ඔබතුමා මගේ විග්රහයේ යටි පෙළ අල්ලගත්තේ නෑ මගේ මිත්‍රයා...ඔන්න ඔය කතාවට නම් මම එකඟ නෑ කිඹුලෝ. ජවිපෙ භීෂණයක් ඇති කරේ සමාජයේ යම් දුරකට පිළිලයක් වෙලා හිටිය කොටසට. කසිප්පු කාරයෝ, ජාවාරම් කාරයෝ, මංකොල්ල කාරයෝ, කළු කඩ කාරයෝ වගේ උන්ට. නමුත් ආණ්ඩුව භීෂණය ඇති කලේ මුළු සමාජයටම. මම ඉස්කෝලෙ යද්දී හැමදාම දැක්කෙ මොලේ එලියට එන්න ඔලුකට්ට කුඩු වෙලා, බාගෙට බාබෙකියු වෙච්ච කොල්ලෝ. ඒවා කලේ ජවිපෙ නෙවෙයි. ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කහම රෑට ගිහින් උස්සල දූෂණය කරලා මරල දැම්මේ ජවිපෙ නෙවෙයි. ඇත්තම කියනවා නම් භීෂණය සාමාන්‍ය ජනයාට දුන්නෙ ආණ්ඩුව.
මම කියන්න යන ප්‍රධානම කාරණේ ඒක නෙවෙයි. එදා ජවිපෙ එක්ක හිටිය ජනතාව මැරුව කියල අඬලා බලයට ආව මිනිස්සු අද ආයෙම බලයට එන්න උන්ව මිනීමරුවෝ කරලා. එදා ජවිපෙ වෙනුවෙන් අඬනකොට චන්දෙ දීල රැවටිච්ච මිනිස්සු අද ජවිපෙ මීනී මැරුවා කියල අඬද්දී ආයෙම රැවටිලා චන්දෙ දෙනවා.
කවුරු කොහොම කිව්වත් ආණ්ඩුවේ මාධ්‍ය ජාලය තවමත් මිනිස්සුන්ව ගොනාට අන්දනවා. අහු වෙන්නේ නෑ කිය කියා මිනිස්සුත් අහුවෙනවා.
ආණ්ඩුව ඇති කරපු භීෂණයට විරුද්ධ වුණ මිනිස්සු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය-කර්නල් කීර්ති විජේබාහු ගේ පාලනය යටතේ තිබ්බ ජවිපෙ සන්නද්ධ අංශය දුන්න විධාන වලට එකග වුණා. බය නිසාම නෙවෙයි. නමුත් දේ.ජ.ව්ය. පදේ වරද්ද ගත්තේ හමුදා සෙබලුන්ට හමුදාවෙන් අස්වෙන්න දින දීමෙන්. එසේ අස් නොවන අයවළුන් ගේ පවුල් මත භීෂණය මුදා හැරීමෙන්. හමුදාවේ ජවිපෙට අනුගත වූ අය අතරත් මේකෙන් යම් කළකිරීමක් ඇතිවුනා. භීෂණයට භීෂණයෙන් මුහුණ දීම කියන දේ සිවිල් ජනතාව මතට එන්න ගත්තාම දේ.ජ.ව්ය වෙතින් ජනතා සහයෝගය ගිලිහුණා.
දේ.ජ.ව්ය. වරද්ද ගත්තේ ඔතනින්. සාමානය ජනතාව අතරටත් යම් කිසි භීෂණයක් ඔවුන් ව්‍යාප්ත කලා. ඔබ කියන පරයන්ව ඝාතනය කල විට යටි හිතින් ආශිර්වාද කරපු මිනිහට ම භිෂණය පටවන්න ගත්තාම ඔවුන් ව්‍යාපාරයෙන් බිදුණා.
මතක තියා ගන්න මා ඔය පෝස්ට් එකේ අවසනට කියල තියන දේ. බහුතර සහභාගීත්වයෙන් තොරව කරන පොදු කටයුත්තක් කෙළවරවන්නේ ඛේදවාචයකින්. ජවිපෙ සිය පොදු කටයුත්තට බහුතරය එක්කර ගන්න නම්, අනිවා ඔවුන් අපේ රටට අනන්‍ය, දේශික මතවාදයක් තුලට එක්වන්න ඕන. විහේෂයෙන් පවතින නියෝජිත ප්රජාතන්ත්රවාදය තුල ඒක අනිවාර්යය කාරණයක්............
හරුප භාවිතයෙන් තොරව මේ විදියට විවාදාපන්න වීම සතුටට කාරණයක් මගේ මිත්‍රයා. ඒ සතුට වෙනුවෙන් පලවන ස්තූතියට ඔබත් හිමිකරුවෙක්.
p.s
මේ තියෙන්නේ දේ.ජ.ව්ය යේ සළකුණ. මේ සළකුන ඒ කාලයේ අපට පුරුදුයි රෝනියෝ කරල එන ඇදිරි නීති නිවේදන වල ශීර්ෂය විදියට දැකලා......
Last edited:




