..::: හයිකු කවි :::..

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    images.jpg


    යාලුවනේ අලුත් වැඩක් පටන් ගන්න හිතුවා
    මෙහෙම් වැඩක් කලින් තිබුනද දන්නේ නැ
    මට අහන්න ලැබුණා හයිකු කවි වගයක් ඉතින් මට හිතුනා ඒ ගැන හොයන්න :)
    මම අහපු එක තමයි කැම්පස් එකේ අවසාන අවුරුද්දේ ඉන්න කොල්ලෙක්ට ගොඩ යන්න චාන්ස් එකක් එනවා පලමු අවුරුද්දෙන්:dull: ඉතින් මේ කතාවට මෙන්න මෙහෙම් හයිකු කවියක් ලිය වෙනවා


    බසයෙන් බසින්න ආසන්න වෙත්ම අසුනක් ලැබුණා වාගෙයි !!:)


    ඉතින් මෙතැන් සිට මේක හයිකු කවි වලින් පුරවන්නයි බලාපොරොත්තුව අහුවෙන තැනකින් :P
    සැමට ජය!! එකතු වෙමු හයිකු කවි වලට පෙම් බදින්නන් ඉතින් හයිකු ලියන්න පුලුවන් අය ලියමු..හයිකු කියන්නේ මම හිතන විදිහට නම් සරල වචන පෙලකින් ගැබුරු අර්ථයක් තේරුමක් දෙනවා ඉතින් තේරුම් ගැනීමට අපහසුයි ගැබුරින් සිතිය යුතුයි ..:love: :):)
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හයිකු කවි එල එල මචන් හොද කවි ඈති එනම් සෙරම එක්ක දාමු බලන්න :)
     
    • Like
    Reactions: mastar

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Flower%20Frame.jpg


    නව වසරේ මුල්ම සිහිනය!
    ඒක රහසක්...
    තනියෙන් සිනාසෙමි මම
    බූන්දි උපුටා ගැනීම
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නිදහස්‌ සර්වකාලීනත්වයේ හයිකු කවිය
    ලෝරා ඇග්නස්‌ ඩේවිඩ්සන්


    නන්දන වීරසිංහ

    ledy.jpg
    එල්. ඒ. ඩේවිඩ්සන් කිවිවරියගේ ජන්ම දින සැමරුම ඊයේ (31 දා) දිනට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

    අනන්ත තාරකාවලියෙන් හෙබි අහස නරඹමින් සිටි පසුගිය රැයෙක මා මතකයට නිතැතින් පිවිසියේ "ලෝරා ඇග්නස්‌ ඩේවිඩ්සන්" නමැති කිවිවරිය ගේ එක්‌ හයිකු කවියකි.

    beyond
    stars beyond
    star

    මේ කව පාද තුනකින් වචන හතරකින් සිංහලට පරිවර්තනය කළ හැකි වුවද, එසේ කළ කල මුල් කවෙහි වූ කාෙව්‍යාaචිත ගම්භීර්යය එහැම පිටින්ම අන්තර්ධාන වන්නේය.

    "ඇත

    තරුවලට එහා

    තරුව..."

    යනුවෙන් කරන පරිවර්තනයකින් හෙළි වන්නේ මෙබඳු කවි පරිවර්තනය නොකළ හැකි බවකි. හයිකු යනු සවිඥනකත්වයේත් අභ්‍යන්තරික ප්‍රතිවේදයේත්, (ඇතුළු නුවණ) විස්‌මයේ හා සොම්නසේත් මොහොතයි. ඒ මොහොත ඇසුරු කොට පරමෝත්කෘෂ්ටත්වය පිළිබඳ ඉඟියක්‌ හා අප සියල්ලන්ගේම අධ්‍යාත්මයන් හා බැඳුණු අත්‍යqදාර යමක්‌ පිළිබඳ සංඥමාත්‍රයක්‌ මෙමඟින් ගම්‍යමාන වෙතැයි සිතමි.

