සාහිතය්‍ය, කලාව, සෞන්දර්ය්ය වැනි මල් සුවඳ සොයන්නන් වෙනුවට මෙවැනි ත්‍රෙඩ් හරහා නිර්මාණය කෙරෙනුයේ අනුන්ගේ ඕපාදූප කුනු ගොඩ අවුස්සා මනසින් ආස්වාදය ලබන හීනමානයෙන් පෙළෙන කබරයින් සදැසි නිවටයින්ය. සරල උදාහරණයකින් කිවහොත් ගීතයක ආස්වාදය ලැබීමට වඩා එම ගීතය ගයන ගායකයගේ හොර අඹුව ගැන කුණු ඇවිස්සීමට ‘එළකිරි අබිලිංලා’ වැඩි මනාපයක් දක්වති.
අබිං කෑවාක් මෙන් මේ කුණුරසට ඇබ්බැහිවූවන් එයින් මුදා ගැනීම අතිශය දුෂ්කරය. දේශපාලන වෙළෙන්දන්ගේ වෙලඳ අරමුණුවලට මේ පුස්සන් හොඳ උත්ප්‍රේරකයකි. මේ බොහො ‘එළකිරි අබිලිංලා’ ඉන්පසු මේ දියත අතැඹුලක් සේ දනිතියි සිතූවන් මෙන් රඟමින් එලකිරිය මහා විකෘතියක ගිල්වමින් සිටී.
මෙයින් සිදුවන බරපතල අගතිය නම් සමාජීය කරුණු පිලිබඳ හරවත් සංවාදයකට ඇති අවකාශය ඇහිරී යාමයි. පඳුරකට පයින් ගැසූවිට දුසිම් ගනනින් විසිවන එළකිරි අබිලිංලා බිහිවී ඇති වටපිටාවක ඒ ඒ විෂයන් ගැන ප්‍රාමාණික දැනුමක් ඇති දැනුවත් මිනිසුන් නොසලකා හැරීම සුළුවෙන් තැකිය හැකි ව්‍යසනයක් නොවේ.
ගොම රිටිවලට ඉඩදී මැණික් යට යෑම නිරෝගී සමාජ පැවැත්මට හිතකර කරුණක් නොවන බව අප වටහා ගත යුතුය. මේ තත්වයෙන් ගොඩ ඒමට නම් දැනුවත් සංවාදයක් එලකිරිය තුල ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් නමුදු මේ එළකිරි අබිලිංලාගේ අධිකාරී බලයට එරෙහිව එවැන්නක් සිදු කල හැකිදැයි සැක සහිතය.කෙසේ හෝ කල යුතුව ඇති එම සංවාදය හරහා නිරෝගී සමාජ අවශ්‍යතාවය සපුරාලීමට නම් විචාරශීලීත්වයට රුකුල් දෙන අලුත් කලාවක් මෙන්ම ඒ සමගම සමාජ හරයන් මෙන්ම එහි වගකීම් හඳුනාගත් දැනුවත් සමාජ ජාලා භාවිතයක් නිර්මාණය කර ගත යුතුය.
අද දවසේ එළකිරි අවකාශයේ වගකීම් හඳුනන මිනිසුන් ඉදිරියේ ඇති අභියෝගය එයයි.