මටනම් ලොවෙත් සිරා.අපි තවුසන් ටොක්ස් දුන්නට ජිවිතේ ඇත්ත මේකයි.තව දෙයක් තමයි මේක අත්දැකීම මම ලබපු එකක් නෙමේ.මගේ නැදෑ වෙන නංගි කෙනෙක්ගේ අත්දැකීමක්. එයා අලුතෙන් වැඩට ගියාලු අපි කවුරුත් දන්න ගොඩක් පරණ කිර්ති නාමයක් තියෙන කොම්පැණියකට.මේකේ නම කිව්වොත් කෙනෙක් අපහසුතාවයට පත්වෙයි.එයා එක්ක එකට වැඩ කරන්න වගේම එයාව ට්රේන් කරන්න හිටියේ පට්ට පොෂ් සුපිරි හරියටම කිව්වොත් තරු පැලැන්තියේ ගෑණු ලමයෙක්ලු.එකි ඉංග්රිසි කතා කරන්නේ අපේ උන් ෆොරින් අයිටම් බිව්වම කබරයා දානවා වගේ සල සල ගාලාලු.මේ කියන නංගිත් බෝම අමාරුවෙන් මේ පොෂ් කෙල්ලගේ කඩු හරඹ හින්ට් ගැහිලි බාල්දු කිරිම් ඉවසන් හිටියලු මාස 3ක් විතර.මේ පොෂ් කෙල්ල එකදිගට දවස් දෙකක් වැඩට ආවෙ නෑලු මේකියන කාලේ ඩෙංගු හැදුනා කියලා.අනේ ඉතින් එක නිසා නංගිලාගේ ඩිපාර්මන්ට් එකේ සෙට් එකයි මැනේජර් කාරයයි එඩ්රස් එක හොයාගෙන ගෙදර ගියාලු මෙයාට නොකියා.එහෙම ගියාම තමයිලු නංගිලාට රැ තරු දවල් පෙනුනේ.එ කෙල්ලගේ මුලු ගේම නංගි කිව්ව විදියට එයාලගේ සාලේ තරම් විතරලු.එකත් ටකරං සහ ෂිට් වලින්ලු හෙවිල්ලා තියෙන්නේ.
මේ කතාව මට කියන ගමන් එ නංගි කිව්වේ ඇයි මේ මැරෙන ටිකට මිනිස්සු මෙච්චර බොරු මවා පෑම් කරන්නේ කියලා.ඇයි මේච්චර පොෂ් වෙන්න දගලන්නේ.එකයි තේරුම් ගන්න අමාරු. ඇත්තටම බැලුවොත් මන්දාකිණි-ක්ෂීරපත-ග්රහලෝක මණ්ඩල-ග්රහලෝක-ග්රහයෝ-රටවල් කියන ලොකු දාම වලින් ඇවිල්ලා මනුස්සයා කියන්නේ වැලි කාටයක් තරමින්වත් පෙන්නන්න බැරි පුංචි පුරුකක් නේද කියලා හිතනකොට ඇත්තටම කෑ ගැස්සෙනවා.
පොඩ්ඩක් හිතලා බලන්න.මට දැනිච්ච දෙයක් .උපුටා ගැනීමක් නෙමේ.කොම්පැණියේ නම සදහන් නොකලේ කෙනෙක් අපහසුතාවයට පත් කරන්න හොද නැති නිසා.සංවාදයට විවෘතයි



