KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ කතාව KPZ ගැනයි.


    "අවසර නැතිව මෙම කතාවේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ උපුටා ගැනීම, වානිජමය අරමුණු සඳහා යොදාගැනීම, වෙනත් වෙබ් අඩවි වල පල කිරීම, සංස්කරණය කර ලිවීම, නැවත ලිවීම හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යක ගබඩා කර තැබීම තහනම්"



    KPZ යනු වැඩිය උසත් නැති වැඩිය කොටත් නැති පුද්ගලයෙකි. වැඩිය මහතත් නෑ වැඩිය සුදුත් නෑ. සාමාන්‍ය ගානට වඩා චුට්ටක් විතර බඩ තිබේ. වැඩිය සුදුත් නෑ වැඩිය කළුත් නෑ. :dull: ඉක්මනින් තරහ යන :growl: නමුත් ඉක්මනින් හිත උණුවන පුද්ගලයෙකි. :sorry: ඉක්මනින් දුක හිතේ :(. තනිව නිස්කලංකව සිටීමට ප්‍රිය කරයි. වැඩිය සමාජශීලි නොවේ. හිතවත් පිරිස සමග තොර තෝංචියක් නැතුව කියවයි. :P එසේ නොමැති විට නිහඩ චරිතයකි. මාස ගණනක් වුවද කතා නොකර සිටිය හැක. :nerd:

    අවන්කවම කිව්වොත් ඕව තමා KPZ ගෙ චරිත ලක්ෂණ.

    KPZ ඉපදෙන්නේ 1989 අගෝස්තු මාසයේදීය. ඒ කළු ජුලිය නැගල යන කාලයයි. මව ප්‍රසුත වේදනාවෙන් රෝහල් කිහිපයකට ගිය නමුත් ඒ සියලුම රෝහල් වලින් බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත. JVP ය පවසා ඇත්තේ එලෙසයි. අවසානයේදී මරදානේ රෝහලක වෛද්‍යවරියක් බාර ගනී. KPZ ඉපදෙන්නේ අන්න එහෙමයි. ඥාතීන් වට කරගෙන දරු සුරතල් බලමින් මෙලොවට බිහි වුවා නොවේ. ඒ වන විටත් පියා විදෙස් ගතව ඇත. එක වැඩිමහල් සහෝදරයෙකු පමණක් සිටියි. ඔහුද අවුරුදු 14ක් වැඩිමල්ය.

    ජිවිතයේ මුල් කාලයේ හැදී වැඩුනේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේය තට්ටු නිවාසයේ ගෙයකය (කොළඹ 14). C3/4 ඔරුගොඩවත්ත මහල් නිවාස, ස්ටේට්ස් පාර, කොළඹ 14 ලිපිනයයි.

    වයස 6 වන විට කොළඹ ප්‍රසිද්ද විද්‍යාලයකට ඇතුලත් කරනු ලැබූ අතර ඉගෙනීමෙහි විශේෂ දක්ෂතා පෙන්වා නැත. කිසි දිනක පන්තියේ පළවෙනියා වී නැත. අන්තිමයද වී නැත. වරක් 6 වෙනියා වූ අතර වරක් 28 වෙනියා විය. පන්තියක සාමාන්‍ය ශිෂ්‍යන් ගණන 30 - 35 පමණ වෙයි. සාමාන්යෙන් 15 හෝ 16 වෙනි ස්ථානය KPZ ගේය.
    1999 දී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නට 1997 සිටම උපකාරක පන්ති යාමට සිදුවිය. 1998 දී පියා ලංකාවට පැමිණෙයි. ප්‍රථම වරට පියා දුටුවේද එම වර්ෂයේය. පියා පිළිබඳ විශේෂ හැඟීමක් නැත. අමුත්තෙක් පමණක්ම වෙයි.
    ටික කලකට පසුව කඩවත ප්‍රදේශයේ පදිංචියට යයි. 1999 දී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙයි. එයින් ලකුණු 160ක් ලබාගනී. විභාගයේ ලකුණු එන විට සහෝදරයා විදෙස් ගතවී හමාරය. ඉන් මාස ගණනකට පසු පියාද විදෙස් ගත වෙයි.
    දැන් නිවසේ සිටින්නේ මව හා KPZ පමණක්ය. KPZ හට වැඩිය යහළුවන් නොමැත. වැඩිය නිවසෙන් පිට යාමටද මව අවසර නොදෙයි.

    6 වසරට පැමිණි පසු මව පාසල් යාම සඳහා පාසල් වෑන් රථයකට භාර දෙයි. කාලය සෙමින් සෙමින් ගෙවී යයි. පාසල් රථයේද නිශ්ශබ්ද චරිතයක් වු KPZ ගමන් කලේ ඉදිරි ආසනයේය. (රියදුරු ළඟ නොවේ. ඊට පිටුපස දොර ළඟ ආසනයේය.) පිටුපසම ආසනයේ ගමන් කරන්නේ අක්කලා දෙදෙනෙකුත් අයියලා දෙදෙනේකුත්ය. ඒ එක අයිය කෙනෙක් van එකේ චන්ඩියා විය. එක අක්ක කෙනෙක් කුමකට හෝ හේතුවකට KPZට කතා කළේය. ඒ අක්කා ඉන්පසුව දිගින් දිගටම කතා කළේය. ඒ අක්කා KPZ ව හුරතල් කරන්නට විය. ඒ කාලයේ KPZ හට බට්ටි මුණක් තිබීය. ඕනෑම කෙනෙක් KPZ හට ආදරේ කරයි. එය ඉවසාගත නොහැකි චන්ඩියා KPZට අතක් උස්සයි. නිශ්ශාබ්ද චරිතයක් වුවත් අසාදාරනය හමුවේ දෙකට නැවන්නේ නැත. KPZට වඩා අවුරුදු 2ක් වැඩිමල් චන්ඩියා හට KPZ කවුද කියා පෙන්නන්නට අවස්ථාවක් ලැබුනේය. KPZ අත පුරවා චණ්ඩියට කනේ පාරක් ගැසිය. සියලු දෙනා තප්පර ගණනකට නිශ්ශබ්දය. ඉන් පසු සියලු දෙනා චණ්ඩියට විහිලු කිරීමට පටන් ගත්තේය. අවසානය උනේ චන්ඩිය van එකෙන් අයින් වීම සහ KPZ van එකේ ප්‍රසිද්ද චරිතයක් වීමයි. ඉන් පසුව KPZ ගේ ස්ථානය පිටුපස ආසනයයි. කොටින්ම කිව්වොත් අක්ක ළඟය. ඉන් ටික කලකට පසු KPZ හට අක්කාගෙන් යෝජනාවක් ආවේය. ඒ KPZ ගේ පළමු ප්‍රේමයයි. ඒ වන විට KPZ 7 වසරේය. අක්කා 10 වසරේය. KPZ හට ආදරය ගැන වැටහීමක් නැත. අක්කගේ අත අල්ලන් යන එක තමයි KPZ ගේ රාජ කාරිය. එය මහා මෙරක් මෙන් දැනුනි.
    නමුත් අක්කා හට එහි බොළඳ බව තේරීමට වැඩි කලක් නොගියේය. කෙසේ නමුත් අක්ක 11 වසරට පැමිණි හෙයින් O/L වලට පන්ති යාමට උවමන බැවින් school bus එකේ යාම සඳහා van රථයෙන් ඉවත් විය. KPZ ගේ පළමු පෙම එසේ නිම විය.

    කාලය කෙමෙන් ගෙවී යද්දී KPZ 9 වසරට ආවේය. KPZ හට දෙවැනි ප්‍රේමය හට ආරාධනා ලැබෙන්නේ මේ කාලයේදීය. KPZ ගේ බට්ටි මුණ නැත. ඉලන්දාරි පෙනුම පැමිණ ඇත. තැනින් තැන කුරුලෑද ඇත. දෙවැනි ප්‍රේමය වුයේ සම වයසේම ගැහැණු ළමයෙකි. ඇයද පාසල් රථයේම ගමන් කරන්නියක් වෙයි. තවමත් KPZ හට නියම ආදරය කුමක්ද යන්න ගැන අවභෝධයක් නැත. නමුත් KPZ තමාගේ හොදම මිතුරා සමග පෙම්වතිය බලන්නට යයි. පෙම්වතිය class නිමා වී එන තුරු බල හින්දි. එතනින් එහාට දෙයක් නැත. කතා කරන්නේද නැත. කතා කරන්නේ පාසල් රථය තුල පමණි. පෙම්වතිය බලන්නට ගොස් සිටින තැනදී තවත් ගැහැණු ළමුන් අතවනයි. එවිට KPZ ගේ අතිජාත මිත්‍රයාගේ ප්‍රතිචාරය වුයේ "අපෝ උඹත් එක්ක ඉන්නකන් මට කෙල්ලෙක් set කරගන්න බැහැ යකෝ. board එකක්වත් ගහගනින් කෙල්ලෙක් ඉන්නවා කියල." :P

    කෙසේ හෝ දෙවන ප්‍රේමය නිමා වන්නේ ඒ ගැනු ළමයා KPZ ගෙ තවත් යාළුවෙකුගෙන් කැමැත්ත ඇසු පසුවයි. ගැහැණු ළමයා යාලුවගෙන් කැමැත්ත අසා ඇත්තේ class එක ඉවර උන පසුවයි. එදා KPZ පෙම්වතිය බලන්නට ගිහින් නැත. නමුත් යාළුවන් ගෙදර ගිය ගමන් කලේ KPZ හට call කර සිද්දිය පැවසීමයි. ඒ ගැහැණු ළමය කැමැත්ත අහපු මගේ යාළුවා දැන් නළුවෙකි. KPZ හට යාලුවා සමග තරහක් නැත. පෙම්වතිය සමග තරහක්ද එන්නේ නැත. සැබවින්ම KPZ ඇයට ආදරය කර නැත. එයින් සති දෙකකට පසු පෙම්වතිය සමග කතා කර එම ආදරයට විරාමේ තිත තැබිය.

    මතු සම්බන්දයි...

    කතාව බෝරින්ග් වගේනම් කියන්න. ලියන එක නවත්තන්නම්.
    මන් මේක ලියන්නේ හේතුවක් ඇතුව. ඒක පස්සේ කියන්නම්.

    part 2
     
    Last edited by a moderator:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එළ දිගටම ලියපන් මචං
    KPZ මේක ලියද්දි ගල් මුල් ඒවි ඒවා ගණන් ගන්නේ නැතුව දිගටම ලියපන්
    11.gif
    :P:rofl:
     
    • Like
    Reactions: netlife008

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළ දිගටම ලියපන් මචං
    KPZ මේක ලියද්දි ගල් මුල් ඒවි ඒවා ගණන් ගන්නේ නැතුව දිගටම ලියපන්
    11.gif
    :P:rofl:

    ලියපන් දිගටම මගින් නවත්තන්නේ නැතුව

    Ela machan. liyannam digatama. ai heta udeta thama. danui gedara awe kade wahala
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල... දිගටම කියන්න කතාව... මන් හිතන්නේ අර කලින් දාපු thread එකකට සම්බන්ධයක් ඇති...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල... දිගටම කියන්න කතාව... මන් හිතන්නේ අර කලින් දාපු thread එකකට සම්බන්ධයක් ඇති...

    Mama mahana wenna hoda thanak ahala thread ekak damma mathaka athi. ekata reply karapu godak aya ahanawa thama mahana une nadda kiyala. ekata sambandai me kathawa.
    digatama liyanawa kathawa. lassana kathawak newe unath therumak thiyei kiyala hithanawa :yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දිගටම ලියන්න. මහන වෙන්න හිතපු එක හොඳ තීරණයක්. එත් මේක ලියල ඉවර වෙලා මහනවෙන තීරණේ ඇරෙන්න වෙන මෝඩ තීරනනම් ගන්න එපා ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    එල එල ඉතිරි ටිකත් ලියපන් මචාන්