sanni21.jpg

මෙය අපගේ පින්තුරයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

පහුගිය ටිකේ එන්න බැරිඋන අධික කාර්යබහුලත්වය නිසා. මම ගියා ඇබිලිපිටියේ ආතුරයෙක් සනීප කරන්න.

තරුණ කාන්තාවක් උමතු වෙලා. ගෙදරට හැමදාම බිත්තර වලින් ප්‍රහාර එල්ල වෙනවා. කොහෙන් එනවද කියල හිතා ගන්න බැහැ නිවැසියන්ට. රාත්‍රියට මැද සාලේ කකුල් අද්ද අද්ද කෙනෙක් අවිදිනවලු. පස්සේ ලාම්පු පත්තු කරලා බැලුවම කවුරුත් නැහැලු මධ්‍යම රාත්‍රිය පහු උනාම ගේ වටේම කවුද අඩි හයියෙන් තිය තියා අවිදිනවලු. හිටපු ගමන් ජනෙල් වලට තට්ටු කරනවලු.

මේකෙන් ගෙදර අය හොදටම බයවෙලා. වැඩියෙන්ම බය වෙලා තියන්නේ ගෙදර පුතා ගේ අලුත් මනමාලිය. කසාද බැඳලා දැන් අවුරුද්දක් වෙන්න එනවලු. දවසක් මේ කාන්තාව හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත් නැහැ. සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ ගෙවල් අඩුයි. ගන කැලේ. පොඩි තාර දාපු පාරක් තියෙන්නේ. හවස 6 පස්සේ බස් දුවන්නෙත් නැහැ. ලයිට්වත් නැහැ පාරේ. පස්සේ මේ කාන්තාව එදා බස් එක අල්ලගන්න බැරුව රාත්‍රී 8 ට විතර පාරේ තනියම ආවලු . එපමණයි ඇයට මතක. පස්සේ ගෙදර අය කලබල වෙලා හොයල හම්බ වෙලා නැහැ. පසේ පොලිසියටත් ගිහින් එදා රාත්‍රියේම. පස්සේ උදේ හම්බවෙලා ගෙවල් ළඟ පොඩි කනත්තක් තියනවා. එකේ වැටිලා ඉඳල. පස්සේ මේවට හේතු හොයාගත්ත. ඇත්තටම බැලින්නම් ගෙදර කරදර කර තියෙන්නේ යක්ෂ ආත්මයක්. මිට වසර 30 ට කලින් තමයි මේ මිනිස්සු මේ ඉඩම අරන් තියෙන්නේ. නමුත් ලගකදී තමයි ගෙවල් හදල තියෙන්නේ.

අපි 3 දෙනෙක් මේ වැඩේට සහභාගී උනා. වැඩි කන්මුතුයි. අන්තිමට යක්ෂාව ඈත තියන ගහකට පිටමන් කළා. නමුත් මේ වැඩේ නිමයි කියල කියන්න බැහැ. මේ අමනුෂ්යට නැවත එන්න පුළුවන්. එක නිසා වෙනම ආරක්ෂාවක් ලබන මාසේ අපි කරනවා. මෙය තනිකරම තරු එලිය ශාන්තියක් කොට ගෙන කරපු කාර්යක්. එක මම පස්සේ වෙලාවක පැහැදිලි කරන්නම්
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ධර්මය අනුව හැසිරෙන්නාට, ධර්මය අනුව ජීවත් වෙන්නාට දෙවි දේවාතාවුන්ගේ මෙන්ම අමනුෂ්‍යයින්ගේද ‍රැකවරණය හා ආශිර්වාදය, ආරක්ෂාව ලැබේ.
     
    ධර්මය අනුව හැසිරෙන්නාට, ධර්මය අනුව ජීවත් වෙන්නාට දෙවි දේවාතාවුන්ගේ මෙන්ම අමනුෂ්‍යයින්ගේද ‍රැකවරණය හා ආශිර්වාදය, ආරක්ෂාව ලැබේ.

    ඔව් එය සත්‍යකි.
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    මෙය තනිකරම තරු එලිය ශාන්තියක් කොට ගෙන කරපු කාර්යක්. එක මම පස්සේ වෙලාවක පැහැදිලි කරන්නම්

    මේ පිළිබදව ලිපියක් දානවා නම් වටිනවා සහෝදරයා.
     
    මේ පිළිබදව ලිපියක් දානවා නම් වටිනවා සහෝදරයා.

    ඒක ටිකක් ලොකු සංකීර්ණ මාතෘකාවක්. මෙම ශානිත්කර්මය ගොඩක් විරලයි. මම දන්නා තරමින් ලංකාවේ කිහිපදෙනෙක් පමණයි ඔය ශාස්ත්‍රය දන්නේ. ඉදිරියට ලිපියක් දාන්නම්.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ධර්මය අනුව හැසිරෙන්නාට, ධර්මය අනුව ජීවත් වෙන්නාට දෙවි දේවාතාවුන්ගේ මෙන්ම අමනුෂ්‍යයින්ගේද ‍රැකවරණය හා ආශිර්වාදය, ආරක්ෂාව ලැබේ.
    meka 100% k haridha? mokada ara RODI DAHANA magin budhdha kaale Anandha Hamuduruwo washi kalaa kiyalaa kiyanawa neda?
     
    meka 100% k haridha? mokada ara RODI DAHANA magin budhdha kaale Anandha Hamuduruwo washi kalaa kiyalaa kiyanawa neda?

