මෙතන යන ඇත්ත case එක, මුන්ට සල්ලි ලැබෙනව මුලධර්මවාදීන්ගෙන්. සිංහලයට වර්තමානයේ පෙන්නල ආඩම්බරවෙන්න තරම් දෙයක් නෑ; තියනවනම් තියෙන්නේ කටපුරා කියන්න පුළුවන් ඉතිහාසයක් විතරයි. මුන් ඒක පාවිච්චි කරල, අපේ පරණ මුතුන් මිත්තෙක් වෙන රවණා රජතුමා අල්ලගෙන, ඒක වටේ හොඳට සීනි තවරලා දෙනවා සින්හලයෝන්ට රස කර කර ගිලින්න. හැබැයි ඔය සීනි බෝලෙ ඇතුලෙ තියනව විසක්; ඒක තමයි ඔය රවණා මතයත් එක්ක මුන් බුද්ධාගම විකෘති වෙන කරුණු පොඩ්ඩ පොඩ්ඩ ඇතුල් කරනවා. ඕක අපිට තේරුණාට, අවුරුදු 50කට පස්සේ අපේ ළමයි මේව ඇත්ත කියල හිතනවා, ත්‍රිපිටකයේ ධර්ම කරුණු සැක කරන්න ගන්නව. මේකෙ පෙනෙනවට වඩා ලොකු භයානකකමක් තියනව.