රාවණා...

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    රාවණා රජු යළි නැගිටී.. දීර්ඝ නිද්‍රාව අවසන්..
    ලාංකීය ඉතිහාසය විජයගෙන් පටන් ගැනීම අපේ සිරිතයි. විජය ඇතුළු හත්සීයක් පිරිස ලක්දිවට පැමිණ ආර්ය ජනාවාස පිහිටුවා පාලනය ගෙන ගිය බව මහා වංශයේ සඳහන් වේ. විජය මෙහි එන විට කුවේණිය කපු කටිමින් සිටි බව එහි විස්තර වෙයි. මේ කතාව අනුව විජයට පෙර ලංකාවේ ඉතිහාසය කෝ. කුවේණිය කපු කටිමින් සිටියා නම් මෙරට තිබුණු දියුණු තාක්ෂණ ක‍්‍රමවේද කෝ. බරපතළ ප‍්‍රශ්ණාර්ථයක් තබා ලාංකීය ඉතිහාස කතාවේ හිඩැසක් හදා තිබේ. ආර්යන්ගේ පැමිණීම විජයට පවරා ඔහුගෙන් මෙරට ඉතිහාසය පටන් ගැනීමට මහාවංශ කතු හිමියන් කටයුතු කර තිබේ.
    කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ ආරම්භය විජයට පවරන්නට තවමත් රටේ එක්තරා කොටසක් සූදානම් නැත. එහි සෑහෙන සාධාරණයක් තිබේ. මහාවංශ කතු හිමියන් විජයගෙන් ඉතිහාසය ආරම්භ කෙරුණේ උන්වහන්සේගේ පෞද්ගලික අභිමතයට අදාළ කාරණා මූලික වීමෙනි.
    විජයට පෙර රාවණා රජු ලක්දිව පාලනය කළ බවත්, ඔහු දඬු මොනරය නම් යානයක ගමන් කළ බවත්, රාම – රාවණ යුද්ධයක් මෙහි තිබුණු බවත් මෙරට ඉතිහාස පුරා වෘත්ත වල සඳහන් වෙයි. කෙසේ වෙතත් විජයට පෙර ලංකාවේ දියුණු ජන සමාජයක් තිබූ බව ඉතා පැහැදිලිය.
    විජයාගමනයට පෙර ලක්දිව ඉතිහාසය අධ්‍යයනයෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ කෙනෙකු හැටියට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හදුනා ගත හැකිය. ඔහු ලක්දිව ඉතිහාසය ”හාරා” ගෙන මතු කර තිබේ. රාවණ ඉතිහාසය මතු කර ගෙන තිබේ. කෙසේ හෝ මෙතැනින් පසුව ලියන කාරණා පිළිගන්නවාද නැද්ද යන්න ඔබට භාරය.
    ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියන හැටියට රාමගේ ඊ පහරින් සිහි මුර්ඡ වූ රාවණ දැන් නැගිට තිබේ. එනම් රාවණ රජු දැන් ප‍්‍රකෘති සිහියේ සිටී. රාවණට පියවි සිහිය ලැබී තවමත් වසර පහකට වැඩි නැත. මෙය රසවත් කතාන්දරයකි. රාවණාට න්‍යෂ්ඨික අවි තිබුණු බවටත් ආචාර්ය මිරැන්ඩෝ තර්ක ගොඩ නගයි. රත්රන්, මැණික් රටේ තැනින් තැන මතු වීමත්, ඉඳ හිට සුළි සුළං, නාය යෑම්, ගං වතුර රාවණගේ වුවමනාවට සිදු වන බවත් ඔහු පවසයි.
    මෙයින් ඉදිරියට කතාව කියවන විට මෙය කෙනෙකුට කුතුහලය මවනු ඇත. තවත් කෙනෙකුට පුදුමය උපදවනු ඇත. සමහරු ”අපි දන්නේ මොනවාදැයි” හිතනු ඇත. තවත් කෙනෙක් ආචාර්ය මිරැන්ඩෝට පිස්සු යැයි ද කියනු ඇත. මේ සියලූ තරාතිරම් කතාව කියවන බැවින් පළමුව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ගැන කෙටියෙන් ලියමි.
    ඔහු වනාහී රාවණ ඉතිහාසය ගැන පර්යේෂණ කළ අයෙකි. 1940 මැයි 31 වැනිදා රාස්සගල දී උපන් මිරැන්ඩෝ ගේ පියා රත්නපුර උඩපත්තුව නිල්ගල වලව්වේ වතු සමාගම් අධ්‍යක්ෂ සැමුවෙල් සයික්ස් ඔබේසේකරය. මව සිසී ගලගොඩ කුමාරිහාමිය.
    ඔබේසේකරයන් කළුතර හෑගල්ල විදුහලෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විදුහලෙන් ලබා තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී ශාස්ත‍්‍රපති උපාධි ලබා ඇති මිරැන්ඩෝ කොලොම්බියා ෆැසිපික් විශ්ව විද්‍යාලයෙන් දර්ශන ශූරී උපාධිය ලබා ඇත්තේය. කලක් ගුරුවරයෙක් ලෙස ද, කථිකාචාර්යවරයෙක් ලෙස ද, පුවත්පත් කලාවේදියෙක්, පර්යේෂකයෙක් ලෙස ද කටයුතු කර ඇති ඔහු දෙස් විදෙස් සම්මානයට පාත‍්‍ර වූවෙකි.
    කැලිෆෝනියාවේ කොළොම්බියා පැසිපික් සරසවිය මගින් මහාචාර්ය සම්මානය ද මිරැන්ඩෝ ඔබේසේකරට පිරි නමා තිබේ. රාවණ වත, රාවණ ශිෂ්ඨාචාරය, පෘතුගීසි ආක‍්‍රමණයෙන් වූ සමාජ පෙරළිය, අලි ඇතුන්ගේ ඉතිහාසය, උඩරට උරුමය, ජන උරුමය, යක්ෂ ගෝත‍්‍රිකයෝ, දේව ගෝත‍්‍රිකයෝ, නාග ගෝත‍්‍රිකයෝ ආදී පොත් 54 කට වැඩි ප‍්‍රමාණයක් සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් ඔහු රචනා කර තිබේ. මේ සියල්ල ගම් නියම් ගම්වල ඇවිද ගොස්, කරුණු කාරණා සොයා ගෙන රචනා කළ ඒවා වීමද විශේෂත්වයකි. එබැවින් ඉතිහාසය පිළිබඳව සෑහෙන පර්යේෂණ කළ විද්වතකු කියන කතාවක සාරාංශයක් මම මෙහි ලා ලියමි.
    හැබෑවටම රාවණ යනු කවුද?
    මහා බ‍්‍රහ්මයාගේ පුත‍්‍රයකු ලෙස සැලකෙන පුලස්ති මුනි නමින් ඝෘෂිවරයෙකු සිටියේය. රාවණ රජුගේ සීයා මේ පුලස්ති ඝෘෂිවරයාය. පුලස්ති ඝෘෂිවරයාගේ පුත‍්‍රයා විශ‍්‍රාවස් මුනි වේ. ඔහුගේ පළමු විවාහය සිදු වූයේ ඉන්දියාවේ කාන්තාවක් සමඟය. මේ ඉන්දීය කුමාරියට ලැබුණු පුත‍්‍රයා කුවේර හැටියට හදුන්වනු ලැබේ. විශ‍්‍රාවස් මුනිගෙන් පසු ලංකාව පාලනය කළේ ඔහුගේ පුත‍්‍ර කුවේර රජුය. එදා විශ‍්‍රාවස් මුනිගේ රජ මාළිඟාව වූයේ වර්තමාන සීගිරියයි. අද සිගිරිය තියනවාට වඩා තට්ටු ගණනක් යට මාළිඟාවේ නටබුන් තවමත් තිබේ. කුවේර රාජ්‍ය පාලනය කළේද සීගිරිය තම රාජ්‍ය බල කේන්ද්‍රස්ථානය කොට ගනිමිනි. විශ‍්‍රාවස් මුනි සූර්ය ආගම සූර්ය වන්දනාව ඇදහූවෙකි. එනම් රාවණ රජුගේ පියා සූර්ය ආගම ඇදහූවෙකි.
    ඔවුන් බුදු දහම ගැන නොදැන සිටියවුන් නොවේ. රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශණයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි.
    කුවේර තම පියා වූ විශ‍්‍රාවස් මුනිගෙන් රජකම ලබා ගත්තේ පහර දීමක් කොට පරාජය කිරීමෙන් හෝ විශ‍්‍රාවස් මුනි වයසට ගොස් මරණයට පත් වීමෙන් පසුව නොවේ. කුවේරට රජකම දී විශ‍්‍රාවස් මුනි ලක්දිව නැගෙනහිර පළාතේ තපස් රැක්කේය.
    කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය.
    විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජ කළ සුමාලින් රජු මෙකළ සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම ආධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය. කේෂිණීට දාව උපදින කුමරු රටේ රජකමට භාග්‍ය වන්තය. එසේ නම් රාජ්‍යත්වයට උරුමය ඇති කුමාරයකු බිහි කළ යුතුය. ඒ සඳහා ඇත්තේ එකම උපක‍්‍රමයකි. තපස් රකින විශ‍්‍රාවස් මුනි ළඟට දියණිය යවා මොවුන්ට දාව කුමාරයකු උපදවා ගැනීමයි. සුමාලින් රජු තම දියණිය කැඳවා.
    දියණිය ඔබ ගොස් විශ‍්‍රාවස් මුනි හමුවන්න. ඔහුගේ සිල් බිඳ ඔහු සමඟ විවාහ ගිවිසෙන්න. එයින් ලැබෙන වැඩිමල් පුත‍්‍රයා මහා පින්වන්තය. ඔහු රටේ බලය ලබන්නේය.
    පිය රජුගේ උපදෙස් පිට කේෂිණී කුමාරිය විශ‍්‍රාවස් මුනි ගේ තාපස ශීලය බිදීමට ඔහු සොයා ගියාය. පළමු දවස විශ‍්‍රාවස් මුනි සිටින තැනට ගොස් හැසිරුණාය. දෙවැනි දවස ද එසේම කළාය. විශ‍්‍රාවස් මුනි බලවත් ශීල ව‍්‍රතයක යෙදී සිටී. දින ගණනක් ගියත් කේෂිණීට විශ‍්‍රාවස් මුනිට කාමය උපදවන්නට නොහැකි විය.
    සත්වැනි දින විශ‍්‍රාවස් මුනි ඉදිරිපිට නුග ගසෙහි නුග මුලක් අල්ලාගෙන ඇඳ සිටි ඇදුම උනා දැමුවාය. (මේ වස්ත‍්‍රය කැඞී වැටුණ බව ද ඇතැමෙකු පිළිගනිති) මේ සිදුවීමෙන් පසු කේෂිණීගේ අරමුණ විශ‍්‍රාවස් මුනිට පැහැදිලි විණ.
    ‘ඔබ කවුද……?’ විශ‍්‍රාවස් මුනි විමසීය. ‘මම කේෂිණී සුමාලින් රජතුමාගේ දියණිය. මට ඔබට සේවය කරන්නට වුවමනායි” ඇය කියාගෙන ගියාය. මෙහි දී මුලින්ම විශ‍්‍රාවස් මුනි කේෂිණී නහවා පිරිසිදු කළ බව කියැවේ.
    කේෂිණී උණු දිය නාන්නට ප‍්‍රිය කළ නිසා, විශ‍්‍රාවස් මුනි තමන් සිටි තැන කඩුවෙන් බිම හාරා උල්පතක් මතු කළේය. එය කින්නියා උණු දිය උල්පතයි. මෙය කින්නියා නොව කන්‍යා බව ආචාර්ය මිරැුන්ඩෝ පවසයි. දෙමළ ජනතාව විසින් ”කන්‍යා” යන්න, කින්නියා ලෙස උච්ඡුාරණය කරන බව ඔහුගේ අදහසයි.
    විශ‍්‍රාවස් මුනි කේෂිණීව නහවා පිරිසිදු කොට නව යුග දිවියක් ඇරඹුවේය. ඔවුන්ට දාව දරුවන් කීප දෙනෙක් ලැබිණි. එයින් වැඩිමලා ශ‍්‍රී රාවණයි. මේ රාවණ බිහි වීමේ කතාවයි.
    රාවණට හිස් දහයක් තිබුණු බව කියැවේ. නමුත් රාවණට හිස් දහයක් තිබී නැත. ඔහුට තිබී ඇත්තේ එක හිසකි. ඔහු ශිල්ප ශාස්ත‍්‍ර දහයකට ඉතා දක්ෂයෙකි. නැටුම්, ගැයුම්, යුධ ශිල්පය, කාර්මික ශිල්පය ආදී ශිල්ප ඒ අතර ප‍්‍රධාන වෙයි. එකල ලක්දිව සබ්මැරීන්, නැව්, ගුවන් යානා පවා සාදා තිබේ. ගුවන් යානා අනූවකට වැඩි ප‍්‍රමාණයක් ලක් දිව තිබී ඇති අතර දඬු මොනරය යනු රාවණා රජු විසින් කුවේර රජුගෙන් පැහැර ගන්නා ලද රාජකීය යානයයි. රාවණ උස් මහත් වී කුවේරට පහර දී සිගිරියත්, කුවේර සතුව පැවති රජකමත් උදුරා ගත්තේය. රාවණ මුලින්ම කුවේර හමු වී මේ රට තමන්ගේ පරම්පරාවට අයිති බව පවසා ලබා ගන්නට උත්සාහ කළේය. එය නොලැබී ගියෙන් කුවේර හා සටන් කර රාවණ රජ කම ලබා ගත්තේය. ඒ සඳහා යක්ෂ ගෝත‍්‍රික හමුදාවක් රාවණට උදවු විණ.
    මේ කාලය වන විට ලංකාවේ යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ වශයෙන් ගෝත‍්‍ර හතරක් විසූහ. ඒ අය මනුෂ්‍ය කොට්ඨාසයි. (උදා. හැටියට අද ගොවිගම, කරාව, රජක වශයෙන් සලකන කුල මෙන් එදා සමාජ සංස්ථාවේ පැවති වර්ගීකරණයකි).
    ලක්දිව රජකමට පත් රාවණ තම බලය පැතිර වූ කේන්ද්‍රස්ථානය සීගිරියයි. රාවණට මාළිඟා කීපයක් තිබුණු බව කියැවේ. නුවර එළිය, පිදුරුතලාගල කන්ද, මාවනැල්ල, වැඩිහිටි කන්ද ඊට උදාහරණ වේ. ඔහුට භූගත රජ මාළිඟාවක්ද තිබී ඇත. රාවණ රජු විශ‍්‍රාවස් මුනිටත් වඩා ප‍්‍රබල පාලකයෙකු විය. එසේම උගතෙකු විය. රාවණ රජු තම වහල් සේවයට එරිත‍්‍රියාව, දකුණු අප‍්‍රිකාව, සුඩානය රටවලින් පිරිස ගෙන්වා දකුණු ඉන්දියාවේ පදිංචි කරවීය. රාවණගේ ඒ කුළී හමුදාව අද දකුණු ඉන්දීය දෙමළ ජනයා බව ආචාර්ය මිරැන්ඩෝ කියයි. මේ අනුව ඔහු ඉන්දියාව පවා සිය පාලනය යටතට ගත් බල සම්පන්න රජෙකි.
    ආචාර්ය මිරැන්ඩෝ පවසන පරිදි රාවණ යළි නැගිට්ටා නම්, එය සිදු වූයේ කෙසේද?
    රාම – රාවණ යුද්ධයේ දී රාම විසින් රාවණට විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේය. එය රාම විද්දේ රාවණ රජුව මරා දැමීම සඳහාය. නමුත් එම ඊ පහරින් රාවණ මිය ගියේ නැත. රාවණ රජු සිහි මුර්ඡවට පත් විය. ලෝකයේ වැඩිම කාලයක් සිහි මුර්ඡුාවේ සිටි පුද්ගලයා රාවණය. රාවණ සිහි සුන්ව වැටී සිටියේ නුවර එළිය හරස් බැද්දේ උඩහ මහ කුඩු ගල කන්දේ පොළොව යට උමං මාළිඟාවකය. සිහි මුර්ඡුා වී සිටි රාවණ රජුට වාර්ෂිකව ඇතැම්හු ගොස් මල් මාලා සහ ලූණු පූජා තැබූහ. එසේ පුද පූජා කළ අයට රාවණ රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික් ගලක් හිමි වේ. එම මැණික ලැබී මාස තුනක් ඇවෑමෙන් වාසනාවන්තයා මරණයට පත් වේ. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ දෙයකි. මේ රහස් අදාළ ප‍්‍රදේශවල පර්යේෂණ කිරීමෙන් හදුනා ගත හැකිය.
    මැණික ලැබෙන වාසනාවන්තයා ඉබේ මරණයට පත් වීමක් නොව ඔහු කිසියම් බලවේගයකින් මරණයට පත් වෙයි. හේතුව මැණික ලැබීමට හේතු වූ රහස හෙළි වීම වළකනු පිණිසය. රාවණ රජු සිහි මුර්ඡුාවෙන් නැගිට්ටේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නිමා වීමට ආසන්න කාලයේය. ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප‍්‍රතිඵලයයි.
    රාවණ රජු දැන් දෙවි කෙනෙක් හා සම වේ. රාවණ මේ වන විටත් ලොව පුරා සැරි සරයි. රාවණ රජු වෙස් වළා සැම තැන ඇවිදියි.
    ගොවියෙකු ලෙස, සාමාන්‍ය මිනිසෙකු ලෙස, මේ කවර ආකාරයට හෝ සමාජයේ පෙනී සිටියි. එකම වෙනස රාවණ රජු පොළොවට අගල් කීපයක් උඩින් ඉහත වෙස් වළා ගැනීමෙන් ඇවිද යාමයි. රාවණගේ ඇස් ඉතා දීප්තිමත්ය.
    ආජන්ටිනා ජාතිකයෙකුගේ ශරීර ලක්ෂණයන්ට සමාන වේ. ලෝකයේ රට රටවල මුස්ලිම් ජනතාව එකිනෙකා කා කොටා ගැනීමේ ප‍්‍රධානම හේතුව රාවණගේ ශාපයයි. රාවණ රජු අවි ආයුධ ගත්තවුන්ට ශාප කරයි. සාධාරණයට සහාය දෙයි. එබැවින් මේ යුගය අයුක්තිය, යුක්තිය පසිඳලන රාවණගේ යුගයයි.
    - ලංකාදීප පුවත්පතිනි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    රාවණ රජු වෙස් වළා සැම තැන ඇවිදියි.
    ගොවියෙකු ලෙස, සාමාන්‍ය මිනිසෙකු ලෙස, මේ කවර ආකාරයට හෝ සමාජයේ පෙනී සිටියි

    මං හිතන්නේ රාවණ දැන් අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුවේ (CID) වැඩ කරන්නේ.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    නිදි මතයි බන්
    pic1.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය.

    මේක ලිව්ව එකා කල්පේ දන්නෙත් නැහැ අවුරුද්ද දන්නෙත් නැහැ :no::no::no:

    අවුරුදු 7500 ඇතුලත බුදුන් වහන්සේලා 3 නමක් පහළ වෙලා එතකොට
    ?

    :no::no::no:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මරුසිරා;16941655 said:

    සිරාවට බන්, මුන්ගෙ ගොබ්බ කමට සීමාවක් නෑ.:rofl::rofl:
    ඕක ලියපු එකා බෞද්ධයෙක් නොවන බවට හොඳම සාධකයක්.
    මේව බුද්ධාගමට මඩ ගහන්න සල්ලි වලට කරන වැඩ.
    අපේ සමහර එවුනුත් මේව ඉස් මුදුනින් පිළිගන්න එකනෙ වැඩේ කියන්නෙ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය.
    විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජ කළ සුමාලින් රජු මෙකළ සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම ආධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය.

    ගිර්වපත්තුවේ රාජපක්ෂ පරපුර රාවණාගේ මව් පසින් ඥාතින් වෙයි.

    ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප‍්‍රතිඵලයයි.

    රාවණාගේ ඥාතිත්වය නිසා නිදන් හෑරීමට උරුමයක් රාජපක්ෂ පරපුරට ලැබී ඇත

    මේවා ලියන උන්ට සයිකෝ.... ලංකාදීප වගේ පත්තරේක මේවා දානවා කියන්නේ. උන් කරන්නෙත් බොරුව පෝෂණය කරන එකනේ. මිනිසුන්ව රවට්ටන ඔය වගේ උන්ට හෙන ගහන්න ඕනි. මිනිස්සු මවාගත්ත වල ලෝක වල ජිවත් වෙනවා කියනේ ඔකට. අනික බන් අපි වන්සේ කබල් ගෑවට ඇල්පෙනිත්ත ගේන්නෙත් චීනෙන්, ඉන්දියාවෙන, අපේ ආම්ම්ලා අක්කලා අරාබියේ වලන් හෝදනවා. වකුගඩු රෝගියෝ ඉන්නව අද මැරෙයිද හෙට මැරෙයිද බයෙන් ලතවෙවී.

    එත් ඇහුවොත් රාවනා ගේ පරපුර
     
    රාවනා රජතුමා ඒකාලේ ලේසර් තාක්ෂනය විශාල වශයෙන් භාවිතා කරලා තියනවා. ඒවා දැනටමත් ඔප්පු වෙලා හමාරයි. නමුත් බටහිර රටවල් ඒවා වසන් කරනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය.
    විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජ කළ සුමාලින් රජු මෙකළ සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම ආධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය.

    ගිර්වපත්තුවේ රාජපක්ෂ පරපුර රාවණාගේ මව් පසින් ඥාතින් වෙයි.

    ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප‍්‍රතිඵලයයි.

    රාවණාගේ ඥාතිත්වය නිසා නිදන් හෑරීමට උරුමයක් රාජපක්ෂ පරපුරට ලැබී ඇත

    මේවා ලියන උන්ට සයිකෝ.... ලංකාදීප වගේ පත්තරේක මේවා දානවා කියන්නේ. උන් කරන්නෙත් බොරුව පෝෂණය කරන එකනේ. මිනිසුන්ව රවට්ටන ඔය වගේ උන්ට හෙන ගහන්න ඕනි. මිනිස්සු මවාගත්ත වල ලෝක වල ජිවත් වෙනවා කියනේ ඔකට. අනික බන් අපි වන්සේ කබල් ගෑවට ඇල්පෙනිත්ත ගේන්නෙත් චීනෙන්, ඉන්දියාවෙන, අපේ ආම්ම්ලා අක්කලා අරාබියේ වලන් හෝදනවා. වකුගඩු රෝගියෝ ඉන්නව අද මැරෙයිද හෙට මැරෙයිද බයෙන් ලතවෙවී.

    එත් ඇහුවොත් රාවනා ගේ පරපුර

    මාත් හිතුව. ගිරුවපට්ටුවක් ගැන කියද්දී අන්තිමට රාවණාත් රාජපක්ස කෙනෙක් වෙනව බං
    අනිත් එක මැණික් රත්‍රන් වස්තුව දැන් තමයි මහපොළවෙන් මතුවෙන්නේ දන්නෝ දනිති

    ලංකාව දැන් රන් වෙන තියරිය මෙන්න මේකයි

    1. සිංහලුන් මොළ ශෝධනයකට ලක් කිරීම - ජිනීවා, කොටි, විදුලිපුටු, රාවණ, තෙල් නිධි, ඇමරිකානු අතපෙවීම්, දේශප්‍රේමය, යුද්දේ දින්නනේ, ඒ කාලේ නෑ දැන් කුඩු අල්ලනවා
    2. බටහිර රටවල් එපා. උන් ලංකාවට කෙලවන්න හදන්නේ කියල ලංකාවෙන් බාගයක් චීනෙට උගස් කිරීම, ඉතුරු බාගෙ ආරාබි ඔටුවන්ට උගස් කිරීම. රටේ ආර්ථිකමය වාසි සියල්ල චීනෙට ලබාදීම, මුහුඩේ මාළු චීනෙට දීම, ලංකාවේ ආරක්ෂක රහස් වලට අතපෙවීමට හැකියාව
    3. 2.50 ආචාර්යවරු ලවා නව ඉතිහාසයක් නිර්මාණය (රාමායණයේ කියන දේ මමද පිලි නොගනිමි එහෙත් මේ නව නිර්මිත රාවණ ඉතිහාසය කෙලින්ම හරි පොටර් වගේ එකකි)
    4. ලංකාවේ මාද්‍ය කොමඩියන් ල බවට පරිවර්තනය කිරීම.
    5. ආනයනික කුඩු රේගු පරීක්ෂාවෙන් අනතුරුව පොලිස් භාරයට ගෙන පොලිස් ආරක්සාව යටතේ හිමිකරුවන්ට ලබාදීම

    • Like
    Reactions: maxboysl

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මරුසිරා;16941655 said:
    රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය.

    මේක ලිව්ව එකා කල්පේ දන්නෙත් නැහැ අවුරුද්ද දන්නෙත් නැහැ :no::no::no:

    අවුරුදු 7500 ඇතුලත බුදුන් වහන්සේලා 3 නමක් පහළ වෙලා එතකොට
    ?

    :no::no::no:

    මචන් ඔය ප්‍රශනේ මටත් තියෙන එකක්..අපි ඉගෙන තියෙන්නේ කල්පෙ කියල ගවුවක් දිග ගවිව්ක් උස ගව්වක් පලල කලුගල් කුට්ටියක් අවුරුදු සීයකට පාරක් සේද රෙද්දකින් එක වරක් පිසදා මේ කලුගල් කුට්ටිය යම් දවසක් ගෙවී ගියේද නමුත් කල්පය තවම ඉවර නෑ කියල. නමුත් මචන් මේ රාවනා දවස කාශ්යප බුදුන්ගේ ශාසනය තිබ්බා කියන්න ප්‍රබල ශාක්ශියක් තියෙනවා මචන්(කොනාගමන බුද්ද ශාසනය තිබ්බා කියල පිලිගන්න අමාරුයි ) .ඒ තමයි සීගිරිය ආශ්‍රිත කැනීම් වලින් හම්බෙලා තියෙනවා එක පුවරුවක් ඒ පුවරුවෙ බුදු වරු තිදෙනයි බොධිසත්වයො දෙන්නයි කැටයම කරල තියෙනවා.එතකොට සමහරු මේක විග්‍රහ කරන්වා මේ බොදි සත්වයො දෙන්න තමයි ගෞතම බොදිසත්වයො සහ මයිත්‍රී බොදිසත්වයො කියල . මේ තර්කෙ ලෙසියෙන් බැහැර කරන්න බෑ මචන්..
     
    ඔය තර්කය ලේසියෙන් බැහැර කරන්න බැරි ඇයි කියලවත් ඔය දන්නවද?

    ඔතන ඔයාට ප්‍රශ්නය තියෙන්නෙ, බුද්ධ වචනය පිළිගන්න එකද, නැත්නම් ඔය 'සමහරු' කියන අය ගලක කොටල තිබ්බ පින්තුරයක් විග්‍රහ කිරීම පිළිගන්න එකද කියන එක.

    සම්මා දිට්ඨිය මදි වීම තමයි. :(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය තර්කය ලේසියෙන් බැහැර කරන්න බැරි ඇයි කියලවත් ඔය දන්නවද?

    ඔතන ඔයාට ප්‍රශ්නය තියෙන්නෙ, බුද්ධ වචනය පිළිගන්න එකද, නැත්නම් ඔය 'සමහරු' කියන අය ගලක කොටල තිබ්බ පින්තුරයක් විග්‍රහ කිරීම පිළිගන්න එකද කියන එක.

    සම්මා දිට්ඨිය මදි වීම තමයි. :(

    අය්යො ඔයා මම කිව්ව එකෙන්ම මට දමල ගහනවනේ.....:angry:

    එක තමයි කිව්වේ ඉස්සෙල්ලා අර කල්පේ අර්ත දැක්වීම
    ත්‍රිපිටකයෙ කොහෙද තියෙන්නෙ කියල හොයන්න ඕනෙ.. එහෙම තියෙන්වනම් ඔය පුවරු මට වැඩක් නෑ...:yes:

    හා දැන් උඹ සම්ම දිට්ටි නම් ඒක ත්‍රිපිටකයේ තියෙන තැන මට කියපන් බලන්න...අනික තව අර්ත කතනයක් තියෙනවා කල්පය කුමක්ද කියල දන්නවනම් ඒකත් කියපන් බලන්න...
    :D

    පොර ටෝක් නම් උපරිමයි දන්න දෙයක් නම් නෑ වගෙයි:P
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අය්යො ඔයා මම කිව්ව එකෙන්ම මට දමල ගහනවනේ.....:angry:

    එක තමයි කිව්වේ ඉස්සෙල්ලා අර කල්පේ අර්ත දැක්වීම
    ත්‍රිපිටකයෙ කොහෙද තියෙන්නෙ කියල හොයන්න ඕනෙ.. එහෙම තියෙන්වනම් ඔය පුවරු මට වැඩක් නෑ...:yes:

    හා දැන් උඹ සම්ම දිට්ටි නම් ඒක ත්‍රිපිටකයේ තියෙන තැන මට කියපන් බලන්න...අනික තව අර්ත කතනයක් තියෙනවා කල්පය කුමක්ද කියල දන්නවනම් ඒකත් කියපන් බලන්න...
    :D

    උඹට මඩ ගහන්න කිව්ව එකක් නෙමෙයි මචන්. ඒත් හොඳ මොලේ ඇති කොල්ලොත් මේවට අහු වෙනකොට දුකයි. කල්පය ගැන එක තැනක විතරක් නෙමෙයි, හැමතැනම විග්‍රහ කරලා තියනව බන්. ඔය ඔයා කිව්ව ඒක මට මතක විදිහට සංයුත්ත නිකායේද කොහෙද තියෙන්නෙ. ටිකක් හිතහන් බන්, අවුරුදු 7500ක් ඇතුලත බුදුවරු 3ක් පහල උනා කියන ඒක ත්‍රිපිටකයට කෙළ ගහනව වගේ වැඩක්නෙ. එහෙම උනොත් ත්‍රිපිටකයයි, බයිබලයයි අතර වෙනසක් නැති වෙනව. කොල්ලො නොදැන නිකන් පවු කරගන්නව.

    ඕව ප්‍රචලිත කරන උන්ට යටි අරමුණු තියනව වගේම අන්තවාදී ආගම වලින් සල්ලි හම්බ වෙනව. ඒත් මේ හොඳ බෞද්ධයො වෙන අපි ඕව ප්‍රචලිත කරලා පවු කරගන්න ඕන නෑනෙ?
     
    ඔව් ඔව් එහෙම කුමන්ත්‍රන තියෙනවා බුදු හාමුදුරුවො ලන්කාවෙ උපන්නා කිය කිය යන මීවනපලානේ සෙට් එකත් එහෙම කල්ලියක් තමයි....නමුත් රාවණ ගැන නම් එහෙම තත්ව්යක් පෙනෙන්නේ නෑ තවම..ඔය ලිපිය ලියපු මිරැන්ඩො ඔබේසෑකරත් කියන්නේ රාවණ බුදුදහම් දැන ගෙන හිටියට සූර්ය වන්දනාව කරපු සිව භක්තිකයෙක් කියල
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වෙලාව තියනවනම් මේ threads දෙකත් කියවපන් මචන්. වැදගත් කරුණු ගොඩක් තිබ්බ.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1127458

    http://elakiri.lk/forum/showthread.php?t=1200411

    පසු වදන- අනේ මචන් මම පොර වෙන්න හිතාගෙන කියාපු දෙයක් නෙමෙයි. ඔය පොඩ්ඩ කියල පොර වෙන්න පුළුවන්නම්, මෙතන පොර නොවෙච්ච එකෙක් නැතුව ඇති.:rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔව් ඔව් එහෙම කුමන්ත්‍රන තියෙනවා බුදු හාමුදුරුවො ලන්කාවෙ උපන්නා කිය කිය යන මීවනපලානේ සෙට් එකත් එහෙම කල්ලියක් තමයි....නමුත් රාවණ ගැන නම් එහෙම තත්ව්යක් පෙනෙන්නේ නෑ තවම..ඔය ලිපිය ලියපු මිරැන්ඩො ඔබේසෑකරත් කියන්නේ රාවණ බුදුදහම් දැන ගෙන හිටියට සූර්ය වන්දනාව කරපු සිව භක්තිකයෙක් කියල

    මම කිව්වට මොනවත් පිළිගන්න එපා මචන්, ත්‍රිපිටකය free pdf download කරන්න පුළුවන්. පොඩ්ඩක් උඩින් පල්ලෙන් ඒක කියෙව්වත්, මිරැන්ඩොගෙ තර්කයේ අඩු පාඩු ගොඩක් පෙනෙන්න පටන් ගනියි.​
     
    Similar threads