තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...

    හඳ අරගෙන එන්න
    යන්න ගිය අප්පච්චි
    පපුවෙ රිදුමක් ඇවිත්
    මගදිම නැවතිච්චි...
    හඳ ඔච්චමට අපිට
    ඈතින් හිනැහෙද්දි
    අහස පොළවත් එක්ක
    රවුමේ කැරකිච්චි...
    කඳුල ඉන්නට බැරුව
    සරමට පැනගද්දී
    ලොකු හුස්මක් අරන්
    නැගිට්ටා අප්පච්චි...
    නින්දා අපහාස
    ණය බරින් මිරිකෙද්දි
    ඔලුවත් නවාගෙන
    ඇවිද්දා අප්පච්චි...
    බත් දුන්න මහ කුඹුර
    උගස්කරයක් වෙද්දි
    පිල් කඩ උඩ බලන්
    උන්නා අප්පච්චි...
    නුඹේ දුක පෙත්තකට
    උහුලන්න බැරි වෙද්දි
    තනියෙන්ම යන්නට
    හිතුවාද අප්පච්චි...
    දළදා හිමියන්ට
    අපිව දී පර වෙච්චි
    මහා වැහි මැද්දේම
    ගියෙ ඇයිද අප්පච්චි....

    දෙව්රංගි@එළකිරි.කොම්
    06.14.14​
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අප්පච්චි :(:no:

    1601553_604037903005874_398426752_n.jpg

    • Like
    Reactions: Dewrangi

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයාද ලිව්වෙ. ගොඩක් ලස්සනයි. දුකයි ආයෙමත් පරණ දුක්බර අතීතේ මතක් කෙරෙව්වට. ඒ වගේම ගොඩක් සන්තෝසයි දෙමව්පියන්ට ආදරේ උනත් කාර්‍යබහුල ජිවිත එක්ක හැප්පෙන හුඟ දෙනෙක්ට අම්ම තාත්ත ගැන අතීතේ ආයෙමත් මතක් කරන්න පුළුවන් උන එක ගැන.:)
    (රෙප් නම් කන්නද)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයාද ලිව්වෙ. ගොඩක් ලස්සනයි. දුකයි ආයෙමත් පරණ දුක්බර අතීතේ මතක් කෙරෙව්වට. ඒ වගේම ගොඩක් සන්තෝසයි දෙමව්පියන්ට ආදරේ උනත් කාර්‍යබහුල ජිවිත එක්ක හැප්පෙන හුඟ දෙනෙක්ට අම්ම තාත්ත ගැන අතීතේ ආයෙමත් මතක් කරන්න පුළුවන් උන එක ගැන.:)
    (රෙප් නම් කන්නද)

    ලිව්වේ නම් මම තමයි. ගොඩක් ස්තුතියි. අම්ම තාත්ත නම් මොහොතකටවත් අමතක වෙන්නේ නැහැ.:) එත් නූල දැක්කම වචන ටිකක් අමුණන්න හිතුනා :)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොන දේක උනත් අගය වැඩියෙන් දැනෙන්නේ ඒක අපි ලග නැතිකොට....දෙමව්පියෝ නැති කාලේ ඒ අය වෙනුවෙන් ලොකුවට වියදම් කරල පින් දහම් කරනවට වඩා ඒ අය ජීවතුන් අතර ඉන්න කාලේ එයාලගේ හිතේ සන්තෝසේ තියන එක වටිනවා
     
    • Like
    Reactions: Dewrangi

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔයාද ලිව්වෙ. ගොඩක් ලස්සනයි. දුකයි ආයෙමත් පරණ දුක්බර අතීතේ මතක් කෙරෙව්වට. ඒ වගේම ගොඩක් සන්තෝසයි දෙමව්පියන්ට ආදරේ උනත් කාර්‍යබහුල ජිවිත එක්ක හැප්පෙන හුඟ දෙනෙක්ට අම්ම තාත්ත ගැන අතීතේ ආයෙමත් මතක් කරන්න පුළුවන් උන එක ගැන.:)
    (රෙප් නම් කන්නද)
    :(:(
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මොන දේක උනත් අගය වැඩියෙන් දැනෙන්නේ ඒක අපි ලග නැතිකොට....දෙමව්පියෝ නැති කාලේ ඒ අය වෙනුවෙන් ලොකුවට වියදම් කරල පින් දහම් කරනවට වඩා ඒ අය ජීවතුන් අතර ඉන්න කාලේ එයාලගේ හිතේ සන්තෝසේ තියන එක වටිනවා

    අනිවාර්යෙන්ම ඒ දේ තමයි අපි කල යුත්තේ.
     
    • Like
    Reactions: gayendra9*9 and SIC

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ දවස් වල එළකිරියේ නූල් අතරේ මේ නූල දැක්කම හරියට කාන්තාරයේ දිය බිඳක් දැක්කා හා සමානයි... :D කොහොම උනත් ඔබගෙන් කාලෙකට පස්සේ නිර්මානයක් දැක්කේ. කොහොම උනත් හොඳ නිර්මණයක්.රසවින්දා මම. වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා.
     
    • Like
    Reactions: Dewrangi