ගීතයක අරුත 02 සුපෙම් හැඟුම්

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගීතයක අරුත 02 සුපෙම් හැඟුම්

    කොහොමද කට්ටිය සැපෙන් සනීපෙන් ඇති කියල හිතනවා, සෑහෙන කාලෙකින් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනා, රෑට ඇවිත් තියන දෙයක් බලල යනවා මිසක් වෙලාවක් ලැබුනෙම නෑ.

    ඊයේ මම අලුතෙන්ම හැදුව වීඩියෝ එක එළකිරියේ දෑම්මට පස්සේ එකේ කෙනෙක් අහල තිබ්බ මේ සින්දුවේ තේරුම මොකද්ද මචන් කියල, ඉතින් මට හිතුන සින්දුවේ තේරුම ලියල ත්‍රෙඩ් එකක් දාන්ඩ, මේ වැඩේ මට එච්චර සාර්ථකව පුළුවන් කියල මන් හිතන්නේ නෑ, මොකද මට වඩා හොඳට කරන අය ඕන තරම් මේකේ ඉන්නවා, දත් කිඹුලා සස්ලිට් වගේ දැවැන්ත චරිතත් ඇතුලත්ව. කොහොමෙන් හරි මේ මගේ දෙවැනි ත්‍රෙඩ් එක මේ වගේ දාපු, කියවල බලන්න.

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.....
    මිතුරු දම් විනා....
    නවුකාවකි ඔබ ඈත සමුදුරේ....
    මා පහන් ටැබයි මෑත ගොඩබිමේ...


    ගීතයේ මෙම කොටස ගායනා කරන්නේ කාන්තාවක් නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේක කාන්තාවගේ පැත්තෙන් එන අදහසක් කියල, මා අනුමාන කරන විදියට මේ කාන්තාව අදාළ පිරිමියාට හිතින් ආදරය කලාට ලංවෙන්න බයක් තියනවා, මොකද ඒ දෙන්න අතර යම්කිසි පරතරයක් තියන බවට ඇය විශ්වාස කරනවා, එක නිසයි ඇය කියන්නේ ආදරය කරන්න එපා මට ඔබෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියල, ඇය යටි සිතින් ඔහුට ආදරේ කරනවා කියල මන් තීරණය කලේ දෙවැනි පද පේලිය නිසා, මන්ද ඇය විසින් අපූරු යෝජනාවක් කරනවා මොකද්ද, ආදරේ කරන්න එපා යාළුවො විදියට ඉන්න කියල, මොකද ඇය කැමති නෑ ඔහුව ඈත් කරගන්නත්.

    තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ....
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්....
    කිසි දින අප හමු නොවන බව දනීම්....
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්....


    දැන් අපි ඉන්නේ ගීතයේ දෙවැනි කොටසේ, මේ කොටස ගායනා කරන්නේ පිරිමියෙක් නිසා මේ පිරිමියාගේ අදහස විදියට අපිට හිතන්න පුළුවන්. ඔහු මෙහිදී තමන් ආදරය කරන තරුණියව තමන්ගේ ජීවිතේ ආලෝකය විදියට සමාන කරගෙන තමයි මේ ආදරය යෝජනාවක් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ, නමුත් ඇයගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබුන නිසා ඔහුට හිතෙනවා ඔහුගේ ඉදිරි ජීවිතයම මුළු ජීවිත ගමනම සඳ නැති අමාවක දවසක තරු එළියෙන් විතරක් දුර ගමනක් යනවා වගේ කියල. ඔහුගේ සියලුම පෙම් සිහින මියැදෙන්නට උනේ ඔහුට තරුණියගෙන් ස්ථීර පිළිතුරක් ලැබුන නිසා ඔහුගෙන් ආදරයක් අවශ්‍ය නැති බවට.

    දිවයුරු සැඟවෙන මොහොතක තනිවී.....
    ඉකිබින්දිනෙමි වියරුවේ පාලුවෙන්....
    එය දසුනකි තනි සිතක නොමැකෙනා....
    නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්.....


    ගීතයේ අවසාන කොටස මේකත් කාන්තාව විසින් පවසන අදහසක් තමයි රචකයා අපිට තිලින කරලා තියෙන්නේ, නමුත් මටනම් මේ පද පේලි කිහිපය කියවන විට තේරුම් ගියේ එච්චරම සදාචාර සම්පන්න දෙයක් නෙවෙයි, ඒක නිසාම මන් කිහිප වරක්ම ගීතය වාදනය කරලා බැලුව හොඳ විදියකට මේ ගැන හිතන්න බැරිද කියල, කොහොම හරි මට මේ වගේ අදහසක් ගන්න පුළුවන් උනා, ඒ තමයි මෙම තරුණිය පිරිමියාට මහත් සේ ආදරය කරනවා, නමුත් එය ඔහුට ලබාදෙන්නට ඇය මැලිවෙනවා, ඔහු ඇගෙන් ඈත්වෙලා යනවා කීවම ඇය ඔහුට පවසන්නේ ඉර බැහැල යන පාලු මූසල වෙලාවන්වලදී පිස්සුවෙන් වගේ ඇයට ඔහුව මතක් වෙලා ඇඩෙයි කියල, එත් කමක් නෑ ඔයා යනවනම් යන්න ඔබ ගියත් ඈතින් ඉඳන් ඔයා දිහාම බලන් ඉන්නම් කියල.

    කියවන ඔයාලට වගේම මටත් මේක නිකන් පිස්සුවක් වගේ තේරෙයි යකෝ මොන මගුලක්ද මේක එක්කෝ අරුට කැමති වෙන්න ඕනේ නැත්නම් උට උගේ පාඩුවේ හිත හදාන යන්න දෙන්න ඕනේ කියල, ඇත්ත එක ඇත්ත නමුත් අපේ සමාජේ මේ වගේ ආදර කතා ඕන තරම් තියනවා,:(
    [/COLOR]


    උපුටා ගැනීම සොමෙගේ පොට් එකෙන්.

    හොඳයි වටිනවා කියල හිතෙනවනම් රෙපක් එහෙම අනුමත කොරල යන්න, අඩුම ගානේ හොඳක් නැත්නම් බැනල හරි කොමෙන්ටුවක් කොටන්න.


    ගීතය - සුපෙම් හැඟුම්
    ගායනය - ප්‍රදීපා ධර්මදාස සමග ලක්ෂ්මන් විජේසේකර


     
    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    326254-istock_000003827645xsmall1_super.jpg
     

    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    meka aththa kathawak. meka pradeepa kiyanne eya adare karapu kenata. habai ethakotath e kolla badala. e kollath pradeepata marenna adare k. eth anthimata pradeepata wenawa ara amathiyawa badinna. badinna kalin thamai meka kiyanne. meka asmmatha premayak nemei. patta love 1k. me kathawa danno danithi
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    meka aththa kathawak. meka pradeepa kiyanne eya adare karapu kenata. habai ethakotath e kolla badala. e kollath pradeepata marenna adare k. eth anthimata pradeepata wenawa ara amathiyawa badinna. badinna kalin thamai meka kiyanne. meka asmmatha premayak nemei. patta love 1k. me kathawa danno danithi

    thanks adahasak ekathu kalata