~පොලිසියට අවම බලය යොදන්න පුළුවන් මෙහෙමයි.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ~පොලිසියට අවම බලය යොදන්න පුළුවන් මෙහෙමයි.

    පොලිසියට අවම බලය යොදන්න පුළුවන් මෙහෙමයි
    පොලිසිය ‘අවම බලය’ භාවිත කරන ආකාරය ගැන පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක් විය. අවම බලය, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ආදී විවිධ කතා කරළියට ආවත් මේවායේ තේරුම ගැන සාමාන්‍ය වැසියන්ට හරි හැටි අවබෝධයක් ඇත්දැයි යන්න ගැටලූවකි. එලෙස අවබෝධයක් තිබුණා නම් පොලිසියේ අවම බලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නීති විශාරදයන්ගේ අදහස විය.

    ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය නීතිඥ ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන් මේ ගැන විමසීමු.



    ප‍්‍රශ්නය: මොකක්ද මේ අවම බලය? අවම බලය ගැන විස්තර කළොත්?
    පිළිතුර: අවම බලය කියන්නේ යම් කිසි සැකකාරයෙක් යටත් කර ගැනීම සඳහා පොලිසිය විසින් භාවිත කරන උපක‍්‍රමය. කිසිම නීතියක කියලා නෑ අවම බලය අවශ්‍ය බලය මොකක්ද කියලා. දැන් ලෝකයේ තියන සංකල්පය තමයි අවම බලයට වඩා අවශ්‍ය බලය කියන එක. ලංකාවේ ගොඩක් නඩු තීන්දුවල තියෙන්නේ අවම බලය. අවම බලය කියන්නේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු අවනත කර ගැනීම සඳහා ඔහු යොදන බලයට සමාන බලයක් යෙදීම. උදාහරණ විදියට මෙහෙම කියන්න පුළුවන්. යම් අවස්ථාවක සැකකරුට එරෙහිව තියෙන වරෙන්තුව හෝ චෝදනාව පෙන්වා දෙන විට ඔහු දුවන්න හදනවා නම් පොලිස් නිලධාරියා නවතින්නැයි වචනයෙන් කියන විට ඔහු නතර වෙනවා නම් ඔහු අත්අඩංගුවට ගැනීමේ දී යොදන්න පුළුවන් බලය තමයි ඔහු මාංචු දමා අත්අඩංගුවට ගැනීම. වෙන කිසිම බලයක් යොදන්න බෑ.
    දෙවැනි එක තමයි යම් කිසි අවස්ථාවක අදාළ වරෙන්තුව හෝ චෝදනාව කියා දී දුවනවා නම් ඔහු ලූහුබැඳ ගිහින් අල්ලද්දී පොර බදනවා නම් පොර බදන බලයට සමාන බලයක් යෙදීම තමයි එහි දී අවම බලය කියන්නේ. හේතුව පොලිස් නිලධාරීන් විශේෂ පුහුණුවක් ලත් අය. ඔවුන් දන්නවා කොහොමද යටත් කර ගන්නේ කියා. පොර බදනවාට අමතරව ඔහු පහර දෙනවා නම් එම පහර දීම නවත්වන්න කරන්න ඕන බලය පමණයි පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම දුවන ගමන් පොල්ලකින් පහර දෙනවා නම් අවම බලය කියන්නේ තමනුත් ඒ හා සමාන ආයුධයක් තමයි යටත් කර ගන්න පාවිච්චි කළ යුත්තේ. හරියට බැටන් පොල්ල වගේ.
    දුවන ගමන් කවුරු හරි ගිනි අවියක් භාවිත කර වෙඩි තියනවා කියා හිතමුකෝ. ලංකාවේ හොඳම නඩුව තමයි වන්නකු තිසාහාමි නඩුව. මොහු පොලිසිය පන්නද්දි වෙඩි තියනවා. එතකොට අවම බලය කියන්නේ අර ගිනි අවිය පාවිච්චිය නවත්වාලීමට යොදන බලය. එයින් ඔහුගේ මරණය සිදු කරන්න බෑ. එක්කෝ අහසට වෙඩි තියන එක. නැත්නම් පාදයෙන් පහළට වෙඩි තියෙන එක.
    පෙර කී නඩුවෙදි ඔහු වෙඩි තියනවා. පොලිසිය පෙරළා වෙඩි තියනවා. පොලිසිය කියන්නේ අපේ ආත්ම ආරක්ෂාව සඳහා තමයි වෙඩි තියන්නේ කියා. නමුත් මේ නඩුවෙදි කියනවා එවැනි අවස්ථාවක වුවත් අවම බලය කියන්නේ ඔහු මරණයට පත් කිරීම නොවේ කියා. ඊළගට සැකකරු බෝම්බයක් ගසා දුව යනවා නම් එවැනි අවස්ථාවක වුවත් මරණයට පත් කරන්න බෑ.
    අවම බලය කියන්නේ සැකකරුගේ මරණය සිදු නොකර යටත් කර ගැනීම. අත්අඩංගුවට ගෙන ළඟම අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. පොලිස් නිලධාරියකු වෙඩි තියා කිසිවකු මරණයට පත් වෙනවා නම් එවැනි අවස්ථාවට නීතිපතිවරයාට පුළුවන් මහාධිකරණයේ නඩු පවරන්න.
    පොලිසිය හැම වෙලාවෙම මේවා මහේස්ත‍්‍රාත් අධිකරණයට දාලා සාධාරණීකරණය කරනවා මේවා නීත්‍යනුකූල මිනීමැරීම් කියා.
    දැන් ගොඩක් වෙලාවට වෙන්නේ පොලිසිය නිරායුධ සැකකරුවා මාංචු දමා අරගෙන යනවා. එහෙම ගිනිහින් කියනවා පෙන්නපන් අයුධ කියලා. වටේම පොලිසියේ පිරිස 25ක් විතර ඉන්නවා. එහෙම ඉඳලා මෙයාගේ මාංචුත් පොලිසිය ගලවනවා. එහෙම කරලා මෙයා ගස්ලබු ගහ යටින් හෝ උණ පඳුර යටින් හෝ අරගන්න ආයුධයකින් වටේටම වෙඩි තියනවා කියලයි කියන්නේ. ඉතින් පොලිසිය සූදානම් වෙලානේ ඉන්නේ. එවැනි අවස්ථාවක පවා ඔහුගේ මරණය සිදු කරන්න කිසිම අයිතියක් නෑ.
    නීතිය අනුව ඔහු ආයුධය අරගෙන දෙන්න ඕනෑ නෑ. මේවා රගපෑම්. පිටපත් රචනා. කරන්න ඕන අන්න අතන ආයුධය තියෙනවා කියා සැකකරු පෙන්වන එකයි. ඔහු ලවාම ඒ අයුධ ගන්න ඕන නෑ.
    මං මේ අපරාධකාරයන්ට සහාය දීලා කතා කරනවා නෙමෙයි. මානව හිමිකම් පැත්තෙනුයි මං කතා කරන්නේ.
    අවම බලය එක එක්කෙනාට ඕන විදියට විග‍්‍රහ කරන්න බෑ. අවම බලය කියා අප කියන්නේ අදාළ සැකකරු යොදන බලයට සමාන බලයක් යොදා අවනත කර ගැනීම.


    ප‍්‍රශ්නය: පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියා දෙයක් තියෙනවා නේද? එතකොට මරණය ළඟා කරන්න පුළුවන් ද?
    පිළිතුර: පොලිස් නිලධාරීන් කියන්නේ සාමය ආරක්ෂා කරන නිලධාරීන්. එහෙම නිලධාරීන් ඉන්නේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව ලබා දෙන්න. ජීවිත ආරක්ෂාවට වෙන කෙනෙක් ඝාතනය කරනවා කියන එක සාධාරනීකරණය කරන්න අමාරුයි. පොලිස් නිලධාරියාට හැකි වෙන්න ඕනෑ තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා තමා ඉගෙන ගෙන තියෙන දක්ෂ ශිල්ප ක‍්‍රම භාවිත කර බේරීමෙන් ඔහු යටත් කර ගන්න.
    සියයට අනූවක්ම ලංකාවේ අපරාධ සැකකරුවන් හමුදාවෙන් පළා ගිය අය. සාමාන්‍ය ගම්වල ඉන්න හොරු වගේ නෙමෙයි. මේ අය හොඳ පුහුණු වීමක් ලබා තියෙනවා. එතකොට ඒ ගොල්ලෝ හරියට ඉලක්කය බලා වෙඩි තියන්න දන්නවා. ඒ අය වෙනුවෙන් අවම බලය භාවිත කරද්දිත් පොලිස් නිලධාරීන් දැන ගන්න ඕනෑ එයාලා ඝාතනය නොකර කකුලෙන් පහළට වෙඩි තියලා බේරෙන්න.
    පොලිසියේ තවත් 25ක් විතර ඉන්දි එක්කෙනකුට සැකකාරයා වෙඩි තියෙනවා නම් වෙනත් කෙනකුට පුළුවන්නේ පපුවට වෙඩි නොතියා වෙනත් තැනකට වෙඩි තියන්න.
    ක‍්‍රමවේදය ක‍්‍රම ශිල්පය හරියට භාවිත කළා නම් මෙවැනි දේවල් වෙන්නේ නෑ.


    ප‍්‍රශ්නය: මිනිහෙක් පිහියක් අතේ තියාගෙන යනවා නම්, ඒ පිහියෙන් කාටවත් ඇන්නා කියා පැමිණිල්ලකුත් නැත්නම් පොලිසියට පුළුවන්ද ඔහුට වෙඩි තියන්න?
    පිළිතුර: මිනිහෙක් පිහියක් අරගෙන යන්න පුළුවන්. ඒ අයුධය අරගෙන ගියැයි කියලා ඔහුට වෙඩි තියන්න බෑ. ඔහු යටත් කරගෙන අදාළ නීති රාමුව තුළ නඩු පවරන්න පුළුවන්. ඔහු අයුධය භාවිත කළේ නැත්නම් අවම බලය කියන්නේ වචනයෙන් කියා යටත් කර ගැනීමයි. ඔහු පිහිය භාවිත කරනවා නම් එය මෙල්ල කරන්න පපුවට වෙඩි තියන්න බෑ. අනිත් එක කිසිම වෙලාවක ළගට ගිහින් වෙඩි තියන්නත් බැහැනේ. බයික් එකේ යනවා නම් ටයර් එකට වෙඩි තියන්න පුළුවන්. ඔළුවට හෝ පපුවට වෙඩි තියන එක නෙමේ වැඬේ. ආයුධයක් තිබුණු පළියට ඝාතනය කරන්න බෑ. වෙඩි තියා කෙනකු මරනවා කියන්නේ අවම බලයක් නෙමේනේ. තියෙන උපරිම බලය භාවිත කරලා තියෙන්නේ.
    පොලිසියෙන් වාහනයක් නවත්වන්න කියා සංඥා කරද්දී පලා යනවා නම් වාහනයේ අංකය තියෙනවා. වාහනේ අංකයෙන් වැඩි විස්තර හොයා ගන්න පුළුවන්. දෙවැනි එක තමයි මොබයිල් සෙට් දීලා තියෙනවා. ළඟම ඉන්න කෙනාට ආමන්ත‍්‍රණය කරන්න පුළුවන්. ඒ හරහා අල්ලා ගන්න පුළුවන්. යතුරුපැදි තියෙනවා. ඒවායින් හඹා ගිහින් අල්ලා ගන්න පුළුවන්. අනිත් එක අද රටේ හදිසි නීතියක් නැහැනේ. වාහනේ රෝදවලට වෙඩි තියනවා කියලා සැකකරුගේ පපුවට වදින්න තියන්න බෑ.
    ඕනෑම අපරාධයක් කළ සැකකරුවකු වැරදිකරු ද නිවැරදිකරු ද කියන එක තීරණය කරන්න පොලිසියට බෑ. ඒක කළ යුත්තේ අධිකරණයෙන්. වරදක් කර තියනවා නම් ඔහුට දඬුවමක් දී ඔහු පුනරුත්ථාපනය කර හොඳ මිනිහෙකු ලෙස සමාජයට යැවිය යුතුයි.
    දිගින් දිගටම සැකකරුවන් ඝාතනය වන එක නැවැත්විය යුතුයි. මං යෝජනා කරන්නේ පොලිස් නිලධාරීන්ට මීට වඩා හොඳ පුහුණුවක් දිය යුතුයි. අනිත් එක පොලිසියයි මහජනතාවයි අතර සම්බන්ධයක් ගොඩ නැගිය යුතුයි. එහෙම සම්බන්ධයක් තියෙනවා නම් සැකකරුවන් අල්ලන්න මහජනතාව සහාය දෙනවා. ඒ නිසා ප‍්‍රජා පොලිස් සංකල්පය දියුණු කළ යුතුයි. මේ සඳහා හොඳ වැඩ පිළිවෙළක් හැකි ඉක්මණින් සකස් කළ යුතුයි.
    ‘පොලිස් විමර්ශනයක් සිදු කළ යුත්තේ සැකකරුට එරෙහිව සාක්කි පවතීද නැද්ද යන්න ගැන සොයා බැලීම පිණිස මිස ඔහු වැරදිකරු ද නිවැරදිකරු ද යන්න තීරණය කිරීමට නොවේ. වැරදිකරු ද නිවැරදිකරු ද යන්න සොයා බැලීම පොලිසියේ නොව අධිකරණය සතු කාර්යයකි.’
    අඟුලාන ද්විත්ව මිනීමැරුම් සිද්ධියේ මානව හිමිකම් වාර්තාව.


    ‘නඩුවේ දී අධිකරණයෙන් නියම කරන දණ්ඩනයක දී හැර අනෙක් සෑම විටම යම් තැනැත්තකුට ජීවත් වීමේ අයිතිවාසිකම ඇත.’
    කේ.ඞී. ශ‍්‍රියානි සිල්වා එදිරි පයාගල ස්ථානාධිපති නඩුව


    ‘නිසි අධිකරණයකින් කරනු ලැබූ ආඥාවකට අනුව මිස කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ බන්ධනාගාරගත කිරීම නොකළ යුතුය.’
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 (04) වගන්තිය


    ‘ඉතා දරුණු අපරාධකාරයකු හට වුව ද මූලික අයිතිවාසිකම් සඳහා අයිතිවාසිකම් ඇත’
    පුගීකියන එදිරි හෙට්ටිආරච්චි නඩුව


    ‘කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතුය.’
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව.


    එවැනි උදාහරණ ඕනෑ තරම් තියෙනවා.

    උපුටා ගැනීම ලංකාදීප පුවත් පත ජුලි 22
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Fairy tale එකක් වගේ අනේ මේවා අහනකොට. අවම බලය කෙසේ වෙතත් අපේ ගූ පොලිසිය උපරිම බලය නම් පාවිච්චි කරනවා.

    හැබැයි ලොකු කට්ටිය වැරදි කරලා අහු උනාම නම් ඔය මොන බලයවත් පාවිච්චි කොරන්නේ නැහැනේ. නැට්ට පුකේ ගහගෙන බලාගෙන ඉන්නවා. හොඳම උදාහරනේ තමා මාව පාරක් ඇල්ලුවා driving side එකේ වීදුරුව tint කරගෙන ගියා කියල. මම ඒක rent කරපු එකක් මටත් එක් meter උනේ නැහැ. හරි කමක් නැ නිතිය එක නම් මොනවා කියන්නද? ඔන්න එතකොටම ආපි full tint කරපු එකක්. මූ එකත් නැවැත්තුව හැබැයි ආපු එකා එලියටවත් ආවේ නෑ , කොස්සා දෙකට නැමිලා වගේ කතා කළා , විනාඩියක්වත් වාහනේ තිබ්බේ නෑ පාරට දාගෙන ගියා. මට දඩ අනික් එකාට මුකුත් නැහැ. අන්න අපේ පොලිසිය :P
     

    thanujaka

    Well-known member
  • ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බන් පොලිස් කාරයෝ කියන්නේ හරියට වෘතිය පුහුණුව ලබපු කොටසක් නෙමෙයි නේ බන්. ඔහේ කබ්බෝ වගේ එලියට එන එවුන් නේ ඉන්නේ. මුලින්ම උන්ට වෘතීය මට්ටමේ හරි පුහුණුවක් දෙන්න ඕනේ. නැතුව ඔය අඩු පාඩු කවදාවත් මගහැරගන්න වෙන්නේ නැ බන්.
     

    pubudukalhara

    Active member
  • Fairy tale එකක් වගේ අනේ මේවා අහනකොට. අවම බලය කෙසේ වෙතත් අපේ ගූ පොලිසිය උපරිම බලය නම් පාවිච්චි කරනවා.

    හැබැයි ලොකු කට්ටිය වැරදි කරලා අහු උනාම නම් ඔය මොන බලයවත් පාවිච්චි කොරන්නේ නැහැනේ. නැට්ට පුකේ ගහගෙන බලාගෙන ඉන්නවා. හොඳම උදාහරනේ තමා මාව පාරක් ඇල්ලුවා driving side එකේ වීදුරුව tint කරගෙන ගියා කියල. මම ඒක rent කරපු එකක් මටත් එක් meter උනේ නැහැ. හරි කමක් නැ නිතිය එක නම් මොනවා කියන්නද? ඔන්න එතකොටම ආපි full tint කරපු එකක්. මූ එකත් නැවැත්තුව හැබැයි ආපු එකා එලියටවත් ආවේ නෑ , කොස්සා දෙකට නැමිලා වගේ කතා කළා , විනාඩියක්වත් වාහනේ තිබ්බේ නෑ පාරට දාගෙන ගියා. මට දඩ අනික් එකාට මුකුත් නැහැ. අන්න අපේ පොලිසිය :P
    UK walada ??? :confused: :confused: :confused::confused: :dull::dull::dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ අයියල වෙඩි තියල ප්‍රශ්න කරන්නෙ..
    තව ඒගොල්ලන්ට පුළුවන් wanted ඒකෙ වගේ බුලට් හැරවිලා යන්න වෙඩි තියන්න.. මේ බයික් එක පැදන් යන්න යන එකාට පිටිපස්සෙන් ඉදන් වෙඩි තියන්න පුළුවන් ඉස්සරහින් බුලට් එක ඇවිත් වදින්න..

    ලෝකෙටම එකයි™
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් බලනකොට අපේ පොලිසියේ මාමලා අවම බලය කියලා යොදන්නේ උපරිම එක වගේ
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න ඕකි ඇත්ත විස්තරේ වෙන්නේ මොකද කියලා අදයි මමත් දන ගත්තේ
    මේ ට්‍රේඅඩ් එක නම් දැම්මේ රේප් බලාගෙන නෙවේ මචන්ලා හැමෝටම වැදගත් නිසා
    රේප් දුන් සැමට ආපසු එව්වා තැන්ක්ස්
    ඔන්න ඕකි ඇත්ත විස්තරේ වෙන්නේ මොකද කියලා අදයි මමත් දන ගත්තේ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒගොල්ලන්ට පුළුවන් wanted ඒකෙ වගේ බුලට් හැරවිලා යන්න වෙඩි තියන්න..
    මේ බයික් එක පැදන් යන්න යන එකාට පිටිපස්සෙන් ඉදන් වෙඩි තියන්න පුළුවන් ඉස්සරහින් බුලට් එක ඇවිත් වදින්න..

    ලෝකෙටම එකයි™
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒගොල්ලන්ට පුළුවන් wanted ඒකෙ වගේ බුලට් හැරවිලා යන්න වෙඩි තියන්න..
    මේ බයික් එක පැදන් යන්න යන එකාට පිටිපස්සෙන් ඉදන් වෙඩි තියන්න පුළුවන් ඉස්සරහින් බුලට් එක ඇවිත් වදින්න..

    ලෝකෙටම එකයි™