





Aparadhe ......api amaruwen hambakarapu Laksha 25 ta ape Uncle jara wedak karala ........







ලක්ෂ 25 කෙසෙල් කොළය දියවන්නා පාලමට යටවෙන හැටි
රුපියල් ලක්ෂ 25කට අධික වියදමකින් ඉදිකොට පසුගිය වසරේ උත්සවශ්‍රීයෙන් විවෘත කර ජනතා අයිතියට පැවරූ ඇතුල්කෝට්ටේ දියවන්නා ඔය අසල පිහිටි කෙසෙල් කොළයේ හැඩැති බස් නැවතුම ඉදිරියේදී භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ දියවන්නා ඔය හරහා වැටී ඇති පාලම උස්කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය අනුව නව මාර්ගයට පහතින් හා එපිටින් අදාළ බස් නැවතුම පිහිටන නිසාවෙනි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වෙත කරන ලද විශේෂ ආරාධනාවකට අනුව ඔහු විසින් ඉදිරිපත් කෙරුණු සැලසුමකට අනුව ඉදිකෙරුණු මෙම සුවිශේෂී හැඩැති බස් නැවතුම එකල හඳුන්වා දෙනු ලැබුවේ 'ආශ්චර්යයේ නැවතුමක්' ලෙසිනි.




