ඌ කවුද මට

aruna47

Well-known member
  • 1613900_504697046323345_5453377891963276441_n.jpg


    පෙරේදා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ කාමරයේ විශාල ගාලගෝට්ටියක් සිදු වී තිබේ. එම කාමරයේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යටිගිරියෙන් කිසිවෙකුට බැණ වදිමින් සිට ඇති බවත් එම අවස්ථාවේදී ඔහු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන හා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා සමග තවත් සංස්ථා සභාපතිවරුන් රාශියක් සිට ඇති බවත් ලංකා නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි. මේ පිළිබඳව තව දුරටත් අදහස් දක්වන ඔවුන් පෙන්වා දෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ යටිගිරියෙන් කෑ ගසමින් බැණ අඬගසා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට බවයි. ඒ සඳහා හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ නාමල්ගේ ව්‍යාපෘති සඳහා මුදල් අවශ්‍ය නම් තමාගේ ලේකම්ගෙන් වේලාවක් රැගෙන අමාත්‍යංශයට පැමිණ තමා හමුවන ලෙසට පී.බී නාමල්ට එවා තිබූ පණිවිඩයයි. පහතින් දැක්වෙන්නේ එම පුවතේ සඳහන් වන නාමල් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයයි.
    ‘ඌ කවුද මට උගේ අමාත්‍යංශයට එන්ඩ කියන්ඩ? ඕක තමයි මේ ආණ්ඩුව කන්නෙ. පරයව මට අහුවුනොත් අඬු කඩල දානව. ඌ හිතන් ඉන්නෙ මං මොකා කියලද උගේ දෙපතුල ළඟට යන්ඩ. වල් බල්ලා. පලයව් කියපියව් මං කිව්ව කියල. ඕකට මාව හම්බ වෙන්ඩ එපා කියන්ඩ. ඕකව මං බාවනව. විමල් වීරවංශ කරන වැඩේ හරි. මූ හිතන් ඉන්නෙ මූ නැතුව ආණ්ඩුවට බෑ කියල' යනුවෙන් කෑ ගසමින් සංස්ථා සභාපතිවරුන්ට නාමල් මන්ත්‍රීවරයා පවසා ඇත. ඒ අසළ සිටි වයෝවෘද කෘෂිකර්ම ඇමතිවරයා කරකියා ගත දෙයක් නොහැකිව ගල් ගැසී බලාසිට ගෙන ඇත. කුමාරසිරි හෙට්ටිගේ නාමල් අසල සිටිමින් ඔහුව අස්වසන්නට විශාල උත්සාහයක් දරා ඇත. පසුව බලවත් පෙරැත්තයකින් අනතුරුව කුමාරසිරි හෙට්ටිගේ නාමල්ව සන්සුන් කොට ඇත.


    උපුටා ගැනීම - http://www.infosrilankanews.com/2014/05/lnw24.html
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහා සක්කිලි බන්. ඔකා අර කොලඹ පැල්පත්වල උන්ට කතා කරපු හැටි දැක්කනේ. චන්දේ දෙන උන්ට චන්ඩේ කාලෙට එහෙම රෙස්පට් නම් අනික් කාලෙට කොහොන තියෙයිද?
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උස් තැන් දැක හැකි ලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ මේ ගතිය ගොඩක් ලංකාවේ එවුන් ළග තියෙනවා මට මතකයි අඹ යාළුවෝ එකේ වුනත් මෙහෙකයි. ඒ කියන්නේ ඒ කාලේ වුනත් මේ ජාතියේ එවුන් ඉදලා තියෙනවා.
    මම ලංකාවේ films බලන්නේ නැත්තේත් මේ හේතුව නිසයි පන්ති භේදය පිරිලා. Hollywood movies වල මේ වගේ පන්ති භේදයක් වැඩියේ නෑ.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මහා සක්කිලි බන්. ඔකා අර කොලඹ පැල්පත්වල උන්ට කතා කරපු හැටි දැක්කනේ. චන්දේ දෙන උන්ට චන්ඩේ කාලෙට එහෙම රෙස්පට් නම් අනික් කාලෙට කොහොන තියෙයිද?

    video ekak tiyenwada
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මහා සක්කිලි බන්. ඔකා අර කොලඹ පැල්පත්වල උන්ට කතා කරපු හැටි දැක්කනේ. චන්දේ දෙන උන්ට චන්ඩේ කාලෙට එහෙම රෙස්පට් නම් අනික් කාලෙට කොහොන තියෙයිද?