක්‌වා ඇත්තේ මහා පොළොවෙහි අඟලක්‌ වැඩීමට ගත වන කාලය වසර '1000' ක්‌ වේ. එලෙස වර්ධනය වන පොළොව එක්‌ යොදුන් (සැතපුම් හතරක්‌ යොදුනක්‌ වේ) තුන් ගව්වක්‌ සැදීමට ගතවන කාලය අන්තඃකල්පයක්‌ බවය.

    - අන්තඃකල්පය විවිධ විපර්යාසයන්ට ලක්‌වනු ලබයි.

    - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික ලෝභයට පත්වීම හේතුකොට ගෙන රෝගපීඩාදියෙන් විනාශයට පත්වෙයි. එය රොගාන්තඃකල්පය වෙයි.

    - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික ද්වේශයෙන් පෙළෙන්නේ නම් ආයුධ මගින් විනාශවෙයි. එය ශස්‌ත්‍රාන්තඃකල්පය වෙයි.

    - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික මෝහයෙන් මුලාවූයේ නම් එය දුර්භික්‍ෂාන්තඃකල්පය වෙයි.

    - අසංඛ්‍ය කල්පය - 1. සද්ධර්මරත්නාවලියට අනුව අන්තඃකල්ප 20 ක එකතුවකින් සෑදෙන කාලය එක්‌ අසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ ලෙස දැක්‌වෙයි. (ධ.ර. 9 වැනි පරි. 208 පිටුව)

    2. සද්ධර්මලංකාර දක්‌වන්නේ අන්තඃකල්ප 64 ක එකතුවෙන් අසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ සැදෙන බවයය. (ධ.ලං. 2 වැනි පරි. 64 වැනි පිට)

    අසංඛ්‍ය කල්පය වෙනස්‌වන ආකාරය අනුව ප්‍රභේද හතරකි.

    1. කල්පය නස්‌සා කාලය - ස්‌වභාවික හේතූන් පදනම් කරගනිමින් හටගත් විශ්වය ස්‌වභාවික හේතූන්ගේම විවිධ විපර්යාස නිසා විනාශයට පත්වෙන අතර එය සිදුවන්නේ,

    අ. ගින්නෙන් දැවී විනාශවීම

    ආ. ජලයෙන් විනාශ වීම

    ඇ. සුළඟින් විනාශ වී යැම සිදුවේ.

    එවිට කෙළ ලක්‌ෂයක්‌ පමණ වූ මුලු සක්‌වල ප්‍රාණීන්ගෙන් තොරව ඒක ඝනාන්ධකාරය පැතිර පවතී. මෙසේ පැවතී යළි සම්පත් මේඝය ආරම්භ වන තෙක්‌ පවත්නා යුගය එක්‌ අසංඛ්‍ය කල්පයක්‌ වෙයි.

