නොලැබෙනා උඹ!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිං කපනවා කක්කුස්සියෙ වල කපනා.......
    උගුරේ ලේ රහට ‍බඩගින්දර මැකුනා.....
    ඇවිදින මාවතේ කවුරුත් නොම අසනා.......
    නොකැපූ වලක් යම් දවසක කපනු මැනා......

    ඉස්කෝලයේ බැල් එක දුර වදිනකොට....
    සෙල්ලක්කාරකම තව දුර දුවනකොට...
    පොත් ටික තබා පිම්මේ ලදු කැලෑවට.....
    කොහොමද යන්නෙ එතනින් කන්තෝරුවට....

    අප්පච්චියේ මයෙ අම්මේ උඹ කොතැනා.........
    කර දඩු හදා නිදුකින් මා හැදු පෙමිනා.......
    උඹලා දුටුව මා නොම දුටු දෙය කොතැනා...
    එතනය අනාගතයේ අද මා සිටිනා............

    ‍පොල් අතු පැලට අවරින් ඉර බැස යද්දී...
    කොයි කොයි දෙයත් අවසන් වී මා එද්දී...
    කට රතු ගෑනු කියනා මහ ලොකු සිද්දී....
    උඹලත් හූල්ලයි අපි මගුලක් කද්දී..........

    කඩමන්ඩියේ හන්දියෙ කැරකී යනවා.....
    ඉදහිට උඹේ රූපය ඇහැ පිනවනවා........
    හයියක්කාර කොල්ලන් වට දගදෙනවා....
    මයෙ පැන්චියේ හිටපං මම හෙට එනවා.....

    රැස් ගිනි විදින මැදියම් දහවල වියැකී...
    හකුරට තේ වතුර උතුරන විටදි සකී...
    නිතරම ඇසෙන පාරට්ටුව මහ මෙරකී....
    ඒ බර ‍නුඹෙයි මාගෙයි හිරයට තිතකි...

    කතරට උරුම වැලි කැට මත වැහි රන්දා..
    සයුරට උරුම දිය බර පොලොවට කැන්දා...
    බැබලෙන පුර හදින් අමවක දින හංගා...
    නොනැසෙන සෙනේහය හිත අස්සෙන් වින්දා...:sorry:


     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    20+
    11.gif
    :D
     
    • Like
    Reactions: prageeth119lk

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පට්ටම පට්ට
    උබේ දැකපු හොදම ඒවගෙන් එකක්
    ලියන්න දිගටම
    තව තව
    ජයෙන් ජය
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ලස්සන නිර්මාණයක් දිනුෂ මල්ලි. මේ වගේ ඒව දිගටම ලියන්න.
     
    • Like
    Reactions: Dinushasankalpa

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් ලස්සන නිර්මාණයක් දිනුෂ මල්ලි. මේ වගේ ඒව දිගටම ලියන්න
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගොඩක් ලස්සන නිර්මාණයක් දිනුෂා.
    මේ වගේ ඒව දිගටම ලියන්න.​
     
    Last edited: