නොගැලපෙන කතා දෙකක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    නොගැලපෙන කතා දෙකක්

    copyright
    http://lokayekonaka.blogspot.ca/2014/09/blog-post.html

    1.
    අවුරුදු පහක්‌ පුරාවට අකුරු කළ සරසවිය, අත්දැකීම් සම්භාරයක්‌ තුළින් බොහෝ දේ ඉගැන්වූ ශික්‌ෂණ රෝහල යන දෙකට ම සමු දෙන්නට කාලය ඇවිත් කියන කණාගාටුදායක සිතිවිල්ලත් එක්‌ක ම පසුගිය දිනෙක සිදු වුණු පුංචි සිදුවීමකින් හිතට ඇති වුණු කම්පනයකින් තවමත් හිත දෙදරුම් කනවා. ඒත් එක්‌ක ම තවත් කතා ගොන්නකුත් හිතට ගලාගෙන එනවා. ඒ හැම එකක්‌ ම පෙළින් පෙළ ගැසෙන අතරතුර කලින් සඳහන් කළ සිදුවීම ඔබට කියන්නට හිත වෙර දරනවා.

    කාලෙකින් හමු නො වුණු මිතුරියන් දෙදෙනෙක්‌ හමු වෙන්න මගේ සිත පෙරුම් පුරාගෙන හිටියා කාලයක්‌ තිස්‌සෙම... හමු වෙලා කතා කරන්න අපි තෝරා ගත්තේ විහාරමහා දේවී උද්‍යානය.

    මම එහි යන විටත් ඔවුන් දෙදෙනා පැමිණ තිබුණා.
    ඇතුළට යන්න හැඳුනුම්පත පෙන්වන්න අවශ්‍ය වන බව පිළිබඳව මා හට එතරම් අවබෝධයක්‌ තිබුණේ නැහැ. කුමක්‌ හෝ හේතුවක්‌ නිසා ජාතික හැඳුනුම්පත එදින මා අතින් ගිලිහී තිබුණා.

    එම උද්‍යානයේ ගේට්‌ටුව භාර ව සිටි ආරක්‌ෂක නිලධාරියාට පෙන්වන්නට මා අතේ තිබුණේ විශ්වවිද්‍යාල හැඳුනුම්පත පමණයි.
    යුද්ධය පවතින කාලයේ පොලිස්‌ හමුදා මුර කපොලුවලින් පවා පිළිගත් සරසවි හැඳුනුම්පත කිසිදු පැකිළීමකින් තොර ව මම ආරක්‌ෂක නිලධාරියාට පෙන්වා සිටියා.

    "මේ මොකද්ද මේ? කිසිදු විමසීමකින් තොර ව ම ඔහු එය නැවත මා දෙසට දිගු කළා.

    "ඔය මගෙ කැම්පස්‌ අයිඩින්ටිය අන්කල්, අනිත් එක ගෙනත් නෑ...."

    "මේවාට ඇතුළට යන්න දෙන්න අපිට පිස්‌සු කියලා හිතුව ද?

    අනපේක්‌ෂිත පිළිතුරෙන් මා මොහොතකට ගොලු වුණා.
    එහෙත් ඉතා ඉක්‌මනින් තරහ ගැනීමේ මගේ දුර්වලතාව ඊළඟ මොහොත් මතු වුණා.

    "ඔයාට මේක පිළිගන්න බැරි වුණාට මේක වෙන ඕනෑ තැනක පිළිගන්නවා" නොපහන් ස්‌වරයකින් මගේ මුවින් පිට වුණා.

    ඔහු ගේ ඊළඟ පිළිතුර මම කිසි සේත් ම අපේක්‌ෂා කළ පිළිතුරක්‌ වූයේ නැහැ.

    "ඔව් ඔව්... මේ රටේ කැම්පස්‌ පිළිගන්න හැටි අපි දන්නව හොඳට... පත්තරවල ටීවීවල අපි දකිනව නේ..."

