You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Sk bump

දර්ශනගේ සරදමට මඳ සිනාවකින් පමණක් පිළිතුරු දුන් ගීත් දෑස් පියාගත්තේ නෙතිගේ ලොවෙහි අතරමං වීමටය
BUMP... Me kathawa patta. itiri tikath danna machu

kathawa naddoooooooooooooooo
ලස්සනට ලියනවා. ඒ වගේම කියවන්න ආස හිතෙනවා
.: Part-8 :.
~ අටවෙනි කොටස ~
දයාන් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා සමඟ තම උපන් ගම බලා යාමට වෑන් රියට ගොඩ වූයේ ඔවුන්ට මෙතෙක් දවස් පිළිසරණක් වී, උදව් උපකාර කරමින්, නිරතුරු ඔවුන්ගේ සුව පහසුව පිළිබඳව සොයා බලමින් කටයුතු කළ දයාබර ලබැඳියන් වූ පියල් හා තුෂාරි ඇතුළු පිරිසට බෙහෙවින් ස්තුතිවන්ත වී වෙන්ව යාමේ වේදනාවත් හද රඳවා ඔවුන්ගෙන් සමුගැනීමෙන් අනතුරුවය.
කුලියට ගත් වෑන් රියක් මගින් දයාන්ගේ මහගෙදර බලා ගමන් ගත් පිරිස ආදරයෙන් පිළිගත් නිවැසියන් ඔවුන්ගේ රෙදිපිළි ආදිය ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇති කාමර තුල තැන්පත් කරනු ලැබුවේද ඉතා සුහද අයුරිනි. එහෙත් මුල් දිනයන්හිදී එසේ දයාවෙන් සලකන ලද නිවැසියන් කල් යත්ම කෙමෙන් වෙනස් වූ බව වටහා ගැනීමට නිම්මි,ප්‍රගීත් හා සෙනායට අපහසු නොවිණි.ඇඟට පතට නොදැනී අපහාස උපහාස කරනා තුසිතා නැන්දනිය හා ශාන්ති පුංචි පිළිබඳව විශාල අකමැත්තක් ප්‍රගීත්ට හා සෙනයාට දැනුණද ඔවුන් පත් වී තිබූ අසරණ තත්වය හේතුවෙන් ඒ සියල්ලම ඉවසා සිටීමට ඔවුන්ට සිදුවිය.
සිදු වන ඇතැම් කෙනෙහෙලිකම් කසිවක් නොදන්නා සේ සිටියද හැකි කාලයේදී තමා උපරිම ආකාරයෙන් ආදරයෙන් සංග්‍රහ කළ තම නෑදෑයින් විසින් මෙහි පැමිණ සති දෙක තුනක් ගත වෙද්දීම තම අහිංසක බිරිඳ හා දරුවන්ට සිදු කරනා ලද වෙනස්කම් පිළිබඳව දයාන් දුක් වූයේ තම සහෝදරියන් කෙරෙහි වූ මහත් කලකිරීමකින් ද යුතුවය.සිය පවුලේ එකම පිරිමි දරුවා ලෙසින් තමන් මනා ලෙස තම පවුලේ සාමාජිකයින්ට යුතුකම් ඉටුකෙරුවද ඔවුන්ගෙන් එබඳු ආදරයක් කරුණාවක් තම දරුවන්ට හෝ බිරියට නොලැබෙන බව හොදින්ම වටහාගත් ඔහු හැකි ඉක්මණින් සුනාමියෙන් විනාශ වූ තම දේපළ හැකි අයුරින් යථා තත්ත්වයට පත්කර ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරන්නට වූයේ තම මිතුරා වූ පියල්ගේද සහය ඇතිවය.
එම වසර තුළදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටිනා සෙනායා හා නිම්මි මාතර සිට ගාල්ලට දිනපතා බසයෙන් ගමන් කරන්නට වූයේ ඇගේ ඉගෙනුම් කටයුතු මෙන්ම ප්‍රාථමික පාසල් ගුරුවරියක වූ නිම්මිගේ ඉගැන්වීම් කටයුතුද අතපසුකල නොහැකි බැවිණි.
දිනපතා පාසල් ගියද සෙනායාට මුහුණ දීමට සිදු වූ ප්‍රධානතම ගැටළුව වූයේ ඇගේ සටහන් පොත් සියල්ලම සුනාමියෙන් විනාශයට පත්ව තිබීමය.එබැවින් පාඩම් කිරීමට නිසි ලෙස සටහන් නොමැතිව ඈ බොහෝ අසරණ විය.
සිය නැන්දනියගේ බාල දියණිය ද සෙනායාගේම වයසේ පසු වූවද ඔවුන්ගෙන් කිසිඳු සහයක් සෙනායාගේ පාඩම් කටයුතු වෙනුවෙන් නොලැබෙන බව දැනගත් ප්රගීත්ද තම නැගණිය පත්වී සිටින අපහසුතාවය පිළිබඳව බෙහෙවින් දුක් විය.දුරකථන සංවාදයක යෙදී සිටියදී දිනක් ඒ සම්බන්ධයෙන් තම සිතේ සැඟවී තිබෙනා කනස්සල්ල ඔහු නෙත්මිට පැවසුවේ ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ගයක් පිළිබඳව ඇගෙන් අදහස් විමසීමේ අරමුණෙනි.
“අයියෝ ළමයෝ ඔයා මට ඔය ගැන කලින්ම කියන්න තිබුණනේ..දුක් වෙන්න එපා මගේ ඕ ලෙවල් නෝට්ස් පොත් සේරම වගේ ගෙදර පොත් කබඩ් එකේ තියෙනවා..ඉතින් අපි ඒ පොත් ටික නංගාට දෙමුකෝ පාඩම් කරන්න , එහෙම හොඳයි නේද..?” මඳ වේලාවක් නිහඬව කල්පනාවේ යෙදී සිටි නෙතූ ගීත්ගෙන් විමසුවේ ප්‍රීතිමත් හඬිනි.
“අනේ ඒකනම් ලොකු දෙයක් නෙතූ..නංගියා ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ එයාට පාඩම් කරන්න නෝට්ස් නෑ කියලා..ඔයාට ගොඩාක් පින්..”
“එහෙම තමයි ගීත් හොඳ නෑනලා වුණාම එකිනෙකාට මේ වගේ උදව් කරගන්න ඕන..එතකොටනේ අනාගතයේ අපිට කිසි රණ්ඩුවක් නැතිව සාමයෙන් සතුටින් වසන්න පුළුවන් වෙන්නේ...”
මිහිරි සිනා හඬක් නංවමින් තාලෙකට පැවසූ නෙතුගේ හඬින් එතෙක් වේලා තම සිතේ තිබූ සංතාපය පලවාහැරි ගීත් ඇයත් සමඟ සුපුරුදු කෙළිලොල් ආදරණිය සංවාදයට අවතීර්ණ වූයේ තම පෙම්වතිය පිළිබඳව උපන් මහත් පැහැදීමක් හා පහන් හැඟීමක් හදේ ලැඟුම් ගනිද්දීය.
දුරකථන ඇමතුමකින් තම නැන්දණිය ඇමතූ නෙතූ කෙසේ හෝ ඇගේ සහය ලබා සිය සටහන් පොත් සියල්ල තරුෂි අතට පත් කිරීමට කටයුතු කලේ ඇගේ මාර්ගයෙන් එම පොත් ගීත්ට ලබා දීමේ අරමුණෙනි.
“ෂාහ් ලස්සන අකුරු වලින් පැහැදිලිව ලියල තියෙන නෝට්ස් ටිකක් අයියා..දැක්කම බලන්නත් ආසයි..මේවා කාගේද අයියා..” තරුෂි ලබාදුන් සටහන් පොත් සියල්ල ගීත් විසින් සෙනායා අතට පත් කළ අවස්ථාවේ ඈ විමසූයේ ඉමහත් සතුටිනි.
“මං ඔයා ගැන කිව්වම මගේ යාළුවෙක් ඕවා දුන්නේ නංගි..” යි ප්‍රගීත් කෙටියෙන් පැවසූයේ අලංකාර අයුරින් පිට කවර දමා පිළිවෙලට ලස්සන අත් අකුරින් ලියා ඇති සටහන් පොත් දෙස මහත් ඕනෑකමින් යුතුව බලාගෙන සිටි තම මවගේ දෙනෙත් දෙස හොරැහින් බලමිනි.
“මොනව වුණත් පිළිවෙලකට වැඩ කරන ඉගෙනගන්න ලොකු උනන්දුවක් තියෙන ගැහැණු දරුවෙකුගේ පොත් ටිකක් වගේ..” නිම්මි එසේ පැවසූවේ තම පුතු දෙස සිනාමුසු මුහුණෙන් බලනා අතරතුරදීය.
“ආ..ඔව් ඔව් මේ මගේ යාළුවෙක්ගේ නංගි කෙනෙකුගේ පොත් වගයක්..” යැයි පිළිතුරු දුන් ගීත් ඇගේ බැල්ම මඟහැර සිය කාමරයට වැදුණේ මුවඟ රැඳුනු සිනහව ඔවුන්ගෙන් සඟවා ගෙනය.
"අම්මා මං මේ නෝට්ස් පාඩම් කරලා කොහොමහරි හොඳ රිසාල්ට් එකක් ගන්නවා..එතකොට සයුරිලාටත් තේරෙවිනේ එයාලගේ උදව් නැති වුණාට අපිට අපේ වැඩ කරගන්න පුළුවන් කියල..”
සෙනායා එය පැවසූවේ අදිෂ්ඨානශීලී ස්ථිර හඬකින් බැව් සිය කාමරයේ සිට ඇගේ වදන් අසාගෙන සිටි ගීත්ට හැඟුණේ ඇය එය පැවසූ වේගවත් ස්වරය නිසාවෙනි.
“ඔව් පොඩි දූ..කිසි කෙනෙකුගෙන් උදව් නැති වුණත් අපි අපිට පුළුවන් විදියට ජිවිතේ දිනන්න උපරිමයෙන්ම උත්සහ කරන්න ඕන..හිතේ ශක්තිය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ..”
නිම්මිගේ ඒ වදන් සෙනායාගේ මෙන්ම ගීත්ගේ හදෙහිද දැඩි ශක්තියක් ඇති කරන්නට සමත් විය.එසේම තම මවගේ හා නෙතූගේ අදහස් මෙන්ම සිතුම් පැතුම්ද බොහෝ දුරට සමාන යැයි සිතු ගීත් තුටු සිතින් ඇඳෙහි වැතිරුණේ නෙතු පියාගෙනය.
මුළු රටම හැඬවූ සුනාමි ව්‍යවසනයෙන් මාස කිහිපයකට පසුව එම අවුරුද්දේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීමට නියමිතව සිටි සිසුන්ගේ බඳවා ගැනීම් කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් කටයුතු සුදානම් කර තිබූ නිසාවෙන් උසස් පෙළ උසස් අයුරින්ම සමත් වී තිබූ ප්‍රගීත් හා ඔහුගේ අනෙක් මිතුරන්ද එක් වී එම කටයුතු සාර්ථකව සිදුකර ගත්තේ දෙමාපියන් විඩාවට පත් නොකරමිනි.
ප්‍රගීත් දර්ශන හා නිසල් එකම සරසවියක උසස් අධ්‍යාපනය ලැබීමට වාසනාවන්ත වූ අතර සැබවින්ම එය ඔවුන්ට විසල් අස්වැසුමක් ගෙන දෙන්නක් විය. එහෙත් සරසවි බඳවාගැනීම් කටයුතු සිදුකර ආපසු පැමිණෙන අතරතුර දී පැවසූ නිසල්ගේ වදන් එතෙක් ඔවුන්ගේ සිතේ දඟ කළ ප්‍රීතිය සේදී දැමුවාක් මෙන් ප්‍රගීත්ට හා දර්ශනට දැනිණි.
“මං අද ලියාපදිංචියට ආවට දිගටම කැම්පස් යන්නේ නෑ ගීත්..”
නිසල්ගේ එම වදන් තුලින් මවිතයට පත් වූ මිතුරන් දෙදෙනා ඔහු දෙස බලා සිටියේ නොපහන් බැල්මක් දෑස් මත රඳවාගනිමිනි.
“මං දිහා ඔහොම බලන්න එපා බන්..මට හැමදාමත් උඹලට බරක් වෙන්න බෑ..මං දන්නවා අම්මා තාත්තා නැති අසරණ මට උඹලා කවදාවත් වෙනසක් කරන්නේ නැති බව..ඒත් මේ ලෝකේ තනිවුණු මං දැන් මගේ ශක්තියෙන්ම නැගිටින්න ඕන..උඹලගේ අම්මත් මට හැම වෙලේම කියන්නේ ගීත් සිද්ධවුණු හැම දෙයක්ම ජිවිතේට අභියෝගයක් කරගෙන මුළු ජීවිතේම මං වෙනුවෙන්ම කැප කළ මගේ රත්තරන් අම්මට කොතනක හරි ඉඳගෙන මා දිහා බලල සතුටු වෙන්න පුළුවන් විදියට ජීවත් වෙන්න කියලා..ඔව් දර්ශන මං එහෙම කරනවා..මං මගේම උත්සාහයෙන් නැඟිටිනවා..”
නිසල් පැවසුවේ කඳුළු පුරවා ගත් දෙනෙතින් තම මිතුරන් දෙදෙනා දෙස බලා නොසැලෙන අදිටනකින් යුතුවය.
තම මිතුරා මෙලෙසින් අළුතින් තම ජීවිතය පටන් ගැනීමට අදිටන් කර ගැනීම පිළිබඳව දර්ශන හා ප්‍රගීත් මුළු හදින්ම ප්‍රීතියට පත්වුණ ද ඔහු සරසවි අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව රැගෙන ඇති තීරණයට නම් ඔවුන් කෙලෙසවත් එකඟ වූයේ නැත. එහෙත් ඔවුන් දෙදෙන කෙතරම් උත්සාහ කළද විවිධ වූ තර්කයන් ගෙන එමින් ඔහුගේ එම අදහස වෙනස් කිරීමට තැත් කළ ද එම සියලු ප්රයත්නයන් අසාර්ථක කරමින් සිය අදහස කිසිඳු හේතුවක් නිසාවෙන් හෝ වෙනස් නොකරන බව නිසල් පැවසූයේ ස්ථිර හඬිනි.
ප්‍රගීත් ඇතුළු පිරිස තාවකාලිකව ඔවුන්ගේ මහගෙදර පදිංචි වීමට ගියද නිසල් දිගටම නවාතැන් ගෙන සිටියේ දර්ශනගේ නිවසෙහිය. වැඩි කතා බහකින් තොරව නිරතුරු කල්පනාවේ නිමග්නව සිටිනා අහිංසක තරුණයා පිළිබඳව බෙහෙවින් දුක් වූ නිවැසියන් ඔහුට සලකන ලද්දේ සිය පවුලේම සාමාජිකයෙක් ලෙසිනි. හැකි සෑම විටම ඔවුන් එක් වී නිසල්ගේ සිත සැනසීමට කටයුතු කළ අතර නිසල්ව තමන් සමඟ රැගෙන යාමට නොහැකි වූවද නිරතුරු දුරකථනයෙන් අමතමින්ද හැකි විටෙක ඔහුව බැලීමට ගොස් නොයෙකුත් දේ පවසමින් ද ඔහුගේ සිත සැනසීමට නිම්මි,සෙනායා හා ගීත්ද හැකි උපරිමයෙන් කටයුතු කරන්නට විය.
සෙනායාගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය නිදහස හා පහසුව සලසා ගැනීමටත් නොබෝ දිනකින් ප්‍රගීත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීම සඳහා යාමට නියමිතව තිබීමත් හේතුවෙන් ඊට පෙර නැවතත් තමන් පදිංචිව සිටි හික්කඩුව ප්‍රදේශයේම නවාතැන් ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට දයාන් හා නිම්මි උත්සාහ දරන්නට විය.
සුනාමි උවදුරින් විනාශයට පත් බැංකු ගිණුම් හා ජාතික හැඳුනුම්පත් ආදී අත්‍යාවශ්‍ය ලියවිලි නැවත සකස් කරගත් ඔවුන් මුහුදු ප්‍රදේශයෙන් මදක් දුරින් වන්නට වූ නිවසක් කුලී පදනම යටතේ තම නවාතැන කරගැන්මට කඩිනමින් කටයුතු කරන්නට විය.
සිය තාවකාලික නවාතැන වූ දයාන්ගේ මහගෙදරින් තුටු සිතින් සමුගත් ඔවුන්ට කුඩා හෝ වේදනාවක් ඇතිවූයේ ෂෙහානිගේ ඇසුරෙන් වෙන්වීමට සිදුවීම සම්බන්ධයෙන් පමණි. දයාන්ගේ නැගණියක වූ තුසිතාගේ වැඩිමහල් දියණිය වූ ෂෙහානි හිරිමල් යෞවනයේ පසුවනා කෙළිලොල් හැසිරීම් ඇති යුවතියක වූවද ඇගේ පවුලේ අනෙක් සාමාජිකයින්ට වඩා වෙනස් ගති පැවතුම් ඇති බුද්ධිමත් තරුණියක ලෙසින් ගත වූ මාස කිහිපය තුලදී ඇය ඔවුන්ගේ සිත් දිනාගන්නට සමත් විය.
මුලදී තමන් වූවද ෂෙහානි පිළිබඳව සිතා සිටි වැරදි ආකාරය පිළිබඳව ගීත්ද බෙහෙවින් දුක් විය.ඇගේ ඇතැම් කෙළිලොල් හැසිරීම් හා ඉරියව් සන්බන්ධව වැරදි වැටහීමකින් සිටි ගීත් ඇයට පාඩම් කියා දීම මෙන්ම ඇය සමඟ සංවාදයන්හි යෙදීමද මඟ හරින්නට වූ අතර සෙනායා වැඩි වශයෙන් ඈ සමඟ ගැවසීමද අනුමත නොකරන්නට විය..එහෙත් ගත වූ මාස කිහිපය තුලදී ඇගේ හැසිරීම් පිළබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.
“ඇයි ගීත් අයියා ඔයා මාව හැම වෙලේම මඟ හරින්නේ..ඒ මදිවට සෙනායා මාත් එක්ක ඉන්නවටත් කැමති නෑ..එහෙම කරන්න එපා අයියා , මට ඔයා වගේ සහෝදරයෙක් නැති නිසයි ඔයාල මෙහෙ ඉන්නකොට මං වැඩිපුර ඔයාලත් එක්කම එල්ලිලා ඉන්න හදන්නේ..ඇයි ඔයාට බැරි සෙනයාට වගේම මටත් නංගි කෙනෙකුට වගේ සලකන්න..හ්ම් මං මේ හැම තිස්සෙම විනෝදයෙන් ඉන්න හදන්නේ මට තියෙන පාළුව තනිකම නැති කරගන්න අයියා..නංගිලා දෙන්නෙක්ම හිටියට මොකද මන්ද මමයි එයාලයි හිතන විදිහ ගොඩාක් වෙනස්..ඒ නිසා ඔයාලා මං ගැන වැරදියට නම් හිතන්න එපා..”
නිවසට මදක් නුදුරින් පිහිටි කුඩා දොළ පහරින් නෑමට යාම සඳහා ෂෙහානි විසින් ගීත්ට හා සෙනායාට කළ ඇරයුම තරයේ ප්‍රතික්ෂේප කළ ගීත් හමුවේ කඳුළු පිරි දෙනෙතින් යුතුව හැඬුම්බර හඬින් පවසා ගෙතුලට දිව ගිය ඈ ඉන්පසු හැකි සෑම විටම ඔවුන්ව මඟ හැරීමට තැත් කළද ඇගේ වදන් ඔස්සේ ඒ චරිතය පිළිබඳව මැනවින් වටහාගත් ගීත් හා සෙනායා ඉන් පසුව ඈත් සමඟ බෙහෙවින් කුළුපඟු විය. එතැන් පටන් ගීත් ඔහුට හැකි සෑම විටම අසීරු ගිණුම්කරණ ගැටළු පැහැදිලි කර දීමට ෂෙහානි වෙනුවෙන් සිය කාලය වෙන් කළ අතර ඈ ද හැකි සෑම විටෙකම සෙනායගේ ඉගෙනීම් කටයුතු සඳහාද සහය දෙන්නට විය.
“කුලියට වුණත් අපේම කියල ගෙදරකට යන එකනම් ලොකු දෙයක් දයා..ඔයාලගේ නංගිලාට වරදක් කියනවා නෙමෙයි..ඒ මිනිස්සුන්ටත් ඉතින් කරදර ඇතිනේ අපි හතර දෙනෙක්ම එහේ ගිහින් ඉන්නකොට.. මොනා වුණත් ඉතින් අර ලොකු කෙල්ල දාල එනකොට නම් මට දුකත් හිතුනා..අපි එනකොට ඇස්වල කඳුළු පුරවගෙන බලාගෙන හිටියා..”
ඔවුන්ගේ නව නවාතැන කරා යන අතරතුරදී නිම්මි පැවසුවේ මාතර ගෙදරින් නික්ම ඒමට ලැබීමේ ප්‍රීතියෙන්ද ෂෙහානි පිලිබඳ උපන් අවංක වේදනාවකින්ද යුතුවය..
“අනේ ඔව් අම්මා ලොකු අක්කා නම් හරි හොඳයි..එයාවත් එහේ හිටියේ නැත්නම් මටනම් මේ වෙනකොට සසර කළ කිරිලා..”
තම මවගේ හා නැගණියගේ කතාබහට සවන්දුන් ගීත්ගේ මුවඟ තිබූ සිනහව තවත් පුළුල් වූයේ නෙතූ පැවසූ නෑනා පිලිබඳ කතාව ඔහු විසින් ෂෙහානිට පැවසූ අවස්ථාවේ ඇය දැක් වූ ප්‍රතිචාරය සිහි වීය..
“අයියෝ අපරාදෙනේ අයියා ඔයා ඒ නංගිව නිකාන් බය කලේ..ඔයාට කෙලින්ම කියන්න තිබුනණේ මං අන්සතු මලක් කියල..කමක් නෑ ඉතින් දැන් මොනා කරන්නද එයාගේ හිතේ තියෙන සැකේ යන්නත් එක්ක දවසක අපි එයාට මගේ ඉංජිනේරු මහත්තයව මුණගස්වමුකෝ..හැබැයි ඔන්න වැරදිලාවත් අන්තිමට ඒ ඉංජිනේරු මහත්තයයි දොස්තර නෝනයි සෙට් වුණොත් නම් අපි දෙන්නට තමයි යන එන මං නැතිවෙන්නේ..”
මිහිරි සිනාවකින් මුව සරසා පැවසූ ඇගේ වදන් සිහිකළ ගීත් කලක් තමාට එපාම වී සිටි ඇය මේ වන විට මෙතෙක් තම සමීපතම යහළුවන් කිහිපදෙනා පමණක් දැන සිටි නෙතූ පිලිබඳ පැවසීමට තරම් ලෙන්ගතු මිතුරියක් ,සොයුරියක් වීම ගැන විටෙක මවිත වූ අතර හැකි වෙලාවක ඇයව නෙතූට ද මුණගැස්විය යුතු බැව් නැවත සිතුවේ විසල් දුකක් සිත තුල සඟවාගෙන බොහෝවිට තනියම සිතින් දුක්වන ඇයට ෂෙහානි ද තරුෂි මෙන්ම හොඳ මිතුරියක් වේ යැයි හැඟුණු බැවිනි.
නව නිවසෙහි පදිංචි වූ සැණෙකින් ඔවුහු නිසල්ද එහි ගෙන්වා ගැනීමට කටයුතු කළහ.පෙර සිටම ඔවුන්ට බෙහෙවින් ලැදි හුරුපුරුදු තරුණයෙකු වූ ඔහු ඔවුන්ගේ ආදරය දිනාගත් අයෙකු වූ අතර ඔහුගේ මව වූ නිශානිද නිම්ම්ගේත් දයාන්ගේත් ලබැඳි මිතුරියක් විය.ඒ නිසාවෙන්ම දයාන් හා නිම්මි ඔහුට සළකන ලද්දේ ද තම දරුවෙකු මෙන් සිතාය.
එසේ වුවද නොසිතූ මොහොතක මුහුණ දීමට සිදු වූ සුනාමි ව්‍යවසනය හේතුවෙන් අසරණ වී සිටින එම දයාබර මිනිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා සරසවි ගොස් තවත් බරක් වීමට නිසල්ගේ සිත ඔහුට ඉඩ නොදුණි.ඒ නිසාම තම උසස්පෙළ ප්‍රතිඵල මගින් හෝ සුදුසු රැකියාවක් සොයා හැකි පමණින් ඔවුන්ගේ වැඩ කටයුතු සඳහාද සහය දක්වමින් හැකිතාක් කල් ඔවුන්ගේ සෙනෙහස් කැදැල්ලේම රැඳෙමින් කල් ගෙවන්නට නිසල් තීරණය කළේ හොඳින් සිතා බැලීමෙන් අනතුරුවය.
පාදය ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු දයාන්ට රෝද පුටුවට සීමා වීමට සිදු වුවද තමාට හැකි අයුරින් සුනාමියෙන් විනාශයට පත් හෝටලය නැවත ගොඩනැගීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැගිය යුතුය යන නිගනමනයට ඔහු පැමිණියේ මේ වන විට තම පවුල පත් වී ඇති ආර්ථික අවපාතයෙන් මිදීමට වෙනත් මඟක් නොවුණු හෙයිනි.එබැවින් හෝටලය වෙනුවෙන් ලබාගත යුතු රක්ෂණ වන්දිය ද කඩිනමින් ලැබීමට නියමිතව තිබුණෙන් එම මුදල්ද යොදවා සිය ව්‍යාපාරය කෙසේ හෝ පෙර පැවති තත්ත්වයටම පත් කිරීම ඔහුගේ මූලික අරමුණ බවට පත්විය.
පාදය අහිමිවීම නිසාවෙන් බොහෝ සෙයින් මානසික පීඩාවට පත්ව සිටි තම සැමියාව මෙවන් අරමුණක් කරා යොමුකර ඔහුගේ මානසික ආතතිය සමනය කිරීමට මෙන්ම තම දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යෙදීමට හා නිවෙස් කුලිය ගෙවීම සඳහාද අවශ්‍ය මුදල් ලබා ගැනීමට සිය වැටුප පමණක් ප්‍රමාණවත් නොවන නිසාවෙන් නිම්මිද ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් තම සැමියාට හැකි උපරිමයෙන් සහය විය.
“ සෙනායා බීච් හොටෙල් ඇන්ඩ් රෙසෝට්..” නැවත ගොඩනැගීමට ගත් තීරණය පිලිබඳ ගීත් , සෙනායා හා නිසල්ද බෙහෙවින් සතුටු වූවත් නැවතත් සුනාමි තර්ජනයක් එල්ල වුවහොත් සිදුවිය හැකි හානිය සම්බන්ධව ඔවුන්ගේ සිත් තුල විසල් සැකයක් විය.එහෙත් එවැනි ව්‍යවසනයක් නැවත ඇති වුවහොත් සිදුවිය හැකි විනාශය අවම කරලීම වෙනුවෙන් වෙරළ වටා ඉදිකරමින් පවතින ආරක්ෂක ගල් බැම්ම මෙන්ම එවැන්නක් නැවත ඇතිවීමට පෙර දැනුම් දිය හැකි ආරක්ෂක සංඥ්ඟා පද්ධතිය වැනි කරුණු සැලකිල්ලට ගත් දයාන් හා නිම්මි පෙර පැවති හෝටලය තරමක් වෙනස් කරමින් සුනාමි තර්ජනයකට වූවද මුහුණදිය හැකි ආකාරයෙන් යුතු නවීන පන්නයේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ගෙන ඇති සැලසුම ඔවුන්ගේ සැකය නැති කර දැමීමට සමත් විය.
එම සුවිසල් වැඩපිළිවෙල වෙනුවෙන් වැය කළ යුතු මූල්‍ය සම්පත් සොයාගැනීම සඳහා කඩිනමින් අනුමත කරගත යුතු ණය මුදල සම්බන්ධයෙන් බැංකු කළමනාකරුවෙකු වූ තරුෂිගේ පියාගේ සහය ලබා ගැනීමට හැකි වීම ඔවුන්ට පහසුවක් විය. එසේම මෙම කාලය අතරතුරදී විවිධ රටවල් හා රාජ්‍ය නොවන සංවිධානයන් මඟින් ලබා දෙන ලද සුනාමි ආධාර මුදල් සඳහා මෙන්ම රජයෙන් ලබාදුන් කුඩා නිවසකටද ඔවුන් හිමිකම් ලැබූවද එහි වාසය සඳහා නොගොස් කුලී පදනම යටතේ එය වෙනත් පිරිසකට බදු දීමට තීරණය කරන ලද්දේ වර්ථමාන නවාතැන ඔවුන් ක්‍රියාවට නැංවීමට නියමිත ව්‍යාපාර සැළසුමට පහසු වන බැවිණි.
නොසිතූ මොහොතක මුහුණ දීමට සිදු වූ ස්වභාවික ව්‍යවසනය හේතුවෙන් අදාල වසරේ නව සරසවි සිසුන්ගේ අධ්‍යයන කටයුතු තරමක් ප්‍රමාද වූවද හැකි ඉක්මණින් ඒ සඳහා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රගීත් ඇතුළු මිතුරන්ටද පළමු අධ්‍යයන වර්ෂය ආරම්භ වන දිනය සඳහන් කළ ලිපි ලේඛන තැපැල් මගින් ලැබෙන්නට විය.එහෙත් සරසවි වරම් තරයේම ප්‍රතික්ෂේප කළ නිසල්ගේ අදහස වූයේ දයාන් විසින් සැලසුම්ගත කර තිබෙනා ඔවුන්ගේ නව හෝටල් ව්‍යාපාරය වෙනුවෙන් තම සහය ලබා දීමය.
පාදයක් අහිමි ආබාධිත පුද්ගලයෙකුගේ තත්වයට පත්ව සිටි දයාන්ට පෙර මෙන් ක්‍රියාශීලී අයුරින් සිය ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මැදිහත් වීමට හැකියාවක් නොමැති බැවින් නිසල්ගේ පැමිණීම ඔවුන්ට විසල් ශක්තියක් වන බැව් හොඳින්ම වටහාගත්තද තම පුතු වැනිම දක්ෂයෙකු වූ මෙම තරුණයාගේ උසස් අධ්‍යාපන කටයුතු නවත්වා ඔහුව තම ව්‍යාපාරයට සම්බන්ධ කරගැනීමට නම් නිම්මි හා දයාන් කිසිසේත්ම එකඟ වූයේ නැත.
“නෑ නෑ අපි ඒ වැඩ පුළුවන් විදියට කරගන්නම්..පිස්සු නැතිව නිසල් ගීත් එක්ක එකතු වෙලා කැම්පස් යන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න..” යැයි දයාන් පැවසුවේ උවමනා කළමනාකරණ ගැනීමට අවශ්‍ය තරම් මුදල්නිසල් හා ගීත් අත තබමින්ය..
“නෑ අන්කල් මං කැම්පස් යන්නේ නෑ..මට දැන් කොහොමත් ඉස්සර වගේ හිත එක්තැන් කරගෙන පාඩම් කරන්න බෑ..මට ඕන කරන්නේ මේ හිතේ තියෙන වේදනාව මොහොතකට හරි අමතක වෙන්නත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න..අංකල් මාව හොටෙල් එකට ගන්න අකමැති වුණත් මං ආයේ කැම්පස් නම් යන්නේ නෑ..වෙන කොහෙන් හරි රස්සාවක් හොයා ගන්නවා..”
නිසල්ගේ එම දැඩි වදන් හමුවේ වැඩිහිටි දෙදෙනාගේ මෙන්ම ගීත්ගේ සිතද වේදනාවෙන් පිරී ගියත් කෙලෙසවත් වෙනස් කළ නොහැකි වූ නිසල්ගේ තීරණය නිසාවෙන් ඔහුව සිය ව්‍යාපාර කළමනාකරණ කටයුතු සඳහා සහභාගීකර ගැනීමට ඔවුන් එකඟ විය.
~ මතු සම්බන්ධයි ~
හරිම රසවත්. ලස්සනට ලියනවා.
කතාව නියමයි. දිගටම ලියන්න.

ලස්සනට ලියනවා. ඒ වගේම කියවන්න ආස හිතෙනවා
හරිම රසවත්. ලස්සනට ලියනවා.
කතාව නියමයි. දිගටම ලියන්න.
.: Part-9 :.
~ නවවෙනි කොටස ~
ප්‍රගීත් හා දර්ශන කෙමෙන් කෙමෙන් සරසවි ජීවිතයට හුරුවන්නට වූ අතර විටෙක කරදරකාරී වූත් විනෝද වූත් සුන්දර මතක සටහන් ජිවිතයට ඉතිරි කර ගනිමින් සාර්ථක අයුරින් සිය අධ්‍යාපන කටයුතු වලද නියැලෙමින් ආචාර්යවරුන් හා අනෙකුත් ශිෂ්‍යන් අතර දක්ෂයන් ලෙස නම රඳවන්නට සමත් විය.
තම පවුලේ සාමාජිකයින්ගෙන් ඈත් වී නීරස බෝඩිම් ජීවිත ගතකරන බොහෝ සරසවි තරුණයින් මත්පැන් දුම්වැටි ආදියට ඇබ්බැහි වන අයුරු වටහාගත් ගීත් හා දර්ශන හැකි තරම් එයින් ඈත් වී සිටීමට වෙර දැරූ නිසාවෙන්ම නිරතුරු මිතුරන්ගේ සරදමට ලක්වීමට ඔවුන්ට සිදු විය.එහෙත් තමන්ට පණ මෙන් ආදරය කරනා දෙමාපියන්ගේ සිත් රිදවා ඔවුන්ගේ සිහින මන්දිර කඩා ඉහිරුවාලීමට අකැමති වූ මිතුරන් දෙදෙනා එම සරදම් හමුවේ අනුගමනය කලේ නිහඬ පිළිවෙතකි.
තමන් ඉදිරියේ සිටියදී කෙතරම් සරදමට ලක් කළද ඒ සියල්ලටම සිනහවකින් පණක් පිළිතුරු දී ඉවත්වයන මේ ප්‍රතිපත්තිගරුක තරුණයන් දෙදෙනා කෙරහි ඔවුන්ගේ මිතුරන්ගේ සිත් තුල වුයේද ගෞරවය මුසු සහෝදරත්වයකි.තම මත්පැන් සාදයන්ට කෙසේවත් මුදලින් දායක වන්නට අකමැති ඔවුන් දෙදෙනා ලැබෙනා ශිෂ්‍යාධාර මුදල් දුම්වැටි හා මත්පැන් සඳහා වැය කිරීම නිසා අවසානයේ මුදල් නොමැතිව අසරණ වන ඇතැම් මිතුරන් වෙනුවෙන් කිසිඳු පැකලිමකින් තොරව ඔවුන්ගේ ඉතිරි කරගත් මුදලින් සංග්‍රහ කරනා බැව් දන්නා නිසාවෙන්ම කාලයක් ගතවන විට මිතුරන්ගේ සරදමින් හා පෙලඹවීමෙන් තොරව සතුටින් කල් ගෙවන්නට ඔවුන්ට හැකි විය.
ප්‍රගීත් හා දර්ශන එලෙසින් සිය අභියෝගයන් දිනනා විට ඔවුන්ගේ කල්‍යාණ මිතුර වූ නිසල් තමාගේ සියලු දැනුම හා ශ්‍රමය වැය කරමින් අඩු වියදමක් තුලින් වැඩි ලාභයක් ලඟා කරගැනීමේ අපේක්ෂාවෙන් නව හෝටලය වෙනුවෙන් ඉදිවෙමින් පවතිනා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කාර්යයන්හි තත්ත්වය මෙන්ම අනෙකුත් පරිපාලන කටයුතු සම්බන්ධවද මහත් අවධානයෙන් ක්‍රියා කරන්නට විය.
ගාල්ල දිස්ත්‍රීක්කයේ දක්ෂම ගොඩනැඟිලි නිර්මාණ කරුවෙකුගේ සැලැස්මකට අනුව කෙමෙන් ගොඩනැගෙමින් පවතිනා මෙම සුවිසල් හෝටලය දකුණේ ඇති විශිෂ්ඨතම සංචාරක හෝටලය බවට පත් කිරීම නිසල්ගේ සිතේ ඇති ප්‍රධාන අරමුණ විය. මෙම ජීවිත යාත්‍රාවේ කිසිඳු පිළිසරණක් නොමැතිව අන්ත අසරණ වූ තමාට සෙනෙහස දක්වා තම කෙරෙහි පුර්ණ විශ්වාසය තබා ජීවත්වන්නට ශක්තිය ලබා දෙන වැඩිහිටි දෙපළ වෙනුවෙන් මෙන්ම විටෙක සරදම් කරමින්ද විටෙක තරවටු කරමින්ද නිරතුරු තමා ගැන අවධානයෙන් සිටිනා ලෙන්ගතු ලබැඳිය වන සෙනායා හා දිනපතා දුරකතනයෙන් තමා අමතා සුව දුක් සොයනා ආදරණීය සොයුරා වන ගීත් වෙනුවෙන්ද තමාට කළ හැකි කෘතගුණ සැලකීම එය බව ඔහු තරයේ විශ්වාස කළේය.
ඔහුගේ එම විශ්වාසයේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මුළු රටම කැළඹු සුනාමි ව්‍යවසනය පැමිණ දෙවසරක් ගතවන විට එම රුදුරු මුහුදු රකුසාගෙන් බෙහෙවින් හානි ලැබූ “ සෙනායා බීච් ඇන්ඩ් රෙසෝට්..”නව පෙනුමක් ලබමින් දුටුවන්ගේ සිත් ආකර්ශනය කරන සුන්දර මන්දිරයක් ලෙසින් ගොඩ නැඟී තිබිණි.
සිය අලංකෘත හෝටල් සංකීර්ණය දෙස මොහොතක් නෙතු නොපියා බලා සිටි දයාන් හා නිම්මි තමන් අසලින්ම හිඳි නිසල් දෙස නෙත් හෙලුවේ දැඩි සෙනෙහසකින් හා ආඩම්බරයකිනි.මන්දයත් තමන්ගේ සැලසුමට අනුව මෙවැන්නක් ගොඩනැගුණද මුදලින් හා ශ්‍රමයෙන් ඒ සඳහා දායක වූවද තාරුණ්‍යයේ ශක්තිය මුසුකරමින් නව අදහස් හා නවීන තාක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් දින ගණන් නිදි වරා තමා ඉදිරියේ ඇති මෙම සුඛෝපභෝගී සිව්මහල් ප්‍රාසාධය ගොඩනැගීමේ ප්රුමුඛයා වූයේ තම දෙනෙත් අභියස සිටිනා මෙම හුරුබුහුටි තරුණයා බැව් ඔවුන් හොඳින්ම දන්නා හෙයිනි.
“මේක දැක්කම මගේ හිතට ලොකු සතුටක් සැනසීමක් දැනෙනවා නිම්මි නැන්දා..එදා මගේ ප්‍රතිඵල කියද්දී අම්මගේ මුහුණෙ පිරිලා තිබුණ සතුට මට කවදාවත් අමතක වෙන්නේ නෑ..එයා ලොකු සතුටකින් හිටියේ මාත් කැම්පස් ගිහින් ඩිග්රියක් අරගෙන හොඳ රස්සාවක් කරයි කියලා..ඒත් අද එයා ඉන්න තැනක ඉඳලා ඊටත් වඩා මං ගැන සතුටු වෙනවා ඇති..ඔව්..එයාගේ පුතාගේ ශක්තිය ගැන එයා ගොඩක් සතුටු වෙනවා ඇති නැන්දා..”
මොහොතක් තමා ඉදිරියේ ඇති වැඩ අවසන් කළ සුන්දර හෝටලය කෙරේ නෙත් යොමු කර සිටි නිසල් නිම්මි අසළට ළං වී කඳුළු පිරි දෙනෙතින් ඈ දෙස බලා පැවසූයේ සතුටත් දුකත් මුසු වූ හැඟුම්බර හඬකිනි.
“උඹට කවදාවත් වරදින්නේ නෑ මගෙ පුතේ ..” යැයි බිඳුණ හඬින් පවසා මහත් දරු සෙනෙහසින් නිසල් වැළඳ ගත් නිම්මි දයාබරව ඔහු හිස පිරිමදින්නට විය.
කිහිලි කරුවක ආධාරයෙන් ඔවුන් අසලින්ම සිටගෙන සිටි දයාන් ද මඳක් ඔවුන් දෙස සෙනෙහසින් බලා හිඳීමෙන් පසු නිසල්ගේ සුරත ගෙන ඒ මත නව හෝටලයේ යතුරු තැබුවේ,
“එහෙනම් පුතා අද ඉඳන් මේක උඹට භාරයි..මට පුළුවන් මං අවරුදු ගණනාවක් හෝටල් අංශයෙන් ලබාගත් දැනුම උඹට දෙන්න විතරයි..මේ නැන්දට පුළුවන් පරදින්න හදන හැම වෙලාවකදීම ඔය හිතට ශක්තියක් වෙලා උඹට දිනන්න දහිරිය දෙන්න..කිසි දේකට බය නොවී මේක කරගෙන යමන් පුතා..” යනුවෙන් මෘදු වූත් ආදරණීය වූත් හඬින් පවසමිනි.
දයාන්ගේ දෙපා වැඳ පිරි නැමූ යතුරු භාරගත් නිසල් දෑස් මතින් ගලා යාමට වෙර දරනා කඳුළැල් අසීරුවෙන් වළකාගැනීමට තැත් දරමින්ම දැඩිව ඔහු වැළඳ ගත්තේ තමාටත් ආදරණීය පවුලක් සිටිනවා යන ප්‍රීතිමත් හැඟීමෙනි.
ගාල්ල දිස්ත්‍රීක්කයේ ප්‍රතමස්ථානය ලබා ගනිමින් උසස් පෙළ විද්‍යා අංශයෙන් විශිෂ්ඨ සාමාර්ථයක් වාර්තා කළ නෙත්මි ඉතා උසස් අයුරින් වයිද්ය පීඨයට ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම් ලබා තිබිණි.ප්‍රතිඵල දැනගත් අවස්ථාවේ විසල් වේදනාවක් හද මඩල කළඹවමින් මුළු සිතම වෙලාගත් බැව් ඇයට දැනෙන්නට වූයේ එම ජයග්‍රහණයේ සතුට විඳගැනීමේ අපේක්ෂාවෙන් සිටි තම ලබැඳියන්ට එම මොහොතේ තමා අසල රැඳෙන්නට වරම් නොමැති වූ බව මතකයට නැඟුණු බැවිනි.සිය ආදරණීය මෑණියන්ගේ මූලික අපෙක්ෂාව ඉටු කිරීමේ ප්‍රථම පියවර ඉතා සාර්ථක අයුරින් නිම කිරීමට සෑම විටම ශක්තියක් වූ තම මවගේ වැඩිමහල් සොහොයුරාට හා සොහොයුරියට බෙහෙවින් ස්තූතිවන්ත වූ ඈ ඔවුන් සමඟින් සිය ප්‍රීතිය බෙදාගනු ලැබුවේ හඬන හදින්ම ඔවුන් දැඩිව වැළඳගනිමිනි.
තම මවගේ සොහොන් කොත කරා යාමට වූ දැඩි අවශ්‍යතාවය නිවැසියන්ට පැවසීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් එදිනම නෙතූ සමඟින් හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවෙස වෙත පැමිණීමට කටයුතු කළහ. සුළු මොහොතක් ගමන් විඩා නිවූ ඔවුන් නිවසට මඳ දුරක් පිහිටි සුසාන භුමිය වෙත පා නගන්නට වූයේ අලංකාර සුදු මල් පොකුරු දෝත දරාගනිමිනි.
සිය මෑණියන්ගේ සොහොන්කොත අභියස මල් ඉත්තක් තබා දුකත් සතුටත් සම්මිශ්ර වූ හුදෙකලා හැඟුමකින් යුතුව අතීත සොඳුරු මතකයන්ද සිහියට නඟමින් හෝරාවක් පමණ එහි රැඳුණු නෙත්මි තම යෙහෙළිය තරුෂි හා ඥාති සොයුරකු වන පසිඳු ද සමඟින් ප්රගීත්ගේ නිවස බලා යන්නට වූයේ සුනාමි ව්‍යවසනයෙන් දෙවසරක් සපිරෙනා දිනට පෙර දින සිට ඔවුන්ගේ නව හෝටල් සංකීර්ණයේ ආරම්භ කිරීමට නියමිතව ඇති පිරිත් පිංකමට සහභාගී වීමේ අරමුණෙනි.
සිය නිවසට ඉතා ලෙන්ගතු අයුරින් ඔවුන් පිළිගත් ප්‍රගීත් විසින් පළමු වරට සිය පෙම්වතිය වූ නෙත්මි හඳුන්වා දෙන ලද්දේ මඳක් කෝළ ලෙසිනි. ඔහුගේ හඳුන්වා දීමත් සමඟින් දයාන්ගේ හා නිම්මිගේ දෙපා වැඳ ආශීර්වාද ලබා පසෙක සිටි සෙනායා අසළට ගොස් ඇගේ සුරත තම සුරත මත පටලවා ගනිමින් ගීත් දෙස බැලුවේ රතු වූ මුහුණින් ඔහුට රවමිනි.
ගීත්ගේ අනපේක්ෂිත හඳුන්වා දීමෙන් මඳක් සසල වූවද ඔවුන්ගේ ලෙන්ගතු හැසිරීම් හමුවේ ඈ සිතේ තිබූ බිය පහව ගිය හෙයින් සෙනායා ෂෙහානි හා නිසල් සමඟ එක් වී ඉතිරිව තිබූ වැඩ කටයුතු සඳහා සිය සහය ලබාදෙනු ලැබුයේ කිසිඳු පැකිලීමකින් තොරවය.
“අහ් හා..නෙතූ දැන් ඉඳලම නැන්දම්මගේ හිත දිනාගන්න ට්‍රයි කරනවා වගේ නේද..ඔන්න නිම්මි ආන්ටි ඕවට නම් රැවටෙන්න එපා..”
“අයියෝ මොකද්ද සිතුමෝ ඔය කරන්නේ.. අනුන්ගේ වැඩ වලට උදැල්ල දාලා නිකරුනේ පවුල් ප්‍රශ්න ඇති කරන්න ද උඹ හදන්නේ..පව් වැඩ කරන්න එපා බන්..”
“ඊටත් වඩා උඹ මේ අනන් මනං කියවලා අනාගතයේදී නෙත්මි දොස්තර නෝනාගෙන් නොමිලේ බෙහෙත් ටිකක්වත් ගන්න තියෙන චාන්ස් එක නැති කරගන්නනද හදන්නේ ආ..”
සුළු සංවාදයක ද යෙදෙනා අතරතුර දී සංඝයා වහන්සේලා වෙනුවෙන් පුජා කිරීමට නියමිතව ඇති පිරිකර භාණ්ඩ ඇසුරුම් කරමින් සිටි නිම්මි හා නෙත්මි අසලින් තවත් සිව්රු,අඳනකඩ මෙන්ම කුඩ කිහිපයක් ද ගෙනවිත් තැබූ සිතුම්,සහන් හා දර්ශනගේ කවට වදන් හමුවේ මුවින් පමණක් නොව දෑසින් ද සිනාවෙමින් නිශ්ශබ්දවම තම කාර්යයේ යෙදෙනා සුන්දර හුරුබුහුටි යුවතිය දෙස මොහොතක් සෙනෙහසින් බලා සිටි නිම්මි ,
“ ඒ දවස් වල මං දුව ගැන දැනන් උන්නේ නැති වුණාට පුතා අතේ පොඩි දුවට එවල තිබුණ පොත් ටික දැක්ක ගමන්ම මං කිව්වා ඒව නම් අනිවාර්යෙන්ම පිළිවෙලට වැඩ කරන දක්ෂ ගැහැණු දරුවෙකුගේ පොත් වගයක් කියලා..දැන් බලනකොට ඒ අනාවැකිය හරියටම හරිනේ..” යැයි පැවසුවේ මෘදුව ඇගේ හිස පිරිමදිමිනි.
මෙතෙක් දවස් නොදැන සිටි රහසක් අනාවරණය කරගත් අයුරින් දෑස් කුඩා කරමින් තමන් දෙස බලා හිඳිනා මිතුරන්ගේ නොනවතින සරදමට නැවතත් තමන් හසුවන බැව් හොඳින් වටහාගත් නෙතූ ඔවුන්ගේ දෑස් මඟහරිමින් බොහෝ කලකට පසු ලැබුණා වූ දයාබර උණුහුමින් ප්‍රීතියට හා වේදනාවට පත් සිය දිලිසෙන නෙත් යුගල නිම්මි වෙත යොමුකලේ ඈ වෙනුවෙන් උපන් සුවිසල් සෙනෙහසක් හදේ දවටා ගණිමිනි.
හිත හොඳ මිනිසෙකු ලෙසින් අවට අසල්වැසි ජනයාගේ සිත් දිනාගෙන සිටි දයාන් විසින් නැවත අරඹන ලද ඔහුගේ ව්‍යාපාර කටයුතු සඳහා සුහද සිතින් පිරිසිඳු හදින් සුභ පැතීම පිණිස විසල් පිරිසක් ඔවුන් වටා එක් වී සිටි අතර ඔවුන්ගේ සංග්‍රහ කටයුතු ආදී අවශ්‍යතා පිලිබඳ සොයා බලමින් සියලු කටයුතු සංවිධානාත්මකව සිදු කිරීමේ වගකීම තරුණ පිරිස සතු විය. එමෙන්ම ඒ සම්බන්ධව ලබා ගන්නා ලද ඔවුන්ගේ සාර්ථකත්වය දෙස පසෙකින් හිඳ බලා සිටි වැඩිහිටි බෙහෙවින් සතුටු වූයේ තරුණ ජවයෙන් යුතු යෞවන යෞනියන් ගේ එකමුතුකම පිලිබඳවය.
“මට දැන්නේ තේරුනේ බන් මුන් දෙන්න නිවාඩුවකටත් අපිව මේ පැත්තේ එක්කරන් එන්න වැඩිය කැමති නැත්තේ මොකද කියල..මෙචචර ලස්සන නංගිලා දෙන්නෙක් ඉන්න නිසා උඹලා බයවුණා නේ.”
“එකනේ බන්..ඒත් මට හිතා ගන්න බැරි අපි වගේ වැදගත් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ඒ වගේ සුන්දර සහෝදරියන් දෙන්නෙක් මුණගස්වන්න තියෙන බය මොකද්ද කියලනේ..”
පසුපසු දින පැවති දානයට සහභාගී වීම සඳහා ගීත්ගේ ආරාධනයෙන් පැමිණි ඔවුන්ගේ ලඟම හිතවතුන් වූ සරසවි මිතුරන් කිහිප දෙනා සිය නිවැසියන්ට හඳුන්වා දීමෙන් පසු ප්‍රගීත් හා දර්ශන වටකරගත් මිතුරන්ගේ චෝදනා හා සරදම් කෙරේ හසු වී සිටි ඔවුන් තවත් අසරණ කරමින් ඒ මොහොතේ නෙත්මි හා තරුෂි ට්‍රේ දෙකක්ද අතැතිව එතනට පැමිණියේ නිම්මිගේ ඉල්ලීම පරිදි දිවා ආහාරයට පෙර ඔවුන්ට කුඩා සංග්‍රහයක් පිලිගැන්විමටය.
“ආ..හරි හරි ..එහෙනම් මුන් දෙන්න අර හිටිය ගමන් අපිටත් නොකියම අතුරුදහන් වෙන්නේ නුවර පළාතට වෙන්න ඇති නේද බන්..”
“නැතුව නැතුව...මට මතක් වෙන්නේ ඒ දවස් වලට අපේ ගීත්ගේ මූණේ තියෙන සිරියාව...නිකන් වෙසක් කාලෙට ගහන තොරණක් වගේ..”
“හරි හරි ප්‍රදීප් අපි මෙච්චර දවස් දැක්කේ ගීත්ගේ මුණේ තියෙන සිරියාව විතරනේ..දැන් මේ අනිත් නංගි කලම්බු කැම්පස් ආවම දර්ශනගේ මුණේ ඇඳෙන පෙම් පාටත් අපිට ළඟදීම බලාගන්න පුළුවන් වෙයි..”
සංග්‍රහය භුක්ති විඳිනා අතරතුරදීම යුවතියන් දෙදෙනා සමඟ සුළු සංවාදයක යෙදෙමින් ඔවුනොවුන් හඳුනාගත් මිතුරන් නැවතත් තම සුපුරුදු මඩ ගැසීමේ ක්‍රියාවලියට අවතීර්ණවූයේ නෙත්මි හා තරුෂිගේ මුහුණුද සිනාවෙන් විකසිත කරමිනි.
සැහැල්ලු සිතින් සිය මිතුරන් සමඟින් සුහද, විනෝදශීලි සංවාදයක යෙදෙමින් සරසවි නවක වදය සමයේ සිය අත්දැකීම් පිලිබඳ දෑස් විසල් කරමින් කුතුහලයෙන් අසා සිටිනා යුවතියන් දෙස සිනා මුහුණින් බලා සිටි ගීත්ගේ අවධානය ඔවුන්ගෙන් ඉවත්වූයේ නිසල්,සහන් හා සිතුම් සමඟින් ඉතා සුහද කතාබහක නිරත වෙමින් තමන් දෙසට පැමිණෙන පුද්ගලයා හඳුනාගත් විටය.
තමා අසලම සිටි දර්ශනගේ අවධානයද එදෙසට යොමු කළ ගීත් ඔහුත් සමඟම ඔවුන් එන පෙරමඟට පා නැගුවේ සිනාපිරි මුවිනි. වාණිජ අංශයෙන් උසස්පෙළ කරනා සිසුන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්, ඔවුන්ට ආර්ථික විද්‍යාව සරල විෂයක් බවට පත්කර දුන් සිය දයාබර ගුරුවරයා වෙත ලං වූ මිතුරන් දෙදෙනා ඔහුගේ දෙපා වැඳ ආශීර්වාද ගනු ලැබුවේ බොහෝ කලකට පසු තම ගුරුවරයා හමුවීමට හැකිවීමේ තෘප්තියෙන් යුතුවය.
කළමනාකරණ විශේෂ උපාධිය වෙනුවෙන් සරසවි අධ්‍යාපනය ලබමින් සිටි ප්රගීත්ගේ සිතට නව අදහසක් එක් කලේ පිරිත් පිංකම සඳහා සහභාගී වීමට පැමිණ සිටි උසස්පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයා වූ අසංක අතුකෝරළ විසිනි.
දිස්ත්‍රික්ක රැසක සිසුසිසුවියන්ගේ ප්‍රසාධය දිනාගත් දක්ෂ අමතර පංති ගුරුවරයකු වූ ඔහු විසින් ගාල්ල නගරයේ ආරම්භ කරන ලද “ නැණස ” අධ්‍යාපන කේන්ද්‍රයේ ගිණුම්කරණය විෂය ඉගැන්වීම සඳහා සරසවි ශිෂ්‍යකු වූ ඔහුට ආරාධනා කිරීම ප්‍රගීත් මවිතයට පත්කර වූ කරුණක් වූවාක් මෙන්ම ගුරුතුමා විසින් තමාට ලබා දුන් සහතිකය හමුවේ එම අභියෝගය භාරනොගෙන සිටීමට නොහැකි තත්ත්වයක ඔහු රැඳෙන්නට විය.
“ඒ දවස්වල මගේ පන්තියේ හිටිය හොඳම ගෝලයා ප්‍රගීත් නේ..මගේ විෂයට වගේම අනිත් විෂයන්ටත් ප්‍රගීත් ගොඩක් දක්ෂයි කියල මට දැනගන්න ලැබුන..ඒ දවස්වල ඔයාලගේ ගිණුම්කරණය සර් එහෙමත් ඔයා ගැන ගොඩක් වර්ණනා කරා මට මතකයි..මගේ අලුත් පන්තියට ගිණුම්කරණ ගුරුවරයෙක් අවශ්‍ය වුණාට මගේ හිතට ගැලපෙන කව්රුවත් මතක් වුණේ නෑ...ඒත් පෙරේදා අහම්බෙන් වගේ බෑන්ක් එකේදී නිසල් මාව දැකල ඇවිත් කතාකරද්දී ඔයා ගැනත් කිව්ව..ඉතින් එතකොට තමයි මට ඔය අදහස හිතට ආවේ..
ඉතින් නිසල්ගේ ආරාධනාවට මං අද වැඩියෙන්ම මෙහෙ ආවේත් ප්‍රගීත් එක්ක මේ ගැනත් කතා කරන්න ඕන නිසයි.ඇත්තටම පුතා අද කාලේ කොල්ලො කෙල්ලො කැමති අලුත් විදියකට පාඩම් කියා දෙන එයාලගේ දුර්වලතා තේරුම් අරගෙන,නව ඉගැන්වුම් ප්‍රයෝග යොදාගෙන, නීරස ගැටළු රසවත් විදියට තේරුම් කරන්න පුළුවන් ගුරුවරුන්ට..අවරුදු තුනක් ඔයාට ඉගැන් වූ ගුරුවරයෙක් විදියට මට හිතෙනවා ඔයාටත් ඒ දක්ෂකම තියෙනවා කියල..කැමතිනම් අපි උත්සහ කරල බලමු කොල්ලො..එහෙනම් ඉතින් දෙමව්පියන්ගෙනුත් අහලා බලලා මට ඉක්මණට උත්තරයක් දෙන්න..”
තම ගුරුවරයාගේ වදන් නැවත නැවතත් සිහියට නැඟූ ප්‍රගීත් එම අභියෝගය භාරගැනීමට තීරණය කරන ලද්දේ හොඳින් සිතා බැලීමෙන් අනතුරුවය.
බැංකු ණය ලබාගනිමින් විසල් මුදලක් වැය කර ගොඩ නැඟූ නව හෝටල් සන්කිර්ණය මගින් ආරම්භයේදීම සැලකියයුතු ප්‍රතිලාභයක් අපේක්ෂා කළ නොහැකි විය.එහෙයින් විශිෂ්ඨ සාමාර්ථ දහයක් ලබා ගනිමින් සාමන්‍ය පෙළ උසස් අයුරින් සමත් වී මේ වනවිට ගණිත විෂය දහරාවෙන් උසස්පෙළ හදාරමින් සිටිනා සෙනායාගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම තම අධ්‍යාපන කටයුතු හා නිවසේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ද වැය කිරීමට ඉදිරියේදී තම මවගේ වැටුප පමණක් ප්‍රමාණවත් නොවන බැව් ඔහු සිහි කරනු ලැබුවේ කල්පනාකාරී අයුරිනි.
එහෙත් කෙතරම් ආර්ථික ප්‍රශ්න තිබුනද ඒ කිසිවක් තම තමාට හා නැගණියට නොපවසනා තම දෙමාපියන් පිලිබඳ ගීත්ට මහත් වේදනාවක් දැනුනි.එබැවින් ඔවුන්ගේ භෝටල් ව්‍යාපාරය තරමක් දියුණුවන තෙක් හෝ ඔවුන්ට වෙනත් අමතර ආදායම් මාර්ගයක් තිබිය යුතු බව වටහාගත් ඔහු සියලු දෙනාගේම කැමැත්ත හා ආශීර්වාදය හමුවේ ජීවිතයේ නව ඇරඹුමකට මුල පුරන්නට විය.
~ අවසාන කොටස බලාපොරොත්තුවන්න ~
අම්මප බං පුබ්බො!! ඒක පැත්තක. ගිහින් පාඩම් කරපං
