හැමදේකම අන්තෙට ගියා බන්, ඒකයි උනේ. මැතිනි මිනිස්සුන්ට දුක උපරිමයෙන් පෙන්නුවා, මිනිස්සු කලකිරුනා. යුඇන්පිය කලේ එකේ හාත්පසම අනික, මිනිස්සුන්ට ලොකේ පෙන්නුවා, රට බඩු ශොක්, ලන්කාවේ එව්වා ලොකල් කියන ආර්තිකේ මැවෙව්වා, මිනිස්සු එහෙම පිටින්ම සුකොපබොගීතව වැලදගත්තා, වැඩ කරන උන් අඩු උනා. කෘශිකර්මේ එක පැලැන්තියකට ආවා, ගමේ උන් කොලඹ යන්න ගත්තා. වැඩේ අලවේගෙන ආවා, එදා කුබුරු කරපු මිනිහගේ පුතාට දැන් ඒ රස්සාව එපා උනා, ඌටත් කොලඹ යන්න හිතුනා, රස්සා හිග උනා, තරුනයො කල්ලි ගැහුනා, විප්ලව කලා ජේවීපිය බිහිඋනා, තව තව ආරලු බූරලු සෙට් උනා. මොරාල් නැග්ගා, එක රැයින් රට අල්ලාන්න කොල්ලො හිතුවා, ගැහුවා පොලිසි වලට මහ රැ 12ට, රට ෆ්ලැකැන්ස් කරලා බලේට එන්න බැලුවා. ඔයින් මෙයින් උඩහා දෙමල කේස් හිමීට අම්පාර පැත්තෙන් දකුනට එන්න ගත්තා. හාඩි ගිය උන්ට දැනුනා, උඩහා ගිනි පත්තුඉ වේගෙන යනබව, මේ අස්සේ ජේවීපිය නැතිම උනා, ඊලග සටන ත්රස්තවාදයක් ගානට ආවා, දොරයප්පා ගාතනෙන් වැඩේ ඔෆිශියලි ආරම්බ උනා. දකුනේ ප්රශ්න වෙන අතකට ආවා, හමුදා සේවය රැකියා විසදුමක් උනා. කෙල්ලන්ට ප්රිමදාස ගාමන්ට් ඇරියා.. ඉතුරු හරිය ඉතින් බොලාලා දන්නවා..