    ඔහු ගේ පිළිතුරේ ගැබ් වූ උපහාසයට ඔහු ගේ මුවින් සහ හඬින් නික්‌මුණු සිනහව ඌන පූරණයක්‌ එක්‌ කළා. කොණ්‌ඩය අමුතු ම විලාසිතාවකින් හැඩ ගන්වා, රිදී පැහැති මහත දම්වැල් කර වටා දමාගෙන අපේ සංවාදයට කන් දෙමින් එතැන සිටි කවුදෝ දෙදෙනෙක්‌ ද මහා හඬින් නැතත් ඒ සිනාවට දායක වුණා.

    තවත් එතැන සිටීමට මට සිත් වුණේ නැහැ. මිතුරියන්ට දුරකථන ඇමතුමක්‌ දුන් මම ඔවුන් සමග පිට වුණේ නැවත කිසි දිනෙක එහි පස්‌ වත් නො පාගන බව සිතා ගනිමින්.

    සරසවි සිසුන් පිළිබඳව ඇතැම් දෙනා දරන මේ ආකල්පය ගැන සිතන විට ඇති වන්නේ විශාල කලකිරීමක්‌. සරසවි සිසුන් අතින් සිදු වන වැරැදි පමණක්‌ ම දකින සමාජය, ඔවුන් අතින් සිදු වන දහසකුත් එකක්‌ යහපත් ක්‍රියා හමුවේ ඇස්‌ කන් වසා සිටින්නේ කෙසේ ද යන්න සැබැවින් ම ගැටලුවක්‌.

    එම නිසා ම මගේ සරසවි දිවිය තුළ අත්දැකීමට ලැබුණු සංවේදී සිදුවීමක්‌ මෙසේ දිග හරින්නට සිතුණා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    2.
    ඒ තවත් විඩා බර දවසක දහවලක්‌... ආපන ශාලාව පිරී ඉතිරී තිබුණා... දිවා ආහාරය ඉක්‌මනින් නිමා කර දේශන සඳහා යැමට සූදානම් වන සිසුන් සහ අනිකුත් කාර්ය මණ්‌ඩලය ඇතැම් අයත් යුහුසුලුව ම ආහාර ගත්තා...
    ඒ අතර ඉතිරි වී විසි කරන ආහාර වෙනුවෙන් බලා සිටින තවත් පිරිසක්‌ ද එතැන සිටියා. ඒ ඔබ මොබ ඇවිදිමින් සිටි සුනඛයන් පිරිසක්‌. ප්‍රදේශයට ම අණසක පතුරුවමින් සිටි ඔවුන් කිසිදු පිටස්‌තර සුනඛයකු හට ඒ ප්‍රදේශයට වත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ.

    ඒ අතරතුර බැලීමට වත් ප්‍රසන්න නො වූ ලොම් හැළී ගිය බැල්ලියක්‌ හෙමින් හෙමින් ආපන ශාලාව වටා ඉව කරන අයුරු බොහෝ දෙනා දුටුවා. ඇය සිටියේ පැටවුන් ලැබීමට ඉතා ආසන්නවයි. එහෙත් ඇය වෙත වූ දුර්ගන්ධය සහ ලොම් හැළී තුවාල වී තිබූ ශරිරය නිසා කිසිවකු ගේ අනුකම්පාවක්‌ ඇය හට ලැබුණේ නැහැ. වෙනෙකක්‌ තබා ආපන ශාලාවේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සුනඛ රැළ පවා ඇය කෙරෙහි පෑවේ රැවුම් ගෙරැවුම් පමණයි. බොහෝ දෙනා ඇය පළවා හරින්නට තැත් කළා. ඇය ගොස්‌ මිදුල කොනක ගුලි ගැසුනා.

    එතරම් දැක පුරුදු නො වූ වෛද්‍ය සිසුවකු බත් පාර්සලයකුත් රැගෙන ඇය අසලට යනු මා දුටුවේ ඒ අතරතුර දීයි. කුමක්‌ සිදු වන්නේ දොඅ සිතාගත නොහැකි ව ම මා ඒ දෙස බලා සිටියා.