    අපි ගොඩක් අය ධර්මයට අනුව හැසිරෙනවා අඩුයි. වැඩිය ඕනේ නැහැ මම උනත් එහෙමයි. ධර්මයට අනුව හැසිරෙනවානම් කිසිම කෙනෙකුට විපතක් කරන්න බහැ. ධර්මයට අනුව හැසිරෙන්නට යක්ෂයෝ අමනුශ්‍යෝ ඔක්කොම යටයි.

    අපි ධර්මයට අනුව හැසිරෙන්නේ නැති නිසා තමයි මේ සියලු විපත්.
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    කට්ටඩි.ගුරුන්නා;17103346 said:
    ඒක ටිකක් ලොකු සංකීර්ණ මාතෘකාවක්. මෙම ශානිත්කර්මය ගොඩක් විරලයි. මම දන්නා තරමින් ලංකාවේ කිහිපදෙනෙක් පමණයි ඔය ශාස්ත්‍රය දන්නේ. ඉදිරියට ලිපියක් දාන්නම්.

    ඒකත් එහෙමද. හොඳයි ඔබතුමාට ඉඩ තියෙන වෙලාවක දාන්න. ශාන්තිකර්ම වගේ දේවල් අද අපෙන් ඈත් වේගෙන යනවා කියලා මට හිතෙනවා සහෝදරයා. ලෝකයේ තාක්ෂණය දියුණුවත් එක්ක පැරැන්නන්ගෙ යන්ත්‍ර, මන්ත්‍ර, සාස්ත්‍ර, ගුරුකම් වගේ දේවල් අලුත් පරම්පරාවෙන් ඈතට යනවා. වර්ථමාන පරම්පරාව මේ දේවල් විහිලුවක් විදියටයි දකින්නෙ. ඇත්තටම ඒක දුකට කරුණක්. :sorry:
     
    බලි තොවිල් වගේ දේවල් අපේ සංස්කෘතිය. ඒවා අපි ආරක්ෂා කර ගන්න ඕනේ. දැන් ගොඩක් අය හින්දු දහම පිටිපස්සේ තමයි යන්නේ.

    අමතකරන්න එපා අපිට අපේම උන අනන්‍යතාවයක් බලි තොවිල්වල තියනවා කියල.
     
    peaking

    Member
    Sep 1, 2014
    29
    1
    0
    ඔය තොවිලයක් වීඩියෝ කරල යූටියුබ් එකට දාපන්කො අපිත් ආසයි බලන්න
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    විස්තරේ සවිස්තරව දාන්න වෙලාවක් ලැබුනාම. මට ලොකු ආසාවක් තියනවා මේ කියන බුත යක්ස ආත්මයක් හැබැහින් දකින්න. එහෙම දකින්න ක්‍රමයක් තියනවනම් කියල දෙනවද. මට ටිකක් මේ අද්භූත දේවල් ගැන කුතුහලයක් තියනව.
     
    විස්තරේ සවිස්තරව දාන්න වෙලාවක් ලැබුනාම. මට ලොකු ආසාවක් තියනවා මේ කියන බුත යක්ස ආත්මයක් හැබැහින් දකින්න. එහෙම දකින්න ක්‍රමයක් තියනවනම් කියල දෙනවද. මට ටිකක් මේ අද්භූත දේවල් ගැන කුතුහලයක් තියනව.

    ඇත්තටම දශම එකක දෙකක පොඩි සම්බවිතාවක් තමයි බුත ආත්ම දකින්න පුළුවන්. ඒවගේම යක්ෂයින්. ගොඩක් අය පරිසරයේ තියන භෞතික වස්තුන්වලට රැවටිලා ඒවා බුතයෙන් සහ යක්ෂයින් ලෙස වරදවා වටහා ගන්නවා.

    ගොඩක් ඔය කැමරා වල සටහන් උනයි කියන දේවල් සතයකින් තොරයි.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කට්ටඩි.ගුරුන්නා;17104433 said:
    ඇත්තටම දශම එකක දෙකක පොඩි සම්බවිතාවක් තමයි බුත ආත්ම දකින්න පුළුවන්. ඒවගේම යක්ෂයින්. ගොඩක් අය පරිසරයේ තියන භෞතික වස්තුන්වලට රැවටිලා ඒවා බුතයෙන් සහ යක්ෂයින් ලෙස වරදවා වටහා ගන්නවා.

    ගොඩක් ඔය කැමරා වල සටහන් උනයි කියන දේවල් සතයකින් තොරයි.

    ඔයා දැකල තියනවද හැබැහින්??? එතකොට හොල්මන් අවතාර කියන එව්වත් හැබැහින් පේන්නේ නැද්ද ???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විස්තරේ සවිස්තරව දාන්න වෙලාවක් ලැබුනාම. මට ලොකු ආසාවක් තියනවා මේ කියන බුත යක්ස ආත්මයක් හැබැහින් දකින්න. එහෙම දකින්න ක්‍රමයක් තියනවනම් කියල දෙනවද. මට ටිකක් මේ අද්භූත දේවල් ගැන කුතුහලයක් තියනව.

    උබ හොදට බිලා පලයන් කන්නාඩිය ඉස්සරහට
    :rofl::rofl: