කොලෙස්‌ටරෝල් ඇති බවට ලක්‍ෂණ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කොලෙස්‌ටරෝල් ඇති බවට ලක්‍ෂණ

අස්‌ථි සහ සන්ධි වේදනාව කොලෙස්‌ටරෝල් ඇති බවට ලක්‍ෂණ විය හැකියි

wedasa-amawata.jpg




ශරීරයට නිසි ව්‍යායාමයක්‌ නොලැබී ගියහොත් අප දිනපතා ගනු ලබන ආහාරවලින් ශරීරයේ තැන්පත් වන මේදය දිරවීමේ අපහසුතාවයන් ඇතිවෙනවා. එමෙන් ම ස්‌ථුලතාවයට ද පත්වෙනවා. එහෙත් ස්‌ථුලතාවයට පත් නොවන, කෙසඟ සිරුරක්‌ හිමි වන්නේ ශරීරයට නිසි ව්‍යායාමයක්‌ ලැබෙන නිසාම නොවේ. ඇතැම් අය කොපමණ ආහාර පාන ගනු ලැබුවත් කෙසඟ තත්ත්වයෙන් පසුවන අයුරු ඔබ දැක ඇතිවාට සැකයක්‌ නැහැ. ඒ අනුව ස්‌ථුලතාවයට පත්වූවන්ගේ මෙන් ම කෙසඟ සිරුරක්‌ ඇති අයගේ ශරිරයේද මේදස්‌ නැත්නම් මේදය බහුල ලෙස පැවැතිය හැකියි. මෙම මේදය රුධිර නාල වලට එක්‌වීම අප අධික කොලෙස්‌ටරෝල් ලෙස හඳුන්වනවා. රුධිර නාල වල මේදස්‌ නැත්නම් මේදය තැන්පත්වීම තුළින් ශරීරයේ රුධිර ගමනාගමනයට බාධා ඇතිවෙනවා. ඒ තුළින් හෘදයට මොළයට රුධිරය සැපයෙන නාල අවහිර වීමෙන් හෘදය හා මොළයේ ක්‍රියාකාරීත්වයට හානි පැමිණිය හැකියි. ඒ හරහා හෘද රෝග මෙන් ම මොළයේ සෛලවලටද හානි පැමිණීමෙන් අංශභාගය වැනි රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකියි. ඒ හෙයින් වයස අවුරුදු 30 - 40 පමණ වයසේ පසුවන අය මාස හයකට වරක්‌වත් තම රුධිරයේ සීනි හා කොලෙස්‌ටරෝල් පරීක්‌ෂණයක්‌ සිදු කොට ගෙන ඊට අදාළ වෛද්‍ය උපදෙස්‌ හා ප්‍රතිකාර ලබාගැනීමට ක්‍රියා කිරීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පවත්වා ගෙන යාමට හේතුවේ. මෙහිදී ඔබ අමතක නොකළ යුතු තත්ත්වයක්‌ ද තිබෙනවා.

එනම් ආහාර පාන මගින් පමණක්‌ නොව ශරීරය ස්‌වභාවිකවද මේදස්‌ නිෂ්පාදනය වෙනවා. ඒ හෙයින් ඔබ ශරීරයට දිනකට විනාඩි 30 ක්‌ පමණවත් ව්‍යායාමයක්‌ ලබා දිය යුතුයි. ඒ තුළින් අප ඉහත සදහන් කළ අනියම් ආකාරයට තැන්පත්වන මේදය දහනය කළ හැකියි.

වර්තමානයේ බොහෝ විට අප ගනු ලබන ආහාර වල පිටි හා මාංශ අන්තර්ගත වෙනවා. එමෙන් ම කෑම පිසීමේදී විවිධ තෙල් වර්ගද භාවිතයට ගන්නවා. ඇතැම් අය පොල්තෙල් ආහාරයට ගැනීමෙන් කොලෙස්‌ටරෝල් වැඩිවෙන බව පැවසෙනවා. නමුත් පිරිසිදු පොල්තෙල් ආහාරයට ගැනීමෙන් එසේ වෙන්නේ නැහැ. වර්තමානයේ වෙළෙඳ පොලේ ඇති පොල්තෙල්වලට කෘතිම තෙල් මිශ්‍ර කර තිබෙනවා. මෙම කෘතිම තෙල් ආහාරයට ගැනීම එතරම් හිතකර නොවේ. ඒ නිසා පොල්තෙල් ආහාරයට ගන්නේ නම් ඉතා පිරිසිදු පොල්තෙල් ගැනීමටත් ඔබ උනන්දුවිය යුතුයි. පොල්තෙල් වුව වැඩිපුර ආහාරයට ගැනීම එතරම් හිතකර නොවන බවද මතකයේ තබා ගත යුතුයි. ශරීරයේ මේද තැන්පත් වූ විට එය ඉතා පහසුවෙන් දැන ගත හැකියි.

images.jpg

ශරීරය ස්‌ථුලතාවයට පත්වීම, (කෙට්‌ටු සිරුරක්‌ ඇති අයටත් මේද ඇතිවිය හැකියි.) අස්‌ථි සහ සන්ධි වේදනා කාරී තත්ත්වයක්‌ ඇතිවීම , හිසරදය ඇතිවීම, ඇස්‌ වටේ ගැටිති ඇතිවීම, බඩ පිපුම වැනි ලක්‌ෂණ ඇතිවේ. කෙනෙකුට මේ සියල්ල ම හෝ කීපයක්‌ ඇතිවිය හැකියි.

පිටි බහුල ආහාර ගැනීමෙන් කොලෙස්‌ටරෝල් මෙන් ම සීනි ද ශරීරයේ ඇති වෙනවා. ඒ හෙයින් ඔබ පිටි ආහාර ගැනීම සීමා කළ යුතුයි. එමෙන් ම ඔබේ දෛනික ආහාර වේල සඳහා හැකිතරම් එළවළු සහ පළතුරු එකතු කරගැනීම වඩාත් සුදුසුයි. එමෙන්ම ආහාර ගැනීමෙන් පසු හෝ ඔබ පානය කරන වතුර උණුවෙන් බීමට ගැනීමෙන් මේදස්‌ පරිපචනය (දිරවීම) පහසුය. බොහෝ දෙනෙක්‌ පුරුදුව සිටින්නේ ආහාර ගැනීමෙන් පසු ශීSතකළ වතුර බීමටය. එය නුසුදුසු ය. ඔබ දිනකට වතුර බෝතල් 6 ක්‌ වත් පානය කළ යුතුයි. ඔබ ජලය පානය කිරීම නොසලකා හැරීම තුළ මුත්‍රා ගල් ඇතිවීමටද ඉඩකඩ ඇතිවේ. එමෙන්ම ශරීරයට අවශ්‍ය ජලය නිසිලෙස නොලැබීම තවත් රෝග රැසකට අත වැනීමකි. ඒ හෙයින් ඔබ අප ඉහත සඳහන් කළ ආකාරයට හොඳින් ජලය පානය කළ යුතුය. එමෙන් ම නිතර නිතර ආහාර ගැනීමද නුසුදුසු ය. එමගින් සිදුවන්නේ කුස පිරෙන්නට ආහාර ගැනීමට නොහැකි වීම යි. ඒ නිසා උදෑසන ආහාර ගත් පසු යළි දහවල් ආහාරය ගන්නා තුරු අතරමැදදී ආහාර නොගත යුතුය. නිතර නිතර ආහාර ගැනීම නිසා ආහාර දිරවීමේ ගැටලුද ඇතිකරයි. ඔබ ඔබේ ශරීර සෞඛ්‍යය රැක ගැනීමට සිතන්නේ නම් දිනකට විනාඩි 30 ක්‌ වත් ඇවිදීම හෝ ව්‍යායාම කළ යුතුය. එවිට දහඩිය මගින් මේදය පිටවේ. වෙළෙඳ පොලේ ඇති ආහාරයට ගන්නා තෙල් පොල්තෙල් ආදිය භාවිතයට ගැනීමද අවම කරන්න.

කරපිංචා කොළ කොටා ඉස්‌ම ගෙන කෝප්පයක්‌ පමණ පානය කරන්න. උළු හාල් කුඩුකර තේ හැන්ද බැගින් දියකර දිනපතා පානය කිරීමද , සුදුළුණු, ගොරකා, කළුඳුරු, වෑංජන වලට එකතු කර ආහාරයට ගැනීමද කොලෙස්‌ටරෝල් අවම කිරීමට හේතු වේ. අප මුලින් සඳහන් කර ආකාරයට වයස අවුරුදු 30 - 40 ඉක්‌මවමින් තිබෙන අය තම කොලෙස්‌ටරෝල් තත්ත්වය පරීක්‌ෂා කර ගත යුතුයි. එය ඉහළ අගයක පවතී නම් නිසි වෛද්‍ය උපදෙස්‌ සහ ප්‍රථිකාර ගැනීමට සැලකිලිමත් වීම යහපත්ය.



ආයුර්වේද විශේෂඥ වෛද්‍ය පී. එම්. චන්ද්‍රසිරි
සාකච්ඡා කළේ - සුගත් ශාන්ත මොරගහකුඹුර​



--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


එළකිරියේ යහළුවන් වෙත: මේක මගේ 2000 වෙනි පොස්ට් එක. මගේ ත්‍රෙඩ් බලපු, ඒවලට කොමෙන්ට්, බම්ප්, රෙප් එහෙම දීලා මට පිහිට වුනු, මගේ වැරදි කියාදුන් සියළුම එළකිරියන්ට මගේ හෘදයාoගම ස්තුතිය.

එළකිරියට, එළකිරියන්ට ජය වේවා! ශ්‍රී ලoකාවට ජය වේවා!
 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2000 වෙනි පෝස්ට් එකට මගෙන් සුභ පැතුම්!
    ඒ වගේම වටිනා කරුණු ටිකක් ඉදිරිපත් කලාට ස්තූතී
    You must spread some Reputation around before giving it to Lewke again.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජයවේවා!!
    well done in EK
    keep it up bro...

    rep +10

    2000 වෙනි පෝස්ට් එකට මගෙන් සුභ පැතුම්!
    ඒ වගේම වටිනා කරුණු ටිකක් ඉදිරිපත් කලාට ස්තූතී
    You must spread some Reputation around before giving it to Lewke again.

    Good Post & Congratz!

    TFS >>>>

    You must spread some Reputation around before giving it to Lewke again.

    thank you sahodaraya...!!!

    tfs
    පොස්ට් 2000‍ට ජයවේවා..+23


    Good Post machan . Rep 13+++
    giving-thumbs-up-winking-smiley-emoticon.gif



    Congrats machan !!!!

    Rep denna balu(You must spread some Reputation around before giving it to Lewke again.)

    congratulations013.gif


    397054_379100102184373_1843805588_n.jpg


    You must spread some Reputation around before giving it to Lewke again.:sorry:

    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP

    බොහොම ස්තුතියි එළකිරි මචන්ලා. එළකිරිය එළ තැනක් වුනේ ඔබ නිසයි.

    Hatsoff2.gif

    RESPECT!