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොළය හා මනස

    මොළය හා මනස

    මොළය හා මනැස දෙකක් නොව එකක් ලෙස දැක්වීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතකු “ ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස නැතහොත් බුද්ධිමය ආශ්චර්ය වනුයේ සත්‍ය ලෙසම අපේ ඉස්කබල තුළ තිබෙන දුහුවිල්ලෙන් (පදාර්ථයෙන්) සැදි මිනිස් මොළයයි “ යනුවෙන් සඳහන් කරයි.
    මෙහි දුහුවිල්ලෙන් සෑදුණා යැයි සදහන් කිරීම දෙවියන් වහන්සේ දුහුවිල්ලෙන් මිනිසා මැව්වාය යන කියමන හා සමානවෙයි. ඒ අනුව අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ මැවීම ද ඔවුහු පිළිගනිති. තවදුරටත් කරුණු දක්වන ඇතැම් විද්වතකු බටහිර විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන හිපොක්‍රොටිස් විසින් අවුරුදු 2500 කට පෙර පැවසුවේ මිනිස් මනසේ හාස්කම අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම මිනිස් මොළය පිළිබඳ හැදෑරියයුතු බවයි” මෙහි දී හිපොක්‍රොටිස් පවසන්නේ මනස හා මොළය එකක් ලෙස නොවේ. මොළය පිළිබඳ හැදෑරීමෙන් මනස හෝ මනසේ හාස්කම අවබෝධ කර ගැනීමට නොහැකි බව ඔහු නොදැන සිටියා වන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාවේ පියා මොළය හා මනස එකක් ලෙස පිළිගෙන නැති බව මෙම උධෘතයෙන් පැහැදිලි වෙයි.
    ඇතැම් විද්වතකු පවසන්නේ අප ජීවත් වන මුළු විශ්වය පිළිබඳව තොරතුරු, දැනුම ලබා ගෙන අවබෝධයක් ඇතිකරවනු ලබන්නේ මොළයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන බවයි. ඔහු අප ලබන සතුට, දුක, වෛරය, ඊර්ෂ්‍යාව වැනි සියලු හැඟීම මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව හා භාෂාමය කුසලතා ද ඇතිවන්නේ මොළයේ හාස්කම නිසා බව අවධාරණය කරයි. එහෙත් ඒ සියල්ල මනසේම ක්‍රියාකාරිත්වයක් බව බුදුදහමට අනුව පැවසිය හැකිය. තවදුරටත් ඔහු අවධාරණය කරන්නේ විඤ්ඤාණය ජනිත වන්නේ ද අපේ මොළයේ මහිමයෙන් බවයි. මේ කියමන් සියල්ලම නවීන විද්‍යාවට අනුව සාක්‍ෂි සහිතව ඔප්පු කළ හැකි වූ බව ද විද්වතකු පවසයි. මේ පිළිබඳව ඔහු තවදුරටත් මෙසේ පවසයි. ඒ මතවාදය සම්පිණ්ඩනය කර කියතොත් ඒ කාලයේ සිටි බොහෝ දාර්ශනිකයන් පැවසුවේ මනස යනුවෙන් මොළයට පරිභාහිර වූ ද්‍රව්‍යමය නොවූ මනසක් හෙවත් ආත්මයක් මිනිස් සිරුරේ අන්තර්ගත වන බවයි “ යනුවෙනි. මෙහිදී පෙර අපර දෙදිග චින්තකයන් හා දාර්ශනිකයන් පිළිගත් දෙයක් ලෙස මෙම මතය ඔහු ඉදිරිපත් කර ඇත. එවැනි මත ඉදරිපත් කළ දාර්ශනිකයන් නොසිටියා නොවේ. එහෙත් විශ්වය නුවණින් විනිවිද දුටු ගෞතම බුදුන් වහන්සේ මනස ගැන දේශනා කර ඇතත් එය ආත්මයක් බව දේශනා කළේ නැත.මොළයට බරිබාහිරව පවතින මනසෙහි ස්වභාවය උන්වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළහ.භෞතිකවාදි වූ ඇතැම් විද්වතකු බුදුදහම ගැන ද කතා කරතත් බටහිර විද්‍යාවට අනුව බුදුදහම විග්‍රහ කරනු විනා බුදුදහමෙහි එන ගැඹුරු තැන් අවබෝධ කරගෙන ඔහු එම විග්‍රහයන් නොකරන බව පැහැදිලි කරුණකි.
    එම විද්වතාගේ තවත් ප්‍රකාශයක් මෙසේය “ ඒ මනස කාර්යයන් පහක් ඉටු කරන බව බටහිර දාර්ශනිකයෝ දැඩිව විශ්වාස කළහ. ඒ කාර්යයන් පහ මෙසේය.
    1. සිතුවිලි ජනිත කිරීම thinking
    2. හැගීම් ඇති කිරීම Feeling
    3. ස්මරණය හෙවත් මතක තබාගැනීම remembering
    4. සංවේද ඉන්ද්‍රියන් මගින් අවට ලෝකය ග්‍රහණය කර ගැනීම හෙවත් සඤ්ඤාණය Perceiving
    5. යමක් සිතා මතා කිරීම හෝ නොකිරීම willing
    මනස විසින් ඉටු කරනු ලබන මේ ක්‍රියාවලි පහෙන් හතරක් මොළයේ කාර්යයන් බව සැකයෙන් තොරව ඔප්පු වී තිබෙන බව ද ඔහු පවසයි. එහෙත් බුදු දහමට අනුව නම් මේවා මොළයේ කාර්යයන් නොව මනසේ කාර්යයන්ය. ඇතැම් විද්වතකු වැනි බටහිර විද්‍යාව දේවත්වයෙන් සලකන උගතුන් කොපමණ උත්සාහ කළත් මොළය හා මනස එකක් ලෙස හෝ සිතිවිලි ජනිත කිරීම වැනි ක්‍රියාවලි මොළයේ ක්‍රියාවන් ලෙස හෝ ඔප්පු කළ නොහැක.
    ඔහු ඉංගී‍්‍රසි බසින් දක්වන පාඨයක් සිංහල බසින් වැරදි ලෙස පරිවර්තනය කර ඇත. “ The mind is a set of operations carried out by the brain මෙය සිංහලෙන් දක්වා ඇත්තේ “ මනස යනු මනසේ සිදුවන ක්‍රියාවලි සමුදාය බවයි “ යනුවෙනි. එහෙත් එය සිංහලෙන් කිව යුත්තේ මනස යනු මොළයේ ක්‍රියාවලි සමුදායක් යනුවෙනි. මෙසේ ඉංගී‍්‍රසි බසින් කියන දේ නිවැරදි සිංහලෙන් කීමට හෝ හේ සමත් වී නැත.
    බුදුරජාණන් වහන්සේ මොළය ගැන සදහන් කරන්නෙ “ මත්ථලුංගං ” යනුවෙනි. මනස හැදින්වීමට ‘චිත්ත විඤ්ඤාණය’ වැනි වචන භාවිතා කර ඇත. “ චිත්තේන නීයතිලෝකෝ “ යනුවෙන් උන්වහන්සේ ලෝකය මෙහෙය වනු ලබන්නේ සිතින් බව පැවසූහ. “ දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං” යනුවෙන් සිත දුර ගමන් යන සිරුරක් නැති හුදකලාව හැසිරෙන ගුහාවෙහි හෙවත් ශරීරය කූ®ඩුව තුළ රැදෙන ස්වභාවයක් බව දක්වා තිබේ. එම සිතද එක දිගට පවතින්නක් නොව හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මය අනුව ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් අනිත්‍යතා ලක්ෂණය මත ක්‍රියාත්මක වන්නක් බව දහමට අනුව කිය හැකිය. මනස හා මනසේ ක්‍රියාවලිය මෙසේ ඉතා පැහැදිලිව බුදු දහමෙහි සඳහන් වෙද්දි එය පිළිනොගෙන හෝ ඒ පිළිබඳව අවබෝධයක් නොමැතිව බුදු දහම ගැනද කතා කරන ඇතැම් විද්වතකු මොළය හා මනස පිළිබඳව බටහිර විද්‍යාව ඔස්සේ යමින් විග්‍රහ කිරීමට යාම නිවැරදි දෙයක් නොවන බව අවධාරණය කරමි.
    ඔහුගේ තවත් අදහසක් නම් මරණය යනු මොළයේ මරණය බවයි.බටහිර විද්‍යාත්මකව යන්ත්‍ර සූත්‍ර වලට හසු වෙන පරිදි ඔහු එසේ පවසනවා විය හැකිය. එහෙත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරති. “අචිරං වතයං කායෝ පඨවිං අධිසෙස්සති ඡුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්ථංව කලිංගරං “ මේ සිරුර නොබෝ කලකින් මනස විසින් බැහැර කරනු ලැබුවේ හෙවත් මනස ඉවත් වූයේ වැඩකට නැති සොහොන් පෙනෙල්ලක් මෙන් මහ පොළොව මත ඇද වැටෙයි.යන දේශනාවෙන් පැවසෙන පරිදි අප වටහා ගත යුත්තේ මරණය යනු සිරුර මනස විසින් බැහැර කිරීමෙන් හෝ සිරුරෙන් මනස බැහැර වීමෙන් මරණය සිදු වන බවයි. එසේ වුව ද සිරුරෙන් සිරුරට හෝ තැනකින් තැනකට ගමන් කරන දෙයක් ලෙස මනස වටහා ගත යුතු නැත.
    කලින් සඳහන් කළ පරිදි මනස ද හේතුප්‍රත්‍ය න්‍යාය ධර්මයට අනුව අනිත්‍යතාදර්ශනය මත ක්‍රියාත්මක වන්නක් බව අප හොඳීන් වටහා ගත යුතුය.
    බුදු දහම ගැන නොදන්නා හෝ ඒ ගැන කතා නොකරන පඤ්චේන්ද්‍රියන්ට ප්‍රත්‍යක්‍ෂ වන පර්යේෂණ මගින් කරුණු වටහා ගැනීමට උත්සාහ දරන බටහිර විද්‍යාඥයන් මනස හා මොළය එකක් ලෙස වටහා දීම (එම විග්‍රහය වැරදි වුව ද) ඔවුන්ගේ නොදැනුම මත බැසගත් නිගමනයක් බව කිව හැකිය.
    එහෙත් බුදුදහම ගැන ද කතා කරමින් මනස හා මොළය හා එකක් ලෙස හුවා දැක්වීමට උත්සාහ දරන ඇතැම් විද්වතකුගේ විග්‍රහයන් අපි තදින්ම හෙලා දකිමු.
    මනස හා මොළය එකක් නොවන බවත් මරණය යනු මොළයේ මරණය නොව සිරුරින් මනස බැහැර වීම බවත් අවධාරණය කරමු. එම බැහැර වීමද තිබුණු මනස තවත් තැනකට යාමක් නොව හේතුප්‍රත්‍ය වශයෙන් බැහැර වීමක් බව වටහා ගත යුතුය.
    බටහිර විද්‍යාව මිනිසාගේ පහසුව තකා යම් යම් දේ නිර්මාණය කළ බව සැබෑවකි. එසේම සිරුරට ඇති වන ලෙඩ රෝග මර්දනය කිරීම සඳහා ඔවුන් ප්‍රතිකාර සොයා ගෙන ඇත. ශල්‍යකර්ම වැනි දේ බටහිර විද්‍යාව බිහිවන්නට පෙර ද පැවැති බව ඉතිහාසය දන්නෝ දනිති. ඒ නිසා බටහිර විද්‍යාවෙන් සිදු කළ අමුතු වික්‍රමයක් නොමැත. ඔවුන් කරන භෞතික විද්‍යාත්මක පර්යේෂණ මගින් කිසිදා මනස හදුනා ගැනීමට හෝ මනස පිළිබඳව විග්‍රහ කිරීමටද ඔවුන්ට නොහැකි වනු ඇත.
    මනස හා මොළය එකක් ලෙස හැදින්විය හැක්කේ “මොලේ අවුල් වූ අයට” පමණි. නැතහොත් බටහිර විද්‍යාව දේවත්වයෙන් අදහන අයට පමණි.

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හරිනෙ බන් ඉතින්.. ඔතන ගැන හිතුනෙ නැහැනෙ මෙච්චර.. ඒ කියන්නෙ බන් මේ දැන් තියන කාලෙත් ගිහිල්ල ආයෙ ලෝකෙ විනාස වෙනව.. අනික් බුදු වරුන් හිටිය කාලෙත් අන්තිමට එහෙම්මම උනා..අන්තඃකල්පය කියන්නෙ කල්පයක් නෙවේ කල්පෙන් අනු විදියට බෙදිල යන කොටසක්..

    මුළු ලෝකම විනාශයක් නෙමෙයි.කිසියම් ප්‍රමාණයක විනාශයක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16680409 said:

    (ඔය දේ දැන දැන මස් කන එක පව් නේද?)
    දැන් ඕක පරිමාණය වැඩි කළත් ඒක අදාළයිනෙ. :nerd: මස් කන එක අඩු වෙන්න අඩු වෙන්න සත්තු මරණ එක අඩු වෙනවනෙ...
    ඒ අතරෙ මස් කෑම කෙනෙක් නවත්තන අතරෙ තව අය මස් කෑමට එකතු වෙන එක අදාළ නෑ. ඒක හැමදාම වෙන දේනෙ.
    කෙනෙක් මැරෙනවා..කෙනෙක් ඉපදෙනවා..

