බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි
බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි… – එංගලන්තයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රබල චෝදනාවක්
June 4, 2014 at 9:41 am | lanka C news

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා පන්දු යවන ක‍්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් දවා ගනු ලැබූ ආකාරය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ජෙෂත‍්‍රයේ ආන්දෝලනයක් හටගෙන තිබේ.
සචිත‍්‍ර සේනානායක විසින් අවස්ථා දෙකකදී පෙර දැනුම් දීම් කර තුන්වන අවස්ථාවේදී ජොස් බට්ලර් පන්දු යවන්නාගේ අන්තයේ සීමා ඉර ඉක්මවා යාමේදී කඩුල්ල බිඳ දැම්මේය.
කෙසේ වෙතත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සම්ප‍්‍රදායක් සේ පැවතියේ එවන් අවස්ථාවක පන්දු රකින කණ්ඩායමේ නායකයා එවන් දවා ගැනීම් ප්‍රතික්ෂේප කිරීම වුවද ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් එය ප්‍රතික්ෂේප නොකිරීම නිසා විනිසුරු විසින් ජොස් බට්ලර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කලේය.
1992 වසරෙන් පසුව සිදු වූ මෙම සිදුවීම ගැන අදහස් දක්වමින් එංගලන්ත නායක ඇලස්ටෙයාර් කුක් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නායකයා ගත් තීරණය ක්‍රීඩාවේ ජීව ගුණය බිඳ දමන ක්‍රියාවක් බවත් ක්‍රිකට් නායකයෙකුට තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග රැසක් පවතින බවත් තමන් නායකයෙකු ලෙස එවැනි තීරණයක් කිසිදා නොගන්නා බව ත් ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මේ පිළිබඳව පවසා ඇත්තේ ජොස් බට්ලර්ට ඒ සම්බන්ධයෙන් දෙවරක් අවවාද කළද ඔහු එය නොපිළිපැදීම හේතුවෙන් ශ්‍රී ලංකා නායකයා ඔහුගේ දැවී යාම අනුමත කළ බවයි.