නොගැලපෙන කතා දෙකක්
copyright
http://lokayekonaka.blogspot.ca/2014/09/blog-post.html
1.
අවුරුදු පහක් පුරාවට අකුරු කළ සරසවිය, අත්දැකීම් සම්භාරයක් තුළින් බොහෝ දේ ඉගැන්වූ ශික්‌ෂණ රෝහල යන දෙකට ම සමු දෙන්නට කාලය ඇවිත් කියන කණාගාටුදායක සිතිවිල්ලත් එක්‌ක ම පසුගිය දිනෙක සිදු වුණු පුංචි සිදුවීමකින් හිතට ඇති වුණු කම්පනයකින් තවමත් හිත දෙදරුම් කනවා. ඒත් එක්‌ක ම තවත් කතා ගොන්නකුත් හිතට ගලාගෙන එනවා. ඒ හැම එකක් ම පෙළින් පෙළ ගැසෙන අතරතුර කලින් සඳහන් කළ සිදුවීම ඔබට කියන්නට හිත වෙර දරනවා.
කාලෙකින් හමු නො වුණු මිතුරියන් දෙදෙනෙක් හමු වෙන්න මගේ සිත පෙරුම් පුරාගෙන හිටියා කාලයක් තිස්‌සෙම... හමු වෙලා කතා කරන්න අපි තෝරා ගත්තේ විහාරමහා දේවී උද්‍යානය.
මම එහි යන විටත් ඔවුන් දෙදෙනා පැමිණ තිබුණා.
ඇතුළට යන්න හැඳුනුම්පත පෙන්වන්න අවශ්‍ය වන බව පිළිබඳව මා හට එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. කුමක් හෝ හේතුවක් නිසා ජාතික හැඳුනුම්පත එදින මා අතින් ගිලිහී තිබුණා.
එම උද්‍යානයේ ගේට්‌ටුව භාර ව සිටි ආරක්‌ෂක නිලධාරියාට පෙන්වන්නට මා අතේ තිබුණේ විශ්වවිද්‍යාල හැඳුනුම්පත පමණයි.
යුද්ධය පවතින කාලයේ පොලිස් හමුදා මුර කපොලුවලින් පවා පිළිගත් සරසවි හැඳුනුම්පත කිසිදු පැකිළීමකින් තොර ව මම ආරක්‌ෂක නිලධාරියාට පෙන්වා සිටියා.
"මේ මොකද්ද මේ? කිසිදු විමසීමකින් තොර ව ම ඔහු එය නැවත මා දෙසට දිගු කළා.
"ඔය මගෙ කැම්පස් අයිඩින්ටිය අන්කල්, අනිත් එක ගෙනත් නෑ...."
"මේවාට ඇතුළට යන්න දෙන්න අපිට පිස්‌සු කියලා හිතුව ද?
අනපේක්‌ෂිත පිළිතුරෙන් මා මොහොතකට ගොලු වුණා.
එහෙත් ඉතා ඉක්‌මනින් තරහ ගැනීමේ මගේ දුර්වලතාව ඊළඟ මොහොත් මතු වුණා.
"ඔයාට මේක පිළිගන්න බැරි වුණාට මේක වෙන ඕනෑ තැනක පිළිගන්නවා" නොපහන් ස්‌වරයකින් මගේ මුවින් පිට වුණා.
ඔහු ගේ ඊළඟ පිළිතුර මම කිසි සේත් ම අපේක්‌ෂා කළ පිළිතුරක් වූයේ නැහැ.
"ඔව් ඔව්... මේ රටේ කැම්පස් පිළිගන්න හැටි අපි දන්නව හොඳට... පත්තරවල ටීවීවල අපි දකිනව නේ..."
ඔහු ගේ පිළිතුරේ ගැබ් වූ උපහාසයට ඔහු ගේ මුවින් සහ හඬින් නික්‌මුණු සිනහව ඌන පූරණයක් එක් කළා. කොණ්‌ඩය අමුතු ම විලාසිතාවකින් හැඩ ගන්වා, රිදී පැහැති මහත දම්වැල් කර වටා දමාගෙන අපේ සංවාදයට කන් දෙමින් එතැන සිටි කවුදෝ දෙදෙනෙක් ද මහා හඬින් නැතත් ඒ සිනාවට දායක වුණා.
තවත් එතැන සිටීමට මට සිත් වුණේ නැහැ. මිතුරියන්ට දුරකථන ඇමතුමක් දුන් මම ඔවුන් සමග පිට වුණේ නැවත කිසි දිනෙක එහි පස් වත් නො පාගන බව සිතා ගනිමින්.
සරසවි සිසුන් පිළිබඳව ඇතැම් දෙනා දරන මේ ආකල්පය ගැන සිතන විට ඇති වන්නේ විශාල කලකිරීමක්. සරසවි සිසුන් අතින් සිදු වන වැරැදි පමණක් ම දකින සමාජය, ඔවුන් අතින් සිදු වන දහසකුත් එකක් යහපත් ක්‍රියා හමුවේ ඇස් කන් වසා සිටින්නේ කෙසේ ද යන්න සැබැවින් ම ගැටලුවක්.
එම නිසා ම මගේ සරසවි දිවිය තුළ අත්දැකීමට ලැබුණු සංවේදී සිදුවීමක් මෙසේ දිග හරින්නට සිතුණා.

+rep