    අපිට කන්න නේද මේ සතාව මැරුවෙ කියල දැන දැන කන එක පවක් නේද?

    ඔව් උබ කඩේට ගිහිල්ල අරූ මට මරල දෙන්න කියල ඉල්ල හරි.. එහෙම නැත්තම් උබ නිසා ඒ සතාව මැරුවා කියල හරි උබ දැන දැන කනව නම් ඒක අකුසල කර්මයක්..

    උබට තේරුම් ගන්න තියෙන්නෙ මෙච්චරයි මේ ටික තේරුම් ගත්තොත් උබට ඔය එක ප්‍රශ්නයක් එන්නෙ නැහැ.. අකුසල කර්ම කියන්නෙ සමීකරණයක් වත් කන්ඩිෂන් එකත් වත් නෙවේ..

    if මේ සතාව මෙහෙම මැරුවොත් then
    උබට පව්
    else
    උබට පව් නෑ
    endif

    ඔහොම සීන් එකක් නෙවේ.. මම කිව්වෙ.. නීති පොතක් නෙවේ බුද්දහගම කියන්නෙ.. උබේ හිත.. දැන් උබේ හිතට දැනෙනව නම් ඒ සතාව මරල තියෙන්නෙ උබ වෙනුවෙන් කියල.. ඒ දැන දැනත් උබ කනව නම් ඒක අකුසල කර්මයක්.. උබේ චේතනාව තමයි අකුසල කර්මය ඇති වීමට මුල..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    [/CENTER]
    මුළු ලෝකම විනාශයක් නෙමෙයි.කිසියම් ප්‍රමාණයක විනාශයක්.

    ඔව් ඔව් බන්.. ලෝක විනාශය වෙන්නෙ කල්පය අවසානයේ.. ඔය කියන්නෙ කල්පයත් කොටස් කොටස් වලට බෙදිල යන තැන ගැන..

    :):)
     
    ranjana disasekara

    Well-known member
  • ඈ බං ? බුදු හාමුදුරුවො සමාන්තර ලෝක ගැන කොහෙද දේශනා කල්ල තියෙන්නෙ ? සමාන්තර ලෝක කියන්නෙ තවත් එක් ප්‍රවාදයක් විතරයි.. මං උඩිනුත් ගුරුත්වාකර්ශණය ඇදගන්න හදපු කෙනෙක්ට කමෙන්ට් එකක් දාල තිබ්බ බං ප්‍රවාද ඇදල ගන්න එපා පරිසිද්ධී(facts) විතරක් පාවිච්චි කල්ල මේ සංවාදෙ ගෙනියමු කියල.. ප්‍රවාද අල්ලගත්තොත් මේක කිසිම තේරුමක් නැති පැටලෙච්චි නූල් බෝලයක් වෙනව..පීට පස්සෙ වෙන්නෙ නිව්ටන්ව අදහන කට්ටිය එකක් කියන්න ගන්නව, අයින්ස්ටයින්ව අදහන අය තව එකක් කියන්න ගන්නව, බුදු හාමුදුරුවො අදහන අය තව එකක් කියන්න ගන්නව.. තුන් ගොල්ලොම නිව්ටන්, අයින්ස්ටයින්, බුදු හාමුදුරුවො කියපුවට අනුව හරි. ඊට පස්සෙ ඔන්න එක්කෙනෙක් තව කෙනෙක්ගෙ අම්මව මතක් කරනව.. අනික් දෙන්නත් එකිනෙකාගෙ අම්මලව මතක් කරන්න ගන්නව.. ඊට පස්සෙ ඕක අවුරුදු මිලියන 2කට කලින් හිටිය මුතුන් මිත්තියන් දක්වාම යනව.. මේක එහෙම තැනක් කරන්න ඕනෙ කමක් නෑ.. ඒ නිසා ප්‍රවාද නං ඇදල ගන්න එපා බං පිං සිද්ධ වෙයි

    ok bro oya kiyana eketh attak tiyenawa,,,
    mokak unath meeka kiyawana eken maara danumak add una buddhist matath...
    ape gonnu elakiri eke 18+ witharane balanne
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔව් ඔව් බන්.. ලෝක විනාශය වෙන්නෙ කල්පය අවසානයේ.. ඔය කියන්නෙ කල්පයත් කොටස් කොටස් වලට බෙදිල යන තැන ගැන..

    :):)
    ඔව්. අනික තමයි ගෞතම බුද්ධ කාලය වන විට සිටියේ කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලයේ සිටි මිනිසුන්ගේ පරම්පරාවෙන් නොනැසී පැවතුනු මිනිසුන්ය කියල කාරණාවක් ත්‍රිපිටකයේ කොහේ හෝ තියනවද කියන කාරණය හොයල බලන්න වෙනව :).
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව්. අනික තමයි ගෞතම බුද්ධ කාලය වන විට සිටියේ කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලයේ සිටි මිනිසුන්ගේ පරම්පරාවෙන් නොනැසී පැවතුනු මිනිසුන්ය කියල කාරණාවක් ත්‍රිපිටකයේ කොහේ හෝ තියනවද කියන කාරණය හොයල බලන්න වෙනව :).

    ඔව් බන් උපරිමේටම ඔය ගැන හොයන්න වෙනව.. ලොකු හාමුදුරු කෙනෙක් හරි හම්බෙලා තව ගැබුරට අද්‍යනය කරන්න ඕන.. අපිට තියෙන්නෙ ඉතාම සීමිත දැනීමක් නෙ.. පුද්ගලිකව උබලටයි තව ගොඩක් උන්ටයි බුදු දහම ගැන තියන දැනුම ගැන සතුටු වෙනවා.. නමට බෞද්ධයො නොවන උන් පිරිසකුත් ඉන්න නිසා.. බුදු දහම අවුස්ස අවුස්ස බලන තරමට තමයි ඒක කොච්චර ශ්‍රේෂ්ට ධර්මයක් ද කියන එක අපිට පැහැදිලි වෙන්නෙ.. ඒකයි මම උනත් මේ thread එකත් එක්කම එල්ලිලා හිටියෙ.. මොකද අපි හිතන දේ නෙවේ.. වෙන එකෙක් කවුරු හරි මතුකරන තැන් ගැන තමයි අපි හිතන්න ඕන.. ඊට පස්සෙ ඒවාට හේතු මොනාද කියල අපි බලන්න ඕන..

    3.gif
    3.gif
    3.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව් බන් උපරිමේටම ඔය ගැන හොයන්න වෙනව.. ලොකු හාමුදුරු කෙනෙක් හරි හම්බෙලා තව ගැබුරට අද්‍යනය කරන්න ඕන.. අපිට තියෙන්නෙ ඉතාම සීමිත දැනීමක් නෙ.. පුද්ගලිකව උබලටයි තව ගොඩක් උන්ටයි බුදු දහම ගැන තියන දැනුම ගැන සතුටු වෙනවා.. නමට බෞද්ධයො නොවන උන් පිරිසකුත් ඉන්න නිසා.. බුදු දහම අවුස්ස අවුස්ස බලන තරමට තමයි ඒක කොච්චර ශ්‍රේෂ්ට ධර්මයක් ද කියන එක අපිට පැහැදිලි වෙන්නෙ.. ඒකයි මම උනත් මේ thread එකත් එක්කම එල්ලිලා හිටියෙ.. මොකද අපි හිතන දේ නෙවේ.. වෙන එකෙක් කවුරු හරි මතුකරන තැන් ගැන තමයි අපි හිතන්න ඕන.. ඊට පස්සෙ ඒවාට හේතු මොනාද කියල අපි බලන්න ඕන..

    3.gif
    3.gif
    3.gif
    ඔව් බං. මුළු ත්‍රිපිටකයම කටපාඩම් තියනව වගේ පෙන්නල අහන ප්‍රශ්න වලට උන්ට බේගල් දෙසාබාන්නෙ නැතිව දන්න කෙනෙක්ගෙන් හරියට අහල නිවැරදිම උත්තරේ දෙන එක තමයි වටින්නෙ :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ඔව් ඔව් බන්.. ලෝක විනාශය වෙන්නෙ කල්පය අවසානයේ.. ඔය කියන්නෙ කල්පයත් කොටස් කොටස් වලට බෙදිල යන තැන ගැන..

    :):)
    ඔව්. ඒක හරි නමුත් කල්පය කියන එක විග්‍රහ කරන්නේ යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස කලු ගල් පර්වතයක් යම් දෙවියෙක් පැමින වසර සීයකට වරක් පමනක් සිනිදු රෙදි කඩකින් එක් වරක් පමනක් පිහිදා ,යම් දවසක මේ කලු ගල සම්පූර්නයෙන්ම ගෙවී ගියද කල්පය තවත් ඉවර වී නැත කියලයි.
    ඉතින් ඔච්චර විශාල කාලයක ඩයිනොසරයො ඉන්න පුලුවන් උන්ට කලින් මිනිස්සු ඉන්න පුලුවන්( රූපය දැන් මනුස්ස රූපයමයි කියන්න දන්නේ නෑ) මේඩයිනොසරයොත් කිහිප වතාවක්ම ඇති වුනා වෙන්න පුලුවන්.
    මේ තියෙන්නේ එ වගේ ඒඋදා හරනයක්.. කලු ගලක් අස්සෙ තිබිල හම්බුන අපි දැන් ස්පාක් ප්ලග් වගේ උපකරණයක් හම්බෙලා තියෙනවා. මේක අවුරුදු ලක්ශ 5 ක් පරනයි. ඉතින් වෙන්න පුලුවන් නේද.
    http://en.wikipedia.org/wiki/Coso_artifact

    Ancient-spark-Plug1-300x210.png

    Ancient-Spark-Plug-Compair-300x193.jpg

    එතකොට මේ තියෙන්නේ පොසිලකරනය වුනු දැති රොදයක්

    antikythera_mechanismancient_thumb-300x219.jpg

    පොසිල කරනය වුනු අත් සටහනක්
    Human-Hand-Fossil1-300x172.png

    ඉතින් සමහර විට අපිට කලින් හිටපු මිනිස්සු වගේ සතව කොටසෙ වෙන්න පුලුවන් මේ දෙවල්.එක්කො උන් සම්පූර්නයෙන්ම වදවෙලා ගිහින් නැවත් අපි හැදුනා වෙන්න පුලුවන්.නැත්නම් ඒ ගොල්ලොන්ගෙන්ම් අපි පැවත් එනවා වෙන්නත් පුලුවන්. මටනම් හිතෙන්නේ නැවත මිනිස්සු නිර්මානය වුනා කියල.
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    :shocked::shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බං. මුළු ත්‍රිපිටකයම කටපාඩම් තියනව වගේ පෙන්නල අහන ප්‍රශ්න වලට උන්ට බේගල් දෙසාබාන්නෙ නැතිව දන්න කෙනෙක්ගෙන් හරියට අහල නිවැරදිම උත්තරේ දෙන එක තමයි වටින්නෙ :yes::yes:

    අනිවා

    :yes:
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව්. ඒක හරි නමුත් කල්පය කියන එක විග්‍රහ කරන්නේ යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස කලු ගල් පර්වතයක් යම් දෙවියෙක් පැමින වසර සීයකට වරක් පමනක් සිනිදු රෙදි කඩකින් එක් වරක් පමනක් පිහිදා ,යම් දවසක මේ කලු ගල සම්පූර්නයෙන්ම ගෙවී ගියද කල්පය තවත් ඉවර වී නැත කියලයි.
    ඉතින් ඔච්චර විශාල කාලයක ඩයිනොසරයො ඉන්න පුලුවන් උන්ට කලින් මිනිස්සු ඉන්න පුලුවන්( රූපය දැන් මනුස්ස රූපයමයි කියන්න දන්නේ නෑ) මේඩයිනොසරයොත් කිහිප වතාවක්ම ඇති වුනා වෙන්න පුලුවන්.
    මේ තියෙන්නේ එ වගේ ඒඋදා හරනයක්.. කලු ගලක් අස්සෙ තිබිල හම්බුන අපි දැන් ස්පාක් ප්ලග් වගේ උපකරණයක් හම්බෙලා තියෙනවා. මේක අවුරුදු ලක්ශ 5 ක් පරනයි. ඉතින් වෙන්න පුලුවන් නේද.
    http://en.wikipedia.org/wiki/Coso_artifact

    Ancient-spark-Plug1-300x210.png

    Ancient-Spark-Plug-Compair-300x193.jpg

    ඔව් මචන්.. ගොඩක් හොද පොයින්ට් එකක්.. දැන් ඔය වගේ දේවල් වලට විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් තාම දීල නැහැ.. අවුරුදු ලක්ෂ පහක් පරණ ස්පාර්ක් ප්ලග් එකක් වගේ උපකරණයක් තියෙන්න පුළුවන් ද ? කල්පය කියන්නෙ ඒ තරම් දිග කාලයක් කියල අපි දන්නව කල්පයෙන් කොටසක් කියන්නෙත් මොන තරම් දිග කාලයක් ද කියල එහම නැත්තම් බිලියන යක් කියන්නෙ ඉදිකඩු තුඩක තරම් ප්‍රමාණයක් කියල ඕන එකෙක් ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන..
    විද්‍යාව නිරුත්තර වෙන්නෙ ඔන්න ඔය වගේ තැන් වල තමයි..

    3.gif

    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔලාරික කියලා වචනයක් නම් අහලා තියෙනවා..

    හ්ම්ම්... :baffled:
    ඒකෙ තේරුම මොකක්ද එතකොට?

    “ඇවැත්නි ආනන්ද, ඒ ආකාරයට අතීත වූ ද අනාගත වූ ද, වර්තමාන වූ ද, ඇතුළත වූ ද, බාහිර වූ ද, ඕදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද ළං වූ ද දුර වූ ද යම් රූපයක් වේ ද යම් වේදනාවක් වේ ද යම් සංස්කාරයක් වේ ද යම් විඥානයක් වේ ද ඒ කිසිවක් මගේය, මම වෙමියි, මගේ ආත්මයයි නොසැලකිය යුතුයි."
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,734
    3,332
    113
    හ්ම්ම්... :baffled:
    ඒකෙ තේරුම මොකක්ද එතකොට?

    :baffled: බණ වැඩසටහන් වලදි අහලා තීයෙන්නේ..තේරැම නම් නොදනි:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් උබ කඩේට ගිහිල්ල අරූ මට මරල දෙන්න කියල ඉල්ල හරි.. එහෙම නැත්තම් උබ නිසා ඒ සතාව මැරුවා කියල හරි උබ දැන දැන කනව නම් ඒක අකුසල කර්මයක්..

    උබට තේරුම් ගන්න තියෙන්නෙ මෙච්චරයි මේ ටික තේරුම් ගත්තොත් උබට ඔය එක ප්‍රශ්නයක් එන්නෙ නැහැ.. අකුසල කර්ම කියන්නෙ සමීකරණයක් වත් කන්ඩිෂන් එකත් වත් නෙවේ..

    if මේ සතාව මෙහෙම මැරුවොත් then
    උබට පව්
    else
    උබට පව් නෑ
    endif

    ඔහොම සීන් එකක් නෙවේ.. මම කිව්වෙ.. නීති පොතක් නෙවේ බුද්දහගම කියන්නෙ.. උබේ හිත.. දැන් උබේ හිතට දැනෙනව නම් ඒ සතාව මරල තියෙන්නෙ උබ වෙනුවෙන් කියල.. ඒ දැන දැනත් උබ කනව නම් ඒක අකුසල කර්මයක්.. උබේ චේතනාව තමයි අකුසල කර්මය ඇති වීමට මුල..
    11.gif

    මට සිද්ධිය තේරුණා. සතාව මරන්නෙ මම නිසා දැනගන කන එක පව්. නැත්තන් නෑ.
    සමීකරණ නෙමේ කියල තෝ කෝඩ් එකක් ගැහුවනෙ මාව මන්ද මෝල් වෙලා ගියා :shocked::rofl:
    පාඩුවේ ඉන්න මිනිස්සු බය කරන්න එපා IF ELSE ගහල :dull: