මහත්තයෙක්
දිලිසෙන කලු කලිසමට යටකරපු ඉරි ෂර්ට් එක,
පස්ස පැත්ත පිම්බෙන්න බස්සපු පර්ස් එක,
හිඳගෙන උන් මගෙ ලගින් හිටගෙන,
ඔහුගේ දෙකලවාව තදවෙයි මගේ උරහිසට,
හිටගත් සෙනඟක් නොමැති බස් රියේ,
මගෙ ඇඟට බර වෙයි, තෙරපෙයි, ඇඹරෙයි.
ඔක්කාරෙට එයි මට.
කොලුවෙක්
නහර පෑදුණු කලු දෑත්, අඳුරු කමිසයක් හඩු ගඳ ඩෙනිමට උඩින්,
මා හිඳින අසුනේ කවුළුව පැත්තේ,
මාරුවෙන් මාරුවට බලයි,
අසුනේ ඇඹරෙන මා දෙස,
මට වාරුවී සිටින මිනිහා දෙස.
ටිකකින් අසුනින් නැගුණා කොලුවා.
'ඔයා මෙහාට වෙන්න' විධානයක්!
මට අසුනේ කෙලවර දී,
මගේ තැන ඔහු අරගෙන.
පහසුව සැලසුවා මට.
හඩු ගඳ ආයෙ ආවේ නෑ.
මහත්තයෝ, පැය එකහමාරක්
ආදරේ කලා මං නුඹට!
දිලිසෙන කලු කලිසමට යටකරපු ඉරි ෂර්ට් එක,
පස්ස පැත්ත පිම්බෙන්න බස්සපු පර්ස් එක,
හිඳගෙන උන් මගෙ ලගින් හිටගෙන,
ඔහුගේ දෙකලවාව තදවෙයි මගේ උරහිසට,
හිටගත් සෙනඟක් නොමැති බස් රියේ,
මගෙ ඇඟට බර වෙයි, තෙරපෙයි, ඇඹරෙයි.
ඔක්කාරෙට එයි මට.
කොලුවෙක්
නහර පෑදුණු කලු දෑත්, අඳුරු කමිසයක් හඩු ගඳ ඩෙනිමට උඩින්,
මා හිඳින අසුනේ කවුළුව පැත්තේ,
මාරුවෙන් මාරුවට බලයි,
අසුනේ ඇඹරෙන මා දෙස,
මට වාරුවී සිටින මිනිහා දෙස.
ටිකකින් අසුනින් නැගුණා කොලුවා.
'ඔයා මෙහාට වෙන්න' විධානයක්!
මට අසුනේ කෙලවර දී,
මගේ තැන ඔහු අරගෙන.
පහසුව සැලසුවා මට.
හඩු ගඳ ආයෙ ආවේ නෑ.
මහත්තයෝ, පැය එකහමාරක්
ආදරේ කලා මං නුඹට!




