මගෙන් වෙන්වී යන්න පළමුව
වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්
වැරදිකරු වෙමි මං
ඔබ යන්න සැනසිල්ලෙන්.....
ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි
රැගෙන කඩු තුඩු සේ.....
මතකයෙන් සිඳලන්න විඳගත්
හැඟුම් අප සමසේ .....
ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරණ වන දවසේ .....
එන්න පියබඳ පුරුදු ඉඳිකඩ
ළඟම ඇති පෙර සේ.....
වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ළඟ හිඳී විමසිල්ලෙන්
වැරදිකරු වෙමි මං
ඔබ යන්න සැනසිල්ලෙන්.....
ඔබේ නිදොස් බව රැඳෙන සිතුවිලි
රැගෙන කඩු තුඩු සේ.....
මතකයෙන් සිඳලන්න විඳගත්
හැඟුම් අප සමසේ .....
ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරණ වන දවසේ .....
එන්න පියබඳ පුරුදු ඉඳිකඩ
ළඟම ඇති පෙර සේ.....
Last edited:






