අපට ලැජ්ජා නැතිව පාරේ බැහැලා යන්න ඉඩ දෙන්Ş
'අපට ලැජ්ජා නැතිව පාරේ බැහැලා යන්න ඉඩ දෙන්න..'' -බොදු බලසේනා නායක හිමියන්ට යුරෝපයෙන් ලියුමක්----
(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.17, ප.ව.10.30) 1983 දී ව්‍යාප්ත කරන ලද කළු ජුලිය නිසා දස දහස් ගණනක් ශ්‍රී ලාංකිකයෝ තම රටහැර ගියෝය. ඊට පෙරත් ටික ටික රට හැර ගියත් දමිළ, මුස්ලිම්, සිංහල බහුතරය රට හැර ගියේ 1983 දී ය. වැඩිම හරියක් දමිළයෝ සියලු දේ අත්හැර වෙනත් රටවල් බලා ගියහ. මොවුන් සියලු දෙනාම ගියේ, කතෝලික ආගම අදහන රටවල් කරාය.
කැනඩාව, ඇමෙරිකාව, එංගලන්තය, නොර්වේ, ජර්මනිය, නවසීලන්තය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ප්‍රන්සය, ඔස්ටේ්‍රලියාව යනාදී රටවලටය. එම රට වල ජනතාව විසින් පත් කරන ලද ආණ්ඩු පවතින වෙලාවක ඔවුහු මේ රට වලට ඇතුල් වූහ. මේ රට වලට ඔවුන් ඇතුළු වූයේ 'දේශපාලනිකව අනාථ වූ අසරණයන්' ලෙසය. එදා මේ රටවල ජනතාව ඔවුන් දෙස අසරණයන් ලෙස බැලූවා මිස, ආගම, භාෂාව, වර්ණය බැලූවේ නැත. සුළු නඩු විභාගයකින් ඔවුන් ගේ සත්‍යතාව හඳුනා ගෙන මේ රටවල් වලට ඇතුලත් කරගෙන, නිවාස, ආහාර, මුදල් අතින් සංග්‍රහ කර අලූත් ජීවිතයක් ආරම්භ කරන මෙන් ඔවුන්ගේ රටවල ජනතාවත්, ආන්ඩුවත් අරාධනා කළහ. ඉංග්‍රීසි භෂාව උගන්වා සුදුසු වෘත්තිය අධ්‍යාපනයක් ලබාදී , රැකියාවකට යොමු කර ජීවත්වීම ශක්තිමත් කෙළේය. තවද නොමිලේ ම වෛද්‍ය පසුකම් ලබා දීමටද අමතක කෙළේ නැත. එකෙකුට දෙන්නෙකුට නොව ලක්ෂ ගණනකට මේවා මෙසේ කරන විට ඒ රටවල සුද්දෝ පෙළපාලි ගියේ නැත. පෝස්ටර් ගැසුවේ නැත. සත්‍යග්‍රහ කෙළේ නැත. විරුද්ධ වුයේ නැත.
එසේ පැමිණුන ජනතාව විවිධ නගර වල මිතුරන් වශයෙන් පදිංචි වන ලදී. ශ්‍රී ලාංකිකයන් නිසා ඔවුන් කිට්ටු සබඳකම් පවත්වා ගන්නා ලදී. ඔවුන්ගෙන් කුඩා සමාජ නිර්මාණය වන ලදී. ඔවුන් විවාහක වයස් වල සිටි නිසා දැන් විවාහ වී ගෙවල් දොරවල්, මිලදී ගෙන, හොඳ රැකියා කරමින් විශාල දියුණුවකට පැමිණෙන ලදී, පවුල් දරු මල්ලන් ගෙන් විශාල වී ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනක් එංගලන්තයේ පමණක් ඇත.
