ඔබතුමා ගේ ප්රශ්නෙ අහල මටත් යම් දෙයක් මතක් වුණා. සමහර විට මේක මෙහෙම ම ඔබතුමාටත් ඇප්ලයි වෙයි ද මන්දා.
පාසලකට ආව පරීක්ෂකයෙක් ළමයින්ගෙන් ප්රශනයක් ඇහුවා.
“අතන පාරෙ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් බස් එකක් යනව නම් මගේ වයස කීයද?“
කොල්ලෝ ඇම්රික්....!! ඈත කෙළවරේ හිටපු එකෙක් විතරක් අත උස්සං ඉන්නවා.
“ඔය ළමයා කියන්න බලන්න උත්තරේ“
“සර් ගේ වයස 48යි සර්“ ඌ එහෙම කියල පටස් ගාල වාඩි වුණා
“හරියට ම හරි. කොහොමද ළමයො ගාන හැදුවේ“ පරීක්ෂකයා ඇහුවා
“සර් මට අයියා කෙනෙක් ඉන්නවා, වයස 24යි, අපේ අම්ම කියන්නේ ඌට බාගෙට පිස්සු කියලා“ කොල්ලා උත්තර දුන්නා..........