CCNA පා‍ඩම

pabu

Junior member
  • May 14, 2009
    101
    7
    18
    matara

    නියමයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් මේ Thread එකේ දාන්න. අලුත් පාඩම් මේ සතියේ එනවා.


    aniwaaaa... thaama mama nam eken eka himin himin kiyawanawa... man Telecommunication engineering karanne...city&guilds eke... dan advance dip eka.. aththatama me wenakan dannathi godak dewal me thread eken igana gaththa....eeekanisa mula indalama kiyawanawa,,,
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අලුත් පාඩමක් දාන්න ටික කාලයක් ගියා. ඒගැන කට්ටිය සමාව භජනය කරන්න ඕනේ ඔන්න. වැඩ හුගක් වැඩි වුනා. ඉද හිටලා thread වලට comments දැම්මට, මේක එහෙම කරන්න බෑනේ. හරි කතාව නවත්තලා වැඩේ පටන් ගමු. අපි අන්තිමට කතා කලේ CIDR ගැන. ඒක ආයෙත් බලලා මතක් කර ගන්න.

    මතක ඇති ඒ පාඩමේදී මම දුන්නා පොඩි වගුවක්. ඒකේ තිබ්බා අපිට පාවිච්චි කරන්න පුලුවන් subnet mask හැදෙන හැටි. නමුත් දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය subnet වල අගය දුන්නට අපි කොහෙමද ඒ අදාළ subnet mask එක පාවිච්චි කරලා network එකක block size (host ප්‍රමාණය) එක සහ කඩන්න පුලුවන් subnet ගණන හොයාගන්නේ කියලා.

    මොකක්ද subnet ගණන කියන්නේ ??
    subnet ගණන කියන්නේ අපිට කඩා ගන්න පුලුවන් network ප්‍රමාණය.

    මොකක්ද block size එක කියන්නේ ??
    block size එක කියන්නේ ඒ අදාළ subnet එකෙන් අපේ host පැත්තට වෙන් වෙන IP ගණන. මේක කොහොමද හොයා ගන්නේ ?? ඒක හරිම ලේසියි. නැවත මම දුන්න වගුව බලන්න ඒක මතක තියාගෙන පහත වගුව බලන්න අපි subnet එකක block size එක ගන්නේ අදාල subnet එක octet එකක උපරිම අගයෙන් අඩු කිරීමෙන්. ඒ කියන්නේ 256 න්.


    cidr_subnet.jpg




    ඉහත රෑපයේ මම දක්වලා තියෙනවා ඒ ඒ subnet එකට අදාළ block size එක ලබා ගන්න විදිහ.

    මෙන්න මේකේ හැංගිලා තියෙනවා ප්‍රධාන කාරණා දෙකක්. ඒ කාරණ දෙක තමයි අපිට වඩාත්ම වැදගත් වෙන්නේ subnetting වල. මම වගුවට ඉහළන් විස්තර කලා වගේම ඒ කාරණා දෙක තමයි

    01. අපිට කොච්චර subnet ප්‍රමාණයක් අදාළ subnet mask එකෙන් කඩන්න පුලුවන්ද කියන එක


    02. අපිට කොච්චර host ප්‍රමාණයක් අදාල subnet mask එක හරහා පාවිච්චි කරන්න පුලුවන්ද කියන එක.

    මෙන්න ඔය කරැණු හුගක් වැදගත් වෙනවා. මොකද ඔයගොල්ලේ network field එකේ දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවනම් මේ කාරණා කිහිපය හොදටම දැනගන්නේ නැතුව වෙන කිසිම දෙයක් දැනගත්තට වැඩක් වෙන්නේ නෑ. අඩුම ගානේ ඔයගොල්ලන්ට router එකකට IP එකක්වත් දාගන්න බැරිවෙයි මේක ගැන හරිටය දැනගත්තේ නැත්තම්. ඒක නිසා මේක මොන කට්ටක් කාලා හරි හොදට මතකයේ තියාගන්න.

    දැන් අපි බලමු ඉහත subnet mask එක පාවිච්චි කරලා මම කිව්ව subnet ගාන (ඒ කියන්නේ network ප්‍රමාණය) සහ host ගාන හදුනගන්නේ කොහොමද කියලා.

    (තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ subnet mask සහ subnet කියන්නේ වචන දෙකක්)

    මේ කාරණා දෙකෙන් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර අපි ඉහත වගුව භාවිතා කරලා ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ subnet mask වලට අදාළ block size එක. මේ block size එක කියන්නේ අපිට පාවිච්ච කරන්න පුලුවන් IP range එක.

    නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මම මීට කලින් තැන් කිහිපයකදි විස්තර කරලා තියෙනවා. අපි IP block එකක් ගත්තම හැම තිස්සේම ඒ block එකේ පළවෙනි IP එක network IP එක විදිහටත්, අන්තිම IP එක Broadcast IP එක විදිහටත් අයින් කරන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. ඒක ඕනෙම IP block එකකට අදාළ වෙනවා. මේ ගැන මම පැහැදිලිව විස්තර කරලා තියෙනවා කලින් පාඩම් වල. අමතකනම් ටක් ගාලා ගිහින් බලලා එන්න. එතකොට ඉහත වගුවේ තියෙන ඒ ඒ block size එකෙන් IP දෙකක් අපිට අයින් කරන්න වෙනවා මුලින්ම. අන්න එතකොට අපිට එනවා යම් subnet එකක අපිට Host ලට (computer, printer, camera etc..) දාන්න පුලුවන් IP ගණන. අපි ඒකත් වගුවකින්ම බලමු.



    host_subnet.jpg




    දැන් බලන්න අපිට ඒ ඒ subnet mask එකට අදාළ Block size එක සහ ඒ block size එකෙන් අපිට පාවිච්චි කරන්න පුලුවන් IP range එක හදා ගන්න විදිහ ඉහත රෑපයේ තියෙනවා. exam එකේදි ඔය කාරණා දෙක පටලවලා අහනවා. subnet mask එක දීලා සමහර විට අහනවා block size එක සමහර විට host ip range එක. හැමතිස්සෙම අපි මතක තියා ගන්න ඕනේ අපිට පාවිච්චි කරන්න පුලුවන් ip ගණන මුලු block size එකෙන් දෙකක් අඩු කරලා ගන්න.

    ඉහත රෑප සටහන බැලුවම තව විශේෂ දෙයක් ඔයගොල්ලෝ දකින්න ඕනේ. ඕකේ අන්තිම subnet mask දෙක 254 සහ 255 (මම අලු පාටින් දක්වලා තියෙන්නේ) අදාළ block sizes තමයි 2 සහ 1 (කලු පාටින් දක්වලා තියෙන්නේ) ඉතින් අපි host ලා ගාන ගණනය කරනකොට දෙකක් අඩු කරන්න ඕනේනේ එතකොට 254 ට 0 එන්නේ. 255 subnet mask එකෙන් එන block size එක 1 යි. ඒකෙන් 2කක් අඩු කරන්නත් බෑ (සෘණ ගානක්නේ එන්නේ). අපි කොච්චර subnet කැඩුවත් වැඩක් නෑනේ අපිට පාවිච්චි කරන්න IP නැත්තම් :eek:. එතකොට අපිට පැහැදිලිවම පේනවා මේ 254 සහ 255 කියන subnet mask දෙක අපිට පාවිච්චි කරන්න බෑ කියලා. අන්න ඒකත් මතක තියා ගන්න.

    කොහේ හරි තැනක subnet mask එක විදිහට (අවසාන අගය ලෙස) 254 සහ 255 පාවිච්චි කරලා තියෙනවනම් ඒක වැරදියි. අපි කොහේ හරි IP range එකක subnet කඩනවනම් පාවිච්චි කරන්න පුලුවන් subnet mask ටික තමයි, 128, 192, 224, 240, 248 සහ 252. අවසාන subnet mask දෙක ගන්න බෑ.


     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ස්තුතියි sanjeeme අයියා ගොඩ දවසින් ත්‍රෙඩ් එක බැලුවා අළුත් ගොඩක් දෙවල් එකතු වෙලා!
    දිගටම අළුත් පාඩම් අරන් එන්න.. අයියා සෙකන් ට්‍රයි කලාද CCIE එකට?

    CCNA කරද්දි එම ආයතන වල ලැබ් එක හොදද නැද්ද කියලා දැන ගන්නේ කොහොමද?
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Meka danne dakke. Mama Moratuwa campus eke aluthin patan ganna CCNA R&S course ekata apply kala. :cool:

    මචං මෙතන විස්තර ටිකක් දාන්කෝ?

    ලැබ්ස් ගැන එහෙම විස්තර.. එතකොට ගණන් එහෙම?

    එක්සැම් කරන්න‍ේ කෙහේද .. විස්තර ටිකක්
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    machan mamth ccna karanna inneee/koheda claass yanna hodamaa.ccna walin paan gaththoth awlak nadda.naththam mula indala karana thenak kiyaannakoo.wedee digatama karagena yannaa.niwyawa wedakk kollo.loku pinak mekaaa.anith ayatath iganaganna udaw karana ekaa
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan CCNA karanna hoda place monawada?meka kalama lankawe yanna puluwan jobs monawada?keeyak vitara yanawada?
    mcse karana eka meeta wada hodada?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචං මෙතන විස්තර ටිකක් දාන්කෝ?

    ලැබ්ස් ගැන එහෙම විස්තර.. එතකොට ගණන් එහෙම?

    එක්සැම් කරන්න‍ේ කෙහේද .. විස්තර ටිකක්

    wisthara tikak kiyafan nebuwoo :D
    Mama me thread eka dakke eye ban nathinam wisthara kalin danawa. :sorry:
    Thama apply kala witharai.
    eelagata interview call karala 15i select karanne.
    07/07/2014 application close kala.

    CCNA R&S ( Routing and Switching)
    Rs.90,000.00
    288Hrs (Including practicals)
    http://cnc.mrt.ac.lk/
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ස්තුතියි sanjeeme අයියා ගොඩ දවසින් ත්‍රෙඩ් එක බැලුවා අළුත් ගොඩක් දෙවල් එකතු වෙලා!
    දිගටම අළුත් පාඩම් අරන් එන්න.. අයියා සෙකන් ට්‍රයි කලාද CCIE එකට?

    CCNA කරද්දි එම ආයතන වල ලැබ් එක හොදද නැද්ද කියලා දැන ගන්නේ කොහොමද?

    ඔව් මම second සැරේ කරා ගිය අවුරැද්දේ. Lab එක තමයි පළවෙනි සැරේ case වුනේ. second time ගොඩ දා ගත්තා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Mama me thread eka dakke eye ban nathinam wisthara kalin danawa. :sorry:
    Thama apply kala witharai.
    eelagata interview call karala 15i select karanne.
    07/07/2014 application close kala.

    CCNA R&S ( Routing and Switching)
    Rs.90,000.00
    288Hrs (Including practicals)
    http://cnc.mrt.ac.lk/

    Moratuwa Campus එකේ හින්දා හොද lab training එකක් ලැබෙනවා ඇති. හැබැයි මටනම් ගාන වැඩියි කියලා තමයි හිතෙන්නේ. CCNA වලට මෙච්චර ලොකු ගානක් වියදම් කරන එක අපරාධයක්. මම දන්නේ නෑ ඒ මට හිතෙන විදිහ. කොහොම වුනත් ඔක්කෝටම best luck.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    sliit eke academy nda tiyenne
    academy hodai lu anit awata wada
    ape hotel akat tanikara cisco products tamai use karane