දෑන්නම් බය දෙගුන තෙගුන වීගන එනව වගේ .තව ජොබක්වත් නෑ ඩිග්රිය ඉවරවෙන්නත් මස 3ක් විටර යනව
මට උත්තර නැති වුනා යකෝ.. මමයි ඒකිගෙන් එදා කැමැත්ත අහන්ඩ ගියේ..බොරු ඕන නෑ බං.. මට ඒකිට කැමැතියි කියන්න තරම් ගඩක් ආවෙ නෑ.. ඔන්න බලපං..
ඔව් බං.. ඒකි පොත් නම් කියෝනවා නහුතෙට.. උගේ කතාත් කියවනවා ඇති හැබැයි..
මෙතනදි කේස් එක වුණේ ගයියො මං මුලින් මේකිව මගහැරියනේ.. මොකෝ බොස්ගෙ දුව නිසා.. ඒකට ලව් කරන්න ගිහින් ජොබට කෙලවුනොත් මං අනාතයි.. අනාතයි කියන්නෙ හිඟාකන්න වෙන්නෙ.. මොකෝ දැන් තාත්තත් වැඩට යන්නෑ.. මමයි හැමදේම රන් කරන්නෙ..ඔය බය තිබුණා මගේ හිතේ.. අනිත් එක බං බොසා මං වැඩට ගියපු දවසෙ ඉඳන් අනිත් උන්ට වඩා මාත් එක්ක ෆිට් වුනා.. සැලකුවේ හරියට එයාගෙ දරුවෙක්ට වගේ.. එහෙම එකේ දූට ලව් කරන්න ගිහින් එයාගෙ හිත බඳින්න මං කැමති වුණේ නෑ..
ඔය කේස් එකෙන් පස්සෙ ඒකි අවුරුද්දක් විතර ඔෆිස් එක පැත්ත පලාතෙ ආවෙ නැහැ.. ආවත් බං මාව බලන්න එන්නෑ.. ඉතිං ඔය අස්සෙ මං තව කුණු කේස් එකක් දාගත්තනේ ඔෆිස් එකේ කෙල්ලෙකුට ලව් කරන්න ගිහින්.. මං උඹටත් මැසේජ් එකක් දැම්මෙ සිද්ධිය කියලා..
ඒකෙන් පස්සෙ තමා මං මේකට බැස්සෙ.. බැස්සා නෙමේ බැස්සුනා..
කෙටියෙන්ම කන්න පින තියෙනවානම් තුන පහ පිටෙ බැදන් ඉබ්බා ගෙට එනවලු