    ලෝරා ඇග්නස්‌ ඩේවිඩ්සන් (L.A Davidson) නමැති ඇමරිකා හයිකු කිවිවරිය ගේ මේ නිමැවුම ඇමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල ලක්‍ෂ සංඛ්‍යාත හයිකු රසිකයන්ගේ හා හයිකු කවි කිවිඳියන් අතර සුප්‍රකට ය. උතුරු ඇමෙරිකාවේ හයිකු කාව්‍යයේ වර්ධනාත්මක ක්‍රියාවලියෙහි දෙවැනි හා තෙවැනි අවස්‌ථා නියෝජනය කළ ඩේවිඩ්සන් කිවිඳිය 1968 වසරේ ඇරැඹුණු ඇමරිකන් හයිකු සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයන් දෙවිසි දෙන අතුරෙන් කෙනෙකි. 1917 ජුලි මස 31 වැනිදා ජන්ම ලාභය ලැබූ ලෝරා, 2007 ජුලි මස 18 වැනිදා එනම් සිය 90 වැනි ජන්ම දිනයට දෙසතියකට පෙර අභාව නියාමයට හසු වූවාය. පාසල් වියෙහිදී කවි හඬ නඟා කියෑවීමට රුචි කළ ඕ එසමයෙහි සිට ම චාම් දිවියකට හුරු වූවාය. ජනමාධ්‍ය විෂයය යටතේ මිනසෝටා සරසවියෙන් උපාධියක්‌ ලබාගත් ලෝරා, රැල්µa කිර්බි ඩේවිඩ්සන් සමඟ විවාපත් වූයේ 1941 දීය. කැරන් හා රූත් යන දූවරුන් දෙදෙනකුගේ මව වූ ඇය පසු කලෙක එනම් 1988 දී සිය ස්‌වාමියා ගෙන් වෙන් වූයේ නිදහස වනාහි මනුෂ්‍යයකුගේ පුරෝගාමී ජීවගුණය සේ සලකමිනි. එතැන් සිට දිවි ගෙවූ වසර 19 මුළුල්ලේ මේ කිවිවරිය ඇමරිකා හයිකු කවිය වෙනුවෙන් වූ පුළුල් කාර්ය භාරයකට කැප වූවාය.

    හයිකු නිර්මාණයෙහිලා ඩේවිඩ්සන් කිවිඳියට මූලාධාර වූයේ හැරල්ඩ් ජී. හෙන්ඩර්සන් ගේ Haiku in English කෘතියයි. ආeමරිකාව පුරා හයිකු ප්‍රබෝධයේ හා ව්‍යාප්තියේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ එලිසබෙත්a ලෑම්බ් කිවිඳිය විසින් ලෝරා අතට එකී කෘතිය පත්කරන ලද්දේ එමගින් ලද පෙළඹුම හේතු කොටගෙන ලෝරා සිය පළමු හයිකු කවිය 1966 දී රචනා කළා ය. සම්භාව්‍ය ජපන් හයිකු කවියේ අධ්‍යාත්මය මනාව හැඳින නිර්මාණ කාර්යයේ නියෑළුණු ඇමී ලොවෙල්, ඇඩිලේඩ් ක්‍රැප්සි දෙදෙන ඇමරිකා හයිකු කාව්‍යයේ සමාරම්භක කිවිවරියෝ වූහ. අනතුරුව ඇලිස්‌ වෝකර්, ජෙරල්ඩීන් ක්‌ලින්ටන්, ලිට්‌ල්, මර්ලින් මවුන්ටන්, පෙගී විල්ස්‌ ලයිල්ස්‌, රූත් යෑරෝ, ඇලෙක්‌සිස්‌ රොටෙල්ලා, එමිලි එන්ඩර්සන් වැනි ප්‍රබල ඇමරිකා හයිකු කිවිවරියන් අතරෙහි විශිෂ්ට ස්‌ථානයක්‌ එල්. ඒ. ඩේවිඩ්සන් කිවිඳියට ද හිමි කරගත හැකි විය.

    1950 වසරේ ඇරැඹෙනුයේ ඇමරිකා හයිකු කවියේ ද්විතීය වර්ධනීය අවස්‌ථාවයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ධීමත් කලාකරුවන් පිරිසක්‌ විසින් අරඹන ලද Beat Movement නම් කාව්‍ය සංවිධානය එවක පහළ වූ කැපී පෙනෙන සංස්‌කෘතික සංසිද්ධියකි. මේ වූ කලී Beat Period ලෙසද හැඳින්වෙන ගැරී ස්‌නයිඩර්, ඇලන් ගින්ස්‌බර්ග්, ජැක්‌ කෙරොක්‌, රිචඩ් රයිට්‌ යන ආදී ප්‍රබල හයිකු කවියන් ගේ සමයයි. ජපන් හයිකු කවියේම ස්‌වරූපගත් පියවි හයිකු ඉංග්‍රීසි බසින් ලිවීම ඇරැඹුණු සමය මේය. මේ කවීන් වඩාත් අවධාන පරවශ වූයේ තමා හාත්පස ඉතා සාමාන්‍ය දෛනික සංසිද්ධීන් චිත්තරූපික ලෙස සංවර්ධිත හයිකුවක්‌ වෙනුවෙන් ස්‌පර්ශ කිරීම උදෙසා ය. නැතහොත් හයිකු කාව්‍යයේ අපේක්‍ෂාව සපුරාලීම ලෙස සැලැකිය හැකි සංකල්පරූපී භාෂාවකට අත්දැකීමෙහි සාරය පවරා දීම පිණිස ය.

    ඇමරිකා හයිකු කවියේ තෙවැනි ඓතිහාසික අවස්‌ථාව වන 1970 වසර ඇමරිකා හා කැනඩා හයිකු කවීහු බොහෝ දෙන ජපන් හයිකු කවියේ වැඩිතර බලපෑමට හසුවූහ. ඔවුනතර නික්‌ වර්ජිලියෝ, ඡේම්ස්‌ විලියම් හැකට්‌, කෝර් වෑන් ඩෙන් හුවෙල්, ඇනිටා වර්ජිල් ආදීහු ප්‍රමුඛ වෙති. ඔවුහු මෙහිදී සිය හයිකු කවියේ සියලු චිත්තරූප වර්තමාන ප්‍රත්‍යක්‍ෂය (Present Perceptions) සඳහා එකැවර පවරා දීමක්‌ සඳහා පෙළඹුණාහ. 1970 වසරින් අනතුරුව ඇරැඹී වර්තමානය කරා එන ඇමරිකා හයිකු කවියේ සිදුවුණ වර්ධනීය අවස්‌ථාව සඳහා චාල්ස්‌ ඩික්‌සන්, ජෝන් විල්ස්‌, ඇලෙක්‌සිස්‌ රොටෙල්ලා වැනි හයිකු කවීහු පුරෝගාමී වූහ. මොවුහු ප්‍රකෘතිය හා මනුෂ්‍ය ස්‌වභාවය පිළිsබඳ ඇතුළු නුවණැසකින් කටයුතු කළෝ වෙති.

    එල්. ඒ. ඩේවිඩ්සන් කිවිඳිය ඇමෙරිකාවේ හයිකු කවියේ සංවර්ධනාත්මක සමයන් දෙකක්‌ උදෙසා සිය උෙද්‍යාaගවත් කාව්‍ය ජීවිතය කැප කළා ය. ජපානයේ සම්ප්‍රදායික කාව්‍ය විලාසයක්‌ සිය රටෙහි කවිය සේ ගෙන එය ප්‍රබල තැනෙක තබනු පිණිස ක්‍රියා කිරීමේ ඵලය කවරේදැයි යමකු මෙහි දී අසනු නිසැකය. ගැරී ස්‌නයිඩර් නම් ප්‍රතිභාන්විත ඇමරිකා හයිකු කාව්‍ය ප්‍රමුඛයා විසින් වරක්‌ එක්‌ කථෝපකථනයකදී පැහැදිලි කරන ලද කරුණක්‌ මෙහිදී ගෙනහැර දැක්‌වීම මැනැවැයි සිතමි. හයිකු ජපන් කාව්‍ය විධියක්‌ වුවද එහි මූලිකාංග විකාශනය කිරීම හා වර්ධනය කිරීම යනු අන්‍ය සංස්‌කෘතීන්හි කාව්‍ය ව්‍යාපාරයන් වහල් අනුකාරකත්වයකට (Slavish Imitation) හෙළන ප්‍රයත්නයක්‌ නොවේ. හයිකු කාව්‍යයෙන් ශික්‍ෂණය ලැබීමෙන් පසු යම් කවියකුට හයිකු යන නාමකරණයෙන් බැහැර වීමට පූර්ණ අයිතිය ඇත.

    මූලික වශයෙන් හයිකු හදවත අයත් කරගැනීම (Get to the heart of haiku) අපගේ වෑයම විය යුතුය.

    එල්. ඒ. ඩේවිඩ්සන් ජපානයේ හයිකු හදවත සිය කාව්‍යයට පවරා ගැනීමට ඇල්මෙන් කටයුතු කළ කිවිවරියකි. තමා අවට ස්‌වභාව ලෝකයේ ගතික ලක්‍ෂණ ඒවායේ නිසග ජීවිතයෙන් වෙන් කොට පෞද්ගලික මතවාදයක වෙසින් හයිකු කවියට පැවැරිය නොහැකි බව ඕතොමෝ මුල් කාලයේම අවබෝධකොට ගත්තාය. සොබාදහම අබිමුව ඇය තුළවූ දයාලු බව, විස්‌මය හා ප්‍රීතිය මිස, ගැඹුරු දාර්ශනික තර්කවාදයක්‌ දිගු කිරීමට කැසකැවීමක්‌ යනු හයිකු අධ්‍යාත්මය සපුරා කෙලෙසීමකි. එසේ වටහා ගැනීමට ඇය පිටු දුන් කාව්‍ය වටාපිටාව උත්තරවාදී විය. ඈ පදනම් වූ හයිකු සමාජය බුද්ධියේ, අත්දැකීමේ තර්කයේ මායිම් අභිභවනයට සමත්, භෞතික විශ්වයේ සීමා හයිකුව යානයක්‌ කොට ඉක්‌මැවීමට සමත් වූ එකකි.

    උතුරු ඇමෙරිකාවේ මොන්ටානාහි ජුඩිත් කඳු අසබඩ විවෘත රමණීය තැනිතලා පෙදෙසක ළමා කාලය ගත කළ කිවිඳිය පාසල් වේලාවෙන් පසු සිය සොහොයුරිය වූ රූත් සමඟ ඒ කඳුවැටිය තරණයටද යුහුසුලු වූවාය. ඇය ලියූ මේ හයිකු කව එකී කඳු සමීපේ ජීවත් වීමේ ඵලයකි.

    I would engrave
    this bare mountain on my mind
    and take it home

    කැටයම් කරමි

    මේ හිස්‌ කන්ද මා මනැසෙහි

    ගෙන යමි ගෙතුළට

    අනෙක භෞතික වස්‌තූන් පිළිබඳ උපාදානයෙන් තොරව විෂය ලෝකයෙහි සෞන්දර්යය මනැසින් පවරා ගැනීමක්‌ මෙමගින් ගම්‍ය වෙතැයි සිතමි. කිවිඳිය ගේ ස්‌වභාවය හා ප්‍රකෘතිය අතර අෙන්‍යාන්‍ය සම්බන්ධය මෙමඟින් �වනිත යි.

    අලුත් අවුරුද්ද දවසේ

    පියසි කොන යට

    චරචරය,

    පරණ පුරුදු ගේ කුරුලු දෙන......."

    ඩේවිඩ්සන් කිවිඳියගේ ප්‍රකට හයිකු නිර්මාණයක්‌ වන මෙය හයිකු හදවත වටහාගැනීමට අවශ්‍ය සියුමු නිදසුනක්‌ වැන්න. අලුත් අවුරුදු දවස යනු අභිනව, ප්‍රාර්ථනා අපේක්‍ෂා සමඟ සොම්නස පැතිරෙන දවසකි. එහෙත් අලුත් යමක්‌ නොසිදුවෙයි. පරණ පුරුදු ගේ කුරුල්ලන් ගේ චරචරය (twittering) පමණි. එක්‌ රැස්‌වී හිඳින නෑසිය හිතවතුන් ද කාබී නටා ගයා සුපුරුදු ලෙස පිට ව යන්නෝ වෙති. එය අවුරුදු උදාවෙන් පසු එළැඹෙන ජීවිත සමය පිළිබඳ ඉඟියකි.

    එල්. ඒ. ඩේවිඩ්සන් ආධුනික කවියනට මඟ කියා දීමෙහි දී හේතුව සහ ප්‍රතිඵලය යන දෙකෙහි ඥතිත්වය හයිකුවේ චිත්තරූප ඇසුරට ගැනීමට ප්‍රයත්න නොදැරිය යුතු බව නිතර සිහිපත් කළාය. එසේම හැඟීම්බර භාවානුගත ලක්‍ෂණය හයිකු ආකල්පයට ප්‍රතිවිරුද්ධය. එය කරුණු පැහැදිලි කර දීමක්‌, හේතු දැක්‌වීමක්‌, අලංකරණයක්‌ නොවෙතැයිද ඕ අවධාරණය කළාය. හයිකු කවියෙහි දී ඒක්‍ෂණයෙහිම පාදක සිද්ධියත් අත්දැකීමේ පහළ වීමත් සිදු වෙයි. එය සොබාදහම හා ජීවිතය අතර අන්තර්කරණය (Interpenetration) ලෙස ඩේවිඩ්සන් වටහාගෙන සිටියාය. එනම් මෙය එය වෙයි, එය මෙය වෙයි වැනි ක්‍රියාවලියකි. හයිකුව දූවිලි අංශුවෙහි මලෙහි හා මිනිසකුගේ අෙන්‍යාන්‍ය පැවැත්මේ විවිධත්වය හා ඒකත්වය යන දෙකින් පැනනැඟෙන්නක්‌ හැටියට ඕ පහදා දුන්නාය. වරෙක ඩේවිඩ්සන් කිවිවරිය බෞද්ධ පාරිභාෂික ශබ්ද මාලාවේ බෝධිචිත්ත වැනි වදන් පවා මෙබඳු හයිකු පැහැදිලි කිරීම්හි දී භාවිත කළාය. සැබැවින්ම මේ කිවිඳියගේ හයිකු නිමැවුම් බටහිර කාමලෞල්‍ය ලෝකයක ස්‌වරයෙන් එහැම පිටින්ම නිදහස්‌ සර්වකාලීනත්වයේ නිමැවුම් වෙයි. මේ ඇයගේ තවත් හයිකු කවියකට

    "Claming
    the out house roof
    peacock"

    පිට ගෙයි වහලය මත හිඳ

    සිය අයිතිය කියා පාන

    මොනර කුරුල්ලා...........·

    අප්‍රමාණ විවිධත්වය ඇසුරේ මිනිසා, පක්‍ෂියා, ක්‍ෂුද්‍ර සත්ත්වයා නිවාස දේපළ, භූමිය ඈ සියල්ල අක්‌මුල් නැති බන්ධනයක ය. අන්තර් පැවැත්මෙක ය. විවිධත්වය නොපවත්නේ නම් ඒකත්වයද නො පවත්නේය. ඒ අනුව පුද්ගල අයිතිකාරකම්වලින් මඬනා ලද ලෝකයෙහි කුඩා ජීවියාටද ඇත්තේ ශුද්ධ අයිතියකි. ඈ ලියා පළ කළ The shape of the tree Iamaica movemeuts and Bird Song more and more පදරු යනාදි හයිකු කෘති ඇසුරේ කිවිඳිය ගේ ශික්‍ෂිත ඥාන පාටවයේ මඳ මඳ පැහැයන් මිස, යම් සමාජ කාර්ය භාරයක්‌ පිළිබඳ මැදිහත්වීමක්‌ ගතිසොබා හමුනොවේ. ඒ හයිකු නිමැවුම් සියල්ල සොබාදහම හා ඒකාග්‍රතාවට පත්වීමේ ක්‍ෂණය හඟවන සිඟිති කාව්‍යයන් ම වෙයි.

    යමකු හයිකු කවියට අනන්‍ය විධි නියාම අවබෝධ කරගැනීම යනු මුළුÊමහත් කාව්‍යයටම සරිලන එහි අත්‍යවශ්‍ය අධ්‍යාත්ම ලක්‍ෂණ දැන කියා ගැනීමක්‌ ම වන්නේය යන්න ඩේවිඩ්සන් කිවිඳියගේ ඇතැම් ප්‍රකාශ කෙරෙන් ස්‌ඵුට වෙයි. කාව්‍යයට හිමි උත්කෘෂ්ටත්වය සාදා පාදාගැනීමට හැකි වන්නේ කවර ලෙසද එහිදී ඒ සඳහා ගත යුතු දැ ගත යුත්තේ චීනයෙන්ද ජපානයෙන් ද කැනඩාවෙන් ද ඇමරිකාවෙන්ද සිය රටේ සම්භාව්‍ය හා ජන සාහිත්‍යයික මූලයන් ගෙන්ද යන්න පිළිබඳව මේ කිවිඳිය තුළ ගැටලුවක්‌ නොවිණි. උත්කෘෂ්ටත්වය උදෙසා ලොව මුළුල්ලේ අනගි පෝෂක ප්‍රදේශයන් සෙවිය යුතු බවත් ඒ කාර්යයේ දී හයිකු, වක, සෙන්ඡ්යු, හයිබ්‍රන්, එලිසබීතියන්, රොමැන්තික්‌, වික්‌ටෝරියා හා නවීන යනාදී කවරක්‌ වුවත් නාමකරණයෙන් තොරව විමර්ශනය කළ යුතු බවත් ඕ පැවැසුවාය. එහිදී ස්‌වකීය කාව්‍ය පරමාදර්ශයන් ගෙන් මඳකට නිදහස්‌ වූ විවේක බුද්ධියක්‌ අත්‍යවශ්‍ය බවත් එතුමිය විවිධ කාව්‍ය වැඩමුළුවල දී පවසන්නට යෙදුණාය. ලොව කොතැන ජනිත වුවද මෙබඳු උත්තර නිර්මාණාත්මක වරප්‍රසාද සහිත ජීවිත උදෙසා අපගේ හෘදයංගම ප්‍රණාමය පුද කිරීම කවර වරද ද?

    දිවයින පුවත් පතෙහි පල වුවක්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හයිකු කවි එල එල මචන් හොද කවි ඈති එනම් සෙරම එක්ක දාමු බලන්න :)

    එල මචෝ.. :love:
    මම නම් හයිකු කවි දන්නෑ බං..:(

    මමත් දන්නේ නැ මචන්ලා බොහෝ එත් දන්නා විදිහට
    පොඩි වචන කීපයකින් ලොකු කතාවක් කියවෙනවා :):):):)
    ඉතින් ලියලා තියන ඒවා දිහා ගැබුරින් බලමු :):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    "ලෝකය මැදින් හනික දුව විත් දුටු ජීවිතය .... "

    (මම ලිව්වෙ :rofl::rofl: )

    තරු විතරද
    සඳ නැතිවද
    මගේ තනියට
    සිහින ගෙනෙන
    -මලිත්තා-
    පුළුවන් නම් මේවාගෙන් කියවෙන දේත් කියමු මචන්ලා :love: