සංසර්ගයේ සිට කලලය දක්වා

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    සංසර්ගයේ සිට කලලය දක්වා

    ගැහැනු දරුවකුගේ මල්වර වීමෙන් පසුවත් පිරිමි දරුවකුගේ නව යොවුන් වියෙන් පසුවත් ලිංගික සක්‍රීයත්වය ඇරඹෙනවා. මේ කාලයෙන් පසු ගැහැනු දරුවකු ඩිම්බ පිට කිරීමත් පිරිමි දරුවකු ශුක්‍රාණු පිට කිරීමත් ආරම්භ වෙනවා.:yes:
    මේ මඟින් ඔවුන් දරුවකු බිහිකිරීම සඳහා සුදුසු පරිණත තත්ත්වයක් පෙන්නුම් කරනවා. කෙසේ වුවත් ගැහැනු දරුවකුට දරුවන් ලැබීම සඳහා සුදුසුම වයස වන්නේ අවුරුදු 20න් පසුවයි.:confused::yes:
    තම වර්ගයා බෝ කිරීමට මූලික වන ජන්මානු සෛල නිෂ්පාදනය පිරිමියාගේ සහ ගැහැනියගේ සිදුවන්නේ එකිනෙකට වෙනස් ආකාරයට ය

    68859.jpg
    ගැහැනිය විසින් තම ජන්මානු සෛල හෙවත් ඩිම්බ ඩිම්බ කෝෂයෙන් මසකට වරක්, මල්වර වීමෙන් පසු එකක් බැගින් නිකුත් කරනවා. එමෙන්ම ඩිම්බ පිට කිරිම ඩිම්බ කොෂ දෙකෙන්ම එකවර සිදුවන්නේ නැහැ. එක් මසකදී එක් ඩිම්බ කෝෂයකින්ද අනෙක් මසදී අනෙක් ඩිම්බ කෝෂයෙන්ද ඩිම්බ මුදා හරිනවා. මෙම ඩිම්බ මුදා හැරීම කාන්තාවක් වයස අවුරුදු 45 -50 අතර කාලයේදී නැවතීම සිදුවෙනවා. මෙය ආර්තවහරණය ලෙස හැඳින්වෙනවා.
    කාන්තාවකගේ ඩිම්බ පිටවීමත් (ඩිම්භණීහරණය) සමඟ, ඇයගේ ගර්භාෂය මසකට වරක් මෙම ඩිම්බ බාර ගැනීම සඳහා සූදානම් වනවා. සංසේචිත ඩිම්බය ගර්භාෂයේ තැන්පත් නොවුනහොත් යෝනි මාර්ගය හරහා පිටතට පැමිණෙනවා.

    මේ ක්‍රියාවලිය ඔසප් වීම ලෙස හැඳින්වෙනවා. මේ අනුව ස්ත්‍රීයකගේ සිරුර තුළ ඩිම්භණීහරණ චක්‍රය සහ ඔසප් චක්‍රය ලෙස ප්‍රජනක චක්‍ර දෙකක් ක්‍රියාත්මක වෙනවා.
    යෞවනයේ සිට මහලු විය දක්වාම පිරිමියෙකුගේ වෘෂණ තුළ ජන්මානු සෛල හෙවත් ශුක්‍රාණු කෝටි ප්‍රකෝටි ගණනින් නිෂ්පාදනය වෙනවා.:baffled::oo: පිරිමියෙකුගේ ශුක්‍රාණු නිෂ්පාදනයට වයස බලපෑමක් නොවන බව මේ අනුව පැහැදිලි වෙනවා.
    swimming-sperm-10077767.jpg
    ලිංගික සංසර්ගයේදී යෝනිය තුළට මුදා හැරෙන කෝටි සංඛ්‍යාත ශුක්‍රාණු ප්‍රමාණයෙන් ගර්භාෂ ගෙලෙහි පිහිටි සියුම් සිදුර තුළින් ගර්භාෂය තුළට ඇතුල් වන්නේ සියයට එකක් පමණ වූ ඉතා සුළු ප්‍රමණයක් වෙනවා.:eek::sorry:

    යෝනි මාර්ගය තුළට මුදා හැරෙන ශුක්‍ර තරලයෙන් සියයට අනු නවයක්ම යෝනි මාර්ගය තුළදී හෝ ඉන් පිටතට ගලාවිත් විනාශ වෙනවා. මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් වෙනවා. ගර්භාෂයට ඇතුල් වූ ශුක්‍රාණු පැලෝපීය නාලය දිගේ ගමන් කිරීම සඳහා පැය 2 සිට 7 දක්වා වූ කාලයක් ගත වෙනවා.:angry::angry:

    fertilisation2.jpg
    පැලෝපීය නාලය තුළින් ගමන් කෙරෙන ශුක්‍රාණු සිය ගණනක් වූ ප්‍රමාණයෙන් කොටසක් ඩිම්බය වටා රැස්කමින් ඩිම්බය තුළට ඇතුල්වීමට උත්සාහ කළත් ඊට ඇතුල්විය හැක්කේ එක් ශුක්‍රාණුවකට පමණයි.
    මේ ක්‍රියාවලිය සඳහා පැය 48 - 72 අතර කාලයක් ගත වෙනවා. ඩිම්බය සමඟ සංසේචනය වූ ශුක්‍රාණුව හැරෙන්නට අනෙක් සියලුම ශුක්‍රාණු පැලෝපීය නාලය තුළදී මිය යනවා.:oo:

    ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වී පැය 24ක් ඇතුළත සංසේචනය සිදු නොවුණ හොත් එම ඩිම්බය මිය යනවා.

    ශුක්‍රාණුවක් ඩිම්බය සමඟ සංසේචනය වනවා යැයි පවසන්නේ සෛල දෙක තුළ තිබූ න්‍යෂ්ටීන් දෙක ඩිම්බය තුළදී එකතු වීමයි.
    මෙහිදී පියාගේ සහ මවගේ ජානවලින් සෑදුණු වර්ණ දේහවල එක්වීමෙන් මවුපියන්ගේ මෙන්ම මුතුන් මිත්තන්ගේද ගති ලක්ෂණවලින් හෙබි නව ජීවියෙකු තැනෙනවා.
    පැලෝපීය නාලය තුළ සංසේචනය වූ යුක්තානුව ගර්භාෂය වෙත ළඟා වීමට සතියක් පමණ ගත වෙනවා. යුක්තානුව ඇති වී පැය 36ක් ඇතුළත දෙකට බෙදී සෛල දෙකක් ඇති වෙනවා. ඉන් පැය 48ක් ඇතුළත එම සෛල දෙක නැවත දෙකට බෙදී සෛල 4ක් ඇති වෙනවා. ඉන් පසු ගර්භාෂය කරා ළං වනතුරු සිදුවන සෑම බෙදුමක් සඳහාම පැය 12ක් බැගින් ගත වෙනවා.
    blastocyst.jpg
    ගර්භාෂය වෙත ළඟාවෙන කළලය (Blastocyst ) ගර්භාෂයේ තැන්පත් වීමෙන් පසු බිත්තිය හා ගැටෙන කොටස වැදෑමහ බවට පත් වෙනවා. කළලයේ වැඩීමට අවශ්‍ය වන ආහාර සහ ඔක්සිජන් මවගෙන් උරා ගන්නේ වැදෑමහ හරහායි.

    එක සෛලයකින් හෙවත් යුක්තානුවකින් හටගන්නා නව ජීවියා දින 5 -7 ක් ඇතුළත ගර්භාෂය වෙත පෙරළී විත් තැන්පත් වීමෙන් පසු කලලයක් බවට පත් වී දින 280ක් හෙවත් දස මසක් ගතවත්දී සෛල කෝටි දහස් ගණනකින් යුත් පිරිපුන් ළදරුවෙක් බවට පත් වෙනවා.

    7d053890501e.jpg