(මා මේ කතාකරන්නේ ලාංකිකයන් ගැන පමණි. සෝමාලියා, ඇෆ්ගනිස්ථාන්, උගන්ඩා, ඇෆ්රිකා, ඉරාන, ඉරාක, ඉන්දීය, පකිස්තාන්, රුසියන්, චීන, යනාදී රටවල ජනතාවටත්, මේ කතෝලිකයන් දොර විවෘත කළ බව අමතක කරන්න එපා)
දැන් මේ ශ්‍රී ලාංකිකයන්ට එංගලන්ත පරිසරය ලංකා පරිසරයක් කරන්න ගන්නට සිතුනි. ලංකාවේ විදියට කන්න, සිරිත් විරිත් කරන්න, ආගම අදහන්න යනාදිය. එම නිසා දැන් ඔවුන් කඩ දමා ලංකාවේ සියලූ දේ විකුනයි. කොස් දෙල් වරකා ද විකුණයි. දමිළ සහෝදරවරු මෙය ජයටම කරති. ඉඳිආප්ප, පිට්ටු, ආප්ප, කොත්තු රොටි, වඩේ, තෝසේ, බයිට්ස් ද, නැති දෙයක් නැත. සිංහල, දෙමළ, හින්දි, අරාබි, අකුරු වලින් කඩවල නම් ගසා ඇත. ඒත් සුද්දා ගෝත්‍රික කාලයට ගියේ නැත. ගහ ගන්න ආවේ නැත. කඩ ගිනි තිබ්බේ නැත. නයිස් ෆුඩ්ස් යනුවෙන් සුද්දා ඔවුන් සමග එම අහාර ලබා ගනිමින් සතුටු විය. ටිකක් සැරයි කියයි. තුනපහ ගඳයි කියයි.
ලංකාවට වඩා දමිළ, සිංහල, මුස්ලිම් මිතුදම මෙහි ඇත. ආගම ඇදහීම සඳහා, හැම නගරයකම වගේ පල්ලි, කෝවිල්, පන්සල් ආරම්භ කරන ලදී. ලන්ඩන් බුද්ධ විහාරයෙන් ආරම්භ වූ පන්සල දැන් පන්සල් 20 කට වඩා එංගලන්තය පුරාම ඇත. සමහර පන්සල් අක්කර 6 ක ට වඩා විශාලය. මුස්ලිම් පල්ලි ගත හොත් ගණන් කළ නොහැක. හින්දු කෝවිල් ද එලෙසම ය. වටිනා කැටයම් වලින් යුක්ත කෝවිල් පන්සල් දකින විට සුද්දා අපේ සස්කෘතිය ගැන පුදුම වෙයි.
වේල්ස් හි කුඩා ගමක සිල්වා මහතා අරම්භ කළ කතරගම දේවාලය අද මුළු යුරෝපයේම ප්‍රසිද්ධය. ඒ ගමට යොදා ඇති නමද 'ස්කන්ධ වේල්ස්' මෙම නම පිළිගත්තේ ද සුද්දාය. සුද්දාගේ රට තුලදී ය. (මෙය 'ගූගල්' එකෙන් ගොස් විමසා බැලිය හැක) අද එම දේවාලයේ සුද්දෝත් කපුවන් සේ වැඩ කරන කොට කාටත් ඇති වෙන්නේ පුදුම නිහතමානි ආඩම්බරයකි.
බොදු බල සේනා නායක හිමියනි, ඔබ වහන්සේ මේ ගමේ ඉපදී සිටියානම්, මරණ කීයක් සිදුවේද..? මේ කෝවිලේ ආරම්භය කුඩා පල්ලියකින් බවද මතක තබා ගන්න. තවමත් එම පල්ලියේ ස්වරුපය එලෙසම පවතී.
ඊස්ට් ලන්ඩන් වල කෝවිල් දෙකක් ඇති අතර ශ්‍රී ලංකාවෙන් එන කපු මහතුන් ඒවාට දායක වෙති. ඒ සඳහා වීසා දෙන්නේ ද සුද්දාය. වාර්ෂිකව පවත්වන පෙරහැර නිසා සුද්දන්ගේ මුළු පාරම අවහිර වෙයි. දහස් ගණනක ජනතාවක් එයට සහභාගී වෙති. ඛෙර නාදය හා නලා හ`ඩ සුද්දන්ගේ කන් පැලෙන්න වදිනවා ඇති. නමුත් සුද්දා නොවේ පොලිසි ගියේ, පෙළපාලි ගියේ, පෝස්ටර් ගැසුවේ. ගිනි තිබ්බේ, වෙඩි තිබ්බේ. කඩු ගෑවේ. සුද්දා ඔවුනුත් එක්ව නට නටා එහි සතුට ඛෙදා ගත්තේය.
දැන් ඔබ වහන්සේ සුද්දාට කියන්නේ 'සුද්දනි අවදිවව්. ඇස් දෙකට හෙණ ගහලද බොල සුද්දෝ? කියාද?'' ඒවා වෙන වෙන යුග වල සිදුවූ වෙන වෙන සිදුවීම්ය.
ලංකාවේ පන්සල් වල වැඩවසන ස්වාමීන් වහසේලා එංගලන්තයේ විශාල අගනා සේවයක්, කරනු ලබන අතර ලෝකයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික හාමුදුරු නමකට හොඳම බි්‍රතාන්‍ය පුරවැසියා ලෙස මහරැජින ගෙන් සම්මානයක් ද ලැබුණි. එය දුන්නේ රැජින මාලිගාවට ගෙන්වා විශාල උත්සවයක් මැදය. එයට සහබභාගි වුයේ ඉතා උසස් සම්භාවනීය අමුත්තන්ය. එය මෙහි සුද්දෝ මහා රැජිනට දන්වා සුද්දෝ විසින් අරන්දුන් එකක් මිස, රැජිනට කථා කර ඉල්ලා ගත් එකක් ද නොවේ. කිසිදු සුද්දෙක් ඊට විරුද්ධව පෙළපාලි ගියේ නැත. එමෙන්ම එක් නායක හිමිනමක් වසර ගණනකට පෙරාතුව සිංහල දැරියක් අපචාරයේ යෙදුවාය කියා ඒ දැරිවිය ලොකු මහත් වී නඩු දැම්මාය. හිමි නමට විරුද්ධව නඩු අසා වසර 7 කට හිරගෙට දැම්මේය. එවිට 'මෙන්න ඝණයන් අපේ කෙල්ලන් දූෂණය කරනවා, සුද්දියන් ඝණයන්ගෙන් බේරා ගනිව්' කියා කිසිදු සුද්දෙක් පෙළපාලි ගියේ නැත. රැස්වීම් තිබ්බේ නැත. සමුළු පැවැත්වූවේ නැත.
බොදු බල සේනා හිමියනි, ඔබ වහන්සේට නිකම්වත් හිතන්නේ නැතිද, ඔබ වහන්සේ මුළු ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ හිතවතා කියන වචනය ඔවුන්ගෙන් අහගන්න.?
ඔබවහන්සේට මුස්ලිම් ජනතාවගෙන් තවමත් ඉදිරියටත් කරුණාව අරක්ෂාව ලැඛෙන බව මම දනිමි. ඔවුන් අල්ලා දෙවියන්ට කියා සැනසුමක් ලබා ගනු ඇති. නමුත් ඔබ වහන්සේ පරිස්සම් විය යුත්තේ ඔබ පිටු පස ඇති රාජපක්ෂ හස්තයටය. එය ඔබ වහන්සේ විනාශ කරන බව, පසුගිය අයට සිදුවුණු දේ වලින් අවබෝධ කර ගත හැක. රාජපක්ෂලා වෙනුවෙන් මිනීමැරූ වම්බොට්ටාට චන්ඩි මල්ලිට දුන් දෙයට වඩා වෙනස් දෙයක් ඔබට ඔවුන්ගෙන් නොලැඛෙනු ඇත.
අවසාන වශයෙන් මා ඔබ වහන්සේගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනේ පියා මිය ගිය දැරියන්ගෙන් ද උන් හිටි තැන් අහිමිව අනාථ වූ අහින්සක ජනතාවගෙන්ද රූරා වැටෙන කඳුළු ධාරා ඔබේම සිවුරෙන් පිසදා, මේ කරගත්තා වූ 'ආනන්තරීය පාප කර්මය' අඩු කර ගැනීමට මේ මනුෂ්‍යය ආත්මයේ ඉතිරි ටිකේදී හෝ ක්‍රියා කරන්න. ශ්‍රී ලාංකික අපට සුද්දත් එක්ක ලැජ්ජා නැතිව එංගලන්තේ පාරේ බැහැලා යෑමට සලස්වන්න. සුද්දන්ගේ රටවල වෙසෙන අනෙක් ශ්‍රී ලාංකිකයන්ට ද මේ ලැජ්ජාවම පවතින බව ද මතක් කර ගන්න.
ඔබ වහන්සේ යුරෝපයේ ඇවිද්දේ නින්දෙන් විය යුතුය. නැතිනම් මේවා දැකිය යුතුය.
ස්තූතියි
මම
අජන්ත කහන්ගහ ආරච්චි

who is wrong? the statement or the doer?