    ඔහු බත් පාර්සලය දිගහැර ඇය අසලින් තැබුවේ කිසිදු පැකිළීමකින් තොරවයි.
    එතෙක්‌ වේලා ඇයට රැවුම් ගෙරැවුම් පාමින් ආපන ශාලාව අවට සිටි අනෙකුත් සුනඛයන් ද ටිකෙන් ටික ඒ දෙසට ළං වනු දැනීම තරමක සිනහ උපදවන්නක්‌ වුණා. එහෙත් උන් හට ඒ දෙසට වත් ළං වන්නට ඔහු ඉඩ දුන්නේ නැහැ. ඇය බත් කා අවසන් කරන තුරු ළං වන අනෙකුත් සියලු ම සුනඛයන් පලවා හරිමින් ඔහු ළඟට ම වී සිටියා. ඔහු එතැනින් නික්‌මුණේ ඇය අවසන් කළ බත් පාර්සලය ඔතා තිබුණු කොළය ද රැගෙනයි.

    මා පසුව දැනගත් පරිදි ඔහු අප ගේ තුන් වැනි වසරේ වෛද්‍ය සිසුවෙක්‌. දෙනෝ දාහක්‌ දෙනා බලා සිටින මෙහොතක, කිසිවෙකුත් පිළිබඳව තැකීමක්‌ නො කර, අසරණ සතකු ගේ කුසගිනි නිවන්නට වෙර දැරූ ඔහු පිළිබඳව මගේ සිතේ තවමත් ඇත්තේ මහත් වූ ගෞරවයක්‌. සතෙකු පිළිබඳ ඔහු ගේ ආකල්පය මෙය නම්, අසරණ රෝගීන් ඔහු වෙතින් කෙබඳු සැලකිල්ලක්‌ ලබනු ඇත් ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇත්තටම දේශපාලනය සරසවිය විනාශ කලා. කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අර ඌවෙ සමාජ අසදරණය ගැන බණ දේශනාකරන දේශපලුවත් ඕකට වගකියන්න ඕන එක්කෙනෙක්. තව කට්ටිය ඉන්නවා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඔව්... මේ රටේ කැම්පස්‌ පිළිගන්න හැටි අපි දන්නව හොඳට... පත්තරවල ටීවීවල අපි දකිනව නේ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මාරයාගේ හෝරාවSeptember 11, 2014 at 7:34 PM
    ඔතන සිඳු මෙහෙම දෙයක් තියෙනවා... කැම්පස් එකක් හෝ වේවා.. වෙන කුමන හෝ ආයතනයක් වේවා.. එහි සිටින පිරිස අතරින් බහුතරයක් කරන ක්‍රියාවන් නිසා මිනිස්සු ඒ අය ගැන ඇති කරගන්න ආකල්ප මේ වගේ තනි තනි පුද්ගල ක්‍රියාවන් මත වෙනස් කරන්න අමාරුයි. පොදුවේ සිඳු තියන මේ කාරණය පිටස්තරින් ඉන්න අයට දකින්න අහන්න වෙන්නේවත් නැති දෙයක්. නමුත් බහුලව අහන්න දකින්න වෙන්නේ උද්ගෝෂණ.. සත්‍යග්‍රහ වගේම ආක්‍රමණශීලි සරසවි සිසු ක්‍රියාකාරකම් වලට අදාල දේවල් උනාම මිනිස්සු සරසවි සිසුන් ගැන ඇති කරගන්න ආකල්ප වලට ලොකු වරදක් කියන්න බැහැ. අනිත් අතින් නවකවදය හරහා සිදුවන යම් යම් ක්‍රියාවන්ට මෙයිට වඩා ලොකු ප්‍රසිද්ධියක් එළියෙදි ලැබෙනවා.
    “සරසවි සිසුවකු අසරණ බැල්ලියකට බත් කවයි“
    “සරසවි සිසුන් පිරිසක් අමානුෂික ලෙස නවක සිසුන්ට වද දෙයි“
    කියන නිව්ස් දෙකෙන් කෝකද වැඩිය මිනිස්සුන්ට දැනෙන්නේ..? අන්න එතනයි වරද තියෙන්නේ.. ඒකට මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. සරසවි සිසුන් කියන්නේ මේ රටේ මහන්සි වෙන මිනිස්සු හැම දෙනාගෙම මුදලින් ප්‍රයෝජනයක් ලබන පිරිසක්. ඉතිං උගතුන් හැටියටත්.. මිනිසුන්ට යම් වගකීමක් ඇති කොටසක් හැටියටත් මේ අය මෙයිට වඩා දෙයක් රට වෙනුවෙන් කල යුතුයි කියන දේ මිනිසුන් විසින් අපේක්ෂා කිරීම වරදක් නෙවෙයි. අපේ රටේ සරසවි සිසුන්ගේ ඉගෙනුම ලබන කාලේ රටේ පොදු යහපත උදෙසා කරන සමාජ සේවා වැඩවලට දායකත්වය වැඩිය පෙනෙන්නට ඇත්තේ නැහැ. (එහෙම දේවල් කරනවා ඇති.. නමුත් දකින්න ලැබෙන්නේ නැතිම තරම්) නමුත් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වැඩ පෙනෙන්නට ලැබෙනවා නිතරම පාහේ.. අඩුම ගානේ ඉගෙන ගන්නා කාලෙදි පොදු වැඩට සම්බන්ධ නොවුනත් ඉගෙන ගත් දෙයින් වැඩ කරන කාලෙවත් ඒ ඒ අයගෙන් යම් විශේෂත්වයක් දකින්න ලැබෙන්නේ නැති තැන.. මිනිස්සු ඒ අය ගැන ඇතිකරගන්න අයහපත් ආකල්පවලට කොහොමද දොස් කියන්නේ....

    නමුත් සිඳුත් දන්නවා ඇති පොදුවේ ගත්තම වෛද්‍යවරුන් ගැන මිනිස්සු අතර අයහපත් ආකල්ප තිබුනා උනත් යම් යම් තැන්වල ඉන්න යහපත් වෛද්‍යවරුන්ට ඒ ඒ පැතිවල මිනිස්සු දෙවියන්ට වගේ සලකන අන්දමත්... හැම දේටම ඉතිං කියන්න තියෙන්නේ අපි වපුරන දේට අනුව තමා අස්වැන්න කියලා තමයි. කණගාටුවට කාරනේ ඉතිං හොඳ මිනිස්සු අල්පයටත් පොදුවේ බනින කොට පහරවල් වැදීම තමයි.. ඒත් මොකද කරන්නේ..?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    අසරණ රෝගීන් ඔහු වෙතින් කෙබඳු සැලකිල්ලක්‌ ලබනු ඇත් ද? :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2.
    ඒ තවත් විඩා බර දවසක දහවලක්‌... ආපන ශාලාව පිරී ඉතිරී තිබුණා... දිවා ආහාරය ඉක්‌මනින් නිමා කර දේශන සඳහා යැමට සූදානම් වන සිසුන් සහ අනිකුත් කාර්ය මණ්‌ඩලය ඇතැම් අයත් යුහුසුලුව ම ආහාර ගත්තා...
    ඒ අතර ඉතිරි වී විසි කරන ආහාර වෙනුවෙන් බලා සිටින තවත් පිරිසක්‌ ද එතැන සිටියා. ඒ ඔබ මොබ ඇවිදිමින් සිටි සුනඛයන් පිරිසක්‌. ප්‍රදේශයට ම අණසක පතුරුවමින් සිටි ඔවුන් කිසිදු පිටස්‌තර සුනඛයකු හට ඒ ප්‍රදේශයට වත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ.

    ඒ අතරතුර බැලීමට වත් ප්‍රසන්න නො වූ ලොම් හැළී ගිය බැල්ලියක්‌ හෙමින් හෙමින් ආපන ශාලාව වටා ඉව කරන අයුරු බොහෝ දෙනා දුටුවා. ඇය සිටියේ පැටවුන් ලැබීමට ඉතා ආසන්නවයි. එහෙත් ඇය වෙත වූ දුර්ගන්ධය සහ ලොම් හැළී තුවාල වී තිබූ ශරිරය නිසා කිසිවකු ගේ අනුකම්පාවක්‌ ඇය හට ලැබුණේ නැහැ. වෙනෙකක්‌ තබා ආපන ශාලාවේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සුනඛ රැළ පවා ඇය කෙරෙහි පෑවේ රැවුම් ගෙරැවුම් පමණයි. බොහෝ දෙනා ඇය පළවා හරින්නට තැත් කළා. ඇය ගොස්‌ මිදුල කොනක ගුලි ගැසුනා.

    එතරම් දැක පුරුදු නො වූ වෛද්‍ය සිසුවකු බත් පාර්සලයකුත් රැගෙන ඇය අසලට යනු මා දුටුවේ ඒ අතරතුර දීයි. කුමක්‌ සිදු වන්නේ දොඅ සිතාගත නොහැකි ව ම මා ඒ දෙස බලා සිටියා.

    ඔහු බත් පාර්සලය දිගහැර ඇය අසලින් තැබුවේ කිසිදු පැකිළීමකින් තොරවයි.
    එතෙක්‌ වේලා ඇයට රැවුම් ගෙරැවුම් පාමින් ආපන ශාලාව අවට සිටි අනෙකුත් සුනඛයන් ද ටිකෙන් ටික ඒ දෙසට ළං වනු දැනීම තරමක සිනහ උපදවන්නක්‌ වුණා. එහෙත් උන් හට ඒ දෙසට වත් ළං වන්නට ඔහු ඉඩ දුන්නේ නැහැ. ඇය බත් කා අවසන් කරන තුරු ළං වන අනෙකුත් සියලු ම සුනඛයන් පලවා හරිමින් ඔහු ළඟට ම වී සිටියා. ඔහු එතැනින් නික්‌මුණේ ඇය අවසන් කළ බත් පාර්සලය ඔතා තිබුණු කොළය ද රැගෙනයි.

    මා පසුව දැනගත් පරිදි ඔහු අප ගේ තුන් වැනි වසරේ වෛද්‍ය සිසුවෙක්‌. දෙනෝ දාහක්‌ දෙනා බලා සිටින මෙහොතක, කිසිවෙකුත් පිළිබඳව තැකීමක්‌ නො කර, අසරණ සතකු ගේ කුසගිනි නිවන්නට වෙර දැරූ ඔහු පිළිබඳව මගේ සිතේ තවමත් ඇත්තේ මහත් වූ ගෞරවයක්‌. සතෙකු පිළිබඳ ඔහු ගේ ආකල්පය මෙය නම්, අසරණ රෝගීන් ඔහු වෙතින් කෙබඳු සැලකිල්ලක්‌ ලබනු ඇත් ද?

    ;);)

    අපෙන් සමාජෙටවත් වෙන කාටවත් වරදක් වෙන්නේ නැත්නම් අපිට හිතෙන ඕන දෙයක් කරන්න පුලුවන්.මිනිස්සු හිතන දේවල් අපිට වැඩක් නෑ බන්.අපි වරදක් කරන්නේ නෑ කියලා අපි දන්නවානම් එහෙනම් එච්චරයි.මිනිස්සු හිතන දේවල් වලට හෙන ගහපන් කියලා අපේ වැඩේ කරන්නයි ඕන.මන් පාරේ හිගන්නෙක් එක්ක දවසක් මගේ බත් එක බෙදාගෙන කෑවා පේමන්ට් එකේ වහලා තිබුනු කඩේක පඩිපෙලක් උඩ.ඒ මනුස්සුයා එදා ගොඩක් සතුටින් කෑවා.බත් එපා පුතේ පුලුවන්නම් හැමදාම මේ වගේ කෑම ටිකක් කාලා යන්න එන්න කිව්වා එයත් එක්ක ඒ මනුස්සයට හම්බෙන කෑම එකක් බෙදාගෙන.ඒක කිව්ව වෙලාවේ ඇඩෙන්න ආවා මට.මිනිස්සු ජීවත් වෙන්නේ කවදාවත් මැරෙන්නේ නෑ,අමරණියයි කියලා හිතාගෙන.කෙල උනාම විතරයි මනුස්සකම,ආගම,පින් දහම් කරන්න මතක් වෙන්නේ.මගේ තියරිය නම් මගෙන් වරදක් වෙන්නේ නැත්තම් මන් මගේ වැඩේ කරනවා සමාජෙ බලන විදිහකට බලලා හුකාගනින් කියලා.බඩුවකට හරි ආදරේ කරනවා මන් ඒකිගේ වර්තමානය හොදයි නම් ඇන්ඩ් මට ආදරෙයි නම්.ඔන්න ඕවා තමා මගේ ජීවිතේ මන් හිතන විදිය.මේක මහ වේස සමාජයක්.හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි.අනිත් මිනිස්සු ගැන හිතන මිනිස්සුන්ට පහර දෙන්න බලන් ඉන්න සමාජයක් මේක.
     
    • Like
    Reactions: AnGeLHuNteR

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තවත් පුංචිම පුංචි දෙයක් ඔය කතාවට එකතු කරන්න හිතුනා
    දැන් ඌවේ චන්දය තියනවා
    ඒ වගේම් රට අර්ජික වෙමින් යන්නේ
    අරාජික බව වහගන්න
    සංඛ්‍යාලේකන මාද්‍ය සංදර්ශන ගොඩක් තියනවා
    ඒ වගේම වෙබ් පිටු feed කරන්න වැටුප් ලබන
    j r p සුරියප්පෙරුමලා
    මහින්ද අබේසුන්දරලගේ පාරේ යන පොඩි පොඩි අය ඉන්නවා

    මේ ආණ්ඩුවට පහරදෙන්නේ රෙදි ගලවන්නේ
    jvp එක

    එතින් එකට කරන්න තියෙන්නේ සන්වෙදී කතා කියන
    අබිලින් ලා ටිකක් දාලා ඉන්නවා

    මේ අයට තියනවා කැසට් එකක්

    1 88 89 කැසට් එක
    2 නවක වද හා මහජනතාවගේ සල්ලි වලින් විශ්වදිද්යාල ශිෂයෝ පිස්සු නටන කැසට් එක
    3 සමාජවාදයේ ආදීනව කැසට් එක

    තව කාලෙන් කාලෙට පොඩි පොඩි නන්ස්ටොප්
    එනවා

    අනුරගේ වාහනය
    පල්ස්තින්යට සහයෝගය
    ලාල් කාන්තගේ දරුවාගේ පන්ති ගාස්තු

    නිකම් ඕමි ගහනකොට වල වාසි වගේ

    මේ ආණ්ඩුව මිනිස්සුන්ට කරන
    රටට කරන
    විනාශය දැක දැක
    තමන්ගේ පුද්ගලික වාසියම විතරක් හිතාගෙන
    කිසිම ප්‍රතිපාත්තියක් නැතුව
    මිනිස්සු දුක් විදින හැටි දැක දැක
    ඒ මිනිසුන්ගේ සල්ලි වලින් පාලකයි මහරජා පිස්සු කෙලින් හැටි දන දන
    එකට හින්නුල්කාරයෝ වගේ කඩේ යන

    මේ මිනිස්සු ඇත්තටම මිනිස්සුද?
    සක්කිලිද??
    කලකන්නිද???

    මන් නම් හිතන්නේ කාලකන්නි කියලා
    අම්මවත් විකුනලා වාසි ගන්න හදන ජාතියේ කියලා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,868
    113

    copyright
    http://lokayekonaka.blogspot.ca/2014/09/blog-post.html

    1.

    යුද්ධය පවතින කාලයේ පොලිස්‌ හමුදා මුර කපොලුවලින් පවා පිළිගත් සරසවි හැඳුනුම්පත කිසිදු පැකිළීමකින් තොර ව මම ආරක්‌ෂක නිලධාරියාට පෙන්වා සිටියා.

    "ඔයාට මේක පිළිගන්න බැරි වුණාට මේක වෙන ඕනෑ තැනක පිළිගන්නවා" නොපහන් ස්‌වරයකින් මගේ මුවින් පිට වුණා.

    ඔන්න ඔතන තමයි වැරදුනු තැන, හමුදාවටත් මොලේ නැද්ද, එක එක ID උස්සන් ආවට ඒවලින් යන්න දෙන්න ... ජාතික හැඳුනුම්පතක් ඕනෙ නෑනෙ මචන් එහෙනම් ... ජාතික හැඳුනුම්පතුත් හොරෙන් හැදුව කාලයක් තිබ්බ, එහෙව් එකේ කැම්පස් නොගිය කෙනෙකුට උනත් ඔය කැම්පස් ID එකක් ප්‍රින්ට් කරගන්න එක සිම්පල් වැඩක් ... අනිත් එක සමහරවිට පාක් එකේ Policy එකක් වෙන්නැති ජාතික හැඳුනුම්පතකට විතරක් ඇතුලට යන්න දෙන එක ... මුරකාරයෙක් උනත් එයත් ආරක්ෂාවට ඉන්න කෙනෙක්, ඒක නිසා ඔය වගේ වෙලාවට තමන්ගෙ කැම්පස් එකේ ID ගැන පම්පෝරි ගහ ගහ නිකන් මිනිස්සුන්ට බනින්නතුව ශේප් එකේ කතාව කිව්වනම් සමහර විට ඇතුලට යවන්නත් ඉඩ තිබ්බ ... :P අපි ගනුදෙනු කරන්නෙ මිනිස්සුත් එක්ක, යන්ත්‍රසූත්‍ර එක්ක නෙමෙයි, කියන එකත් මතක තියාගන්න වෙනව ... :rofl:
     
    Last edited:

    ගොතපු කතා කොල්ලෝ:rofl:

    හිතිච්ච්දෙවල්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ආකල්ප අළුත් නැහැ සිඳු.. දශක කීපයකට කලින් මා සරසවි සිටි කාලෙත් එහෙමමයි.. හුඟක් එහෙම කතාකරන අය තමුන්ගෙ දරුවන් සරසවි වලය යා හැකි බව අමතක කරනවා.
    දේශපාලන පක්ෂ සිසු සංගම් යොදාගන්නෙත් තමුන්ගෙ පරමාර්ථ උදෙසා. ඒකත් එක හේතුවක්. සටන් කාමී සිසු නායකයෙක් වෙලා හිටි කෙනෙක් ඇමති වෙලා ඉන්න එක තවත් හේතුවක්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ශිෂ්‍ය දේශපාලනේ වැරැද්ද මොකක්ද?

    අනේ නිකන් පලයන් යන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ;);)

    අපෙන් සමාජෙටවත් වෙන කාටවත් වරදක් වෙන්නේ නැත්නම් අපිට හිතෙන ඕන දෙයක් කරන්න පුලුවන්.මිනිස්සු හිතන දේවල් අපිට වැඩක් නෑ බන්.අපි වරදක් කරන්නේ නෑ කියලා අපි දන්නවානම් එහෙනම් එච්චරයි.මිනිස්සු හිතන දේවල් වලට හෙන ගහපන් කියලා අපේ වැඩේ කරන්නයි ඕන.මන් පාරේ හිගන්නෙක් එක්ක දවසක් මගේ බත් එක බෙදාගෙන කෑවා පේමන්ට් එකේ වහලා තිබුනු කඩේක පඩිපෙලක් උඩ.ඒ මනුස්සුයා එදා ගොඩක් සතුටින් කෑවා.බත් එපා පුතේ පුලුවන්නම් හැමදාම මේ වගේ කෑම ටිකක් කාලා යන්න එන්න කිව්වා එයත් එක්ක ඒ මනුස්සයට හම්බෙන කෑම එකක් බෙදාගෙන.ඒක කිව්ව වෙලාවේ ඇඩෙන්න ආවා මට.මිනිස්සු ජීවත් වෙන්නේ කවදාවත් මැරෙන්නේ නෑ,අමරණියයි කියලා හිතාගෙන.කෙල උනාම විතරයි මනුස්සකම,ආගම,පින් දහම් කරන්න මතක් වෙන්නේ.මගේ තියරිය නම් මගෙන් වරදක් වෙන්නේ නැත්තම් මන් මගේ වැඩේ කරනවා සමාජෙ බලන විදිහකට බලලා හුකාගනින් කියලා.බඩුවකට හරි ආදරේ කරනවා මන් ඒකිගේ වර්තමානය හොදයි නම් ඇන්ඩ් මට ආදරෙයි නම්.ඔන්න ඕවා තමා මගේ ජීවිතේ මන් හිතන විදිය.මේක මහ වේස සමාජයක්.හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි.අනිත් මිනිස්සු ගැන හිතන මිනිස්සුන්ට පහර දෙන්න බලන් ඉන්න සමාජයක් මේක.
    menna kollo :yes: +rep
     
    • Like
    Reactions: akilar25

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    2.
    ඒ තවත් විඩා බර දවසක දහවලක්‌... ආපන ශාලාව පිරී ඉතිරී තිබුණා... දිවා ආහාරය ඉක්‌මනින් නිමා කර දේශන සඳහා යැමට සූදානම් වන සිසුන් සහ අනිකුත් කාර්ය මණ්‌ඩලය ඇතැම් අයත් යුහුසුලුව ම ආහාර ගත්තා...
    ඒ අතර ඉතිරි වී විසි කරන ආහාර වෙනුවෙන් බලා සිටින තවත් පිරිසක්‌ ද එතැන සිටියා. ඒ ඔබ මොබ ඇවිදිමින් සිටි සුනඛයන් පිරිසක්‌. ප්‍රදේශයට ම අණසක පතුරුවමින් සිටි ඔවුන් කිසිදු පිටස්‌තර සුනඛයකු හට ඒ ප්‍රදේශයට වත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ.

    ඒ අතරතුර බැලීමට වත් ප්‍රසන්න නො වූ ලොම් හැළී ගිය බැල්ලියක්‌ හෙමින් හෙමින් ආපන ශාලාව වටා ඉව කරන අයුරු බොහෝ දෙනා දුටුවා. ඇය සිටියේ පැටවුන් ලැබීමට ඉතා ආසන්නවයි. එහෙත් ඇය වෙත වූ දුර්ගන්ධය සහ ලොම් හැළී තුවාල වී තිබූ ශරිරය නිසා කිසිවකු ගේ අනුකම්පාවක්‌ ඇය හට ලැබුණේ නැහැ. වෙනෙකක්‌ තබා ආපන ශාලාවේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සුනඛ රැළ පවා ඇය කෙරෙහි පෑවේ රැවුම් ගෙරැවුම් පමණයි. බොහෝ දෙනා ඇය පළවා හරින්නට තැත් කළා. ඇය ගොස්‌ මිදුල කොනක ගුලි ගැසුනා.

    එතරම් දැක පුරුදු නො වූ වෛද්‍ය සිසුවකු බත් පාර්සලයකුත් රැගෙන ඇය අසලට යනු මා දුටුවේ ඒ අතරතුර දීයි. කුමක්‌ සිදු වන්නේ දොඅ සිතාගත නොහැකි ව ම මා ඒ දෙස බලා සිටියා.

    ඔහු බත් පාර්සලය දිගහැර ඇය අසලින් තැබුවේ කිසිදු පැකිළීමකින් තොරවයි.
    එතෙක්‌ වේලා ඇයට රැවුම් ගෙරැවුම් පාමින් ආපන ශාලාව අවට සිටි අනෙකුත් සුනඛයන් ද ටිකෙන් ටික ඒ දෙසට ළං වනු දැනීම තරමක සිනහ උපදවන්නක්‌ වුණා. එහෙත් උන් හට ඒ දෙසට වත් ළං වන්නට ඔහු ඉඩ දුන්නේ නැහැ. ඇය බත් කා අවසන් කරන තුරු ළං වන අනෙකුත් සියලු ම සුනඛයන් පලවා හරිමින් ඔහු ළඟට ම වී සිටියා. ඔහු එතැනින් නික්‌මුණේ ඇය අවසන් කළ බත් පාර්සලය ඔතා තිබුණු කොළය ද රැගෙනයි.

    මා පසුව දැනගත් පරිදි ඔහු අප ගේ තුන් වැනි වසරේ වෛද්‍ය සිසුවෙක්‌. දෙනෝ දාහක්‌ දෙනා බලා සිටින මෙහොතක, කිසිවෙකුත් පිළිබඳව තැකීමක්‌ නො කර, අසරණ සතකු ගේ කුසගිනි නිවන්නට වෙර දැරූ ඔහු පිළිබඳව මගේ සිතේ තවමත් ඇත්තේ මහත් වූ ගෞරවයක්‌. සතෙකු පිළිබඳ ඔහු ගේ ආකල්පය මෙය නම්, අසරණ රෝගීන් ඔහු වෙතින් කෙබඳු සැලකිල්ලක්‌ ලබනු ඇත් ද?

    සමාජයේ සිටින පහත් අවලම් අසික්කිත සිත් ඇති මිනිසුන් හමුවේ හොද හදවතක් තියෙන මනුස්සයෙක්. වෛද්‍යවරයෙක් වේවා, වෙන යම් කෙනෙක් හෝ වේවා, හොද මනුස්සයෙක්:love::yes::yes: