කුඩුවලින් කුඩුවෙන යව්වනය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කුඩුවලින් කුඩුවෙන යව්වනය

කුඩුවලින් කුඩුවෙන යව්වනය

කාර්ය බහුල උසස් පොලිස් නිලධාරියාගේ දුරකතනයට නිවනක් නොවූයේ ය. යළිත් එය නාදවන්නට විය. මෙවර අනෙක් කෙළවරින් ඇසෙන්නට වූයේ කාන්තා හඬකි.

“අනේ බුදු මහත්තයෝ පුළුවන්නම් මට ටිකකට කන්දෙන්න...” එය හැඬුමකට ආසන්න ස්වරයකි.

“ඔව්... මම අහගෙන ඉන්නෙ. ඔබ කවුද? කොහෙන්ද මේ කතා කරන්නෙ”

“මම පදිංචි මොරටුවේ, නම කාන්ති. මහත්තයාට පුළුවන් ද මට උදවුවක් කරන්න. මේ ලෝකෙ කිසිම අම්මා කෙනෙක් නොකරන ඉල්ලීමක් කරන්නයි මම කතා කළේ. ඔබ තුමාට පුළුවන් ද මගේ පුතා පරලොව යවන්න.”

පොලිස් නිලධාරියා අන්දමන්දව ගල් ගැසුණේ ය.

මොහොතක් නොව විනාඩි ගණනක නිහඬතාවකින් පසු පොලිස් නිලධාරියා “ඔව් කියන්න අම්මේ. ඇයි අම්ම එහෙම කියන්නෙ.” යි ඇසී ය.

“මම විවාහ වුණේ අවුරුදු 17 දී... එතකොට මගේ මනුස්සයාට අවුරුදු 19 යි. බැඳපු දවසෙ ඉඳල අපා දුක් විඳින්න වුණා. මනුස්සයා කුඩුවලට ඇබ්බැහි වෙලා සිටි බව මම දැනගත්තෙ පහුවෙලා. අන්තිමේදී කුඩු වගයක් අතේ තිබිලා අහුවෙලා එයාට අච්චු කළා. ඒ වෙන කොට පුතාට අවුරුදු 4 යි. වෙන කරන්න දෙයක් නැති හින්ද දරුවා අම්මට භාරදීලා මම රට ගියා. දරුවා හොඳ පාසලකට යවලා හොඳට උගන්වන අදහසින්. මම අවුරුදු 10 ක් විතරම නොවිඳිනා දුක් වින්දා. පුංචි කාලෙදි නම් පුතා හුඟක් හොඳින් පාසලේ වැඩ කරගෙන ගියා. එයා හැමදේටම දක්ෂ වුණා. ක්‍රීඩා කළා. ඒත් සාමාන්‍ය පෙළ කරන වයසට එනකොට එයා පාසලේ වැඩවලින් ටික ටික ඈත් වුණා. පස්සෙ තමයි දැන ගත්තෙ කුඩු වලට ඇබ්බැහි වෙලා බව. අන්තිමේදී ගෙදර තිබුණු දේ සොරකම් කරන්න පටන් ගත්තා. ඒවා විකුණලා කුඩු බීල ළමයා බේරගන්න හිතාගෙන මම ආයෙ රට නොයන්න හිතුවා.


නරක දේ දුරස් කළ විට

එදිනෙදා කුලියක් කරල කොහොම හරි වේල පිරිමසා ගත්තා. අන්තිමේ දී රෑට රෑට පුතා එක්ක එක එකා ගෙට රිංගන්න ගත්තා. පුතා උන්ට ණය වෙලා ඒකෙ හිලවුවට මාව විකුණන්න හදනවා. මම රෑට ඉන්නෙ ළඟ පාත ගෙදරක හැංගිලා. පුතා ගෙදර තිබුණ හැමදේම විකුණලා නිසා මට අදින්න ඇඳුමක් වත් ඉතිරි වෙලා තිබුණේ නෑ..

“මගේ දරුවන් නිදහස්ව සහ සතුටින් ජීවත් වනු දැකීම මගේ සතුටයි. අද මවුපියන්ගේ කුරිරු බවින් ඔවුන් නොහික්ම විය යුතු ය. මවුපියන් සහ දරුවන් බැඳෙන යදම ආදරයයි.” ඇමෙරිකාවේ සිටි ශෙු්ෂ්ඨ ජනාධිපති වරයකු වූ ඒබ්‍රහම් ලින්කන් දරුවන් පිළිබඳව පැවසුවේ එසේ යි. “හොඳම දේ දරුවන්ටයි” පැවසුවේ ලෙනින් ය. එබඳු අපේක්ෂාවන් මුදුන් පැමිණිය යුතුව ඇති සමාජයක නරකම මෙන් ම දරුවන් අතට පත් නොවිය යුතු දෑ දරුවන් අතට පත්වන්නේ කෙසේද? 2009 වර්ෂයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව අවුරුදු 18 ට අඩු ළමයින් 21 දෙනකු හෙරොයින් සම්බන්ධයෙන් නිතියේ රැහැනට හසුවී ඇත.


මේ අපේම දරුවෝ

ගංජා ඉරීම හා ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පිරිමි ළමයින් 322 වැරැදිකරුවන් වනවිට ගැහැණු ළමයින් තුන් දෙනකු වැරැදිකරුවන් බවට පත්වී ඇත. අබිං, හෂීෂ් වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසු වී ඇත්තේ අවුරුදු 18 අඩු එක් අයෙකි. අවුරුදු 19 ක් 24 අතර මෙබඳු වැරැදි වලට හසුවූවන්ගේ ප්‍රමාණය වැඩි ය. එය හෙරොයින් වලට සම්බන්ධ 379 කි. ඒ අතරින් එකොළොස් දෙනකු ම ගැහැනු ය. මේ වයස් කාණ්ඩයේ ගංජා සම්බන්ධ වැරැදි වලට සම්බන්ධ 1810 නීතියේ රැහැනට හසුවී තිබේ.

එම වාර්තාවෙන් තහවුරු වන්නේ ද නව යොවුන් මෙන් ම නව යොවුන් විය ඉක්මවා තුරුණු වියට පත්වන විට මත්ද්‍රව්‍ය වෙත ඇති නැඹුරුව වර්ධනය වෙමින් පවතින බවයි.

මෙසේ වැරැදි කරුවන් බවට පත් වී ඇත්තේ අඟහරු ලොවින් පැමිණි දරුවන් නොවේ. මේ සැවොම අප අතර ම ජීවත් වන අපගේ දරුවන් ය.

එළිමහන් සිර කඳවුරකදී හමු වූ එක් තරුණයකුට මම මොහොතක් සවන් දුන්නෙමි. ඔහුගේ කතාව මෙසේ ය.

“මගේ අම්මා ගුරුවරියක්. තාත්තා සේවය කළේ මැද පෙරදිග. පවුලෙ හිටියේ මමයි නංගියි. නංගි මට වඩා ඉගෙන ගන්න දක්ෂයි. ලස්සනයි. පුංචි කාලෙ ඉඳල පවුලෙ හැමෝම වැඩිපුර ආදරේ කළේ. නංගිට ඉස්කෝලේ ඇරිලා අපි හවස පංති යනවා. සමහර දවස්වලට මට පංති යන්න කම්මැලි හිතෙනවා. ඒ දවස් වල මම පංති නොයා යාළුවන් එක්ක ක්‍රිකට් ගහනවා. පංති නොගිය බව දැන ගත්තම අම්මා අල්ල ගෙන ගහනවා.


වරදක් කළේ නැහැ

මේ සිද්ධිය වුණේ මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලෙදියි. දවසක් පංති නො ගොස් ක්‍රිකට් ගැහුවා. එදා යාළුවොත් සල්ලි එකතු කරලා බීර ගෙනාවා. බීර බීලා මට වෙරි වුණා. එදා යාළුවකුගේ බෝඩිමක නිදා ගත්තා. ඒ යාළුවා ඉස්කෝලෙ යන්නෙ නෑ. වෙන බිස්නස් වැඩ කරන්නෙ. එයාට උස ලස්සන බයිසිකලයක් තිබුණා. එයා ඒක පැදගෙන යන විදිහට ගෑනු ළමයිනුත් හරිම ආසයි.

කොහොම වුණත් එදා ගෙදර යනකොට රෑ අටට විතර ඇති. දොරට ගැහුවත් අම්මා දොර ඇරියෙ නෑ. හිටපු දිහාවට පලයන් කීවා. මම ආයෙත් යාළුවාගේ බෝඩිමට ගියා. ඒ වෙන කොට මට ගෙදර එපා වෙලා තිබුණෙ. යාළුවා මාව කඩේකට එක්කරගෙන ගිහිං හොඳට කන්න අරන් දුන්නා. අපි ඊළඟට ගියේ එයාගෙ තවත් යාළුවකුගේ ගෙදරට. එයාත් මම කලින් ටිකක් දන්නවා. මට යාළුවා කිව්වා ක්ලාස් යන්න හැමදාම වුණත් බයික් එක දෙන්නම් හැබැයි බයික් එකේ ගිහින් පොඩි වැඩක් කරන්න තියෙනවා කියලා. මට පොඩි පාර්සලයක් දුන්නා. ටවුමේ තැනකට දෙන්න කියලා. මම කියපු වෙලාවටත් කලින් එතැනට ගියා. පාර්සලය දෙනවත් එක්කම පොලිසියේ අය හැංගිලා ඉඳලා මාව අල්ල ගත්තා... මම අදටත් දන්නෙ නෑ ඒ පාර්සලයේ තිබුණේ මොනවද කියලා. එදා රෑ අම්මා දොර ඇරිය නම් මේ විදිහට අවුරුදු දෙකක් තිස්සේ මට හිරේ ඉන්න වෙන්නෙ නෑ කියලාත් හිතෙනවා. කොහොම වුණත් මේ කඳවුරේ ඉඳල මම උසස් පෙළ ලිවුවා යන්තම් වැඩ තුනක් සමත් වෙලා තිබුණා.”

නව යොවුන් විය පසු කරමින් සිටින ඔහු වෙත ඉතිරි වී ඇත්තේ කනගාටුවක් පසු තැවීමක් මෙන් ම තරහකි.


මේ ගැහැනු ළමයි ගැනයි

“මම කාටවත් වරදක් කරල නෑ. ඒත් ඇයි මට මෙහෙම වුණේ?” මා ඔහුට දිය යුතු පිළිතුර කුමක්ද? ඒ වෙනුවෙන් ඔහු මාවෙතින් නැගූ පැනය පාඨක ඔබ වෙත තබමි. මෙසේ කිසිවකුට වරදක් කිරීමට නොසිතන දරුවන් වැරැදි කරුවන් බවට පත් වෙන්නේ කෙසේ ද?

වෙලාව උදෑසන 9 ට පමණ ඇත. දිනය සෙනසුරාදාවකි. ක්‍රීඩා ඇඳුමින් සැරසුන නවයොවුන් කෙල්ලන් හත් අට දෙනෙකු බස් රථය පෙරළන්නට මෙන් දඩි බිඩියේ බස් රථයට ගොඩ වූ හ. ඔවුන් සැම අසුන් ගත්තේ පසු පස ආසනයේ ය. කසු කුසු වෙන් පටන්ගත් කතා බහ දැන් දැන් උස්ව ඇසෙයි. “බිග් මැච් එකට බොන්නෙ නැත්නම් ඒක බිග් මැච් එකක් ද? ඊට ලැබුණ පිළිතුර වූයේ නෑ. මේ සැරේ අපි බිග් මැච් වලට බොන්නෙ නෑ.” ප්‍රැක්ටිස් කරන දවසක කට්ටිය සෙට් වෙමු. තවත් ගැහැනු ළමයෙකුගේ පිළිතුර වූයේ “මට නම් වැටෙන්න බොන්න ඕන” යන්නයි. බස් රථයෙන් මා බසින ස්ථානය ද ඒ වනවිටත් පසුවී තිබුණි. නමුත් ඒ කතා බහ තවත් දුරක් මා රැගෙන ගියේ ය. කොහොමද බඩු ටික සෙට් කරගන්නෙ” සරත් අයියට කීයක් හරි වැඩියෙන් දුන්නොත් හරි ගිය පාරත් පොර ගෙනත්” වැඩේ නියමෙට සෙට් කරලා තිබුණෙ” “සරත්” යනු ඒ බාලිකාවේ ක්‍රීඩාංගණයේ සේවය කරන කම්කරුවකු විය යුතු යැයි කතා බහට අනුව අනුමාන කරමි.

මේ සිදුවීම වූයේ කොළඹ අගනගරයේදී නොවේ. මහනුවර නගරයේ දී ය. එබඳු පළාතක ප්‍රමුඛ පෙළේ බාලිකා පාසලක සිසුවියන් පිරිසක් අතර සිදුවූ කතා බහක් ඇසුරින් අප වෙත සිතන්නට බොහෝ දෑ ඉතිරිව ඇත.

මෙපමණක් නොවේ පසුගිය කාලයේ පාසල් ආශි‍්‍රතව මත්ද්‍රව්‍ය මෙන් ම මත් වීමේ අදහසින් බෙහෙත් වර්ග සහ වෙනත් මත් වන ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රවණතාවක් ඇති බවට තොරතුරු වාර්තා විය. මේ අතර බුලත් විට ‘බාබුල්’ වැනි දේ පාසල් ළමයින්ට සූක්ෂ්ම අයුරින් අලෙවි කිරීමේ ප්‍රවණතාවක් ඇති බව. කරුණු අනාවරණය විය.

මේ පිළිබඳව යුහුසුලු ව ක්‍රියාත්මක වූ පොලිසිය එබඳු ස්ථාන කඩිනමින් වැටලීමටත් එබඳු ව්‍යාපාර වලට සම්බන්ධ වූවන්. නීතිතයේ රැහැනට හසුකර ගැනීමටත් යුහුසුලුව ක්‍රියාත්මකවූ බව සිහිපත් කළ යුතු ය.


පෙළඹවීම

ළමයින් තුළ ඇතිවන මත්වීමේ ආශාව සහ පෙළඹවීම පිළිබඳව වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතු ය. මෙබඳු දේට යොමු වී ඇත්තේ වයස අවුරුදු 13 ත් 19 ත් අතර පසුවෙන්නේ ය. මේ වයස ඉංග්‍රිසියෙන් හඳුන් වන්නේ ටීනේජ් (Teenage) යනුවෙනි.

ශාරීරිකව හා මානසිකව සිදුවන විපර්යාසයක් හේතුවෙන් මෙම වයස කුතුහලයෙන් යුතු අත්හදා බැලීමේ ආශාවන් සපිරි වයසක් ලෙස සැලකෙයි. එසේම කැපී පෙනීමේ ආශාවෙන් යුතු වයසකි. මේ වයස පසු කරමින් සිටින දරුවන් සිටින මවුපියන් වඩාත් අවධානයෙන් පසුවිය යුතු වන්නේ මෙය දරුවකුගේ ජීවිතයේ ඉතාමත් සංවේදී කඩඉම් අවදියක් වන බැවිනි.

හොඳ දේ දරුවන්ට දිය හැකි වන්නේ නරකම දේ දරුවන් කෙරෙන් දුරස් කළ විට ය. ඒ සඳහා අප අපගේ දරුවන්වෙත වඩාත් සංවේදී විය යුතුම ය.



බුද්ධිකා බ්‍රාහ්මණගේ​
 
Last edited:

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කුඩු ගේන දේශපාලුවන් එක්ක මොන කුඩු නැවැත්තිල්ලක්ද..... :dull:

    නෑ සහෝදරයා ඔතන තියෙන ප්‍රශ්නෙ ගෙන්නන එකම නෙවෙයි...මේ ගහන එව්න්ට මොලේ කලදක්වත් තියෙනවද කියන එකයි...(ගෙන්නන එකත් නවත්තන්න ඕනෙ තමා..)පොතක් පත්තරයක් කියවන්නෙ නැති මී හරක් මෙච්චර ලන්කාවෙ ඉන්නවද කියන එකයි..කුඩු ගහන එකේ ප්‍රතිවිපාක ගැන මෙච්චර දැනුවත් කිරීම් කරලත් මුන්ට තේරුම් ගන්න බැරි එකයි..:rolleyes::rolleyes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දුක තියෙන්නෙ කුඩු ගේන දේශපාලකයො ආයෙ ආයෙත් පත්වීමයි. අපේ මිනිස්සු චන්දේ පාවිච්චි කරද්දි පටු අදහස් පැත්තකින් තියලා චන්දේ ඉල්ලන එකාගෙ ඉතිහාසෙ, පරන වැඩ, ප්‍රතිපත්ති ටික වත් බලලා; රට ගැන, රටේ අනාගතය ගැන හිතලා චන්දේ දානව නම් ඕකුන්ව පාර්ලිමේන්තුවෙන් එළවගන්න පුලුවන් වෙයි නේද? එහෙම කරන්නෙ නැතුව, ඕකුන්ව අල්ලගන්න අමාරු වෙයි, ලoකාවෙ වැඩ වෙන විදිහට.