රෝහිත රාජපක්ෂ අභ්‍යවකාශ ඉලක්කයන් සපුරා ගැනීමේ තවත් පියවරක
රෝහිත රාජපක්ෂ මහතා චයිනා ස්පේස් හි ප්‍රාථමික ගගනගාමී අධ්‍යයනය අවසන් කිරීමෙන් පසු එහි සහතිකය ලබමින්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් වූ, සවුතැම්ප්ටන් සරසවියේ උපාධිධාරි, අභ්‍යවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂ මහතා දැනට කොළඹ සරසවියේ ගණිත අංශයේ තම අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. මෑතදී ඔහුගේ සුවිශේෂී මග සලකුණක් වනුයේ අභ්‍යවකාශගත සුන්බුන්වල බලපෑම හැකි උපරිම වශයෙන් අවම කිරීම සහ ක්රමෝපායන විශ්ලේෂණයක යෙදී සිටීමයි. ඉමහත් පිළිගැනීමකට ලක්ව ඇති ඉන්දියානු සඟරාවක් වන විද්‍යා හා තාක්ෂණ සඟරාවට (Journal Of Science and Technology) රෝහිත රාජපක්ෂ සහ ඩී.කේ. විජේරත්න විසින් ලියන ලද අභ්‍යවකාශගත සුන්බුන් ඉවත්කිරීමේ ක්රමෝපායන් යන ලිපිය එම සඟරාවේ 2014 ජූලි කලාපයේ පළකොට ඇත.
රෝහිත රාජපක්ෂ ශ්‍රී ලාංකික චන්ද්‍රිකා ක්‍රියාකාරක සමාගමක් වන සුප්‍රිම්සැට් සමාගමෙහි ප්‍රධාන තාක්ෂණික අධ්යක්ෂවරයා වශයෙන්ද සේවය කරන අතර වෘත්තීයමය ගගනගාමියෙකු වීම සඳහා කටයුතු කරමින් සිටියි. මේ සඳහා මූලික පුහුණුව ලබාදී ඇත්තේ චීනයේ බෙයිජිං නුවර “චීන ගගනාවකාශ විද්‍යා හා තාක්ෂණ ආයතනය” China Aerospace Science & Technology Corporation - CAST) විසිනි.